IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


පවුල් දහඅට දාහකට ඡන්ද අල්ලස්

නියං සහනාධාර මුවාවෙන් මොනරාගල ආසනයේ පවුල් දහඅට දාහසකට සහල්, සීනි, කිරිපිට ආදි වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙතියි කැපේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේය.

ඔහු කියනුයේ මෙය ඡන්ද අල්ලසක් බවයි.  ඌව පළාත් සභා ඡන්දය 20 වැනි දා පැවැත්වීමට නියමිතය.

මේ අතර ඡන්දයට තරග කරන සියලුම පක්ෂ නීති විරෝධී කාර්යාල 800කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන බව ද ඔහු කියයි. මේ ගැන ඔහු මැතිවරණ කොමසාරිස්ටද පැමිණිලි කර ඇත.



අදහස් (0)

පවුල් දහඅට දාහකට ඡන්ද අල්ලස්

ප්‍රනාන්දු Saturday, 06 September 2014 12:43 PM

මත්වරුනි, ඔය දෙන බඩු සියල්ලම අරගෙන අනිත් පැත්තට ඡන්දෙ දීලා සද්ද නැතුව ඉඳලා එක පාරක් පාඩමක් ඉගැන්නුවොත් වංචාව, හොරකම අඩු කල හැකියි. ඔය හොරකම් කරන්නේ ඔබලාගේ සල්ලියි. (නදී)

:       0       0

සඳුනි Saturday, 06 September 2014 12:44 PM

නලින්, ඔයා හරියටම හරි. ඡන්දෙ දෙන කෙනා මොනවා ගත්තත් තමන්ගේ මනාපය නිසි පරිදි දේවි. අනික දැන් ඉස්සර වගේ හොර ඡන්ද දාන්නත් බැහැනේ. ඡන්ද කාඩ් එකතු කරලා සීනි ටිකකට පිටි පැකට් එකකට තමන්ගේ වටිනා ඡන්දය වෙනස් කරගන්න තරම් අපේ ඡන්ද දායකයෝ මෝඩයෝ නොවන බව තේරුම් ගන්න කීර්ති මහත්තයෝ. (නදී)

:       0       0

සිතුම් Saturday, 06 September 2014 12:55 PM

අනේ ඒ මිනිස්සුන්ට අවුරුදු ගානකට පස්සේ ආදාරයක් ලැබුනාමයි. ඒකටත් කටුව ගහන්න එපා. රැස්වීම් වල පම්පෝරි බොරු කතා අහගන හිටියට බඩ පිරෙනවද? මම නම් කියන්නේ බොරුවට කතා පවත්වනවාට වඩා මේක හොඳ බවයි. (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 06 September 2014 01:07 PM

බන්දුල, නලින් ඔයාල හරි. නැති බැරි එකාගේ බඩට ගහන්න හදන මුන්ට පිස්සු. (නදී)

:       0       0

සුදත් Saturday, 06 September 2014 01:13 PM

අනේ මේ තිබෙන අනුකම්පාව අර ගංවතුර නියන් කාලේදී පහල වුනේ නැත්තේ ඇයි දන්නේ නැහැ. (නදී)

:       0       0

දිලාන් Saturday, 06 September 2014 01:55 PM

බන්දුලගේ කටේ මසුරන් දැම්මත් මදි (නදී)

:       0       0

අනුර Saturday, 06 September 2014 02:22 PM

දැන් ලංකාවේ 90% ක්ම නැතිබැරි කට්ටිය තමයි ඉන්නේ (නි)

:       0       0

කපිල Saturday, 06 September 2014 02:21 PM

දැන් බෙදන්නේ මොන සල්ලිද දන්නෙ නැහැ (නි)

:       0       0

කුසලා Saturday, 06 September 2014 02:49 PM

ඇයි ආණ්ඩුව ජනතාවට මෙච්චර වැඩ කර තියෙනව නම් බයවෙලා තියෙන්නේ (අ)

:       0       0

අමිල Saturday, 06 September 2014 02:52 PM

ලංකවේ හැමෝටම නියං සහනාධාර දැන් ඕනි !!! මේ බඩු මිලේ හැටියට අපි හරිම අමාරුවෙන් ජීවත්වෙන්නේ හැමකෙනාටම සාධාරනයක් කරන්න !(අ)

:       0       0

ජසීම් Saturday, 06 September 2014 02:57 PM

ඇත්තට මෙයාල කොහෙද ගීහිල්ල හිටීයෙ මෙච්චර කල් (අ)

