සාධාරණ අයිතිවාසිකම් ඉල්ලා පාරට බහින විට ආණ්ඩුව හැමදාම කරන්නේ පොලීසිය යොදවල තිරිසන් විදියට පහර දීම යැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු කැඳවුම්කරු රයන් ජයලත් අද(24) මරදාන සී.එස්.ආර් හි පැවති මාධ්‍ය හමුවක දී කීවේය.
“ජනාධිපති මන්දිරය දක්වා යන්න ආවාම පහර දුන්නා. සිසුන් හත්දෙනෙකු රෝහල් ගත කළා, තුන්දෙනකුගේ ඇස්වලට හානිවෙලා, එක් සිසුවකුගේ දත් හතරක් කැඩිලා, දෙදෙනකු කදුළු ගෑස් උණ්ඩ වැදීම නිසා කොළඹ හදිසි අනතුරු ඒකකයේ, තවත් සිසුවකුගේ කන් බෙරයට හානි සිදුවෙලා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ රට පුරා ගිහිල්ල ප්‍රකාශ නිකුත් කරනව ළමයින්ගෙ අධ්‍යාපනය නගා සිටුවන්න අවශ්‍යයි කියල, හැබැයි මේ රටේ ජනතාවගේ අධ්‍යාපන අයිතිය තහවුරු කරන්න කියලා ඉල්ලමින් පාරට එන සිසුන්ට දත් ගැලවෙන්න ඔළු පැලෙන්න පහර දෙනව. මේකද ගේනව කියපු ප්රජාතන්ත්රවාදය."


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුහක මිනිසුන්ගෙන් පිරිච්ච රටක් කවදාවත් ගොඩ එන්නේ නැහැ. මේවා තමයි ඒවාට උදාහරණ (නි)
මින් පස්සේවත් තිරිසන් වැඩ නොකර ඉන්න. මහජනයාගේ මුදලින් ඉගෙනගෙන ඉක්මනට ඉවර කරන්න. තව ළමයෙක් ගන්න පුළුවන් ඉඩ ඇතිවෙන්නේ එතකොටයි. ඉඩ නැති නිසා පුද්ගලික විශ්ව විද්‍යාල දාන්න වෙලා තියන්නේ. (නි)
පාරට බැහැලා අවහිරතා ඇතිකරනකොට වෙන කොහොමද කියනදේ නොතේරෙන අය පාරෙන් ඉවත් කරන්නේ. (නි)
තිරිසන් වැඩවලට තිරිසන් උත්තරයක් ඇරෙන්න වෙන මොනවද කරන්න ඕනෑ (නි)
මේ ළමයින්ට දඩුවම් කරන්න ඕනෑ මේගොල්ලන්ගේ දෙමව්පියන් ලවායි. (නි)
ඔහොම වූ පළවෙනි පාර නොවේනේ ඔය. අත්දැකීමෙන් දන්නවනේ ඔහොම වෙනවා කියලා. අපි නම් දන්නවා ඔහොම වෙනවා කියලා. එහෙම දැන දැනත් ගියා නම් දැන් මේ ප්රවෘත්ති සාකච්ඡා තියන එකේ වැඩේ මොකද්ද. අනික ගිහින් ඉගෙනගනිල්ලා දරුවනේ අපේ සල්ලි නිකන් අපතේ අරින්නේ නැතුව. (නි)
අපේ රටේ අහිංසක මිනිස්සු නැහැ. එ්කනේ මැරයෝ දුෂිතයින් පාර්ලිමේන්තුවට යවන්නේ. මිනිස්සු කැමති එ් අයට. ඉතින් මොකට එහෙම මිනිසුන්ට නිදහස් අධ්‍යාපනයක් ආරක්ෂා කරලා දෙනවද? (නි)
අනේ මේ අයට තේරෙන්නේ නැහැනේ යහපාලනේ පෙරලන්න බැහැ කියලා. මේ වගේ අයට කියලා වැඩක් නැති නිසා කියන්නේ නැහැ. (නි)
