ඡන්ද උණුසුමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියයකට අධික පිරිසක් හිටි ගමන් බ්‍රහස්පතින්දා (20) මාරු කරනු ලැබ සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොසිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුයේ  ස්ථානාධිපතිවරුන් 85 දෙනකු ඇතුළු නිලධරයින් පිරිසක් මාරු කළ බවයි.

නාම යෝජනාබාර දීමට පෙර ඔවුන් මාරු කැර ඇති බවත් එහෙයින් මැතිවරණ කොමසාරිස්ගේ අවසරය අවශ්‍ය නැති බවත් ඔහු කියයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සිකුරාදා (21)  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවී කනස්සල්ල පළ කැර ඇත.පොලිස්පති සමඟ සාකච්ඡා කරන බවත් මාරු කළ අයගේ නම් ලයිස්තුවක් ලබා ගන්නා බවත් දේශප්‍රිය මහතා ඔවුන්ට කියා ඇත.පොලිස්පතිගේ අවසරය නැතිව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් මහින්ද බාලසුරියගේ නියෝගයෙන් ඔහු මාරු කැර ඇතැයි දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියති.