(ප්‍රදීප් කුමාර)

යාපනය පුන්නාලේ කට්ටුවාන් ප්‍රදේශයේදී සැක යතුරු පැදියක් පිටුපස පොලිසිය ලුහුබදිමින් ගිය අවස්ථාවේ පොලිසිය මඟහැර යාමට උත්සහ කළ යතුරුපැදි කරුට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව අසල වූ විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් ඔහු ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව තිබේ.

මෙම අනතුරත් සමග ප්‍රදේශයේ ජනතාව නොසන්සුන් කාරීව හැසිරෙන අයුරුද දක්නට ලැබිණි.

පලාලි පොලිස් මුරපොලේ රාජකාරි වල නිරතවූ පොලිස් නිලධාරින් අදාළ යතුරු පැදිය නැවැත්වීමට උත්සාහ කිරීමේදී එය නොනවත්වා ධාවනය කර තිබේ.

ඒ අනුව පොලිස් නිලධාරින් එම යතුරුපැදිය පසුපස ලුහුබැද ඇති අතර එහිදී පලාගිය යතුරුපැදිය මා(ර්)ගයෙන් ඉවතට පැස විදුලි කණුවේ ගැටි ඇතැයි කියයි.