පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාව කොළඹ ගංගාරාම විහාරස්ථානය අසල මුත්තයියා පිටියේදී පැවැත්වීමට නියමිත ‘විධායක ජනපති ක්‍රමය අහෝසි කරන ලෙස බල කර සිටීමේ මහ ජනරැලිය ‘ ගැන පැවිදි සාමාජිකයින් දැනුම්වත් කිරීමේ අත් පත්‍රිකා බෙදා දීමක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (10) උදෑසන පැවැත්විණි.
ලබන බදාදා (12) මේ රැලිය පැවැත්වීමට යයි.
හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමිගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ වැඩසටහනට රන්පත්විල විමලරතන, බුදුගල ජිනවංශ,පස්සරමුල්ලේ දයාවංශ සහ මහහුණු පිටියේ බුද්ධසාර යන හිමිවරුද මෙ අවස්ථාවට එක් වුහ.
මෙම රැලිය පැවැත්වීමට කොළඹ හයිඩ් පිටිය ඇතුළු අනිත් ප්‍රධාන ස්ථාන ලබා නුදුන් බවත්, ඒවා වෙනත් කාර්යයන් සඳහා ඒ දිනයේ වෙන් කරගෙන තිබුණු බවත්, ප්‍රජාතන්ත්‍රවාදයේ තරම එයින්ම පැහැදිලි වන බවත් රතන හිමියෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහතාට මමත් බොහෝ දේවලට විරුද්ධයි. එහෙමයි කියලා පිවිතුරු හෙට ජනිත කරන්න හදන අයගේ පැටිකිරිය හොයලා බැලුවොත් ඇත්ත තේරෙයි. (නි)
දැනටම මෙහෙම බය වෙලානම් තව ඉදිරියට කට්ටිය කොහොම බය වේවිද ?(හේ)
මේ යන ක්‍රමය නම් කෙසේ හෝ වෙනස් කළ යුතුයි.නැතිනම් අපිට රටක් කියලා දෙයක් නම් ඉතිරි වෙන්නේ නැහැ.(හේ)
ජයවේවා මෙම වැඩපිළිවෙළට! (නි)
බලන්න රටේ සිද්ධ වෙන විනාශය.පාට,පක්ෂ, ජාති අගම් බේදයෙන් තොරව අපේ රට නිදහස් කර ගැනීමට සියලුම දෙන එකමුතු වෙන්න ඕනේ වෙලාවක්.(හේ)
හාමුදුරුවරු රජයට විපක්ෂව කතාකරනකොට අපේ මිනිස්සුන්ට විනය නීති මතක් වෙනවා (දිල්)
හේමන්ත පුතේ, ඔය බන්දුල පෙරේරා කියන ළමයට ඔය මහා කාරණා ගැන අවබෝධයක් නැහැ. වැඩිය අකුරු සාස්තරේවත් බැරි කෙනෙක් වගෙයි කියන අලුගුත්තේරු කතා වලින් පේන්නේ. කඩේ යන්නේ ලැබෙන සොච්චම් ලාභය ගැන හිතලා මිසක ඕවා ගැන රටේ තියෙන අවුල් ගැන ඒ ළමයට හරි තේරුමක් නැහැ. ඒ නිසා තරහ ගන්න කාරී නැහැ. ඔන්න ඔහේ ඕන දෙයක් කියපුවාවේ කියලා තමුන්නැහේ නිකම් ඉන්න. (නදී)
හාමුදුරුවරු රජයට විපක්ෂව කතාකරනකොට අපේ මිනිස්සුන්ට විනය නීති මතක් වෙනවා (බ)
