පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ සිරිකොතට ගිය රාජිත සේනාරත්න හිටපු ඇමැති කතා කරද්දී එක්වරම විදුලිය නැති විය.
ශබ්ද විකාශන යන්ත්‍ර ද ක්‍රියා විරහිත විය.
එවිට වේලාව පස්වරු එක පමණ විය.
රාජිත සේනාරත්න මහතා විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි විවේදනය කරද්දී විදුලිය ඇන හිටි බව එහි සිටින මාධ්‍යවේදීහු සිටිති.
‘විදුලිබල ඇමැතිනිය කිව්වා ආණ්ඩුවෙන් තව එක්කෙනෙක්වත් එන්නේ නෑ කියා. අපි එක දත ගානෙයි ගලවන්නේ. ‘
‘විදුලිය විසන්ධි කරලා අපේ කතා නවත්වන්න වත්, අපේ වැඩ නවත්වන්න වත් මේ ආණ්ඩුවට බෑ.‘ යැයි රාජිත කීවේය.
ටික වේලාවකින් විදුලි ජනන යන්ත්‍ර ආධාරයෙන් විදුලිය ලබාගෙන වැඩසටහන පැවැත්වීය.
ලෙකෝ පෞද්ගලික විදුලි සමාගමේ නම හෙළි කිරීමට අකමැති ප්‍රකාශකයකු සඳහන් කළේ නඩත්තු කටයුත්තක් වෙනුවෙන් එම ප්‍රදේශයේද විදුලි විසන්ධි කරන බව කල්තියා පුවත්පත් මගින් දැනුම්දී තිබු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලිය විතරක් නෙවෙයි දුරකථන සන්නිවේදනත් බාධා වෙලා කියල ආරංචියක් තිබෙනවා. මේ මිනිස්සුන්ගේ ගෙවල් වලත් ලයිට් කපාවිද දන්නේ නැහැ. එච්චරට ලැජ්ජාවක් තිබෙන වාතාවරනයක්නේ රටේ දැන් තියෙන්නේ. (ස)
ගල් අඟුරු මිලදී ගැනීම් වලදී සිදුවන විශාල මංකොල්ලය ගැන අපගේ මයිත්‍රී ජනාධිපති තුමා අදාල නීති අංශ දැනුවත් කර වැරදි කරුවන්ට නිසි දඬුවම් පමුණුවයි කියා අප බලාපොරොත්තු වෙනවා. මේ අය කොටු කර ගන්න නම් අනිවාර්යයෙන් ඔබ දිනු විගස ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කල යුතු බව මඟේ හැඟීමයි. (ස)
නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැතිකිරීම තමා තිස්වසරක යුද්දය. (ස)
විමල් දළුගම, රනිල් මහත්තය කියන්නේ මහින්ද මහත්තයත් එක්කල එකට කළු කෝපි බොන කෙනා. එනිසා එදා පාර කාපට් කරලා දුන්නට අද විදුලිය නම් විසන්දි කරන්න නැතිව ඇති. (අ)
අපේ රටේ දියුණුව තමා.නමක් කියද්දී විදුලිය විසන්දි වෙනවා..පිටරටවල තාම හොයාගෙන නැතුව ඇති. කාටද ආඩම්බර! (ස)
මහා එපා කරපු විදුලි බල මණ්ඩලය එයේ දවසම තලවතුගොඩ විදුලිය නෑ කොහොමද මිනිස්සු ගෙවල් වල වැඩ කරන්නේ මල ගෙයක් මගුල් දෙයක් තිබුනොත් මම කතා කරහම කිව්වා කලින් දැනුන දුන්න කියල පෙරවරු 9 ඉදල 5 වෙනතුරු මුන්ට හැමදාම දවස්ගනන් යනවා (අ)
මේක පුරුද්දක් විදියට මේ කට්ටිය හැම දේම බැර කරන්නේ ආණ්ඩුවටනේ (දිල්)
