වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ නිල ඇඳුමින් අල්ලා බැන වැදී පොලිසියේ තවත් දෙදෙනකුට පහර දුන් බව කියන වෛද්‍යවරියක හා නීතිඥවරියක රුපියල් පන් ලක්ෂය බැගින්වූ ඇප මත මුදා හරින ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය නියෝග කළාය.
වෛද්‍ය සුදර්ශනී ගලප්පත්ති ගුරුගේ හා නීතිඥ දර්ශනී ගලප්පත්ති ගුරුගේ යන සොහොයුරියෝ ඔවුහුය.
පවුලේ ආරවුලක් ගැන කළ පැමිණිල්ලක් අනුව ඔවුන් පොලිසියට කැඳවා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු තමන් කරන වෘත්තියෙන් ඔලුව උදුම්මාගෙන ඔහොම වැඩ වලට යොමුවෙනවා. කොහොමත් නීතිය ක්‍රියාත්මකවීම හොඳ දෙයක්. (නි)
දෙන්නව කූඩුවට දාලා දවස් දෙක තුනක්වත් තිබ්බා නම් තමා හොඳ. අපි දන්න නීතිය අනුව නම් එක වරදට දෙපාරක් දඬුවම් කරන්න පොදු නීතිය අනුව බැහැ. (නි)
සකුන්තලා හරියට හරි. ලියන්නා මොනවා ලිව්වත්, කියවන කෙනා සිහිබුද්ධියෙන් කියවිය සහ සිතිය යුතුයි. අපේ පොලිසිය යනු, තලගොයා කබරගොයා කරන්නට තරම් දක්ෂ අය බවත් අමතක කරන්න එපා. (නි)
අපරාධ අංශයේ ස්ථානාධිපතිගේ නිල ඇඳුමෙන් අල්ලලා පහර දුන්නා කියලා හිතාගන්නත් අමාරුයි? ඕනෑනම් ඔවුන්ගේ තරාතිරම අනුව ඔවුන්ට යම් අසාධාරණයක් වුණා නම් යම්කිසි බහින්බස්වීමක් වෙන්න ඇති. එවැනි දෙයක් සිදුවූවා නම් පොලිසියට හැකියි කතාව වෙනත් පැත්තකට හරවන්න. ඔවැනි වැඩක් සිහිබුද්ධියක් ඇති කිසිම කෙනෙක් කරලා දැන දැන දංගෙඩියට බෙල්ල තියයිද. බුද්ධිමත්ව හිතන්න අපේ පොලිසිය ගැන.... (නි)
හොඳ වැඩේ. මාස හයකටවත් හිරේට දාන්න තිබුනේ. (බ)
හොද වැඩේ. දිගටම තියන්න එලියට දාන්න එපා (බ)
වෘත්තීන් දෙකේ ගෞරවය (එහෙම එකක් තිබේ නම්)කෙලෙසු මේ දෙන්න එක දවසක් වත් කුඩුවේ හිටියා නම් තමයි හොඳ. වෙන කෙනෙක් ඔය වැඩේ කළා නම්, අම්මෝ හිතන්නත් බයයි. (බ)
මේ ගොල්ලන්ගේ නම් දැක්කහම මට අර ලෝකය හොල්ලගෙන හිටිය "මහා ගුරුගේ " ව මතක් වුනා. ජාන වල වැරැද්දක්ද? (බ)
තමන්ගේ රැකියාවටත් නිග්‍රහයක් මේ අක්කා නගෝ දෙන්නා (බ)
විනයක් නැති අධ්‍යාපනයේ වරද. උපාධි තිබුනට උගත්කමක් නෑ. (බ)
කාන්තාවන් පෙරට! (නි)
තනතුර නිසා ඔලුව උදුම්මා ගෙන. දෙන්න තිබුනේ ජීවිතේට ආය නොකරන්න මතක හිටින පාඩමක්.හිතාගන්න පුළුවන් ගෙවල් වල ජීවත් වෙන හැටි.....(බ)
සමහර නීතිඥයින් හිතාගෙන ඉන්නේ, ඒ අය තමයි නීතිය කියන්නේ කියලා හා ඒ අය පමණයි නීතිය දන්නේ කියලයි. අනික නීතිඥයින්ට මොකක්ද පොලිසියේ කරන්න තියන රාජකාරිය? මේ අයට දැඩි දඬුවම් දෙන්න ඕනා. (බ)
මේක පොලිසියේ කෙප්පයක්. මම මේ ප්රශ්නය ගැන ඇත්ත දන්නවා. පොලිස් ස්ථානාධිපතිට ගහලා මදි.යුනිෆෝර්ම් එක ගලවන්නැයි තිබුනේ. මේ අයගාව සිද්ධියේ විඩියෝ තියෙනවා. ඊළඟ නඩු වාරයේදී බලාගන්න පුළුවනි පොලිසියේ තරම..(බ)
මරදානේ මදාවි ගෑණු දෙන්නෙක් (බ)
වෘත්තියටත් නිගාවක් නේද? (නි)
කසාද බැඳලා නම්, දරුවෝ ඉන්නවා නම් දරුවොයි ස්වමියොයි රෑට නිදාගන්න විතරක් ගෙදර එනවාද දන්නෙ නැහැ. (මම මේ කිවුවෙ මට හිතෙන හැටි) (නි)
පාතාල කල්ලියේ මැරවරියන් දෙන්නෙක් වගේනේ වැඩ (නි)
වැරදිලාවත් වැලිකඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අසනීපවෙලා මේ දොස්තරවරියගෙන් බෙහෙත් ගන්න ගියොත් එහෙම, ඒ මනුස්සයට මොනවා වෙයිද? (නි)
වැඩේ නම් වැරදියි තමයි. නමුත් ඉතින් අපේ පොලීසියටත් දැනෙන්නේ නම් මේ විදියට සැළකුවොත් තමයි (නි)
මේ දෙන්නටම තිබෙන්නේ පුදුම ගතිගුණ. ඇපත් නැතුව දාන්න ඕනෑ කූඩුවට (නි)
ලොකුවට උගත්කම තිබුනට උපන් ජන්ම ගතිය නැතිවෙන්නේ නැහැ (නි)
චුදිතයින්ගේ නම් පළකිරීමෙන් කරන ලද සේවයට ලංකාදීපයට තුති! දැන් අපි දන්නවා කා ළඟටද යන්න ඕනෑ නැත්තේ කියලා. අනිත් අයටත් පාඩමක් මේක. (නි)
අයියෝ ලංකාවේ පොලිසිය ගැහැණුන්ගෙනුත් ගුටිකනවා. ඇත්ත කතාව මීටවැඩිය ගොඩක් වෙනස් කතාවක් වෙන්නත් පුලුවන්. කොහොමටත් පොලිසියේ අය කතා කරන්න දන්නේ නැහැ. අනික පොලිසිය ඇතුළට ගියාම හිතන්නේ එයාලට වැඩිය කවුරුවත් නැහැ කියලා. (නි)