(ඩබ්ලිව් ඩී ඵමි විතානගේ සහ සුදත් පුබුදු කීර්ති )

පවුලේ ආරාවුලක් මත වෑබොඩ  - උතුර පුදේශයේ නිවෙසක් තුල ඊයේ (24) රාත්‍රියේ සැමියා විසින් සිය බිරිඳගේ ගෙලට පිහියෙන් ඇන මරා දමා ඇතැයි වැලිවේරිය පොලිසිය පවසයි.

මෙහිදී සැමියාගේ පිහි පහර වලින් තුවාල ලැබු බිරිඳගේ සොහොයුරියක් හා මිතුරියක් ද ගම්පහ රෝහලට ඇතුළත් කර තිබෙන බවද පොලිසීය සදහන් කරයි. 

මේ අතර සිද්ධියෙන් පසුව සැකකාර සැමියා නිවෙස අසල ළිඳකට පැන සියදිවි නසා ගැනීමට තැත් කර තිබෙන අතර අසල්වැසියන් විසින් ඔහු බේරා ගෙන තිබෙන බවත් පොලිසිය කියයි. 

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වැබොඩ - උතුර පුදේශයේ පදිංචිව සිටි අප්සරා කල්පනී විමලසිරි නමැති 33 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියා මාතර, කැකණදුර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

සැමියා හා බිරිඳ උපාධිධාරින් වන අතර ඔවුන් නවසීලන්තයට යාමට සුදානම් වී සිටින විට  සැමියාට කොරෝනා වැළදී ඇති අතර මේ අවස්ථාවේ බිරීඳ පමණක් නවසීලන්තයට ගොස් තිබෙන බවත් පසුව ඔවුන් දෙදෙනා අතර නිතර බහින් බස් වීම් ඇතිව තිබෙන බවද කීය.

මේ හේතුවෙන් ඔවුන් දික්කසාද වීමට සිටි බවටද තොරතුරු ලැබණු අතර මෑතකදී  බිරිඳ දිවයිනට පැමිණ තිබෙන බව දැනගත් සැකකාර සැමියා රහසිගතවම ඊයේ රාත්‍රියේ මෙම නිවෙසට පැමිණ අපරාධය සිදු කර තිබෙන බවද පොලිසීය කියයි. 

මේ සිද්ධිය පිළිබඳව වැලිවේරිය පොලිස් ස්ථානාධිපති පුධාන පොලිස් පරික්ෂක සුමිත් ගුනවර්ඩන හා අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයතිස්ස යන නිලධාරීහු වැඩිදුර පරික්ෂණ මෙහෙයවති.