ඔහොම නොවේ ගහන්න ඕනෑ, මහාමාර්ග අහුරලා ජනතාවට කරන කරදරයට. ළඟදීම මිනිස්සු ගහන්න පටන්ගන්න කාලය වැඩි ඈත නොවේ (නි)
අපි විතරක් ඉගෙනගත්තොත් ඇති. අපි විතරක් කෑවොත් ඇති. අපි විතරක් හිටියොත් ඇති. මෙහෙම හිතන ආත්මාර්ථකාමී පිරිසක් තමයි මේ ගාල කඩාගෙන දුවන්නේ. අනෙක් සියලුම උපාධි පාඨමාලා පුද්ගලික ආයතන මඟින් පවත්වාගෙන යනවා නම් මේ උපාධියට පමණක් විරුද්ධ වෙන්නේ මොකද? (නි)
ඉල්ලන් කාලා කියන්නේ මේවට තමයි (නි)
කමල්ලට නම් කොහොමත් මහින්ද ගෙදර ගිය එකට දුකයි වගේ. යහපාලනය හිතපු තරම් ගුණදායක නැහැ තවම.ජහැබැයි මහින්ද පාලනයට වැඩිය ගොඩාක් හොඳයි. බලමු එ්ගොල්ලන්ගේ කාලසීමාවේදී ජනතාවට යමක් නොවුණොත් ගෙදර යවන්න තමයි වෙන්නේ. අපිට පක්ෂයක් පුද්ගලයෙක් වැඩක් නැහැ. රටට යහපතක් වෙනවා නම් එච්චරයි. හැබැයි මේගොල්ලන්ව යැවුවත් ආයෙත් මහින්දව නම් ගෙනෙන්නේ නැහැ. (නි)
"ප්රජාතන්ත්රවාදය" ගැන මහා ලොකුවට කයිවාරු ගැහුවට ඒකේ තේරුමවත් නොදන්නා උගත් මෝඩයින් තමයි මේ. ඔය කියනා ප්රජාතන්තවාදයේ නිදහස තිබිය යුත්තේ මේගොල්ලන්ට පමණද? මහමඟ ගමන් කරන දහසකුත් එකක් මිනිසුන් සහ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් තමන්ගේ මානව හිමිකම් මේගොල්ලන්ට ඔය කියන ප්‍රජාතත්‍රවාදය ලබාදීම වෙනුවෙන් කැපකරන්න ඕනෑද? (නි)
ගහලා මදි හමගහන්න ඕනෑ පාරේ යන අපිට කරන කරදර වල හැටියට. (නි)
රටේ ජනතාවගේ බදු මුදල් වලින් පාසල් පවත්වාගෙන යන්නේ, විශ්ව විද්‍යාල පවත්වාගෙන යන්නේ ඒ ජනතාවගේ අනාගත යහපතට. තිරිසන් විදියට ඒ ජාතික සම්පත් අපතේ යවන අයට ඒ විදියට නොසළකා මොන විදියට සළකන්නද? (නි)
ඔය කියන පොලිසියේ අය එදා ඔයගොල්ලෝ වගේම පෙළපාලි ගිහින් ගුටිකාපු අය වෙන්න ඇති. විශ්ව විද්‍යාලෙ ඉන්නකම් සටන. එළියට ගියාම එ්කේ අනික් පැත්ත. මැති ඇමතිකම් වල ඉන්න අය කළෙත් ඔය ටිකම තමා (නි)
ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි. ප්රජාතන්ත්රවාදය කියන්නේ වල් බුරු නිදහසක් නොවේ. සිසුන් තමන්ගේ සීමාවන් තේරුම්ගත යුතුයි. (නි)
පොඩ්ඩක් දෙනෙත් ඇර බලන්න ලෝකය දෙස. (නි)
ඉගෙනගන්න අාවා නම් ඉගෙනගන්න. ඔය කරන උද්ඝෝෂණ වලින් අසරණ මිනිස්සු කරදර විඳින්නේ. ගහපු එකමයි හොඳ (නි)
