ලෝකයේ විශාලම සහ ජනප්‍රියම ජංගම පොත් ප්‍රදර්ශනාගාරය ලෙස සැළකෙන ලෝගොස් හෝප් පොත් නෞකාව මෙම මස 22 වැනිදා කොළඹ වරායට ළඟාවීමට නියමිතය.
දර්ශනය,ආගම,සමාජීය විද්‍යාවන්,භාෂා,විද්‍යා,කලා හා සාහිත්‍ය ආදී ක්ෂේත්‍ර ගණනාවක පොතපත ලොගොස් හෝප් හි ඇත.
නෞකාවට ගොඩනගින්නෙකුට පොතපත මිලදී ගැනීමට,හා පරිශීලනය කිරීමට අවස්ථාව තිබේ.තමන් සන්තකයෙහි වටිනා පොතපත ඇත්නම් ඒවා ලෝගෝස් හෝප් ප්‍රදර්ශනාගාරයට පරිත්‍යාග කිරීමටද හැකිය.
නෞකාවේ කාර්යමණ්ඩලය රටවල් 40 ක පමණ සාමාජිකයින් පිරිසකගෙන් සැදුම් ලද්දක් වන අතර ඔවුහු සේවය කරන්නේ ස්වේච්ඡාවෙනි.
මෙම මස 22 වැනිදා සිට එළැඹෙන නොවැම්බර් මස 12 වැනිදා දක්වා ලොගොස් හෝප් කොළඹ වරායේ නැංගුරම් ලා තැබෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාවෙන පොත් කියන්නේ ඒවා වතුරේ පා වෙවී තියන හින්දාද? එහෙම නම් ඒවා කියවන්නත් පීන පීන ඉන්න සිද්ධ වේවි! (බ)
ෂා නියමයිනේ! (නි)
විශ්ව දැනුම සමග පැමිණෙන පාවෙන පොත් නැව ගැන ඇසීමත් සතුටක්. (ර)
දකුණු ඉන්දියාවේ දුප්පත්ම පවුලක ඉපදී දැඩි අධිෂ්ටානයකින් ඉගෙනගෙන මෑතකදී ගූගල් සමාගමේ සභාපති වූ සුන්දරලිංගම් මහතාගෙන් ඉගෙන ගන්නා ළමයින්ට දියයුතු පණිවිඩය කුමක් දැයි ඇසූ විට ඔහු කීවේ කියවන්නත් බැරි තරමට පොත් ගෙන ඒවා එකිනෙක කියවන්න කියාය. ඔහු කොම්පියුටරය ගැන වචනයක්වත් සඳහන් කලේ නැත. (ර)
කියවීමෙන් මිනිසා සම්පුර්ණ මිනිසෙක් වේ. (ර)
ඇතුල්වීමට ගාස්තු කීයක් ගන්නවද දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න ලොකු උදව්වක්. (ර)
ලංකාවේ පොත් ප්‍රදර්ශනය දා මම දැක්කා පෝලිම් ගණන් රෙස්ටුරෙන්ට් ළඟ ඉන්නවා කන්න බොන්න නම් පොත් බලන්න කවුරුත් නැ. හැම තැනම කාපු බීපු දේවල් බිම දාලා ගන්න දෙයක් නැ. (ර)
පිටිගල මිලානෝ, ලෝකය තවමත් සුන්දරයි. (ර)
ෂා නියමයි. හරිම සතුටුයි (නි)
මෙය දුප්පත් පාසල් දරුවන්ටත් පැමිණීමට හැකිවන පරිදි අයකරන ගාස්තු අවම කරන ලෙස ඉල්ලා සිටිමි. (නි)