මේ උත්සාහය රනිල් හෝ චන්ද්‍රිකා බලයට ගෙනපත් කිරීම නම් එය අනාගතයේදි කනගාටුවට හේතුවක් වෙිවි. (නදී)
රට කන හොරුන්ගෙන් නිදහස් කර ගන්න නායකත්වය දෙන සෝභිත හිමිගේ සහ අතුරලියේ රතන හිමිගේ නම වීරවරුන් හැටියට ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි. (බ)
මේ උත්සාහය රනිල් හෝ චන්ද්‍රිකා බලයට ගෙන පත් කිරීම නම් එය අනාගතයේදි කනගාටුවට හේතුවක් වෙිවි. (නදී)
රතන හිමියන් පිවිතුරු හෙටක් පැතීම අරුමයක් නොවුනත් ඒකට එකතු කරගන්න හදන පිරිස දැක්කම ඒ හෙට අපිවිතුරු වෙන බවනම් හොදින්ම පැහැදිලියි.අනේ හාමදුරුවනේ අපිට මේ අද ඉන්න විදියෙන්ම හෙටත් හිටියම ඇති..තියෙන ටිකත් නැති කරගන්න අපිට අවශ්‍ය නැහැ.ඔබ වහන්සේට මහින්ද මහත්තයාගේ මයිලක් හොලවන්න බැහැ..අවසානයේ වෙන්නේ ඔය අපිවිතුරු කට්ටියත් එක්ක පිවිතුරු හෙටක් හදන්න යන ඔබ වහන්සේත් අපිවිතුරු වීම පමණයි..(බ)
මේ රට ජාතිය විනාස කරන විධායක ක්‍රමය අහෝසි කලොත් අපේ රට දියුණුකරන්න පුළුවන්. එක මතු පරපුරට යහපත් ආකාරයෙන් බලපාවි. දැනට අපේ රටේ පවතින ඒකාධිපතිත්වය රට ජාතිය විනාශයට පත්කරනවා පමණක්ම නොවෙයි ජාතික සමගියත් විනාස කරනවා. මේ වගේ ඉතා බැරෑරුම් අවස්ථාවල අපේ ගරු ස්වාමින්වහන්සේලා ඉදිරිපත්වෙලා රට ජාතිය රැක ගන්න එක අගයකලයුතුයි. පන්සලට වෙලා හිටියොත් පවතින තත්වය අනුව අපිට ස්වාමින්වහන්සේකෙනේකුව තියා බෞද්ධයෙක්වත් දකින්න ලේබෙන්නේ නැහැ තව අවරුදු කීපයක් ගතවුනාම (බ)
දෝහා වල ඉසුරන්දි දුව වෙතට . දැන් ඔබට යතාර්ථය දැනුන නිසා මේ වැඩ පිළිවෙලට දැන්වත් සුභ පතන්න. යුද්දය දිනුව නිසා එකාධිපතිකම ලබා ගන්න බැහැ. ඒ ගෙූවරය තියාගෙන අනිත් යටත් අවස්තාවක් දෙන්න වැදගත් විය යුතු වේ. (අ)
මේවා දකිනකොට හින් දාඩිය දානවා ඇති ......(බ)
ඉසුරන්දි දෝහා නෝනාට. මේ භික්ෂූන් වහන්සේලා ආණ්ඩුවට පක්ෂපාතව රැස්වීමක් සංවිධානය කෙරුවා නම් එතකොට ඔබ ඔය විදිහේ මතයක් දරන්නේ නැහැ නේද? ආගම විශේෂයෙන් බුද්ධාගම කියන එකෙන් ඔබ අදහස් කරන්නේ බෞද්ධ ධර්මය නම් එය විනාස වෙන්නේ නැහැ. ඒ ගැන බය වෙන්න එපා. (අ)
ඔබ වහන්සේලාගේ උත්සාහය සාර්ථක වේවා කොහොමින් හරි රටට හොඳක් වෙනවා නම් අපි ඒ පැත්තේ තෙරුවන් සරණයි ! (බ)
ඕක පටන්ගත්තනම් 18 පාර්ලිමේන්තුවට ගෙනාපු දවසෙම...දැනුත් ප්‍රමාද නෑ (බ)