:       0       0

බන්දුල පෙරේරා . Saturday, 06 September 2014 03:09 PM

දැන් කාලේ ඡන්දෙ කරන එව්වෝ ඔච්චර මෝඩ නැහැ මේ දන්සල් දුන්නට ඡන්දෙ ලැබේවි කියල හිතන්න..ඡන්ද පොලට ගිය එකා මොකාට කතිරේ ගහනවද කවුද දන්නේ..මමනම් කියන්නේ පුළුවන් තරම් රැස්වීම් කතා අඩු කරවල මැතිවරණ කොමසාරිස් තුමා මේ දන්සල් ව්‍යාපෘති සදහා පුර්ණ අනුමැතිය ලබල දෙන්න ඕන කියල..ඇති එකාගෙන් නැති එකාට දෙයක් ලැබෙනවානම් එ්කට ඉඩ කඩ සැලසීම හැමගේ යුතු කමක්.දැන් බැලුවම ඒ පැත්තේ නියං සහනාධාරයක්වත් බෙදන්න බැහැ මැතිවරණයක් තියෙනවා කියල..පුදුම නීතියක්නේ ඒක.හරියට කැෆේ කාරය කට්ටියට අඩුපාඩු සපුරනවා වගේනේ මේවට කටුව ගහන්න හදන්නේ..අපි නොදන්නා කිර්ති ගොයීයගේ කැෆේ..(අ) ..

:       0       0

මිනිපෙ Saturday, 06 September 2014 03:11 PM

බන්දුල මාමා දෙන්න පහක්.(අ)

:       0       0

සඳුනි Saturday, 06 September 2014 04:05 PM

බන්දුල...නලින්..ටෙනිසන්..මේ කීර්ති කියන්නෙත් අර ජිනීවා යන එන් ජී. ඔි නඩේ එක්කෙනෙක්ම තමයි.මෙයාලා වැඩකරන්නේ කාටද කියල රටම දන්නවා.මෙයාලට ඕනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් හෝ චන්ද අයිතිය ගැන කතා කිරීම් නෙමෙයි.ඒ වෙනුවෙන් පෙනී හිටලා තමන්ගේ මඩිය තරකරගන්න.(අ)

:       0       0

සාලිය Saturday, 06 September 2014 04:40 PM

සඳුනි, බන්දුල, අපි බලමු ජනතාව බුද්ධිමත්ද නැද්ද කියලා. මේ වගේ ගොන් හරක් ඉන්න රටක් අායෙත් මේ ලෝකේ නම් නැත. වෙනදා වගේ තමයි මෙදා පාරත්. නැවතත් රට කෑමට පළාත් සභාවට. ජය වේවා ශ්‍රී ලංකාවට. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 06 September 2014 04:43 PM

රටේ මිනිස්සුන්ට කන්න නැහැ කියල මොනවට පැහැදිලි කරනවද?මිනීමරු ප්‍රබාකරන් මැරුවට පස්සේ බඩු මිල ඉහල දැම්මා නොයෙකුත් බදු වර්ග හදුන්වලදීලා. දැන් රටේ මිනිස්සු "නැති බන්ගම" වෙලයි ඉන්නේ. තවත් නැති වෙන්න දෙයක් ඉතිරි කරලා නැහැ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 06 September 2014 04:43 PM

බදු ගහනවා කියල මෙහෙමත් බදු ගහල අසරණ මිනිස්සු සාගින්නෙන් මරන්නයි වගේ හදන්නේ. කන්න නැතිව හාමතේ එන්න එකාට,දැන් ඉතින් පාන් බාගයක් දුන්නත් ඇති චන්දය ගන්න. (නදී)

:       0       0

කපිල Saturday, 06 September 2014 04:44 PM

ඔය සුනාමි සල්ලි වංගු ගහපුවා බෙදන්නේ හොරුන්ට අහු වෙන්න එපා (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 06 September 2014 04:47 PM

"පවුල් දහඅට දාහසකට සහල්, සීනි, කිරිපිට ආදි වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙතියි"....ඔය බෙදන්නේ කුඹුරෙන් එන සල්ලි නෙමෙයි. අපෙන්ම ගසා කන බදු මුදල් සහ රට විකුනම් කාල ලැබෙන කොමිස් මුදලින්. (නදී)

:       0       0

ග්‍රාම්‍යා Saturday, 06 September 2014 04:52 PM

බන්දුල මාමේ ඔයත් සහනාදාර බලපොරෝතුවෙන්නේ ඉන්නේ. මම නම් හිතන්නේ ඔයා සැහෙන කාලයක් ආදාර අරගෙන වගේ. එ්කයි ඔය ගොඩක් කඩේම යන්නේ (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 06 September 2014 04:59 PM

දැන් ලංකාවේ මොන තරම් කන්න අදින්න නැති මිනිස්සු ඉන්නවද අම්මපා. (නදී)

:       0       0

සුසිර Saturday, 06 September 2014 09:03 PM

කමක් නැහැ. ජයවේවා! (නි)

