පසුගිය මාර්තු 03 වැනි දා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ පැවැති සිසු උද්ඝෝෂණය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට සිසුන් පිරිසක් විසින් පහර දීමේ සිද්ධිය ගැන පොලිසියෙන් නිසි විමර්ශන නොකරන්නේ නම් විමර්ශනය රහස් පොලිසියට භාර දීමට නියෝග කිරීමට සිදු වන බව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ ජයතිලක මහතා අද පැමිණිල්ල නැවත කැඳවූ අවස්ථාවේ පැවසීය.
සිද්ධියට සැකපිට සිසුහු පස් දෙනෙක් සහ ගුරුවරු දෙදෙනෙක් ඇප මත සිටිති.
මාධ්‍යවේදීන්ට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝ පටය මගින් පහර දුන් තවත් පිරිසක් හඳුනා ගත හැකි බව කී මහේස්ත්‍රාත් මෙතෙක් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැතැයි කීවේය.
සෙසු සැකරකුවන් ද අත්අඩංගුවට ගෙන අගෝස්තු 04 වැනි දා චෝදනා ගොනු කරන්නැයි මහේස්ත්‍රාත් නියම කළේය.
සැකකරුවන් අතර අගෝස්තුවේ ඇරැඹෙන උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින සිසුන් ද සිටින බවට නීතීඥවරුන් කළ දැනුම්දීම පිළිගත් මහේස්ත්‍රාත් ජූලි 14 වැනි දිනට චෝදනා ගොනු කිරීමට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට බැරි නම් ......කියන්නේ ඇයි? අපි නම් කියන්නේ බැහැ තමයි! (නි)
හොඳ වැඩක්. (ස)
හොරගෙන් බැරි නම් හොරාගේ අම්මගෙන්! (ස)