මට ගැටලුව තියෙන්නේ ?රතන හිමි මෙචරකල් කොහෙද හිටියේ කියල ? (අ)
ඉන්දියාවට කටකැඩෙනකම් බැනල වන්දනාවට ගියහම ආරක්ෂාවත් ලැබුනට ලකාවේ කතාකරන්න තැනක් වත් බෞද්ධ රටේ ගරු ස්වාමින්වහන්සේලාට නැති උනේ ප්‍රබාකරන් නැති කරපු ලංකාවට ජනරන්ජන් නායකයෙක් ලැබුන නිසා (බ)
මටත් හිතෙනවා එක දවසක් හරි ගිහිල්ලා බලන්න (නි)
රතන හාමුදුරුවනේ මේ රට විනාශ වෙමින් තිබෙන අවදියක නීතිය සාධාරණය විනාශ වෙමින් තිබෙන අවදියක ඔබවහන්සේ ඇතුළු සියලු සංඝයා වහන්සේලා මේ ගන්න යන ක්‍රියා මාර්ගයට මාද මගේ පවුලේ සහ මා ඇසුරු කරන හැමගේම සහයෝගය නොමදව දෙමි. ඔබ වහන්සේ කිව්වා හා සමානව මේ යන ක්‍රමය වෙනස් නොකළොත් මගේ රටේ තරුණ පරපුර නැවත විශාල ව්‍යසනයකට ගොදුරු වෙනවා මෙහි අදහස් දමන බන්දුල පෙරේරා නමැති හිතක් පපුවක් නැති අයට පමණක් මේක ලොකු පාඩුවක් බවනම් දමන අදහස් වලින් මනාවට පැහැදිලි වෙනවා (බ)
කොහාට තල්ලු වෙලා හරි, අවසානයේ අනාගතයට තල්ලු වෙනවනම් ප්‍රශ්නයක් නැහැ.මතු පරපුර වෙනුවෙන්. (බ)
සංඝයා වහන්සේලාගෙන් යමක් ගැනීමේදී හෝ දීමේදී දෑතම දිගු කළ යුතු බව දන්නා අය දැන් විරලයි. (හේ)
හැමෝම එකා වගේ මේ සටනට මුහුණ දෙනවා නම් හොදයි.(හේ)
බන්දුල පෙරේරා මහතා මේ ටික දන්නවද? මේ ජනාධිපති ක්‍රමය යටතේ විධායක බලයත්, මුදල් පාලන බලයත්, මුළු ජාතික වියදමෙන් වැඩිම ප්‍රමාණයකුත් පරිහරණ කිරීමත් අධිකරණය තමාට නතු කරගැනීමත්, මැතිවරණ පැවැත්වීම හා අල්ලස් දුෂණය ආදී ඕනෑම කටයුත්තකට බලපෑම් කිරීමේ හැකියාවත් පොලිසිය තමන්ට අවශ්‍ය පරිදි සංවිධානය කරගැනීමේ හැකියාවත් අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට කැඳවිය නොහැකි එක පුද්ගලයෙකු සතු වීම හොඳක්ද නරකක්ද හිතන්න. (බ)
අපේ දරුවන්ටවත් අපිට නැතත් හොඳ ගුණයහපත් රටක් බිහි වේවා, මේවට විරුද්ධ වෙන්නේ රජයෙන් ඍජු දේශපාලන වාසි ලබන අය විතරයි. තෙරුවන් සරණයි. මෙය සාර්ථක වේවා .(බ)
ඔබ වහන්සේලාට අනෙක වාරයක් තුති. පාද නමස්කාර කරමු. සියල්ල සාර්ථක වේවා, දුෂණය දුරුවේවා.(දිල්)
මම කිසිම කෙනෙකුට පක්ෂව වැඩ කරන කෙනෙක් නෙමෙයි. අසාධාරණයට සාධාරණය කියන්න තරම් මග දිව නැමෙන්නෙත් නැහැ.අද ඔය කටින් කතාකරන ඔබලා ඉදිරියේදී ඔය කටින්ම විවේචනය කරන්නත් බැරි කමක් නැහැ.එනිසයි මම මධ්‍යස්තව ප්‍රතිචාර දැක්වුයේ අපේ ගරුතර සංඝරත්නය වෙනුවෙන්. (අ)