:       0       0

කමල් Saturday, 06 September 2014 09:17 PM

අන්න කෑම බීම වෙනුවට බැංකු පත්වීම් ටික භාර ගත්ත කට්ටියට හොඳ වැඩක් වෙලාලු. මෙතන ඒවා ලියන්න බැහැ. (නදී)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 06 September 2014 09:48 PM

මෙතන "ලස්සන" අදහස් එක්කෙනාගේමද, විවිද අයගේද කියන්න මම දන්නේ නෑ. නමුත් රට යන්නේ කාටද, කොහෙටද, මොකටද කියන එක පෙනෙනවා. මේක තමයි "උගතුන් දේශපාලනය නොකිරීමට ඔවුන්ට ලැබෙන දඬුවම". එ්ක සැවොම විඳිමු. (නදී)

:       0       0

ද සිල්වා Saturday, 06 September 2014 11:16 PM

ප්‍රාදේශීය සභාපතිලා මිනි මරලා හිරේ ඉන්දැද්දී, පාර්ලිමේන්තු යන ගමන් කුඩු ජාවාරම් කරන අය ඉන්නකොට කුඩු කන්ටෙනේර් පිටින් නිදහස් කරන්න කියා රටේ වැදගත් දේශපාලකයෝ ලියුම් දෙනකොට චන්ද දින්නන්නේ කිරිපිටි , කෑම අරක්කු ට්‍රැක්ටර් පිටින් ගෙනත් බෙදන්නේ නැතුව කොහොමද ? (නදී)

:       0       0

මොරිස් Saturday, 06 September 2014 11:31 PM

අනේ ළමයිනේ අපි නොදන්නා ලයිව් කිව්වලු. චන්දදයකයෝ මෝඩයෝ නොවෙයිලු නොඑසේ නම් අවුරුදු 60 ක් තිස්සේ එක පාරක් හොඳ නැහැ කියල එලවපු අය අනිත් පාර බලයට ගෙනෙන්නේ කව්ද? එහෙම කියන ඔයාලත් ඒ ගොඩේම තමයි. (නදී)

:       0       0

සත්‍යයා Sunday, 07 September 2014 12:42 AM

‍ගම්බද මිනිස්සු රැවටෙන එක අහන්න දෙයක්ද ඉතින්? (නි)

:       0       0

රොකී Sunday, 07 September 2014 01:32 AM

මොනරාගල ඉන්නේ හරිම වාසනාවන්තයෝ (නි)

:       0       0

චමින්ද Sunday, 07 September 2014 03:04 AM

බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න. (නි)

:       0       0

චාමික Sunday, 07 September 2014 06:59 AM

පින් තකා දෙන දන්සල් ඡන්ද කාලෙට විතරක් දෙන්නේ මොකද බන්දුල උපාසක ?

:       0       0

ෆාතිමා Sunday, 07 September 2014 07:46 AM

රටකට ගිය කලක් (දී)

:       0       0

සුගුනවති Saturday, 06 September 2014 11:19 AM

සීනි පිටි දෙන්න මතක් වෙන්නේ ඡන්දෙ කාලෙට විතරයි. ඒ ඔක්කොම අරගෙන අනිත් පැත්තට ඡන්දෙ දීපල්ලා (නදී)

:       0       0

සේන Saturday, 06 September 2014 12:09 PM

මෙච්චර විශාල ආයෝජනයක් කරන්නේ කොච්චර විශාල ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්ද? (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 06 September 2014 12:23 PM

යකඩෝ, කැෆේ කාරයාගේ ගෙදර බුදලේ බෙදනවා කියල හිතුවද මේ අහිංසක මිනිස්සුන්ට මේ කාලසීමාවේදී මේ ලැබෙන දේවල් වලට අකුල් හෙලන්න හදන්නේ. දෙයක් ගන්න පුළුවන් කාලේදී දෙන එකාගෙන් ගන්න එකාට දෙයියනේ කියල ඒක ගන්න දෙන්නේ නැතුව ඒකටත් කටුව ගහන්න හදනවා. මේ නම් පුදුම සත්තු ටිකක්. ඕවට කතිරේ ගහපු කාලේ ගියා තෙන්නකෝන් මහත්තයෝ. ඕවා අල්ලස් නෙමෙයි පින් තකා කෙරෙන දන්සල්. යන්න අපායක් නැති වෙනවා ඕවට අකුල් හෙලලා. (නදී)

:       0       0

නලින් Saturday, 06 September 2014 12:32 PM

අනේ බලදරයනි ඔය වගේ දානමය කටයුතු සදහා නීති පොතට අනුව දෙන නම මොකක් උනත් අපේ දුප්පත් මිනිස්සුන්ට අඩුම ගානේ එක දවසක් හරි කාලා ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක්. වෙන ඕන තරම් දේවල් තියනවනේ අල්ලන්න අහිංසකයන්ගේ බඩට නොගහ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 637 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 1172 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 630 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 920 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1465 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 655 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1304 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1551 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 401 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site