එජාප මන්ත්‍රී රංගෙ බණ්ඩාරගේ හෝටලයට වෙඩි තැබූ පිරිස අද අලුයම වෑන් රියකින් පැමිණි බව පොලිසියට කළ පැමිණිල්ලේ දැක්වේ. පොලිසිය හා පොලිස් මුරපොළක් ආසන්නයේදී මෙම ප්‍රහාරය එල්ලවී ඇතැයිද ටී56 තුවක්කුවකින් හෝටලයේ වීදුරුවලට වෙඩි තබා ඇතැයිද කියති. තබ්බෝව වැව සමීපයේ මේ හෝටලය පිහිටියේය. පෙරදිනයේ රංගෙ බණ්ඩාර හා කරුවලගස්වැව ප්‍රාදේශීය සභාපති නීල් වීරසිංහ අතර ගැටුමක්ද හට ගත්තේය. රංගෙ බණ්ඩාරගේ උපන් ගමද කරුවලගස්වැව සමීපයේ පිහිටියේය.
වෙඩි තැබීමෙන් හෝටලයේ කිසිවකුටත් තුවාල සිදුවී නැති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
201
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘පොලිසියටයි මුරපොළටයි හූවක දුරවත් නෑ“
මහේෂ් Tuesday, 30 September 2014 12:33 AM
අනේ මන්දා මේවා! (නි)
සමීර Monday, 29 September 2014 11:27 AM
බන්දුල පෙරේරා. (ස)
චන්න Monday, 29 September 2014 05:13 AM
ඒ ගැන කතා කරලා වැඩක් නැහැ (දී)
කින් බෙනට් Monday, 29 September 2014 01:14 PM
පොලිසිය ළඟයි කියලා ඒ මිනිස්සු මොනවා කරන්නද? ඒ මිනිස්සු ඉන්නේ රස්සාව කරන්නනේ (නි)
නිශාන්ත Monday, 29 September 2014 05:34 AM
ඊයේ සිද්ධිය වහ ගන්නද?ෆොන්සේකා මහත්තයට ඌවේ සිදුවුන පරාජය හමුවෙ ලඟ හිටපු උදවු කරුවන්ට නැවත තමන්ගෙ පක්‍ෂ වලට යන්න සිදධ වෙලා තියෙන්නෙ සද්ද දාගෙනම වගෙයි.නැත්තම් අල්ලපු අත්තත් නැහැ. පය ගහපු අත්තත් නැහැ. (ස)
පද්මිණි Monday, 29 September 2014 06:00 AM
ආරක්ෂාව ඇතිවනේ දැන් වෙඩි වදින්නේ. (ස)
අජිත් කරුණාරත්න Tuesday, 30 September 2014 04:22 AM
පොලිසිය තිබිල මොකටද? පොලිසිය ඇතුලේ දේශපාලකයෝ ගහ ගන්න කොට. ගුටි කාපු එකා උසාවියට ගියා. ගහපු එවුන් අල්ලපු බවක් අහන්නවත් නැහැ. මේකත් එහෙම තමයි. ඕවට රාජකාරි කරන්න ගිහින් මොකටද රස්සාව නැති කරගන්නේ කියල රාළහාමිලා පැත්තකට වෙලා ඇති. මතකනේ දඩ කොලේ දීපු රාලහාමිට වෙච්ච දේ. (දී)
පෙරේරා Monday, 29 September 2014 06:24 AM
එහෙමනම් ඉතින් ගිහින් පොලිසියට හොඳ හූවක් කියල එන එකයි තියෙන්නේ. (දී)
බණ්ඩාර Monday, 29 September 2014 08:48 PM
නිශාන්ත, විකාර කතා කියන්න එපා. (නි)