මට නම් එන තරහට, ගහන්න නෙමෙයි වටින්නේ (නි)
පොලීසියට ඇයි ඔය විදිහටම පෙළපාලි යන දේශපාලුවන්ට සළකන්න බැරි? (නි)
අන්තරේ නිසා අධ්‍යාපනයම කඩා වැටෙනවා. නිදහස් අධ්‍යාපනය උසස්පෙළ දක්වා පමණක් කළයුතුයි (නි)
ආණ්ඩුවේ ප්‍රතිපත්තිය තමයි පෞද්ගලීකරණය. දේශපාලුවන්ට කඩේ යන මොළයක් නැති උදවිය අපේ රටේ ඉන්නතුරු මේ වගේ විපත් වෙනවා. ශිෂ්‍ය ව්‍යාපාරයට තියෙන්නේ දිගටම සටන් කරන එක (නි)
කතාව හරි දිනේෂ් පුතා. දිගටම සටන් කරන්න. පන්ති වලට යන්න එපා. (නි)
ඔය විදිහට තමයි සළකන්න ඕනෑ. මොකද අහිංසක දෙමව්පියන් මහන්සිවෙලා උගන්වලා තවත් ළමයෙකුගේ අවස්ථාවක් නැතිකරලා මේ වගේ තිරිසන් විදිහට හැසිරෙන එකට මෙහෙම ගහලා මදි (නි)
වසර 12ක් වෙනකම් ගුරුවරුන්ට ගරු කරලා, පුද්ගලික පන්ති වලටත් ගිහින් හොඳට ඉගෙනගන්න ළමයි සරසවියට ගිය ගමන් පුද්ගලික දේවලට විරුද්ධ වෙන්න මොකක්ද රහස? (නි)
අන්තරේ තනතුරු දරන අයගේ පසුබිම හොයලා බැලුවා නම් තේරුම්ගන්න පුලුවන්වෙයි මේගොල්ලන්ව මෙහෙයවන්නෙ කව්ද කියලා. (නි)
කොල්ලනේ, නුඹලාට පිස්සුද? අපේ රට කරවන උත්තමයන්ගේ ළමයින්ට උපාධිය අරගන්න තියෙන තැන් වහන්නද හදන්නේ (නි)
අනේ අපේ ලංකාවේ පොලිසිය ගැනත් අපි නොදන්නවායැ (නි)
මොකක්ද මේ කරන විකාරේ? ගහලා මදි. (නි)
විශ්ව විද්‍යාලවලට යන්නේ ඉගෙනගන්නද? නැත්නම් එයට උගන්වන්නද? (නි)
සියල්ලටම පළමු තම වැරැද්ද තේරුම්ගන්න (නි)
ගහලා මදි. පිනට ඉගෙනගන්න අය සල්ලි දීලා ඉගෙනගන්න අයට විරුද්ධ වෙනවා. ලෝකේ හැම රටකම පුද්ගලික සරසවි තියෙනවා. ලංකාව කියන්නේ මේ ලෝකේ රටක් නෙමෙයිද. පිනට උගන්වන එක නවත්තන්න ඕනෑ. එතකොට මේ කචල් නැහැ (නි)
පුද්ගලික ටියුෂන් පන්ති හොඳ නම්, පුද්ගලික චැනල් සේවා හොඳ නම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල නරක වෙන්නේ කොහොමද? දොස්තර සංගම් වැඩ වර්ජන කළාම දවසකට අඩුම තරමේ දුප්පත් මිනිස්සු10-15 වත් මැරෙනවා ඇති. මේ තොරතුරු එළියට එන්නේ නැත්තේ මේ මරණ සහතික කරන්නේත් දොස්තරලා නිසා බව අපි දන්නවා. පොලිසිය නොවේ ජනතාව ඔබට එළව එළවා ගහන දවස වැඩි ඈතක නොවේ (නි)
මිනිස්සු තිරිසනුන්ට පහරදුන්නට තිරිසනුන් මිනිසුන්ට කවදාවත් පහරදෙන්නේ නැහැ. (නි)
