
(අංජුල මහික වීරරත්න)
චීන රජයේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු පොලිස් නිල ඇඳුම් රෙදි තොගයක් නිල වශයෙන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව වෙත බාරදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
එම පරිත්‍යාගයට අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන් මහතා විසින් ජනාධිපතිවරයා ඉදිරියේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා වෙත බාර දෙනු ලැබීය.
අනතුරුව ජනාධිපතිවරයා එම පරිත්‍යාගය නිරික්ෂණය කිරීමට ද එක් විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීයා...!! විලි ලැජ්ජාවේ පණයනවා.. ඔය අනුන්ගෙන් රෙදි ඉල්ලගෙන අඳිනවට වඩා හොඳ නැද්ද, පොලිසියට අමුඩ පැළඳීමට අවසර දුන්නා නම්.. මුදල් පිරිවැයත් අඩුයි. අනික ඉතින් දේශීය අනන්‍ය තාවයකින් යුත් අපේම හෙළ යක්ඛ පුතුන්ගේ ජාතික අඳුමනේ..
පොලිසිය ඇඳුම් ඇන්දත් කොහොමත් නිරුවතින්
සූත්තර පුංචා ටයි, කෝට් ඇඳගෙන පොලීසියට හිඟමනේ යනවා. මේ වගේ අපතයින්. රනිල් අමුඩයක් ගහගෙන ඕක ගත්තා නම් තමයි හොඳ...