ජාතික කලා භවනේ ආරක්‍ෂක අංශ ස්ථානාධිපති ස්ටැන්ලි ලියනගේ (40) පැහැරගෙන ගොස් දෑස් බැඳ පහර දී සති තුනක් රඳවා තබාගෙන කොළඹ ජාතික කෞතුකාගාරයේ සොරකම කළ බව පිළිගන්නැයි බලපෑම් කළ පොලිස් නිලධාරීන් බව කියන පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනය කැර වාර්තා කරන්නැයි කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා අද (10) පිටකොටුව පොලිසියට නියෝග කළේය. ඉකුත් 12 වැනි දින රාත‍්‍රියේ පිටකොටුව බැස්ටියන් මාවතේදී මොහු පැහැරගොස් දෑස් බැඳ පහර දී රඳවා තබාගෙන ඉකුත් 2 වැනි දින මහනුවර ගැටඹේ හන්දිය අසළ දමා ගොස් තිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්ශ මහත්තයට හොඳටම තරහ ගිහිල්ල වගේ
අනේ දෙයියනේ... මෙහෙමත් මෝඩ රැළක්! පොලිස්සියෙන් ගැහුවනම් එයාලම කියයි ද 'අපි පොලිස්' කියලා??? කාව රවට්ටන්නද මේගොල්ලො මේ හදන්නෙ?
ඉතින් ඔය කියන විදිහට මෙයාට ඇත්තටම පහර දුන්නනම් පොඩි තැලුම් පාරක් ගැනවත් වෛද්‍ය වාර්තාවෙ තියෙන්න එපැයි. මොකෝ ආදරේට ගහනවා වගේ ගහල බය කරන්න හැදුව කියලද කියන්නෙ? හිතන් ඇති අපි රැවටෙයි කියලා...
රටම දනව මොකද්ද උනේ කියලා, හොඳද ????
ශන්ත; තේරුණේ......දැන් තමයි!
ශාන්ත කියන දේ නම් මටත් මුල ඉඳලම සැක හිතුනා. මේක හරිම ළාමක විදියටයි කරලා තියෙන්නෙ, උන්ට තිබ්බනෙ පොලිස්සියෙන් නොකිය මොකෙක් හරි මැරයෙක්ගෙ නමක් කියලා ඔය තර්ජනේ කරන්න! ඒක ඕන මෝඩයෙකුට තේරෙනවානෙ!!
අනේ හර්ශ මෝඩයො, ආන්ඩුවට පිස්සු කියලා හිතුවද ඕවා කරන්න??? ඕකව අහු කරන්න ඕනෙ නම් ඒක කිසි ගේමක් නැතිව කරන්න පුලුවන්නේ! මොලේ පාවිච්චි කරල පොඩ්ඩක් හිතන්න, ආයෙත් රට අපායක් කරන්න හදන්නෙ නැතුව!
අනේ පව් හිතන් ඇති මේ රටේ මිනිස්සු ඔක්කොම කොන්ඩෙ බැඳපු චීන්නු කියලා....
ලංකාවේ ඔහොම තමයි .. අය් ඩෝන්ට් නො වයි ...?
වරුණ කැලණිය පැත්තේ කව්රු හරි කියන්නේ මවින් සිල්වා මහත්තයද ?ඔයා දන්නවා ඇතිනේ කව්ද කියල අපිටත් දැනගන්න කියන්නකෝ .
කැළණිය පැත්තේ කෙනෙක්ද දන්නෑ නේද?
අනිවාර්යෙන්ම කැලණිය පැත්තේ කව්රුහරි කෙනෙක්
හර්ෂ නියම උත්තරය එකයි..!
පිට කොටුවේ පොලිසිය ලෝකේ ඉන්න ලොකුම හොරා ඇල්ලුවත් මේක නම් අල්ලන්නේ නැහැ
ශාන්ත මහත්තය දන්නවද දන්නේ නෑ එතකොට කෞතුකගාරේ කැඩුවේ කව්ද කියල .. 10-15 CID එකෙන් ප්‍රශ්න කොලා කියන්නේ කලින් බලන්නකෝ.. මහත්තයෝ පාට- පක්ෂ කන්නාඩි ගලෝල. රටේ වෙන දේවල් දිහා. ඔය මකන්න යන්නේ අපේ අනාගත පරපුරට දකින්න තියන ඉතිහාසේ.. ඔයාලත් මොඩයෝවගේ වචනින් හරි උඩගෙඩි දෙනවනේ ලජ්ජා නැතිව
පොලිසියෙන් කියල වෙන කෙනකුට මෙය කරන්න ඇති ඕනෑකම මටනම් තේරෙන්නේ නැත.
සුරංගනා කතාවක් ...
මෙතන ගැටලු රාශියක් තියෙනවා; 1. සිවිල් ඇඳුන් ඇඳන් ඉන්න කට්ටියක් 'අපි පොලිස්' කියලා මෙයාව පැහැරගත්තලු. (මන් දන්න තරමින් පොලිසිය සිවිල් අඳින්නෙ පොලිස් බව වහ ගන්නටනෙ?) 2. ඒ මදිවට මෙයාගෙන් ප්‍රශ්න නොකර එක පාරටම හොරකමේ වැරැද්ද බාර ගන්න කිව්වලු. 3. ආපු අය ගැන මොහු රටට හෙලි කරනවා කියන එක දැන දැනත් නිදහස් කලාලු. 4. ඔය ආරක්ෂකයගෙ ඥාති සහෝදරයා යම් පක්ෂෙකලු. මේ ගැන වැඩියෙන් ම කෑගහන්නෙත් ඒ අයලු. කාගෙ වැඩක් ද කියලා කියන්න ඕනෙ නෑනෙ........
ලේසි ක්‍රමයක් තියෙනවා මේකට.. තව කට්ටියක් කෙනෙක්ව පැහැරගෙන ගිහිං හොදටම ගහල ගහල කියනවා පිළිගනින් උඹල නේද අරයව පැහැරගෙන ගියේ කියලා.. කොහොමද මගෙ මොලේ....?
මීට වැඩිය හොදයි පොලිසියේ අයට ප්‍රසිද්ධියේ ගිනි තියා ගන්න කිවුව නම්
පසුගිය දෙවැනිදා ගෙනත් දැම්මානම් දැන්ද දැනගත්තෙ....?
ටිකක් විතර පැටලිලි සහිතයි. පැහැරගත් අයට අවශ්‍ය හැම දෙයක්ම ලැබුණේ නැත්නම් ඒ අය මොහුව මෙහෙම අතහරියි කියලා විශ්වාහ කරන්න පුලුවන්ද?
මේ නිව්ස් එක පරණ එකක් නේ ..මේ සිදුවීම වෙලා සති දෙකක් විතර මටනම් හිතෙන්නෙ..
පොලිස් මහත්තයෙක්ටවත් ඉන්න බැරි කාලයක්නෙ මේක..
කඩුව හෙව්වත් ඕක නම් හොයන්නෙ නැහැ.. ඔහුට ඉක්මන් සුව අත් වේවා..!!