ගැටළුවක් තියෙනවා නම් මහත්වරු වගේ ඇවිත් කතා කරලා හොඳින් විසඳන්න ඕනෑ ඒ අදාළ පාර්ශව එක්ක. පාරවල් අවහිර කරලා නිකන් මාධ්‍ය සංදර්ශන තියනවනේ. ඔහොම කළාම ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. අනිත් මිනිසුන්ට වද නොදී ඔයාලගේ ප්‍රශ්න විසඳගන්න බලන්න. (නි)
ඡන්දෙට කලින් ආ අදහසුයි දැන් දැන් දාන අදහසුයි බැලුවහම මට නම් මොකුත් දාන්න හිතෙන්නේ නැහැ (නි)
වැඩේ කියන්නේ මෙයාලත් ඕකෙන් සමත්වෙලා පිටවුණ ගමන් මෙයාලටත් මොළයක් නැතුව යන එකනේ (නි)
ප්‍රථමයෙන් රටේ නීතියට ගරුකරන්න ඉගෙනගන්න (නි)
ගහන්න නෙමේ එළවලා දාන්න ඕනෑ. අමාරුවෙන් සල්ලි හොයන කෙනා තමා දන්නේ අමාරුකම. (නි)
කිවුවා නාහන අය ගහලා හරි නවත්වන්න වෙනවා. (නි)
දැන් ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේ කැම්පස් එක ඇතුළේ දිගටම ෆේල් වෙවී ඉඳගෙන සල්ලි එකතුකරන එකයි. දේශපාලනේ කරන එකයි. මේවා මීටවඩා හොඳ විදියට විසඳාගන්න පුලුවන් ක්‍රමයක් මේ වැඩිම ලකුණු අරගෙන විශ්ව විද්‍යාලයට යන ශිෂ්‍යයින්ගේ ඔළුවලට එන්නෙම නැද්ද?? (නි)
ගහලා මදි. මහජන මුදලින් ඉගෙනගන්නවා පිනට. මහජනයාට අවහිර කරමින් පාරත් බදු අරන් පෙළපාලි යනවා. මේ අය උගත්තු නම් අට පාස් දේශපාලකයොත් උගත්තු. (නි)
මහජනතාවගේ මුදල්වලින් නොමිලේ අධ්‍යාපනය නිසා වටිනාකම දැනෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලයට යන්න බලාගෙන ඉන්න තව දහස් ගණනක් සුදුසුකම් ඇති තරුණ තරුණියෝ ඉන්නවා. (ර)
පුද්ගලික පාසල් රටේ තියෙනවා නම් එය පුද්ගලික විශ්ව විද්‍යාල තියන්න බැරී. එහෙමනම් මුලින්ම පුද්ගලික පාසල් වහන්න කියල පෙළපාලි යන්නකෝ. ඒවගේ ඉගෙන ගන්නෙත් මේ රටේ ලමයි. ඒ නිසා රජයට කොපමණ සල්ලි ඉතිරිද? (පුද්ගලික පාසල් නිසා ) ඒ වගේම තමඊ පුද්ගලික විශ්ව විද්‍යාලත්. රජය කරන්න ඕන ඒවා නියම ප්‍රමිතියට හදල දියුණු කර ගන්න එකයි. පිට රටවලට යන සල්ලිත් අපේ රටේ ඉතිරි වෙනවා. (ර)
නුඹලාට ගහලා මදි ළමයිනේ කරන වැඩ වලට (නි)
තිරිසන් වැඩ කරනවිට වෙන මොන විදියටද සළකන්න ඕනෑ. (නි)
මේ උගතුන්ගේ ප්‍රශ්න වලට සාර්ථකව විසඳුම් දෙන්න, ඒ අදහස් තේරුම් ගන්න පුළුවන් උගතුන් නැද්ද මේ රටේ. (නි).
