නියං සහනාධාර මුවාවෙන් මොනරාගල ආසනයේ පවුල් දහඅට දාහසකට සහල්, සීනි, කිරිපිට ආදි වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙතියි කැපේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කෙළේය.
ඔහු කියනුයේ මෙය ඡන්ද අල්ලසක් බවයි. ඌව පළාත් සභා ඡන්දය 20 වැනි දා පැවැත්වීමට නියමිතය.
මේ අතර ඡන්දයට තරග කරන සියලුම පක්ෂ නීති විරෝධී කාර්යාල 800කට වැඩි ප්‍රමාණයක් පවත්වාගෙන යන බව ද ඔහු කියයි. මේ ගැන ඔහු මැතිවරණ කොමසාරිස්ටද පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත්වරුනි, ඔය දෙන බඩු සියල්ලම අරගෙන අනිත් පැත්තට ඡන්දෙ දීලා සද්ද නැතුව ඉඳලා එක පාරක් පාඩමක් ඉගැන්නුවොත් වංචාව, හොරකම අඩු කල හැකියි. ඔය හොරකම් කරන්නේ ඔබලාගේ සල්ලියි. (නදී)
නලින්, ඔයා හරියටම හරි. ඡන්දෙ දෙන කෙනා මොනවා ගත්තත් තමන්ගේ මනාපය නිසි පරිදි දේවි. අනික දැන් ඉස්සර වගේ හොර ඡන්ද දාන්නත් බැහැනේ. ඡන්ද කාඩ් එකතු කරලා සීනි ටිකකට පිටි පැකට් එකකට තමන්ගේ වටිනා ඡන්දය වෙනස් කරගන්න තරම් අපේ ඡන්ද දායකයෝ මෝඩයෝ නොවන බව තේරුම් ගන්න කීර්ති මහත්තයෝ. (නදී)
අනේ ඒ මිනිස්සුන්ට අවුරුදු ගානකට පස්සේ ආදාරයක් ලැබුනාමයි. ඒකටත් කටුව ගහන්න එපා. රැස්වීම් වල පම්පෝරි බොරු කතා අහගන හිටියට බඩ පිරෙනවද? මම නම් කියන්නේ බොරුවට කතා පවත්වනවාට වඩා මේක හොඳ බවයි. (නදී)
බන්දුල, නලින් ඔයාල හරි. නැති බැරි එකාගේ බඩට ගහන්න හදන මුන්ට පිස්සු. (නදී)
අනේ මේ තිබෙන අනුකම්පාව අර ගංවතුර නියන් කාලේදී පහල වුනේ නැත්තේ ඇයි දන්නේ නැහැ. (නදී)
බන්දුලගේ කටේ මසුරන් දැම්මත් මදි (නදී)
දැන් ලංකාවේ 90% ක්ම නැතිබැරි කට්ටිය තමයි ඉන්නේ (නි)
දැන් බෙදන්නේ මොන සල්ලිද දන්නෙ නැහැ (නි)
ඇයි ආණ්ඩුව ජනතාවට මෙච්චර වැඩ කර තියෙනව නම් බයවෙලා තියෙන්නේ (අ)
ලංකවේ හැමෝටම නියං සහනාධාර දැන් ඕනි !!! මේ බඩු මිලේ හැටියට අපි හරිම අමාරුවෙන් ජීවත්වෙන්නේ හැමකෙනාටම සාධාරනයක් කරන්න !(අ)
ඇත්තට මෙයාල කොහෙද ගීහිල්ල හිටීයෙ මෙච්චර කල් (අ)
දැන් කාලේ ඡන්දෙ කරන එව්වෝ ඔච්චර මෝඩ නැහැ මේ දන්සල් දුන්නට ඡන්දෙ ලැබේවි කියල හිතන්න..ඡන්ද පොලට ගිය එකා මොකාට කතිරේ ගහනවද කවුද දන්නේ..මමනම් කියන්නේ පුළුවන් තරම් රැස්වීම් කතා අඩු කරවල මැතිවරණ කොමසාරිස් තුමා මේ දන්සල් ව්‍යාපෘති සදහා පුර්ණ අනුමැතිය ලබල දෙන්න ඕන කියල..ඇති එකාගෙන් නැති එකාට දෙයක් ලැබෙනවානම් එ්කට ඉඩ කඩ සැලසීම හැමගේ යුතු කමක්.දැන් බැලුවම ඒ පැත්තේ නියං සහනාධාරයක්වත් බෙදන්න බැහැ මැතිවරණයක් තියෙනවා කියල..පුදුම නීතියක්නේ ඒක.හරියට කැෆේ කාරය කට්ටියට අඩුපාඩු සපුරනවා වගේනේ මේවට කටුව ගහන්න හදන්නේ..අපි නොදන්නා කිර්ති ගොයීයගේ කැෆේ..(අ) ..
