IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පොලීසියේ සියයක් මාරු

ඡන්ද උණුසුමත් සමඟ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු සියයකට අධික පිරිසක් හිටි ගමන් බ්‍රහස්පතින්දා (20) මාරු කරනු ලැබ සිටිති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොසිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුයේ  ස්ථානාධිපතිවරුන් 85 දෙනකු ඇතුළු නිලධරයින් පිරිසක් මාරු කළ බවයි.

නාම යෝජනාබාර දීමට පෙර ඔවුන් මාරු කැර ඇති බවත් එහෙයින් මැතිවරණ කොමසාරිස්ගේ අවසරය අවශ්‍ය නැති බවත් ඔහු කියයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක් සිකුරාදා (21)  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා හමුවී කනස්සල්ල පළ කැර ඇත.පොලිස්පති සමඟ සාකච්ඡා කරන බවත් මාරු කළ අයගේ නම් ලයිස්තුවක් ලබා ගන්නා බවත් දේශප්‍රිය මහතා ඔවුන්ට කියා ඇත.පොලිස්පතිගේ අවසරය නැතිව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම් මහින්ද බාලසුරියගේ නියෝගයෙන් ඔහු මාරු කැර ඇතැයි දේශපාලන පක්ෂ නියෝජිතයෝ කියති.

 

 

 

 

 



අදහස් (0)

පොලීසියේ සියයක් මාරු

බෙනට් Sunday, 23 November 2014 10:53 AM

නොදකිනා , නොදන්නා ,අත් නොදුටු විදේශ කුමන්ත්‍රනයයෙන් නොව ඇස පනාපිට දකිනා, අත්විඳිනා දේශීය දේශප්‍රේමී මුහුණුවරින් සිටිනා දේශීය කුමන්ත්‍රණයෙන් ගැලවෙමු (නදී)

:       0       0

ඇසිලින් නෝනා Sunday, 23 November 2014 02:35 PM

පැන්න මාළුවා නටනවා. හෙට අනිද්දදට මැස්සෝ වහනවා. (නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 23 November 2014 05:45 AM

ඒකාදිපති යුගයකට යනවා කියල දැන්මම තේරෙනවනේ.(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 05:46 AM

බෙන් අලි,ගඩාෆි ඡන්දෙ කාලෙත් ඡන්ද වලින් විශිෂ්ඨ ලෙස ජය ලැබුවෙත් ඔය ආකාරයට තමයි.ජනතා අදිකරණය තීරණය කරාවි.(දිල්)

:       0       0

තිලක් ඩුබායි Sunday, 23 November 2014 05:47 AM

මොකක්ද අපේ මාතෘ භූමියට සිද්ද වෙන්න යන්නේ.(දිල්)

:       0       0

සමන් Sunday, 23 November 2014 05:53 AM

පරාජය නියතයි. (ස)

:       0       0

සුරංග Sunday, 23 November 2014 05:55 AM

මොකද මේ අපේ රටට වෙලා තියෙන්නේ? (නදී)

:       0       0

දිලංක Sunday, 23 November 2014 06:10 AM

දැනටම බයවෙලා (නදී)

:       0       0

සරත් Sunday, 23 November 2014 06:15 AM

ලේකම් ලඟ නීතියත් නැහැ සාමයත් නැහැ. කොහෙන්ද මෙයාට මෙච්චර බල තල. (නදී)

:       0       0

කල්හාර Sunday, 23 November 2014 06:37 AM

ප්‍රකාශක තව මාස කිහිපයකින් කොහේ නවතීද (නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 23 November 2014 06:44 AM

මෙවර ඡන්දය දෙවන ලෝක මහා යුද්දයක් වෙනවා.අනිවාර්යෙන්ම. (ස)

:       0       0

තිලක් ඩුබායි Sunday, 23 November 2014 06:45 AM

හොදින් හෝ නරකින් දිනන්නයි බලන්නේ.ජනතා අදිකරණය තීරණය කරවී. (ස)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 06:46 AM

මිනීමරු ප්‍රභාකරන්ගෙන් රට රැක ගත්තට වඩා ලොකු යුද්දයක් කරන්න සිද්ද වේවි. (ස)

:       0       0

කමල් Sunday, 23 November 2014 06:46 AM

කටුනායක මිනිස්සු මරලා වගකීම බාර අරන් ඉල්ලා අස් වෙච්ච කෙනාව ලේකම් කලේ කවුද ? (ස)

