යතුරුපැදි කරුවකුගෙන් රුපියල් 2000 ක අල්ලසක් ගත්තැයි කියන කාත්තන්කුඩ් පොලීස් සැරයන් මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමදුල්ලා රුපියල් 2000 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
කාත්තන්කුඩි පොලීසියේ සියලු දෙනා ශාලාවකට කැඳවා දණ ගස්වන ලදැයි කියන සිද්ධියට හේතු වුයේද මේ සිද්ධීයයි.
අල්ලස ගෙන ඇතැයි කියනුයේ යතුරු පැදිකරුට රක්ෂණ සහතිකය හා රියදුරු බලපත්‍රය නොමැතිවීම නිසා යැයි අධිකරණයේදී කියැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපරාදේ ඇප දුන්නේ , තව ටික දවසක් ඇතුලෙම තියන්න තිබුනේ හැදිලා වරෙන් කියලා.(නදී)
දැන් එතකොට ලංකාවේ පොලිස් නිලධාරියෙක් පගාවක් ගත්ත පළවෙනිම අවස්ථාව මේකද ? (ස)
ආපහු වැඩට ගිය දවසටනේ නියම වැඩේ බලන්න තියෙන්නේ? අර අල්ලස් ගන්න ගිහින් රිමාන්ඩ් එකට ගිය විදුහල්පති තුමාට වුණුදේම වෙන්නත් බැරි නැහැ. (නි)
ගුනවර්දන , පගාව විතරද ? රටේ සාමය නීතිය රකින්න ඉන්න නිලධාරින්ව දණ ගස්සපු එක... (ස)
අනේ මෙහෙමත් මිනිස්සු ඉන්නවනේ.(නදී)
ලංකාවේ රථවාහ නීතියට අදාලව ඔබ පදවන වාහනයේ සියලු ලිය කියවිලි ඇත්නම් පොලිස් මහත්තුරුන්ට සල්ලි දෙන්න වෙනවද? ඔය කතාවේ හැටියට ඔය යතුරුපැදිය පදවපු කෙනාටත් නඩුවක් දාන්න වෙනවා. (දී)
කොහොමහරි අන්තිමට යතුරුපැදිකාරයෙකුට පුළුවන් වුණා ඩී.අයි.ජී. කෙනෙකුව මාරු කරලා යවන්න. (නි)
අනේ අපේ පොලිසියට ගිය කලක්. (නි)
පොලීසිය වහාම පොලිෂ් කළ යුතුයි! (නි)
ඩී.අයි.ජී. මොකටද උසාවියේ වැඩ කරන්න ගියේ?පොලිසියේ අය කොහොමත් ඔහොම තමා. ඉල්ලන් කනවානේ. (නි)
ඔහොම යමු (නි)
මම මොකුත් කියන්නේ නැහැ (දී)
පහුගිය දවස්වල සමහරු වැඩ දැම්මා වැඩියි කැපී පේන්න (නි)
අනේ ඉතින් බෑණත් පරදීද? නාම යෝජනා නොලැබේද? ඕකනේ මම පන්සල් යන්නේ නැත්තේ. (නි)
ගුරුවරුන්ව දන ගස්සවන එකේ මේවත් වැඩද (අ)