ඉඩමක් මිලදී ගැනීමේදී ලක්ෂ 20ක මුදල් වංචාවක් සිදුවූ බව කියන නඩුවක පැමිණිලි කාරිය ලෙස උසාවියට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීවේදී පවිත්‍රා වන්නිආරච්චිට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය තරයේ අවවාද කළාය.
අධිකරණ කටයුතු යන අවස්ථාවේ මන්ත්‍රීවරිය ඇගේ නීතීඥයාට විටින් විට උපදෙස් දීමට වීම නිසා මහේස්ත්‍රාත්වරිය එලෙස අවවාද කළාය.
මෙය තවත් එක් නඩුවක් පමණක් බවත්, කිසිදු විශේෂත්වයක් නැති බවත්, නීතීඥවරුන්ට උපදෙස් දීමට අවශ්‍ය නම් අධිකරණයෙන් පිටතදී සිදු කළ යුතු බවත්, අධිකරණ කටයුතුවලට බාධා වන ලෙස හැසිරීම සුසුදු නැති බවත් මහේස්ත්‍රාත්වරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවිත්‍රාගේ කටකාර කට හරි ෂෝක් දත් නොතිබුනානම් (බ)
ඔබතුමිය මඩ වලට බය නැති බව අපි දන්නවා. (නි)
ලසිත්, ඔබ කියන්නේ උසාවියට එනකොට සුදානමින් එන්න කියන එකද, නැත්නම් නීතිය කඩන්න බය වෙන්න එපා කියන එකද? (බ)
මේ අයට අවවාද කරලා විතරක් මදි?(හේ)
රටේ නීතියට උඩින් යන්න හදන දේශපාලුවෝ හා පාලුවියෝ. (බ)
මේ අය හිතාගෙන ඉන්නේ මේ ගොල්ලෝ ඉන්නේ නීතියට ඉහළින් කියලනේ. එ්කනේ ඔය විදිහට හැසිරෙන්නේ. හැබැයි අපේ රටේ සමහර නීතිඥයින්ට උපදෙස් දෙන්න තමයි දැන් සේවාදායකයින්ට සිදුවෙලා තියෙන්නේ? (බ)
අපරට වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතරම ආයතනය.එමගින් රටේ යහ පැවැත්මට අවශ්‍ය නීති සම්පාදනය, මහජන මුදල් පරිපාලනය සහ ජනතාවගේ අධිකරණ බලය නිසි අධිකරණයන් මගින් ක්‍රියාත්මක කිරීම සිදුවෙනවා. අපේ රටෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රතිපත්ති සම්පාදනයේ කටයුතු සහ රාජ්‍ය සේවයේ පරිපාලන මෙහෙයවීම භාර ඇමති මණ්ඩලයත් පාර්ලිමේන්තුවට සාමූහිකව වග කිවයුතු වෙනවා. මේ හේතුවෙන්ම පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනය ලෙස හැඳින්වෙනවා . එත් පාර්ලිමේන්තුව සඳහා ආසියාවේ ඉහලම සාක්ෂරතාවයක් සහිත රටේ මිනිස්සු තමුන්ගේ මහජන නියෝජිතයන් විදියට පත් කරන්නේ.... (ර)
මහින්ද කියන ඕනෑම දෙයක් කරන කට ජනතාවගේ පිළිකුලට පත් වෙයි. (බ)
එතුමිය හිතන්න ඇති ඔවුන්ගේ කාලේ තිබුන අධිකරණ පද්ධතිය කියලා. කොහොම වුනත් මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් කර ඇත. එතුමියට ගොඩක් තුති, මෙවැනි අයට අධිකරණය තුල සීලාචාර විදිහට හැසිරීම කියා දීම ගැන, (බ)
මෙයා අපවිත්‍ර කරපු තැන් බොහොමයක් තියෙනවා (බ)
නැහැ හැමෝම නීතිය යටත් විය යුතුයි. එහෙම නොවෙන නිසා තමයි අද මේ රට විනාශ වෙලා තියෙන්නේ. (හේ)
බලය නැතිනිසා තමයි මේ ඔක්කොම (බ)
මන්ත්‍රීවරියට නිසා අවවාද. අපි කළා නම් දඩත් ගහලා කූඩුවේ. (නි)
