ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන සිය පවුලේ අය සමග ගත් ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් ගිණුමට ඇතුළත් කර තිබිණි.
තම පවුලේ අය සමග එක්ව සිටීම තරම් වෙනත් සතුටක් නැති බව ඔහු එහි සඳහන් කර තිබිණි.
ජනපති සිරිසේන හා බිරිඳ සමග දියණියන් දෙදෙනාද පුත් දහම්ද එහි වෙති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමියගේ වාසනාවට තමා අපේ ජනාදිපතිතුමාට මෙතරම් මහජන ප්‍රසාදය ලැබෙන්නේ. ඇත්තටම හරිම වාසනාවන්. (අ)
පුතේ ඔයාටත් තියෙන්නේ තාත්තගේ ලේ. ඒ හින්ද කවද හරි රට වෙනුවෙන් දේශපාලනයට එන්න. හම්බන්තොට යුව රජුව මේ රටට තිත්ත වුණාට අපි ඕගොල්ලන්ට කැමති දුප්පති මිනිසුන්ගේ දේ මංකොල්ල කන්නේ නැති,චාම් ජීවිත ගතකරන අය හින්ද. (අ)
ආදර්ශ,නිහතමානී ජනාධිපති ආර්යයාවක්. (අ)
ඇයි මේ කට්ටියට සපෝර්ට් ට්ව්, රේස් කාර්, පවුල් දේශපාලනේ කරන්න දන්නේ නැද්ද? නිකන් කිචි වගේ (බ)
මේ වගේ හැමදාමත් සතුටින් ඉන්න ඕන හරිම සිරියාවන්ත පවුලක්. ජයවේවා! (බ)
චිරන් ජයතු නව ජනාධිපති තුමනි වෙන්න එපා ඔබතුමා මහා රජෙක්.....කලින් හිටිය වගේ (බ)
ඉදිරියටත් මෛත්‍රි පාලනයට, යහපත් දේශයකට උදවු කරමු (නි)
ජයවර්දන මැතිනියට පසූ බිහිවූ හොඳම ජනාධිපති මැතිනිය මේ මැතිනියයි. ඔබට නිරෝගී ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේවා. (ම)
දහම් විතරක් නෙවැයි දූලා දෙන්නත් එම ගෞරවය රකින්න ඕනි කියා මම ප්‍රර්ථනා කරනවා (ම)
හරිම චාම් පවුලක් (නි)
දහම් ඔය දහමින්ම ජීවත් වෙන්න. අස්පයෝ පදින්න, රගර් ගහන්න, කාර් රේස් දළදා මාලිගාව වටේ පදින්න එපා මගේ රත්තරන් පුතේ (නදී)
බලන්න කොච්චර සරලද කියලා (නි)
ඔබ වැනි පින්වන්ත පුද්ගලයෙක් මේ රටට වාසනාවක්! (නි)
ඇත්තටම හොද සිරියාවන්ත වාසනාවන්ත පවුලක්(නදී)
ලොකු ආදර්ශයක් සැමට. විශේෂයෙන් බොරුවට පුම්බාගෙන ඉන්න නෝනලාට. (නි)
රටට බරක් නැති පවුලක්. (අ)
අපේ රටේ ඉන්න වාසනාවන්තම, සමගි සම්පන්න වැදගත් ප්‍රධාන පවුල. ඔබ සැමට තෙරුවන් සරණයි !! (බ)
ජනපති බිරිඳ ගැන මගේ හිතෙත් තියෙන්නේ පැහැදීමක්.සැබෑ ශ්‍රී ලාංකික කාන්තාවක් (නි)
දෙමව්පියන්ගේ ගෞරවය රකින දරුවන් ලොවට කොපමණ වටිනවද? වගකීම සහ යුතුකම දරුවන් අමතක කළයුතු නැත. (නි)
ශ්‍රී ලාංකිකයින්ගේ වාසනාවට පහල වූ පවුලක්. වාසනාවන්. (බ) .