බන්දුල මාමා දෙන්න පහක්.(අ)
බන්දුල...නලින්..ටෙනිසන්..මේ කීර්ති කියන්නෙත් අර ජිනීවා යන එන් ජී. ඔි නඩේ එක්කෙනෙක්ම තමයි.මෙයාලා වැඩකරන්නේ කාටද කියල රටම දන්නවා.මෙයාලට ඕනේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිමිකම් හෝ චන්ද අයිතිය ගැන කතා කිරීම් නෙමෙයි.ඒ වෙනුවෙන් පෙනී හිටලා තමන්ගේ මඩිය තරකරගන්න.(අ)
සඳුනි, බන්දුල, අපි බලමු ජනතාව බුද්ධිමත්ද නැද්ද කියලා. මේ වගේ ගොන් හරක් ඉන්න රටක් අායෙත් මේ ලෝකේ නම් නැත. වෙනදා වගේ තමයි මෙදා පාරත්. නැවතත් රට කෑමට පළාත් සභාවට. ජය වේවා ශ්‍රී ලංකාවට. (නදී)
රටේ මිනිස්සුන්ට කන්න නැහැ කියල මොනවට පැහැදිලි කරනවද?මිනීමරු ප්‍රබාකරන් මැරුවට පස්සේ බඩු මිල ඉහල දැම්මා නොයෙකුත් බදු වර්ග හදුන්වලදීලා. දැන් රටේ මිනිස්සු "නැති බන්ගම" වෙලයි ඉන්නේ. තවත් නැති වෙන්න දෙයක් ඉතිරි කරලා නැහැ. (නදී)
බදු ගහනවා කියල මෙහෙමත් බදු ගහල අසරණ මිනිස්සු සාගින්නෙන් මරන්නයි වගේ හදන්නේ. කන්න නැතිව හාමතේ එන්න එකාට,දැන් ඉතින් පාන් බාගයක් දුන්නත් ඇති චන්දය ගන්න. (නදී)
ඔය සුනාමි සල්ලි වංගු ගහපුවා බෙදන්නේ හොරුන්ට අහු වෙන්න එපා (නදී)
"පවුල් දහඅට දාහසකට සහල්, සීනි, කිරිපිට ආදි වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දෙතියි"....ඔය බෙදන්නේ කුඹුරෙන් එන සල්ලි නෙමෙයි. අපෙන්ම ගසා කන බදු මුදල් සහ රට විකුනම් කාල ලැබෙන කොමිස් මුදලින්. (නදී)
බන්දුල මාමේ ඔයත් සහනාදාර බලපොරෝතුවෙන්නේ ඉන්නේ. මම නම් හිතන්නේ ඔයා සැහෙන කාලයක් ආදාර අරගෙන වගේ. එ්කයි ඔය ගොඩක් කඩේම යන්නේ (නදී)
දැන් ලංකාවේ මොන තරම් කන්න අදින්න නැති මිනිස්සු ඉන්නවද අම්මපා. (නදී)
කමක් නැහැ. ජයවේවා! (නි)
අන්න කෑම බීම වෙනුවට බැංකු පත්වීම් ටික භාර ගත්ත කට්ටියට හොඳ වැඩක් වෙලාලු. මෙතන ඒවා ලියන්න බැහැ. (නදී)
මෙතන "ලස්සන" අදහස් එක්කෙනාගේමද, විවිද අයගේද කියන්න මම දන්නේ නෑ. නමුත් රට යන්නේ කාටද, කොහෙටද, මොකටද කියන එක පෙනෙනවා. මේක තමයි "උගතුන් දේශපාලනය නොකිරීමට ඔවුන්ට ලැබෙන දඬුවම". එ්ක සැවොම විඳිමු. (නදී)