ඇත්ත වශයෙන්ම ජනාධිපති ක්‍රමයේ හොඳ නරක පවතින්නේ එයට පත්වන පුද්ගලයා මතයි.(හේ)
ඔබ වහන්සේගේ ක්‍රියාව සාර්තක වේවා කියා ප්‍රර්ථනා කරමි.(දිල්)
ජයෙන් ජය වේවා සුබ අනාගතයකට පෙර මග සලකුණු (බ)
ඔබ වහන්සේලාගේ මේ උතුම් අරමුණ සාර්ථක වේවා.(හේ)
මේ ක්‍රමය වෙනස් කරන්න ශක්තිය ලැබේවා. (හේ)
හාමුදුරුවරුන් දේශපාලනය කරන එක අනුමත කළ නොහැක. එහෙත් රට ඇදී ගෙන යන දිහාව බලන කොට උන්වහන්සේලාගේ මැදිහත් වීමක් අවැසි වෙලාවක්. (බ)
බන්දුල පෙරේරා, ඔයා ඉන්න නරා වලේ ඔයා නවතින්න.අපි ඔක්කොම හොඳ පැහැදිලි ඥාති සංග්‍රහයෙන් තොර රටක් කරා පියනගනවා. (ස)
ලංකාවේ සියලු සත්වයා මුදා ගැනීමට දරන උත්සාහයට ඔබ වහන්සේලාට පින්! අප සැමගේ සහයෝගය ඔබ වහන්සේලාටයි. ජයවේවා! (නි)
මගේ රටට දළදා හිමි සරණයි! (නි)
හේමන්ත, ඔයා බොහොම හරි. ඔය වගේ අප්‍රිකානු නායකයෙකුත් හිටියා. බොකාසා කියලා. අන්තිමට බලයෙන් පහකරලා රටෙනුත් එළවලා දැම්මා. ටික කාලයකට පස්සේ මිය ගියා. රටේ මිනිස්සු එදා ජය ගෝෂා කලාලු. (ර)
රතන හාමුදුරුවනේ වයිරය බුද්ධ දේශනාවේ තිබෙන දෙයක්ද ? (නදී)
අසාධාරණය වෙනුවෙන් නැගී සිටීමක්.(හේ)
මොනවා කරත් අපිට ප්‍රශ්නයක් නැහැ. (හේ)
ජානාධිපති ධූරය අහෝසි කරන්න පෙල ගැසෙන්න.(හේ)
ඔබ වන්සේලට මේ කර්තව්‍ය සාර්ථක කරගැනීමට මේ ලංකාද්වීපයේ උපන් සැම කෙනෙකුගේම සහය ලැබේව කියා ප්‍රර්ථනා කරමි. (දිල්)
ඉහත සටහන් වලින් බන්දුල පෙරේරා පමණයි මෙම ක්‍රියා වලියට විරුද්ද වෙලා තියෙන්නේ. ඒ අනුව හොඳටම පැහැදිලියි 99% කට ම වෙනසක් අවශ්‍යයි කියලා. (බ)
මෙතන එකමුතුව තියෙන්නෙ ඔය කියන විධායක කමටවත් වෙන දෙයකටවත් නෙවෙයි මහින්ද රාජපක්‍ෂ විරෝධතාවය.තම තමන්ගෙ අරමුණු ඉෂ්ඨ නොවීමේ සහ තම තමන්ගේ දේශපාලන පක්‍ෂ වලට ලැබී ඇති පරාජයන් හේතුවෙන් ඇතිවුන එකමුතුව.ඒ තත්වයට පත් වෙලා ඉන්න උදවියට මෙහෙම දෙයක් දැක්කත් ඇති සතුටක් ලබන්න.ඒ තරමටම බංකොලොත් වෙලානෙ ඉන්නෙ.ජන්දය පැවැත්වුනාම බලා ගන්න පුළුවන් බහුතර ජනතාවගේ බලාපෙරොත්තු ඉටු කරලා තියෙන්නෙ කවුද කියලා.හෙළ උරුමය රතන හාමුදුරුවො පෙන්නන්න බැරුව හිටපු අයගේ අදහස් දැක්කම තේරෙනවා රටට ආදරේද බලයට ආදරයද මේ තියෙන්නෙ කියලා.ජනතාව රටට අවශ්‍ය අභීත නායකයා අනිවාර්යෙන්ම දිනවනවා. (බ)
