ආරක්ෂක ශාඛයක් වන වල්ලාපට්ට කිලෝවක් රුපියල් අනූ දහස ගණනේ කිලෝ 23ක් පොලිස් උපාය දූතයකුට විකිණිමට ගිය මතුගම තිදෙනෙක් කළුතර අපරාද දුෂණ කොට්ඨාස අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. රා මදින්නකු හා පෙදරේරුවකු ද මේ අතර සිටින බව පොලිසිය කියයි. ලොව ඉස්තරම් සුවඳවිලවුන් නිෂ්පාදනය සඳහා වල්ලාපට්ටා ගසේ කොටස් උපයෝගී කර ගනී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ශාකය තහනම් තාක් කල් ගණන් වැඩි ඉහලම පෙලේ ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට විතරක් ඕවා විකුණලා ෂේප් වෙන විදිහේ ක්‍රමයක් නැතිව හැකි තරම් වගා කරලා අපනයනය කලොත් ලොකු විදේශ විනිමයක් හොයා ගන්න පුලුවන් නේද ? අපේ රටෙත් ඉස්තරම්ම වර්ගයේ සුවද විලවුන් කර්මාන්ත දාලා රැකියා ප්‍රශ්නේටත් සැලකිය යුතු විසදුමක් දෙන්න පුලුවන් බව නිලධාරීන් නොසිතන්නේ මොන කරුමෙකටද මන්දා.(නදී)
ඇයි අනේ මේවා වටිනවද අහන්නේ ? (නදී)
මම වල්ල ගස් බහුලව තියෙන පලාතක කෙනෙක්. වල්ල ගස් වවන්න පුළුවන්. ඒ ගහක් ටිකක් ලොකු වෙන්න අවුරුදු පහ හයක් යනවා. ඊට පස්සේ මේකට දිලීර බෝ කරන්න පුළුවන්. ගස තුවාල කරලා නිවැරදි දිලීර වර්ගය සහිත ලී කැබැල්ලක් තියල බැන්දම බෝවෙනවා. මේක වාණිජ වගාවක් බවට පත් කරන්න තියෙන ගැටලුව ඒකයි. ඉතින් අපේ මිනිස්සු මේ ලෝකේ දෙයක් දන්නේ නැතිව මේ කැලේ වල්ල ගස් ටික කපල වනසනවා. ඒකයි මේ අපරාධයක් වෙලා තියෙන්නේ. වල්ල ගහ වඳවී යාමේ අනතුරක තිබුණු ගහක් නොවෙයි. එත් මේ බොරු ප්‍රසිද්ධිය නිසා අද තර්ජනයට ලක්වෙලා. මේ පිලිබඳ අදාළ බලධාරීන් විදිමත් වැඩ පිළිවෙලක් හදන්න ඕනේ (නදී)
වල්ලා පට්ටා සාකය වගා කිරීමට නීතියෙන් තහනම්ද?(නදී)
වල්ල පට්ට ඔයතරම් වටිනවද? (අ)
හොරකම් නොකර ඒවා වික්කට අවුලක් නෑ ඉතින් (අ)
පතුරු ගහන්න තියෙන්නේ ,ඒ වගේම මේ සාකය බෝකරලා හොඳ විදෙස විනිමයක් අරගනත් තිබුන නේද ? (අ)
ඔය ජාතියේ රා මදින්නෝ සහ පෙදරේරුවෝ දැන් සුදු ඇඳගෙන මෙහෙ ඉන්නවා ඕන තරම්. (අ)
වල්ල ගහෙන් ඔය කියන සුවඳ විලවුන් හදන්න බෑ. ඒක එම ගහට හැදෙන දිලීර රෝගයක් නිසා හටගන්නා සුවඳක්. නිරෝගී ගස්වල කිසිම සුවඳක් නෑ. මිනිසුනි වල්ල ගස් ටික විනාශ කරන්න එපා. රන් බිත්තර දැමු කිකිළිය බඩ පලල ඒක සැරේ පොහොසත් වෙන්න ගිය කතාව වගේ වෙයි. (අ)
මාරයිනේ වල්ලා පට්ටා වලටත් ගිය කලක්.(නදී)
වවාගත්ත වල්ලාපට්ට ටික විකුණා ගන්න බැරි හේතුව කුමක්ද? (නි)
අපිටත් හිටවගන්න පැලයක් ගන්න තැනක් කියන්නකෝ දන්නා කෙනෙක්.(අ)
මෙය දැනට ලංකාවේ වගාකරනවා. අගර්වූඩ් කියල හොයල බලන්න. සමාගමේ නම කියන්න බෑ (අ)