ප්‍රාදේශීය සභාපතිලා මිනි මරලා හිරේ ඉන්දැද්දී, පාර්ලිමේන්තු යන ගමන් කුඩු ජාවාරම් කරන අය ඉන්නකොට කුඩු කන්ටෙනේර් පිටින් නිදහස් කරන්න කියා රටේ වැදගත් දේශපාලකයෝ ලියුම් දෙනකොට චන්ද දින්නන්නේ කිරිපිටි , කෑම අරක්කු ට්‍රැක්ටර් පිටින් ගෙනත් බෙදන්නේ නැතුව කොහොමද ? (නදී)
අනේ ළමයිනේ අපි නොදන්නා ලයිව් කිව්වලු. චන්දදයකයෝ මෝඩයෝ නොවෙයිලු නොඑසේ නම් අවුරුදු 60 ක් තිස්සේ එක පාරක් හොඳ නැහැ කියල එලවපු අය අනිත් පාර බලයට ගෙනෙන්නේ කව්ද? එහෙම කියන ඔයාලත් ඒ ගොඩේම තමයි. (නදී)
ගම්බද මිනිස්සු රැවටෙන එක අහන්න දෙයක්ද ඉතින්? (නි)
මොනරාගල ඉන්නේ හරිම වාසනාවන්තයෝ (නි)
බුද්ධිමත්ව ඡන්දය පාවිච්චි කරන්න. (නි)
පින් තකා දෙන දන්සල් ඡන්ද කාලෙට විතරක් දෙන්නේ මොකද බන්දුල උපාසක ?
රටකට ගිය කලක් (දී)
සීනි පිටි දෙන්න මතක් වෙන්නේ ඡන්දෙ කාලෙට විතරයි. ඒ ඔක්කොම අරගෙන අනිත් පැත්තට ඡන්දෙ දීපල්ලා (නදී)
මෙච්චර විශාල ආයෝජනයක් කරන්නේ කොච්චර විශාල ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන්ද? (නදී)
යකඩෝ, කැෆේ කාරයාගේ ගෙදර බුදලේ බෙදනවා කියල හිතුවද මේ අහිංසක මිනිස්සුන්ට මේ කාලසීමාවේදී මේ ලැබෙන දේවල් වලට අකුල් හෙලන්න හදන්නේ. දෙයක් ගන්න පුළුවන් කාලේදී දෙන එකාගෙන් ගන්න එකාට දෙයියනේ කියල ඒක ගන්න දෙන්නේ නැතුව ඒකටත් කටුව ගහන්න හදනවා. මේ නම් පුදුම සත්තු ටිකක්. ඕවට කතිරේ ගහපු කාලේ ගියා තෙන්නකෝන් මහත්තයෝ. ඕවා අල්ලස් නෙමෙයි පින් තකා කෙරෙන දන්සල්. යන්න අපායක් නැති වෙනවා ඕවට අකුල් හෙලලා. (නදී)
අනේ බලදරයනි ඔය වගේ දානමය කටයුතු සදහා නීති පොතට අනුව දෙන නම මොකක් උනත් අපේ දුප්පත් මිනිස්සුන්ට අඩුම ගානේ එක දවසක් හරි කාලා ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක්. වෙන ඕන තරම් දේවල් තියනවනේ අල්ලන්න අහිංසකයන්ගේ බඩට නොගහ. (නදී)