රාණි, මිය පරලොව ගියාට පස්සේ එහෙම රටක් හොයාගන්න පුළුවන් වේවි. අපිනම් එදා ඉදල දැක්කේ එහෙම රටක්. හෙට කවුරු ආවත් තියෙන්නෙත් එහෙම රටක්. ඕව සුරංගනා කතා. කෝපි එකක් බිල නිදා ගන්න. එතකොට ඔයිට වඩා ලස්සන හීන පෙනෙයි. (ර)
මේ රටේ මිනිස්සු බුද්ධිමත් තීරණයක් ගන්නා බව ඒකාන්තයි (නි)
රට බේරා ගැනීමට සියල්ල එක්වව්! ඔබ වහන්සේලා මිලානෝ වලටත් වඩින්න අමතක කරන්න එපා. අපේ රතන හාමුදුරුවෝ 2001 දී අවුරුද්දක පමණ කාලයක් මිලානෝ වල වැඩ සිටියා. (බ)
ලංකාවට ජය ගෙන දුන මැනවි ජයෙන් ජය පතමි .(හේ)
රතන හාමුදුරුවනේ ලංකාවට ජය ගෙන දුන මැනවි ජයෙන් ජය පතමි .(බ)
රතන හාමුදුරුවො සිදුකරන වෑයම ඉතිහාසගත වෙනවා. කවුරු මොනවා කිවුවත් අපේ හාමුදුරුවො කරන මේ උත්සාහයට බුද්ධිමත් සියලු දෙනා ප්‍රශංසා කරනවා. ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
දෝහා සිටින ඉසුරන්දි නෝනා, අපේ ගරුතර සඟ රුවන පන්සලටම වෙලා සිටියානම් ,අද සිංහල රටකුත් නැහැ, බොදු අයිතියත් නැහැ. (බ)
අනේ ගරුතර ස්වාමින්වහන්ස ,මැතිවරණ ජය තම පරවේණි බුදලය සේ නොසිතන නියම මහත්මයනට දේශාලනයට ඒමට හැකිවනසේ නීතිත් සම්පාදනය කරන්න, කාටත් සුවසේ විසිය හැකි සිංහලකම ,බොදු අයිතිය රැකෙන රටක් බිහි කරන්න (බ)
රන්ජිත් මහත්තයෝ..ඔබ තුමා වගේ ගුණ මකු දේශපාලන කුහකයින්ට වඩා කලගුණදත් බහුතර ජනතාවක් තාමත් මේ රටේ ඉන්නවා..ඒ මිනිස්සු දන්නවා කළයුතු දේ..බල්ලෝ බුරන ඒවා නතර කරන්න බැහැ..පුන්සඳ මෝදු වෙනකොට බල්ලෝ උඩු බුරලනවා..උන්ගේ හිතේ බිරුවම හද කඩාගෙන වැටේවි කියල..ඒක එහෙම නෙමෙයි කියල බල්ලන්ට අවබෝධ කරවල දෙන්න බැහැනේ. ...ඒ හින්ද බුරන අය බුර බුර ඉන්න..අපි ජනවාරියේ නව සඳ බලන්නම්..(බ)
ව්‍යසනයකට මැදිවී සිටින හැම මොහොතකම මේ රට ඉන් මුදවා ගැනීමට පෙරමුණ ගත්තේ අතුරලියේ රත්න හිමියන් වැනි උගත් බුද්ධිමත් ගරුතර සංඝරත්නය තමයි. රත්න හිමියනේ, මේ රටයි, බුද්ධාගමයි දෙකම ගලවා ගන්න පෙරට වඩින්න!!(දිල්)
