(විමුක්ති එස් රුද්‍රිගු)
පෙරටුගාමී පක්ෂයේ ජන අරගල ව්‍යාපාරය සාමාජිකයන් 500 දෙනකුගේ පමණ සහභාගීත්වයෙන් පෙරේදා (20) කොළඹදී පැවැත්වූ විරෝධතාවය අතරතුරදී පොලිස් නිලධාරීන් සිව් දෙනාට පහරදුන් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවන් ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය..
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ විනී වර්ණසේකර,හේරත් මුදියන්සේලාගේ අශෝක, තුසිත අරවින්ද, මහේෂ් ප්‍රියන්ත සහ ධනංජය බණ්ඩාර යන අයවලුන්ය.
හඳුනා ගැනීමේ පෙරට්ටුව සඳහා අද (22) නඩුව කැඳවූ අවස්ථාවේදී පහර කෑමට ලක්වූ පොලිස් නිලධාරීන් සිව් දෙනා රෝහල් ගතවී ප්‍රතිකාර ලබන බැවින් සැකකරුවන් හඳුනා ගැනීම සඳහා සාක්ෂිකරුවන්ට පැමිණිය නොහැකි බවත් ඒ හේතුවෙන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් පැමිණිල්ල මෙහෙයවූ නිලධාරීහු ප්‍රකාශ කළහ.
එම ඉල්ලීමට අවසර දෙමින් ලබන 27 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුව පැවැත්වීමට නියෝග කළ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එදිනට සැකකරුවන් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන අරගල කාරයින්ට ඝෝඨාභය මහතාත් ඔය විදිහට පහර දුන්නා නම් තවමත් ජනාධිපති පුටුවේ ඉන්නවා. ඔහු ගහනවා වෙනුවට අරගල කරුවන්ට ගෝල්ෆේස් පිටියේ ස්ථානයකුත් වෙන්කර දුන්නා. සර්පයින් හුරතල් කරන්න යාමේ ප්‍රතිඵල. දුටු තැන සර්පයා අතනාරිනු මෝඩයා කිව්වේ කට කසනවාට නොවෙයි. රනිල් බියගම අසුනේ ඉන්න කාලේ සිටම සර්පයෝ හඳුනනවා. මේ විදිහට එලෝ එලෝ ගැසුවා නම් රැට්ටලා බට්ටිලා බෙට්ටලා පළාතට එන්නේ නැත. රනිල් මහතා ජයවේවා!
ආණ්ඩුව රටේ ව්‍යවස්තාවට පටහැණි සහ ජනතාව අපහසුතාවයට පත් කරන එකට විරුද්ධව කරන ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව කරන සාමකාමී විරෝධතාවලටත් පහර දෙන්න හෝ හිතා මතාම ගැටළු ඇතිකරන තත්වයක් රටේ තියෙන්නේ. රටේ පාලකයා කරන විනාශයට තිරිසනුන් ලෙස කටයුතු කරන ශ්‍රි ලංකා පොලිසියේ පහත් නිලධාරීන් ද වගකිව යුතුයි.
බමුණුආරච්චි රනිල්ගේ සපත්තුවට බැස්සා...