ඔබට හැකි නම් අබ්දුල් කලාම් වගේ යන්න ඔබට හැකි නම් අහ්මදෙජන්න් වගේ යන්න ඔබට හැකි නම් ජාතිවාදී ගිනිදැල් සදහටම නිවා දමන්න ඔබේ පවුලේ සතුට සැනසුම අපේම වෙනවා ස්තිරයි එයි රටකට ලොකුම පිංකම
මම මේ කල්පනා කළේ රටේ නායකයාගේ පවුලේ පින්තූරයක් නේද මේ කියලා? පුදුම නිහතමානී බවක්. අපිට දැනෙන්නේ අපේ ළඟම හිතවතෙකුගේ පවුලේ පින්තූරයක් කියලා. ඒ ඔහුගේ නිහතමානීබව නිසා. ජයවේවා ජනපතිතුමනි! (නදී)
සුබ පැතුම් ඔබ පවුලට! (නි)
මේක අනෙක් අයටත් හොඳ ආදර්ශයක් (නි)
හැම සාර්ථක සැමියෙක් පසුපස දයාබර බිරිදක් ඉන්නවා. මේ එයට නිදසුනක්; මම හරිම අසාවෙන් කියෙව්වා මේ දෙන්නගේ පෙම් කතන්දරේ. කුරුණෑගල අපිට ආඩම්බරයි. (ම)
ඔබ නියම ජනතා නායකයෙක් මැතිතුමනි (නි)
තම අාගමට එකඟව කටයුතු කිරීම සහ නිහතමානිකම නිසා ඔබට ජයවේවා !!!!!, (ම)
හරිම සුන්දර ඡායාරූපයක් (නි)
දකිනකොටත් හරි ආසයි (නි)
දහම්, ඔබ හැමවිටම පියාගේ නම ආරක්ෂා කර වැඩකරන්න. ඔබට හා ඔබගේ පවුලේ සියලුම දෙනාට සුබ දවසක්! ජයවේවා! (නි)
ලස්සන පින්තුරයක්,පවුලක් (ම)
මෙන්න මෙහෙම තමයි රටේ නායකයාගේ නෝනා ජනතාව ඉදිරියේදී පෙනීසිටින්න ඕනෑ. බොරු සෝබන, විලාසිතා , පරිවාර කාන්තාවන් නැති චාම් බවත්, නිහතමානීකමත් කොච්චර අගේද? (නි)
මම මේ කල්පනා කළේ රටේ නායකයාගේ පවුලේ පින්තූරයක් නේද මේ කියලා? පුදුම නිහතමානීබවක්. අපිට දැනෙන්නේ අපේ ළඟම හිතවතෙකුගේ පවුලේ පින්තූරයක් කියලා. ඒ ඔහුගේ නිහතමානීබව නිසා. ජයවේවා ජනපතිතුමනි! (නි)
අයියෝ ඕගොල්ලෝ කොහෙද ඉන්නේ? පවුල එක්ක ඉන්න එක වටිනා කියල අපි කව්රුත් දන්නවා... දහම් ඉන්නෙම සිංගපුරුවේයි ඩුබායිවලයි. ඔන්න දැහැමි "දහම්". මේවා ඔයාලට බලන්න දාන ඇඩ් එකක් විතරයි (බ)
සතුටින් සිටීමට වාසනා! (නි)
අපේ රටට මෙවැනි ජනපති පවුලක් අශිර්වාදයක් සහ හොඳ ආදර්ශයක්. මෛත්‍රී ජනපති පවුල නිවැරදිව හදුනාගෙන තියෙනවා ජනපති තනතුර ඔවුන්ගේ පරම බුදලයක් නොවන බවත් එය හුදෙක්ම සියලු රටවැසියාගේම නායකයා බවත්...(බ)
රටකට ඕනෑ සරල නායකයෝ. කලින් වගේ රත්තරනින් බැබළි බැබළි ඉන්න රජවරු, දේවිවරු,කුමාරවරු නෙමෙයි. අනේ අපේ රටටත් හොඳ කලක් යනවා නම් කොච්චර හොඳද? (නි)
කොච්චර වාසනාවන්ත පවුලක්ද? (නි)
ජාතියේ පිනට උපන් පවුලක්! (නි)
