පසුගිය මාර්තු 03 වැනි දා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ පැවැති සිසු උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට සිසුන් පිරිසක් විසින් පහර දීමේ සිද්ධිය ගැන පොලිසියෙන් නිසි විමර්ශන නොකරන්නේ නම් විමර්ශනය රහස් පොලිසියට භාර දීමට නියෝග කිරීමට සිදු වන බව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා අද පැමිණිල්ල නැවත කැඳවූ අවස්ථාවේ පැවසීය.
සිද්ධියට සැකපිට සිසුහු පස් දෙනෙක් සහ ගුරුවරු දෙදෙනෙක් ඇප මත සිටිති.
මාධ්‍යවේදීන්ට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටය මගින් පහර දුන් තවත් පිරිසක් හඳුනා ගත හැකි බව කී මහේස්ත්‍රාත් මෙතෙක් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි කීවේය.
සෙසු සැකරකුවන් ද අත්අඩංගුවට ගෙන අගෝස්තු 04 වැනි දා චෝදනා ගොනු කරන්නැයි මහේස්ත්‍රාත් නියම කළේය.
සැකකරුවන් අතර අගෝස්තුවේ ඇරැඹෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් ද සිටින බවට නීතීඥවරුන් කළ දැනුම්දීම පිළිගත් මහේස්ත්‍රාත් ජූලි 14 වැනි දිනට චෝදනා ගොනු කිරීමට නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියට බැරිනම් රහස් පොලිසිය ගේන්න යයි
පිටිගල Monday, 12 May 2014 08:37 PM
පොලිසියට බැරි නම් ......කියන්නේ ඇයි? අපි නම් කියන්නේ බැහැ තමයි! (නි)
රෝහන Monday, 12 May 2014 03:31 PM
හොඳ වැඩක්. (ස)
විජේසූරිය Tuesday, 13 May 2014 08:40 AM
හොරගෙන් බැරි නම් හොරාගේ අම්මගෙන්! (ස)