ආණ්ඩුවෙන් එන ඔලු ගැන කතාකරලා වැඩක් නැහැ. (දිල්)
හොද හොද ජවනිකා බලාගන්න පුළුවන් තව ඉස්සරහට. (ර)
මට නම් මේ පුවතෙන් පෙන්නේ විරුද්ධ පක්ෂේ බංකොලොත් භාවය. මෙයාල ආණ්ඩුවෙන් විරෝධයක් තියෙනවා කියල බොරුවට පෙන්වන්න හදනවා. සිරිකොතට විදුලිජනක යන්ත්‍ර තියෙන බව කවුරුත් දන්නවා. (ස)
අපිත් දැනගෙන හිටියා කපන බව. කල් තියා දන්වා තිබුණා. මෙතන තියෙන්නේ නොදන්නා කම සමග එකතුවූ මාන්නයයි. (ස)
සිද්ද වෙන හැම දේකටම ආණ්ඩුව ගාව ගන්න එක පිරිමි කමක් නෙමෙයි (අ)
ඇත්තටම ආණ්ඩුව බයවෙලාද ? , රජය ඇත්තටම ජනතාවට වැඩ කලා නම් මේ වගේ දෙකේ වැඩ කරන එක හරිද ? (ස)
රනිල් මහත්තයට විරෝධය පාන්න කට්ටිය සිරිකොත ගාවට එන කොට නම් මහින්ද මහත්තය සිරිකොත හරියේ කෝට්ටේ පාර කාපට් කරන්න පටන් ගත්ත. මේකත් ඒ වගේ කියල හිතුවද දන්නේ නෑ. (ස)
මෙතුමා දත් දොස්තර නිසා එක දත ගානේ ගලවන්න පහසු අැති. පවිත්‍රා කොහොමත් දැන් කරන්නේ කඩාකප්පල් වැඩ තමා. (ස)
කොහොමත් මෙයා දත් ගලවන්න හපනෙක්. (ස)
කොහෙද ඉඳලා මහජන පක්ෂයට, එ්කෙන් ශ්‍රී ලංකා එකට, එ්කෙන් යු එන් පී, එකට. එ්කෙන් අායිත් ශ්‍රී ලංකා එකට. දැන් අපහු මෛතී ලඟට. පනින එක ඉවරයක් නැහැ, ගෙම්බෙකුටත් අන්තයි මෙහෙමත් පනිනවද? ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි කියල කව්ද කිව්වලු! (නදී)
"කතාව පැවැත්වුවේ සිරිකොතේ. පවිත්‍ර ගැන කට ඇරිය විතරයි විදුලිය විසඳි වුනා"---ටිකක් හිතන්න එක්කෝ සිරිකොතේ ආණ්ඩුවට කඩේ යන එකෙක් ඉන්නවා. එහෙම නැතිනම් එන මාද්‍ය වේදීන්ව සීමා කිරීමට එජාපයට අවශ්‍යව තිබෙනවා. (නදී)
හැමෝම හැම කෙනාටම බැන ගන්න එක තමයි කරන්නේ (දී)
ලයිට් පත්තු නොකෙරුවාට -ගෙදර එලිය වැටෙයි රෑට (නදී)
මෛත්‍රී මහත්තයා සහ ඔය දත් ගලවන එක්කෙනා මට නම් පෙනෙන්නේ අහසයි පොළොවයි වගේ. (ස)
දත දත ගලවන කොට රෑ වේවි...කොහොමත් යු අන් පි කාරයෝ රනිල් මහත්තයාගේ දත් ටිකනම් මෙදා පාර ගලවනවා. එන්න ඉන්නේ මේ පස් හය දෙනා විතරයි කියල දැන ගත්තම..හැමෝටම ලනු ගිල්වන රනිල් මහත්තය මෙදා පාර කබායක් ගිලල..හැට හතරෙන් එකක් ඔහොමනම් 64ම දැම්මනම් කොහොම හිටියිද? (ස)
මේ ඔක්කෝටම පිස්සු (නදී)
අපිට ආරංචියි දුරකථන සන්නිවේදන බාධා ගැනත් සමහර උදවියට තිබෙන. (ස)
රාජිත මහත්තයෝ ඔය ඔය කතන්දෙරේම කිව්වා යු.එන්. පියෙ ඉඳන් ශ්‍රී ලංකා සන්ධානයට ගිය වෙලාවෙත් , අනේ ඇත්තට ඔබට ආත්මයක් තියෙනවද , ඔයාට ප්‍රන්සයට යවන මාළුවල ගතමන් එක ලැබුනේ නැහැ . ඉතින් පැන්න. ඒකාලේ දත මැද මැද සිටියේ . (ස)
