පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට සහන මිලට යතුරු පැදි බෙදා දීමේ වැඩසටහන මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ සහ පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ ආරම්භ කළ මෙම වැඩ සටහන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවෙන් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැයි හමුදාවට දෙන්නේ නැද්ද? (නි)
මහින්ද මහත්තයා ආරම්බ කරපු වැඩපිළිවෙල කරගන යනවා , මල් තියලා වඳිනවා අපේ මහින්ද මහත්තයාට, (හේ)
පරිසරයට වෙන බලපෑම ගැනත් හිතුවොත් හොඳයි නේද? (නි)
මොකද ත්‍රිවිධ හමුදාවේ අයට නොදෙන්නේ? එයාලා නේද කුරිරු යුද්ධය වෙනුවෙන් රට බේරාගන්න ජීවිත පරදුවට තබා කැපවුණේ? ජනාධිපතිතුමනි, ඔබතුමා මේකට සාධාරණයක් කරන්න. (නි)
ඕක නිකම්ම දෙනවා කියලා නේද කිවුවේ?කලින් අයගෙන් ගත් 50000 නැවත දෙන්නේ නැද්ද? (නි)
පොලිසියට විතරක් නොවේ දුප්පතාගේ වහනය වන ත්‍රිරෝද රථයට , ධාරිතාව 125cc අඩු යතුරු පැදි වලට පහුගිය කලේ ගහපු බදු අඩු කලොත් නරකද?(හේ)
පරන පිනක් මගේ හිසේ කඩා ගෙන වැටුනා කියලා හිතෙනවා. වෙිදිකාවෙි කිව්වේ කොහොමද දැන් කරන්නේ කොහොමද තව ටික දවසකින් සහනයට ඇල්වතුරවත් නැත. මෝඩ වෙන්නේ අපිමයි (නදී)
අපේ රටේ මොන හොඳ දේ කළත් වෛරී සංකල්පයෙන්මයි මිනිස්සු බලන්නේ. එයාලටත් දෙනවා නම් අපිටත් ඕනෑ කියන්නේ නැතුව කරන හොඳ වැඩ අනුමත කරන්න පුරුදු වෙන්න (නි)
ත්‍රිවිධ හමුදාවටත් සහන මිලට යතුරු පැදි දෙනවද?(හේ)
බයිසිකල් ගත්ත අය විතරක් මෙයාලට ඡන්දෙ දෙන්න (නදී)
අපි අහිංසක රජයේ සේවකයෝ. රත්තන් බඩු උකස් කරලා සල්ලි බැන්දේ. තාම පොලී ගෙවනවා විතරයි. බයිසිකල් නෑ. අපිට මෙහෙම ගියොත් බයිසිකලේ වෙළද පොලේ මිළට සමාන වෙයි පොලියත් එක්ක තව ටික දවසකින් (නදී)
පොලිසියට යතුරුපැදි ලබාදීම අගය කරමි. රත්නපුර දිස්ත්‍රික් රජයේ නිලධාරීන්ටද යතුරුපැදි ලබාදෙන මෙන් ජනාධිපතිතුමා ඇතුළු නව රජයෙන් ඉල්ලා සිටිමි. (නි)
කෝ දැන් යුධ හමුදාවටත් දෙනවා කියලා ෆෝම් ෆයිල් කළා නේද ? (නදී)
ඉතා හොඳ කටයුත්තක් (නි)
පසුගිය ආණ්ඩුවෙන් නේද මේ වැඩපිළිවෙළ හැදුවේ මේ නිලධාරීන්ටත් දුන්න එක හොදයි (දිල්)
පොලීසියටත් දුන්න එක හොදයි (දිල්)
ක්ෂේත්‍ර නිළධාරීන් සියලුම දෙනාටම යතුරුපැදි දෙනවා නේද? අපේ නාම ලේඛනත් යවලා තියෙන්නේ.අපි අම්පාරේ. ඒත් තාම යතුරුපැදි නැහැ.අපිටත් යතුරුපැදි දෙනවා නේද? කවදාද අපිට දෙන්නේ?පොලිසියේ අයට නම් දෙනවා (නි)
හමුදාවටත් දෙනවා කිවුවා නේද? ඒ අය අමතකවෙලා නැහැ නේද? (නි)
ඕවායේ අධික බදු අඩුකළා නම් සාමාන්‍ය මිනිහෙකුටත් අඩුගානට ගන්න පුළුවන්නේ. රජයේ සේවකයෝ පමණද ගමන් යන්නේ? (නි)
අපි රටට කිසිවක්ම කරන්නේ නැද්ද එතකොට? අපිට බැරිද ඕවායේ යන්න ? (නි)
පෞද්ගලික අංශයට මොකුත් දෙන්නේ නැද්ද? රජයේ සේවකයෝ විතරද රටට සේවය කරන්නේ? (නි)
