උසස් ගණකාධිකරණ පාඨමාලා සිසුන්ගේ උද්ඝෝෂණය විසුරුවා හැරීමේ දී පොලිසිය තම සිමා ඉක්මවා කටයුතු කර ඇතැයි තහවුරු වූ බව ජාතික පොලිස් කොමිසම පවසයි.
ජාතික පොලිස් කොමිසමේ ලේකම් එන්.ආරියදාස කුරේ මහතා පවසන්නේ එම පරීක්ෂණය සඳහා පත්කළ ත්‍රි පුද්ගල කමිටු වාර්තාවට අනුව පොලිස් පරීක්ෂක තනතුරින් පහළ නිලයන්ට අයත් පොලිස් නිලධාරින්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට දැනුම් දි ඇති බවයි. ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිගේ සිට පොලිස් පරීක්ෂකවරුන් දක්වා නිලදාරීන් සම්බන්ධයෙන් කුමන පියවර අනුගමනය කරන්නේ ද යන්න පිළිබද ඉදිරි දිනක යළි රැස්වී තීරණය කරන බව ද ජාතික පොලිස් කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කාටද මෙහෙම එකක් වුණා කියල මතක .දැන් ඉතින් තව කාට හරි ඔලුව පැලෙන්න දෙන්න අවසර තියෙනවා .අනේ මෙහෙමත් රටක් (බ)
කොහොමත් සීමාව ඉක්මවල තමයි පොලීසිය වැඩ කරන්නේ(රේ)
ඉගන ගන්න බැරිව පොලිසියට බැඳුන මෝඩ පුතාල විශ්ව විද්‍යාලයට ගිය කොල්ලන්ට පහර දෙන්නේ මහත් ද්වේෂයකින් බව ලංකා ඉතිහාසය පුරා ලියවී තිබෙනවා!! (අ)
චන්ද්‍ර. ඔයා ඉන්නේ වැරදි තැනක. පොලිසියේ ඉන්නේ මෝඩ පුතාලනම් ඒකට වග කියන්න ඕනිත් ඔයත් එක්කම මුළු සමජයමයි. ඒගොල්ල ආවේ උඩින් නෙමෙයිනෙ. ඔයා දන්නවද මෙවර පොලිසියේ රාලහාමි තනතුරට උපාධි කාරයෝ 160 ක් ඉල්ලුම් කරලා තියෙනවා. (අ)
පොලීසියට නීතිය විරක් නොවේ සදාචාරයත් උගන්නන්න ඕනේ. නියෝග දුන් කෙනාත් වැරදියි (බ)
පොලිසියට බැඳෙන ඔක්කොම එකවගේ නොවෙයි. පොලිස් පොඩ්ඩන් අත තිබෙන බැටන් පොල්ල ඒ අය එදා විතරක් අතටගත් ඒවා නොවෙයි. ඒක පොලිස් සංස්කෘතියේ ආයුධයක්. පහත තැනින් යයි ගලා ජලේ! (නි)
නිරායුද මිනිසුන්ට මාරාන්තික විදියට පහරදීම නම් මොනම උගත් සාමාජයකවත් පිළිගන්නේ නැහැ , විශේෂයෙන් යහපාලනයක් පවතින මෙවන් මොහොතක (බ)
අපි නම් දැක්කේ පොලිස් මාමලා ඇඳ වැටුණු නංගිලාට නැගිටින්න බැටන් පොල්ලෙන් උදව් කරනවා , පොලිසියට මඩ හගන්න එපා (හේ)
පොලිස් පොඩ්ඩෝ තමයි අන්තිමට වැරදි. මේවා හොඳ පාඩම්. ඉල්ලීම් දිනාගන්නත් ක්‍රමයක් තිබෙනවා, කාටවත් හිංසාවක් නොකර. (නි)
ශ්‍රී ලංකාව නම් කුඩා දුපතේ චණ්ඩිකම් කරන පොලිසිය, ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකින් හා ගුණාංග වලින් නවීකරණය වියයුතුයි. උගත්, බුද්ධිමත්, විනීත,ශක්තිමත් සහ නිරෝගී යහපත් පුරවැසියන්ගෙන් පමණක් සමන්විත නව පොලිස් සේවයක් දැන්වත් ස්ථාපනය කළයුතුයි. (නි)
ඇයි පොලිස් පොඩ්ඩන්ට විතරක් එක නීතියක්. ලොක්කන්ටත් දඬුවම් කරන්න. (නි)
ඇයි පොලිස් පරීක්ෂක නිලයෙන් පහළ අයට විතරක් දඬුවම් දෙන්නේ? අපි හොඳටම දැක්කනේ අර ගැහැණු ළමයාට පහරදුන් කෙනා මොනවගේද කියලා (නි)
අපි බලමු සිද්ධවෙන දේ... (නි)
එතකොට නියෝග දුන් කෙනා වරදකරුවෙක් නොවේද? (නි)
පොලිසියට වුණත් ඉවසීමේ සීමාවක් ඇති බව අප සිතිය යුතුයි (නි)
පොලිස් ඇඳුම ඇන්දහම සමහරු හිතන්නේ එයාලට උඩින් කවුරුත් නැහැ කියලා (නි)
ස්තුති මෙයාලට දඬුවම් දෙන්න (රේ)