ආණ්ඩුව වගේම සමහර අදහස් දාන අයත් බය වෙලා රටට හොදක් වේය කියල. (නදී)
අන්තිමට අපේ ගෙවල් වලත් හිටි ගමන් විදුලි බලය ඇන හිටීද දන්නේ නැහැ. කොයි එකටත් ගෙදර තිබෙන නිල් පාට ඇඳුම් හැර අනෙක් හැම පාටක්ම අයින් කරන්න කාලය ඇවිල්ල වගේ. (ස)
තියන මෝඩ කම ඒ කතාවෙන්ම පේනවා. (ස)
විදුලිය නෙවෙයි ඔක්කොම පිරිමින්ට සිහිය නම් නැති වෙන්න ඉඩ තියනවා. (ස)
මේකත් සැලසුම් කරලා කල වැඩක්ද දන්නේ නැහැ (දී)
මේ කටවල් වහන්න විදියක් නැද්ද මේ අයට (දී)
කලින් කියලා තියෙන්නේ කියන්නේ (දී)
මොන දොස්තර උනත් ගෑනු ගැටේට අහුවෙනවා.. (ස)
අනිවාර්යයෙන් ඔබ දිනු විගස ශ්‍රී ලංකාව තහනම් ගුවන් සහ මුහුඳු කලාපයක් කරන්න.(නදී)
විදුලිය විසන්දි කළාට ඔබ දිනනවා ජය නියතයි.(හේ)
සුනිල් , ඔයා දන්සල් වැඳලා ආවේ දැන් නේද ? විපක්ෂ නායක තුමෙකුට ජනාදිපති හම්බවෙන්න බැරිද ? මේක පාට කණ්නාඩියකින් බලනකොට පේන්නේ වෙන විදියට ? (නදී)
ඒකට කමක් නෑ යුද්දේ දිනුවා මදිද?(හේ)
විදුලිබල ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි සමඟ තිබුන සාකච්ඡාවක් අන්තර්ජාලයේ තියෙනවා.පුලුවන්නම් බලන්න (නි)
දුරකථන සන්නිවේදන බාධාකරලා පුලුවන්ද නවත්වන්න. පුලුවන් නම් නතර කරලා බලන්නකෝ. (නි)
ලයිට් යනවා ....එනවා.... (නි)
එතකොට මහත්තයෝ සිරස රූපවාහිනියේ "සටන" දේශපාලන වැඩසටහන, ඩයලොග් හා පියෝ ටීවී නාලිකා විකාශනයට අවහිර කළේ ඇයි? (නි)
පුද්ගලික වාසි තකා පක්ෂ,පිල්, මාරුකරන ප්‍රත්පත්තියක් නැති දේශපාලුවන් කියන කතා එක කණකින් අසා අනිත් කණින් පිටකරන එක තමා හොඳ. (නි)
රටේ දැන් තියන ලොකුම ප්‍රශ්නය මහින්ද මහත්තයා රට කරන එකද? (නි)
කඩාකප්පල් කාරී වැඩක්ද (දී)
මට කියන්න හිතෙන දේවල් කියුවොත් පල වෙන්නේ නැහැ (දී)
මේ වැස්සත් එක්ක විදුලිය, දුරකතන සේවා බිඳ වැටෙන එක අහන්නත් දෙයක්ද. මේව උලුප්පලා පෙන්නල විපක්ෂය කියන්න හදන්නේ ආන්ඩුව බය වෙලා තමන්ට තර්ජනය කරන්න හදනවා කියලා. (නදී)
මෙය පවිත්‍ර වැඩක් නොවන අපවිත්‍ර වැඩකි.97 දී කාන්තාවක් කොට කලිසමක් ඇඳගෙන මුළු රත්නපුරයම විදුලියන් නොව ගින්දරෙන් ඒකාලෝක කළා. (ස)
විදුලි උප ඇමති (ප්‍රේමලාල් මහතා )පත්තරේ දාල තිබුනා තව විදුලි උප තනතුරක් තියෙනවා කියලා (අ)
කවුරුත් හිතා ඉන්න විධියට පවිත්‍රව අපවිත්‍ර කරන්න හම්බ වෙන්නේ නැහැ. (අ)