රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තන්ට ඔහුගේ බිරියට හා ඥාති පුතෙකුට පොලිසියෙන් පහර දුන්නැයි කියමින් බිබිල රෝහලට ඇතුළු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය කියයි. මිනිපිරියගේ උපන්දින සාදයක් පවත්වද්දී පොලිසිය සිවිල් ඇඳුමින් පැමිණ පහර දුන් බව සුදා වන්නිල ඇත්තන් කියයි.
පොලිසියට ලැබුණු පැමිණීල්ලක් අනූව වැදි නායකයාගේ නිවසේ බූරුපොළක් වැටලීමට ගිය බවත් එහිදී පහර දීමකකට ලක් වූ බවත් රත්මල්ගහ වැව පොලිස් මුරපොළේ පොලිස් සහායකයෙකු රෝහල් ගත වෙමින් පොලිසියට කියා ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යයාලය පැවසූයේ අම්පාර සහකාර පොලිස් අධිකාරීවරයා මෙහෙය වීමෙන් සිද්ධීය ගැන විම්ශනයක් පැවැත්වෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලා තියෙන්නේ කවදාවත් නැති තරම් ස්වාධීනත්වයක් පොලිසියට ලැබිල තියෙනවා මේගොල්ලෝ ඒක වැරදියට පාවිච්චි කරනවා , පොලිසියේ ඉන්න හැමෝම උගත්තු නෙවෙයිනේ , ඒ හින්ද යන්තන් අට පාස් නිලධාරීන් හොඳ පුහුණුවකට යටත් කරන්න වෙයි නැත්නම් අර කිවත් වගේ මග තොටේ වැරදිලාවත් මේගොල්ලෝ දිහා බැලුවත් අරන් ගිහින් කුඩුවට දායි, පොලිසිය කියන්නේ මහජන සේවයට කැප වුන ආයතනයක් මිසක් හමුදාවක් නොවිය යුතුයි (බ)
පොලිසිය දැන් වැද්දන්ටත් ගහනවාද? මේ පොලීසිය හදන්න ක්‍රමයක් කියන්නකෝ. (නි)
එයාලට "බීම පොජ්ජක් ඇන්න දුන්නා නම්" ඔය ඇත්තන්ට ඔය වින්නැහිය වෙන්නේ නැහැනේ (නි)
පොලිසිය දැන්නම් හත්පොළේම ගාගන්නයි හදන්නේ (නි)
රටේ මුල් අයිති කාරයින්ගේ ආත්ම ගරුත්වය කෙලෙසන්ට එපා.....(ම)
මෙයාලට ගැහැණු ළමයි වැඩිවිය පැමිණීමේ උත්සව වලටම කඩා පනින්නේ මේ දෙපාර්තමේන්තුවේ කට්ටියට ඒ ළමයි වැඩිවිය පැමිණීම ගැන අමුතු ප්‍රශ්නයක් තියෙනවද ? එහෙමත් නැත්නම් පොලිසියට අණදෙන පොලිසියේ ලොක්කට ඒ ළමයි වැඩිවිය පැමිණීම ගැන ප්‍රශ්නයක් තියෙනවද ? නරකද ලොක්කන්ගේ සිට සියල්ලන්ගේම මානසිකත්වය පරික්ෂාකර බැලුවොත්. (බ)
ඇඹිලිපිටිය පොලිසිය ළඟදි ඉස්කෝලේ ගුරුවරුන්ටත් පල් පාර්ට් දාල තිබ්බා. ඉස්කෝලෙට පැනල ගහපු කට්ටිය පැත්තක ඉද්දි ගුටිකාපු වොචර් සහ ගුරුවරයා රිමාන්ඩ් කරලා තිබ්බ.පස්සේ බැලුවම ඕඅයිසී කෑම ගන්නේ ගහපු උන්ගේ ගෙදරින්ලු. (බ)
නරකද ආණ්ඩුවෙන් පොලිසියට නොමිලේ බීම සැපයුවොත්, අඩුගානේ වැද්දෝ ටිකවත් බේරේවි. (ර)
ඒ පාර මේ මිනිස්සුන්ටවත් නිදහසේ ඉන්න නැති හැඩයි. (බ)
සැර බිමක් වත් ඉල්ලුවද ? (බ)
අනේ මන්දා! පොලිස් කොමිසන් නැති කාලේ පොලීසියේ අය මීටවඩා සංවරව රැකියාව කළා (නි)
දැනට ගෙදරක සාදයක් දැම්මොත් මත්පැන් ඉල්ලගෙන ඇවිල්ල ගෙවල්වල මිනිස්සුන්ට ගහනවා, ඔහොම ගියොත් තව ටික කාලෙකින් කෙල්ලෙකුට පාරේ බැහැල යන්න නෙමේ ගෙදරක තියා ගන්නවත් බැරි වේවි පොලිසියෙන් බේරා ගන්න බැරිව . රටේ නීතියේ අාධිපත්‍ය වර්ධනය කරන්නනම් පොලිසියේ ලොකු සුද්දයක් දීල ගන්න වේවි. (බ)