නීතීවේදී පවිත්‍රා වන්නිආරච්චි නීතිය දන්නේ නැද්ද? උසාවියෙ හැසිරියයුතු ආකාරය දන්නේ නැද්ද? (නි)
කාට කාටත් හොඳ පාඩම් (නි)
මෙහෙම මන්ත්‍රීලා ටිකකටනේ කෝටි ගණන් වටිනා මන්ත්‍රී වාහන පර්මිට් දෙන්නේ? අනේ අම්මපා? අපේ රටේ මිනිස්සු වගේ මෝඩ මිනිස්සු ජාතියක් (බ)
රටේ අනික් තැන්වලදී හැසිරෙන විදිහටම වෙන්න ඇති මෙතනදීත් හැසිරෙන්නේ. (ර)
මෙන්න අපේ රටේ අපි වැදගත් යැයි පවසන දේශපාලඥයෝ... (නි)
කසුන්, ඔබ කියන ඉතාම ලොකු ඇත්තෙහි සැබෑ අරුත දැනුයි තේරුනේ. හැබැයි, විනිසුරුතුමිය කියනවා නීතිය කාටත් එකයි කියලා නේද? (බ)
කොලොන්නාව පැත්තෙත් ඉන්නවා මේවගේ නෝනා කෙනෙක් එයා මීටත් වඩා හපන්. (බ)
අපේ රටේ පාර්ලිමේන්තු යන අය හිතන්නේ ඔවුන් තමයි සියල්ල දත් කියලනේ... (ර)
පසුගිය රජය කාලයේදී කළ ක්‍රියා තවම නවත්වාගන්න බැරි හැඩයි (නි)
නීතිය කාටත් පොදුයි කියලා එයාට අමතකවෙන්න ඇති (නි)
ඒ වෙලාවේ එයාට හිතෙන්න ඇති දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කියලා. නඩු කටයුතු සිදුකෙරෙනකොට දැනෙන්න ඇත්තේ පාර්ලිමේන්තු විවාදයක් යනවා කියලා වෙන්න ඇති. ඕවා ඉතින් දේශපාලුවන්ගේ හුරුපුරුදු පැවතුම් තමා. (නි)
අල්ලලා ඇතුලට දාන්න තිබ්බේ සාමාන්‍ය කෙනෙක් කලානම් මෙලහකටත් ඇතුලට දාලා (හේ)
අවවාද කරලා මදි?(හේ)
ජනතා මුදල් මංකොල්ල කෑ දේශපාලුවන් පිටුපසද මෙවැනි අපවිත්‍ර නීතිඥයන් අැති නිසා ඔවුන්ට දඬුවම්දීම අපහසු වි අැත. (නි)
සමහරු පුරුද්දට මෙහෙම වැඩ කරනවා (නි)
ඔබ තුමිය මේවට සුදානම් වෙන්න එන හැම බාදාවකටම මුණදෙමු. (ර)
මෙයාලගේ වැඩ කොහොමත් අපවිත්‍රයි තමයි. මේ දේශපාලකයින් අපවිත්‍ර කළ තැන් බොහොමයක් තියෙනවා. (නි)
අනෙක් අයටත් මතක හිටින්න මේවා හොඳ පාඩම් (නි)
මෙයාලගේ මොනවද අලුතින් අපවිත්‍ර වෙන්න තියෙන්නේ? වෙන්න තියන කරන්න තියන හැමදේම කරලා ඉන්න දේශපාලකයින්ට තවත් මොනවා අපවිත්‍ර වෙන්නද? (නි)
දේශපාලකයෝ හිතන්නේ එයාලා ඉන්නේ නීතියට උඩින් කියලා (නි)
දේශපාලකයින්ගේ හැටි අපි නම් හොඳට දන්නවා (නි)
දැන් ඇගිලි ගැන ගැන බලාගෙන ඉන්නේ ආයේ රටම අපවිත්‍ර කරන්න.(බ)
කොහොමත් පවිත්‍රා අපවිත්‍ර වෙලා සෑහෙන කාලයක් , අපි දැක්කා පසුගිය කාලයේ මහජන වේදිකාවකදී හිටපු ජනාධිපති උතුමා ගාව දණගසා ඉන්නා විදියත් (බ)
දැන් අපේ රටේ තියෙන්නේ කැලෑ නීතියනේ. (බ)
ඔබතුමියට තෙරුවන් සරණයි (බ)
මේ නෝනගේ කටට තිරිංග නැති බව අපි දන්නවා. කාන්තාවන්ටත් අගෞරව කරන චරිතයක්. (බ)
රටම අපවිත්‍ර කරපු අයට උසාවිය අපවිත්‍ර කරන එක කජ්ජක්ද? (නි)
අපෝ මේ අය ගැන අපි නොදන්නවායැ? (නි)
ඇයත් නීතිවේදිනියක් වෙලත් නීතිය නොදන්නා එකයි පුදුමේ.(හේ)
දේශපාලඥයින් ගැන නම් කතාකරලා වැඩක් නැහැ (නි)