මැතිනියගේ සිනහව හරිම අව්‍යාජයි. කාලෙකින් දැක්කේ මේ වගේ සරලව සුන්දරව සිනහවෙන කාන්තාවක්. සැමදාම සතුටින් ජීවත් වේවා! රටේ මුල් පුරවැසියා විදියට මේ පුණ්‍ය භූමියේ ජීවත්වෙන බොහෝ පිරිසක් නොදන්නා මේ පින්බිමේ වටිනාකම දන්නා ඔබ වැනි මිනිසුන් සැමදාමත් මේ පින්කෙත ආරක්ෂා කෙරෙත්වා! (නි)
දැක්කම සතුටු හිතෙන සිරියාවන්ත පවුලක්. මැතිනියගේ සිනාව හරිම සීදේවි . (අ)
මේ මහත්මිය වගේ නිහතමානි ජනාධිපති ආර්යාවක් සිටියා නම් එලිනා ජයවර්දන මැතිනිය පමණයි. (අ)
සිරිසේන මහත්මයාගේ බිරිඳ ඉතා චාම් කෙනෙක්. බොරු සෝබන නැහැ. (නි)
ඔබේ පවුලට සුබ පැතුම්! (නි)
ඒකටත් එක්ක අනෙක් අය? (නි)
ඔබතුමා පින්වන්තයි (නි)
ජනපතිතුමාගේ ආර්යාව දැක්කහම හිතට පුදුම ආදරයක් ගෞරවයක් දැනෙනවා. නියම මවකගේ පෙනුම (නි)
ඔබේ පවුලට සුබ පැතුම්! (නි)
කොච්චර ඉහලට ගියත් තමන්ගේ අතින්ම සැමියාට බත් ටික උයලා පිහලා දෙන්න ලැස්ති මේ වගේ නෝනා කෙනෙක් අද දකින්න වත් ඉන්නවාද මේසමාජයේ? නිහතමානි බිරියක් ලබාපු සැමියාට හෙට තානාන්තර හැම දේම නැති වුණත් බය වෙන්න නම් දෙයක් නැහැ, ඒ බව මේ පින්තුරයේ පැහැදිලියි. (අ)
මේ කට්ටිය රේස් පදින්න දන්නේ නැත්ද? (අ)
සරල නිහතමානී බව නායකත්වයට එක සුදුසුකමකි.කවුරු දිනුවද -පැරදුනද රටේ ඉදිරි බාරකරුවා ඔබතුමා වේ (නි)
හරිම ලස්සනයි (නි)
ජය සතුට ඉතිරේවා..දහම් මිතුර- පියාගේ නම කිළිටි කරන වැඩන්ම කරන්න ඒපා..කිසි විට(අ)
ඡන්දෙ කාලෙට යන දැන්වීමක් වගේ. (අ)
කොච්චර වාසනාවන්තද? (නි)
හරිම ලස්සනයි. සුබ පැතුම්! (නි)
අපේ රටේ බිහිවූ ජනාධිපතිවරුන්ගේ බිරින්දෑවරුන් අතරින් මම පළමුව දුටු ආදර්ශමත්ම බිරිද ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ බිරිඳයි. ඉන්පසු බිහිවූ ආදර්ශමත්ම බිරිඳ ඔබතුමියයි.ඒ ශ්‍රේෂ්ඨත්වය නැති කරගන්න එපා.එය කාන්තා පරපුරටම ආදර්ශයක් (නි)
මෙහෙම ඡායාරූපයක් දැකීමත් සතුටක් (නි)
දහම්, ඔබ පියාගේ අඩිපාරේ යන්න. ඔබ ජාතියට ආඩම්බරයක් ඇති පුතෙක් වෙන්න (නි)
හරිම සුන්දරයි (නි)
පස් දෙනාටම උණුසුම් සුබ පැතුම්! සියලුදෙනා ආදර්ශයට ගතයුතු පවුලකි. (නි)
හරීම ලස්සනයි. වැදගත් පවුලක් (නි)
අපිට ඇත්තටම සතුටුයි ඒත් අපි මහින්දට ඔයිට වඩා කැමතියි (බ)