IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොලිසියෙන් කියා ඇවිත් ගුරුවරියටයි දරුවන්ටයි ගහලා

(ධම්මික ගුණවර්ධන)

පොලීසියෙන් බව පවසමින් කටුගස්තොට ධර්මවිජය විද්‍යාලයට පැමිණි පුද්ගලයකු ගුරුවරියකට හා සිසුන් පස් දෙනකුට පහරදී පළාගොස් ඇතැයි කටුගස්තොට පොලීසිය කියයි.

මෙම පහරදීමෙන් අනතුරුව ගුරුවරිය සන්තකයේ පැවති ජංගම දුරකථනයක් ,මුදල් හා රන් ආභරණද කොල්ලකා සැකකරු පළාගිය බවට පල්ලේගුණ්නැපාන පදිංචි එම ගරුවරිය  කටුගස්තොට පොලීසියට පැමිණිළි කළාය.

සිද්ධියෙන් පහරකා ඇති සිසුන් පස්දෙනා එම අනපේක්ෂිත සිද්ධියෙන් ගුරුවරිය බේරාගැනීමට උත්සාහ ගත් එම විද්‍යාලයේ ඉගනුම ලබන 9 වසරේ සිසුන් බව අප පාසලෙන් කළ විමසුමකදී එහි ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.

මෙම පාසල කටුගස්තොට පොලීසිය ආසන්නයේ පිහිටා ඇත.



අදහස් (2)

පොලිසියෙන් කියා ඇවිත් ගුරුවරියටයි දරුවන්ටයි ගහලා

Suranga Saturday, 10 August 2024 08:05 AM

මේ විද්‍යාලයේ ගුරුවරු ස්ටාලින් හා මහින්ද ගෝලයො වෙන්න ඇති නැත්නම් එක එකාට ඕන ඕන ආකාරයට පාසලක පංතිවලට එන්න බැහැ දරුවො හයියෙන් කෑගැහුවා නම් අනෙක් ගුරුවරුන්ට පැමිණි එකා අල්ලාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාව තිබුනා ඔය අතර පාසලේ මුරකරුවාට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න ඕන ඔය ගුරුවරිය මාරුවක් බලාපොරොත්තුව සිටින කෙනෙක් නම් මේක ඇයගේ උපක්‍රමයක් වෙන්න පුළුවන් එහෙම නම් ඇයට මාරුවක් දීම කෙසේවත් සුදුසු නැහැ

:       32       7

Pradeep Kumara Saturday, 10 August 2024 08:12 AM

පාසැල පැවති වේලාවක පාසැලටම පැමිණ පහරදීමට තරම් කාගේ හයියකින් ආපු පිරිසක්ද? අනික පාසැලේම අය වටවුනා නම් ඔවුන්ට හොඳ ප්‍රති ප්‍රහාරයක් දෙන්න තිබුනා. කෙසේ වුවත් 9 වසරේ දරුවන් පස් දෙනා කල වීර ක්‍රියාව අගය කල යුතුයි.

:       1       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site