කටුගස්තොට ජම්බුගහපිටියේ දි  ගංජා විකුණන්නෙකු  අත් අඩංගුවට ගැනීමට ගිය පොලිසියට බාධා කළ පිරිසක්  සොයා පොලිසිය මෙහෙයුමක්  අරඹයි.

ගංජා  විකුණමින් සිටි  බව කියන අවිවාහක විශ‍්‍රාමිකයකු ගංජා ග‍්‍රෑම් 450 ක් සහ පැකට් 83 ක් සමඟ අත්අඩංගුවට  ගෙන ඔහුගේ  ඔත්තුව අනුව ප‍්‍රධාන සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා ගිය අවස්ථාවේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් පොලීසියට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරී ඇතැයි  ද ඔවුන්ගෙන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර තවත් හය දෙනෙකු සහ ප‍්‍රධාන ජාවාරම්කරු අත් අඩංගුවට ගැනීමට නියමිතයැයි ද පොලීසිය කියයි.