කොළඹ පිටකෝට්ටේ ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති එච්.එන්. යාපා සේනාධිපතිට එතෙර යාමට අවසර පතමින් කර ඇති ඉල්ලීම ගැන නීතිපති මතය දන්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නීතිපතිට නියෝග කළේය.
ශ්‍රී ලංකාවට රට සල්ලිද උපයාදීමේ පියවරක් වන නයිජීරියා සෙබළුන් පුහුණු කිරීම සඳහා පිටත්ව යාමට අවසර දෙන්නැයි ජනාධිපති නීතිඥ දුලේන්ද්‍ර වීරසූරිය මහතා ඉල්ලා සිටියේය.
ගාල්ල වරායේ මහනුවර නම් යාත්‍රාවේ ගබඩාකර තිබූ අවි තොගයක් සම්බන්ධයෙන් සේනාධිපතිට එරෙහිව රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි. සේනාධිපති මෙම සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කළහොත් ඔහු රහස් පොලිසිය මග හැර සිටීමේ නැඹුරුවක් ඇතැයි රහස් පොලිස් පරීක්ෂක බී.විජේදාස මහතා පොලිසියට කීවේය. මෙතෙක් ඔහු සැකකරුවකු කර නැති බව ඔහුගේ නීතිඥවරයා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසර ඉල්ලීමෙන්ම පේනවා නේ නීතිය මග නොහරින බව (නදී)
මිලේනියම් සිටි 2 කොටස. කිසිවිට අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කළ යුතුයි (නදී)
පාවෙන අවි ගබඩාවක් තිබුනා නම් විශාල වරදක්. වහාම අත්අඩංගුවට ගන්නේ නැත්තේ ඇයි? (නි)
අප්‍රිකාවේ නැගෙනහිර මුහුදේ තමයි සෝමාලි කොල්ලකරුවන් ඉන්නේ. අප්‍රිකාවේ උතුරු නැගෙනහිර පැත්තේ තමයි සෝමාලියාව තියෙන්නේ. එහෙව් එකේ අප්‍රිකාවේ බටහිර පැත්තේ තියෙන රටක් වන නයිජීරියාවට යන එක ගැන සැකයි (නදී)
මේවා බලන්නත් ලැජ්ජයි, යහ පාලනයේ නාමයෙන් තාමත් පලිගන්න එකනම් අවසන් නැහැ.(නදී)