ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ක්‍රිකට් තරගයේ විශේෂ රාජකාරියට කැඳැවු පොලීසියට සැපැයු කෑම වලින් කොටසක් පිළුණු වී තිබු බවත් පිරිසක් අසනීප වී ප්‍රතිකාර සඳහා යැවු බවත් පොලීසිය කියයි.
කෑම සැපයු ස්ථානය ගැන මහජන පරීක්ෂකවරුන් මගින් පරීක්ෂණයක් කිරීමට ද නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර රටවල පොලිස් නිලධාරීන් එදිනෙදා රාජකාරිය නිම වී නිල ඇඳුම ගැලෙව්වාට පසු, ඔහුත් සාමාන්‍ය පුරවැසියෙකි.ලංකාවේ ඒකේ අනිත් පැත්තය.ඉතින් ඔවැනි කරුණු කාරණා සිතා බලා මේ උදවියට පිළුණු බත් ඕනෑකමින්ම දුන්නාදැයි මට සැක සිතේ. (නි)
කොයිදේත් කාලා පුරුදු වෙන්න ඕනෑ (නි)
ඔන්න ඔහේ හැමදේම කාලා පුරුදු වෙන්න (නි)
පොලිසියට පිළුණු කෑම? මරු අත්දැකීමක්නේ. කරන දේවල් වල හැටියට ඕවා මොනවද ? (නි)
මට නම් හිතාගන්නවත් බැහැ, ඔය කන කෑම වල හැටියට අසනීප වෙයි කියලා (නි)
කන කෑම වල හැටියට මෙහෙම දෙයක් වූ එක ගැන නම් හිතාගන්නවත් බැහැ. හරිම පුදුමයි. එක වෙලාවකට මේ රාළහාමිලා ජරාවක් කාලම නැතුව ඇති (නි)
එක අතකට මෙහෙම වෙන්නත් ඕනෑ. ගොඩක් අය කඩවලින් කන්නේ සල්ලිත් නොදීනේ... (නි)
කාට වුණත් පිළුණු බත් දෙන එක නම් හොඳ නැහැ (නි)
ප්‍රතිචාර දක්වල තියන හැම දෙනාටම තේරෙයි ලංකාවේ පොලිසිය එක දවසක් ස්ට්‍රයික් කලොත් මේ හැමෝටම මොනවද වෙන්නේ කියල.(අ)
අනේ මොන පිස්සුද කන කෑම හැටියට ඕක මොකක්ද? (අ)
මේ ගොල්ලෝ කන කෑම ගැන හිතලා කෑම දීලා වෙන්න ඇති. (නි)
පොලිසියේ ඉතාම සුළුතරයක් ඉන්නවා හොඳ මහත්වරු. නමුත් වැඩි හරියක් ඉන්නේ 'පිළුණු බතුත් ' හොඳ වැඩි කට්ටියක්. (නි)
කන දේවල් වල හැටියට පිළුණු බත් මොකද්ද? (නි)
පොලිසියෙන් සල්ලි ගන්න බැරි හින්දාවද්ද? (නි)
අයියෝ! මේවා ගණන් ගන්න එපා (නි)
දැන්නම් පොලිසියට අපල කාලයක් වගෙයි (නි)
පාරේ යන වාහන නැවැත්තුවහම කන කෑම හැටියට ඕක මොකක්ද? (අ)
අපේ පොලිසියට ජරාව කාලා පුරුදු නැහැනේ.(අ)
කන කෑම වල හැටියට ඕවා නම් මොනවද මහත්තයෝ? (නි)
බත් දුන්න කෙනාට මාගේ උපහාරය. (නදී)
මේ ගොල්ලෝ කන කෑම වල හැටියට පිරුණු බත් දිරෙව්වෙ නැති එකනේ පුදුමේ කියන්නේ?? (නි)
පැය විසිහතරකට පෙර වෙන්න ඇති කෑම පැකට් කරන්න ඇත්තේ. අනිත් කාරණය තමයි කෑම පිළුණු වුණාට පස්සේ, ඕනෑ කෙනෙකුට නහයට ඒ ගඳ, අමිහිරි රහ කටට දැනෙනවා.ඒ දේවල් මේ අයට තේරුනේ නැද්ද ? (නි)
රංජන් හිතන්නෙ පොලිසියට ස්ට්‍රයික් කරන්න පුලුවන් කියලද? ඒක කවදාවත් කරන්න බෑ (නදී)
අපි නම් කාලා තිබෙනවා. නමුත් ලෙඩ වුණේ නැහැ (නි)
පොලීසියේ සමහර අය ජරාව කනවා කිවුවට මොන බොරුද? දැන් තමා හරි ජරාව කවලා තියෙන්නේ. (නි)