ඔක්කොම රජයේ සේවකයින්ට තමයි. ඔහොම යමුකෝ! (නි)
දැන් සහන මිලටද දෙන්නේ? මම හිතුවා නොමිලයේම දෙයි කියලා (නි)
ත්‍රිවිධ හමුදාවට දෙනවා කීව එක බොරුද ? (නදී)
ඒක හොදයි.පොලිස් නිලධාරින්ගේ පඩිත් වැඩි කළානම් හොදයි.(හේ)
රජයේ සේවකයන්ටම සලකන්න . (හේ)
අනිත් රාජ්‍ය සේවකයින්ට මේ බයික් නැද්ද.(හේ)
මහින්ද මහත්තයා ඇනවුම් කරපු ඒවා ගෙනාවට පස්සේ ඕවා තියාගෙන මොනා කරන්නද?මොන මොනවා හරි කියලා ඕවා බෙදා දෙන්න තමයි තියෙන්නේ.(හේ)
දිලීප් සාමාන්‍ය මිනිස්සු තමයි බයික් පදින්නේ.(හේ)
හැමෝටම මේ වගේ ලැබෙනවා නම් හොදයි.කොටසකට විතරක් නැතුව.(හේ)
දිලීප් හේරත් මම පඩි වැඩි කලටත් කැමති නැහැ මොකක්ද රජයේ සේවකයන්ට ස්ථිර වැටුපක් හරි තියෙනවා පැන්ෂන් තියෙනවා අඩුපොලියට ණය දෙනවා අහිංසක මිනිහට, පෞද්ගලික අංශයට විදෙස් ශ්‍රමිකයන්ට මොකුත් නැහැ එයාල තමා සංවර්දනයට ඍජුව දායක වෙන්නේ (හේ)
මේවා හම්බවෙන කට්ටිය හෙල්මට් දාගෙන යන්න අමතක කරන්න එපා.(හේ)
පසුගිය මැතිවරණ සමයේ මෙයාලා කිව්වා පසුගිය රජයෙන් ගන්න 50000 කපාහැරලා නොමිලේ දෙනවා කියා.ඔක්කොම බොරුද කියලා තියෙන්නේ?(හේ)
පොලිසිය අගය කරමින් කරන මේ දේවල් වලට ගොඩක් පින්! (නි)
මහින්ද රාජපක්ෂ ජනපතිගේ ප්‍රතිපත්ති කොච්චර දුරට සාර්ථකද කියලා දැන් ඉන්න අයට හොදට තේරෙනවා ඇති නේද?(දිල්)
මහින්ද මහත්තයට බොහොම පින්. (දිල්)
නාවික හමුදාවෙන් රු 50000 එකතු කරලා දැනට මාස දෙකක් වෙනවා. තවම සල්ලිත් බයික් එකත් නැත (දිල්)
මේ මහත්වරු ඕවාට පෙට්‍රල් ගහන්න සල්ලි හොයන ආකාරය සොයා බලන්න වෙනම පොලීසියක් ඕනෑවෙයි (නි)
මේ මහත්තුරු ඕවට පෙට්රෝල් ගහන්න සල්ලි හොයන ආකාරය සොයා බලන්න වෙනම පොලීසියක් ඕනේ වෙයි .(හේ)
ගොඩක් සතුටුයි.(හේ)
මේ බයිසිකල් දෙන්නේ ෆීල්ඩ් ඔෆිසේර්ලට විතරයි .(හේ)
හැමදාම ගෙයක් ගෙයක් ගානේ ලියුම් බෙදන්නද ? (නදී)
ඔය බෙදන්නේ, ඕකත් ඡන්දෙ ගන්න දෙන පගාවක් (නදී)
හොඳ වැඩේ නිකන් මොටර් සයිසිකල් ගන්න බලා හිටියට (නදී)
රු. 50000.00 ආපසු දෙනවද? (නදී)
සරසවි සේවකයන්ට මේවා අකැපයි වගේ. ඇයි අපි සේවයක් කරලා නැද්ද ? දෙනවා නම් හැමෝටම දෙන්න. (නදී)
ඇත්තටම ඒක හොද දෙයක්.එහෙම හරි සහනයක් ලැබුන එක.(හේ)
යුධ හමුදා, ගුවන් හමුදා කොල්ලොත් නයට අරන් 50000 ක් ගෙව්වා. එයාලට මොකද වෙන්නේ ? (නදී)
අනේ ... කලින් ආණ්ඩුව ඔය වැඩේ කරද්දි මෙයාල කිව්වේ මොකක්ද? භාණ්ඩාගාරේ හිස් කරනවා ඡන්දේ ගන්න කියලා නේද? දැන් මහ මැතිවරණෙන් දිනන්නද ඒ වැඩේම කරන්නේ.පව් අනේ බයික් නිකන් ගන්න ඡන්දේ දුන්න අය.(හේ)
අනේ ... කලින් ආණ්ඩුව ඔය වැඩේ කරද්දි මෙයාල කිව්වේ මොකක්ද? භාණ්ඩාගාරේ හිස් කරනවා ඡන්දෙ ගන්න කියලා නේද? (හේ)
රජයේ අයට පමණද මේ සියලු වරප්‍රසාද? පුද්ගලික අංශයේ අපිට වැඩි පඩිත් නෑ. දුම්රිය වාර ප්‍රවේශ පතත් වැඩියි. අපි ශ්‍රී ලංකාවේ පුරවැසියෝ නෙමෙයිද?(හේ)
හැමෝටම එක වගේ ලැබෙනවා නම් ගොඩක් සතුටුයි.(හේ)