මෙම ශාක වගා කිරීමට තහනමක් නැත. මේවා තෙත් බිම්වල බහුලව වැඩෙන්නාවූ ශාකයක්. මෙහි උද්භිද නාමය "ගයිරිනොප්ස් වල්ලා "යනුවෙන් හැඳින් වෙනවා. මෙම ගස්වල පත්‍ර තරමක් පළල. තුනී සහ කහ මිශ්‍ර කොළ පැහැයෙන් යුක්තයි. පිට පොත්ත පහසුවෙන් ගැලවිය හැකියි. පොත්ත නිතරම තෙත් ගතියෙන් පවතිනවා. කන්ද කොටස තරමක් තද ගතියෙන් යුක්තයි.වල්ල පට්ට ගස දේශීය ශාකයක් බව (එච් එෆ් මැක්මිලන් ගේ ට්‍රොපිකල් ගාර්ඩ්නින් ඇන්ඩ් ප්ලාන්ටින් නමැති ග්‍රන්ථයේ ) සඳහන් වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එකල මේවා වගා නොකලේ මේවයේ අවශ්‍යතාවය සහ වටිනාකම හෙලිවුයේ මෙකල නිසයි . තේක්ක මහෝගනී වගා කරනවාට වඩා පහසුවෙන් වගා කල හැකි නිසා දැන් මෙම ශාක වගාව සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් වීම කාලෝචිතයි. වගුරු බිම් ආශ්‍රිත ඉඩම් මේ සඳහා සුදුසුවෙයි. වසරේ එක කාලයකට දළඹු උවදුරෙන් මෙම ගස්වල පත්‍රවලට හානිවෙනවා. ඒත් ගස නොමැරී නැවත වැඩෙනවා. මෙහි වටිනාකමේ හැටියට ආරක්ෂාව පිළිබඳව වැඩියෙන් හිතන්න වෙනවා.ප්‍රායෝගික ගැටළුවක් වන්නේ එපමණයි. (නදී)
ආර්ථික බෝගයක් ලෙස වගාකරන්න. අපේ දේවල් රැක ගන්න.(නදී)
වල්ල පට්ටා ඒ තරම් වටිනවාද.(නදී)
මේවගේ වටිනා ශාක වගා කරලා විදේශ විනිමය ලබා ගන්න රජය මැදිහත් විය යුතුයි. එයට හරස් කපන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යල් පැනගිය නිලදාරීන් ඉවත් කල යුතුයි.(නදී)
අහන්නේ දන්නෑති නිසා නේද? (නදී)
ඔය තුන් දෙනා තමයි පට්ට ගහන්න ඕනේ. ඔය කියන පොලිස් උපාය දුතයෝ පාර්ලිමේන්තුවට යැව්වොත් වල්ලා පට්ටා විතරක් නෙමෙයි කුඩු මුදලාලිලා / කැසිනෝ /කසිප්පු /ගංජා /ගණිකා මඩම් කාරයෝ ඔක්කොම අල්ල ගන්න පුළුවන් .(නදී)
වී විකුණාගන්න අපහසු ගොවින් කොටසක් නරකද ගත්තොත් වල්ල පට්ට වගාව.(නදී)
වල්ලා ගස ග්‍රාමීය පරිසරයේ ඉබේ වැඩෙන ගසක්.ගම්වල කිසිම කෙනෙක් ප්‍රයෝජනයට ගන්නේ නැත.රක්ෂිත වනාන්තරවල හැර ගමේ , ගොඩේ වැවී ඇති මෙම ගස්වලට ආර්ථික වටිනා කමක් ඇත් නම් කැපීමට බලපත්‍ර නීත්‍යානු කූලව දීම රජයේ ප්‍රති පත්තියයි.අපේ බාස් උන්නැහැගේ ගෙවත්තේ අඩි 3 ක් වට ඇති අඩි 25 ක් උස වල්ලා ගස විකුනන්න ක්‍රමයක් රජයෙන් ඉල්ලා සිටී.කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා මෙම ගස නීත්‍යානු කූලව විකුණන්න ක්‍රම වේදයක් සලසා දීම පොලීසි වලට වෙනත් රාජකාරී වල නිරත වීමට අවස්තාව සලසා දීමක්...වගේම ගැමියාට කීයක් හරි අතට දීමක්.කිලෝව 90,000/= ක් කියන්නේ ගැමියාට ලොතරැයියක්...වගකිව යුත්තන්ගේ කාරුණික අවධානය යොමු කිරීම කාලෝචිතයි.(අ)
ඔය ගස් l වලින් පැල හදලා ගම ගෙදරකට එක ගානේ දුන්නම වගා කරගන්න කියලා ඔය ගහ වදවෙන එකක නැහැ. එතකොට ලංකාවේම කවුරු හරි ඔය ගහ හරි පොතු හරි ප්‍රයෝ අරගෙන නිෂ්පාදනයක් හදන්නත් බැරි නැහැ. එතකොට සිරිලක දේ , සිරිසැප දේ!(නදී)
වල්ලපට්ට ශාකය පිළිබඳ උනන්දුව දැනනම් ටිකක් විතර අඩුවෙලා වගෙයි. කොහොමද පහුගිය කාලේ? (නි)
අල්ලලා පට්ට ගහන්න තියෙන්නේ. ඕනෑ අය පට්ට ගහ ගනීවි (නි)
මගේ වත්තක තිබුණු ලොකු වැල්ල ගහක් හොරු කපාගෙන ගිහින් තිබුන හැබැයි එකේ දිලීර ලෙඩේ තිබිල නෑ. මෝඩ හොරු අපරාදේ ගස් විනාශ කරනවා. පස්සේ ඒ ලී කැලි ඇලකට දාල තිබුන.(නදී)
ඉහළ මිලකට ඉල්ලලා ඇති (නි)