:       0       0

වීරසිංහගේ ප්‍රියන්ත වීරසිංහ Sunday, 23 November 2014 06:51 AM

ඉතාම නිදහස් සාමකාමී මැතිවරණයක් තියන්නයි මේ හදන්නේ (නදී)

:       0       0

වීරසිංහගේ ප්‍රියන්ත වීරසිංහ Sunday, 23 November 2014 06:52 AM

මොනදේ කළත් මේ පාර නම් සොරිම තමයි (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 06:56 AM

ඔය ලේකම්ගේ දුවගේ විවාහ මංගල්‍ය පැවැත්වුනේ ලෝකයේ දන කුවේරයන්ට පමණක් වියදම් කරන්න පුලුවන් රජ මැදුරක් වැනි අබුඩාබි යේ "එමිරේට්ස් පැලස් " කියන තරු 7 හොටෙල් එකේ. සල්ලි කොහෙන්ද? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 06:56 AM

දැනටම බය වෙලානේ. මේ විදිහට රටේ ඡන්දයක් තියල වැඩක් නැහැනේ. (නදී)

:       0       0

මොරිස් Monday, 24 November 2014 02:06 AM

මෙහේ මම ඉන්න සුවාසිලන්තේ නම් ඉස්සෙල්ලම දුවලා දුවලා ගිහින් ශ්‍රේෂ්ට කියන අධිකරණයෙන් මතය විමසන්න පුළුවන්. ඊට පස්සේ බඩු ෂුවර්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 06:59 AM

මෙහෙම කරලද ඡන්දෙ දිනන්න හදන්නේ. ලැජ්ජයි, ලැජ්ජයි (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 07:01 AM

එ්කාධිපතියෙකුගේ සපත්තුවට යට වෙනවද කියල හිතන්න කාලය ඇවිත්. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 12:55 PM

මෙහෙම ඡන්ද තියල කොහොම අප්පා කටක් ඇරලා ලෝකෙට කියන්නේ ඔන්න අපි සාධාරණ ඡන්දයක් තිබ්බ කියල. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 12:57 PM

පවිත්‍රා මැතිනිය සමග තිබුන සම්මුක සාකච්චාවක් අන්තර්ජාලයේ තිබෙනවා. පුලුවන් නම් බලන්න තමන්ගේ මතය කියන ආකාරය ගැන. ලැජ්ජයි. (නදී)

:       0       0

සෝබනා Sunday, 23 November 2014 12:57 PM

ඔය මොනවා කලත් මෙදා සැරේ නම් ලොක්කට ගෙදර යන්නම වෙනවා අවරුදු දෙකකට කලින්ම. (නදී)

:       0       0

සේන Sunday, 23 November 2014 07:35 AM

මේක අපේ රට හරි මගට ගන්න අපිට ලැබෙන අන්තිම අවස්තාව. අපි මෝඩයෝ සහ වන්දිභට්යෝ වුනොත් අපේ අනාගත පරම්පරාව අපිට සාප කරයි. (නදී)

:       0       0

ඉසුරන්දි දෝහා Sunday, 23 November 2014 07:40 AM

ඇත්තටම සාධාරණ මැතිවරණයක් බලාපොරෝත්තුවිමත් දැන් සැක සහිතයි. පවිත්‍රා මැතිනිය මේ කලබල අස්සේ එයාගේ අමාත්‍යංශයේ අස්ථිර සේවකයෝ 5000ක් ස්තිර සේවයේ යොදවනවලු. මේවා ඔක්කොම ඇයි මේ ඡන්ද කටමුලම කරන්නේ හදන්නේ. කාව රවටන්නද ඔය වැඩ කරන්නේ. අනේ අපේ රටේ දේශපාලනයකට ගිය කලක් (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 23 November 2014 07:49 AM

ඔය මොනවා කලත් මෙදා සැරේ නම් ලොක්කට ගෙදර යන්නම වෙනවා.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 23 November 2014 08:58 AM

විපක්ෂයෙන් පනින අයට ගෙවන මුදල කෝටි 50-100 දක්වා වැඩි කරලා. මොකෝ කුබුරෙන් එන අදායමෙන් ගෙවනවා කියලද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 736 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site