මම හෙළ උරුමය බිහිවූ දා සිට හෙළ උරුමය වෙනුවෙන් පෙනීසිටින්නෙක්. ඒ වෙනුවෙන් බොහෝ දෙනා සමග වාද විවාද ඇති කරගත් කෙනෙක්. අද හෙළ උරුමය යන ගමන් මඟත් අතුරලියේ හිමියන් යන ගමන් මඟත් දෙක එකක් වීම විශ්වාස කරන්න අමාරුයි. (නි)
රතන හිමි තමයි මාවිල්ලාරුව අරින්න මුලික වුනේ, මතක තියා ගන්න. (ර)
මේ ප්‍රවෘත්තිය සිරිකොතේ දැන්වීම් පුවරුවෙ පල වෙලා වගේ අදහස් තමයි දාලා තියෙන්නෙ. (නදී)
සමහරුන්ට දැන්නම් වැරදිලා වගෙයි. මුලාවෙලා අයාලෙ යනවා වාගෙයි. "රෝහණ දේශයෙන් ඉපදුන කෙසරින්දා... කොටින් නසා ජයගෙන අප හද බැන්දා... අමතක නොකර කළගුණ අප හොඳ හින්දා... කතිරය ගසමු අප සැම දැන් රොදබන්ඳා.... (නි)
ගොඩක් තමාගේ වාසිය ගැන පමණක් හිතන අය ඉන්න අතරේ ඔබ දරන වෑයම උතුම්. ඔබට හා රටට ජය (නදී)
අද වෙනස් නොවුනොත් අපිට ආයිත් කවදාවත් ගැලවීමක් නැහැ. පිවිතුරු හෙටකට පිවිතුරුම සිතින් ආශීර්වාද කරමි. (නදී)
මිනිසා ඔහුය ණයනැතිය ඉපදුණ රටට... මිනීමරු කොටින් රැළ යැව්වා වළ තුළට...., සංවර්ධනය කරනා රට හැම අතට..., යුතුකම අපේ ඡන්දය දීමයි ඔහුට.... (නි)
නිමල් මම පොදුවේ කිව්වේ මේ ගැන. අද භික්ෂුව පවා දේශපාලනීකරණය වෙලා දෙපිලකට බෙදිලා ගහා මරා ගද්දි කොහොමද වැඩිපුර දෙයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. මමත් කැමතියි මගේ රට ආගම නොනැසී දිගු කලක් ආයු වලදනවා නම් (නදී)
මම නම් මේ ජනාධිපති ක්‍රමයේ වරදක් දකින්නේ නැහැ (දී)
ඔබ වහන්සේ ගේ ගමනට අපේ ආශීර්වාදය. අපේ ආශිර්වාදය හා විශ්වාසය ඔබ වහන්සේ සමගයි. පොදු අපේක්ෂකත්වයට වඩාත්ම සුදුසු පුද්ගලයා පාඨලී බවයි මගේ අදහසයි. (ර)
සියළු දෙනාම එකතු වෙන එකට සතුටුයි.(හේ)
මෙතන ප්‍රශ්නය තියෙන්නේ ආගම ගැන නොවෙයි. (ර)
භික්ෂුවකට පන්සල මිස පාර්ලිමේන්තුව දේශපාලන මණ්ඩපයක් නොවිය යුතුයි. (හේ)
ලංකාවේ පවතින දේශපාලන ක්‍රමය අනුව විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමයක් තිබිය යුතුය. ඇමෙරිකාවේ පවතින ක්‍රමයට බොහෝදුරට සමාන ක්‍රමයක් ලංකාවේ ඇතිකළ යුතුය. (නි)
හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතනහිමිට මේ පිනම ඇති (දිල්)
රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත්තට වඩා උතුම් පිනක් මේ?(දිල්)
බන්දුල පෙරේරා, පාසල් ගියාද? අනේ සමාවෙන්න දන්නෙ නැති හින්දා අහන්නේ (නි)