එදා මේ අය නිසා මම උන රස්තියාදුව... (ර)
රොනීගේ අදහසට මමත් එකඟයි. මේ අහිංසක ළමයින් අවුස්සන්නේ කවුද කියලා හොයල දඬුවම් දියයුත්තේ ඔවුන්ටයි (නි)
වෙනස සැපද කියලා තමා අහන්න තියෙන්නේ. (නි)
රට හදන්න යන්න කලින් තමුන්ගේ ඉගෙනීම හරියට කරගන්න බලන්න. මොන රටේද මෙහෙම නොමිලේ වෛද්‍ය උපාධියට ඉගෙනගන්න ලැබෙන්නේ. තමුන්ට වැඩිය කෙනෙක් රටේ නැහැ කියලා හිතන එක තමයි මේ ප්‍රශ්න වලට මුල. (නි)
පොලීසියට කොයින්ද හිතක් පපුවක්? (නි)
අපරදිග රටවල්, ඒ රටවලට සාපේක්ෂව මානව හිමිකම් ගැන කතාකරනවා, ඒ උනාට, ඒ අයිතිවාසිකම් දීලා දකුණු දිග ආසියාවේ රටවල් නම් පාලනය කරන්න බැරි වේවි. (ර)
උද්ඝෝෂණ කරන හැමෝටම කන්න වෙන බව දන්නා නිසා උද්ඝෝෂණ වෙනුවට දේශපාලුවන්ට විරුද්ධ වෙන්න වෙනත් ක්‍රමයක් හොයා ගන්න. (නි)
අපගේ උත්තමාචාරය ශ්‍රී ලංකා පොලිසීයට. (ර)
අනිත් රටවල පෞද්ගලික අධ්‍යාපන ආයතන ඕන තරම් තියෙනවා. මේවට ඉඩ දෙන්න හොද නෑ. (ර)
කලින් ධවල පත්‍රිකාවක් ගෙනාවා. නැවතත් ඒ වැඩේම කරන්න යන බවයි අපට පේන්නෙ (නි)
ඕක තමයි මල්ලි ඔයගොල්ලෝ ඉල්ලපු සැබෑ වෙනස. (නි)
මේ ප්‍රවෘත්තිය කියවලා වගකිවයුත්තන් ඔබට සාධාරණ විසඳුමක් ලබාදේවි. ප්‍රවෘත්තිය පත්තරේ පළකලාට ලංකාදීපයට ස්තුතියි! (නි)
යහපාලනේ අපිට එපාවෙලා තියෙන්නේ (නි)
ඔය මදි. අපිට නම් තියෙන්නේ පුදුම තරහක් (නි)
රටේ නීතිය හා සාමය පවත්වාගෙන යාමට කැපවී සිටින ශ්‍රී ලංකා පොලිසියට අපගේ ගෞරවය හා ප්‍රණාමය! (ර)
වෛද්‍ය ක්රියාකරිනේ දමලා තියෙන බහුතර කොමෙන්ටු බලලා ගිහින් ඉගනගන්න රටේ ධනය නාස්ති නොකර. (ර)
උගන්වන්නේ විශ්ව විද්‍යාලයේ නම් පාරේ යන්නේ විදි නාට්‍ය පෙන්වන්නද? (නි)
තමන් කරන්නේ මොනවාද කියලාවත් මේ අය දන්නෙ නැහැ (නි)
මෙයාලා කතාකරන්නේ මේ පළවන පාර වගෙයිනේ (නි)
ඉගෙනගන්නා ළමයි පාරට ඇදගෙන අා ඔබලාම තමයි මේ වගකීම බාරගන්න ඕනෑත් (නි)
ඔයගොල්ලෝ ලංකාවේ ළමයි නියෝජනය කරනා පිරිසක් නෙමෙයි. (ර)
මේ වගේ හිතුවක්කාරයින්ට නොගහා කිරි පොවන්න කියලද කියන්නේ? (නි)