තලංගම සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වා ගෙන ගිය ස්ථානයක් වැටලු පානදුර වලානේ දුෂණ මර්දන පොලිසිය තරුණියක (20) හා කළමණාකරු අත්අඩංගුවට ගත් බවත් එදිනම වැඩ බාරගත් බව කියන තරුණ වෛද්‍යවරියකගේ ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇය මුදා හළ බවත් පොලිසිය කියයි. එම මධ්‍යස්ථානය එක් පාරිභෝගිකයකුගෙන් රුපියල් තුන් දහසක් අය කරන බව ද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ ගණිකා වෘත්තිය නීතිගත කළා නම් අපේ රටේ බොහෝ දූෂණ,අපචාර ක්‍රියා වගේම මෙවන් නීතිවිරෝධී ක්‍රියාද අඩුවෙයි කියලයි (නි)
ලංකාවේ ආකල්පමය වෙනසක් සිදුවීම අවශ්‍යයි (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්න අමාරුයි (නි)
ලෝකයේ පැරණිම වෘත්තීය නීතිගත කිරීම මඟින් ලිංගික අපචාර අවම කරගත හැකිවේ යැයි මමද සිතමි. (නි)
ගෞරියෙල් සමඟ එකඟවෙමි. (නි)
කොච්චර නීතියෙන් සීමා පැනෙවුවත් මේවා සීමාකරන්න හරිම අමාරුයි (නි)
පැරණිම වෘත්තිය නීතිගත කළාට ප්‍රශ්න විසඳෙන්නෙ නැහැ. අළුත් ප්‍රශ්න ඇතිවෙනවා විතරයි. උදා :- 1. කඩවල කෑම හිඟ නැහැ. ඒත් කන්න නැති මිනිස්සු ඉන්නවා. 2. බස්, කෝච්චි හිඟ නැහැ. ඒත් ටිකට් නොගෙන හොරෙන් යන අය ඉන්නවා. තේරුම් ගන්න. ගැටළුව ඇත්තේ මෙම සේවාවේ හිඟය මත නෙමෙයි. සල්ලි නැතිකම මත නොවෙයි. (නි)
එක අතකින් අපරාද කරුවන්ට මරණ දඩුවම නීතියෙන් තීන්දු වුණොත් එය ක්‍රියාත්මක කළ යුතුයි් එ් වගේම අපරාද වළක්වගන්න ක්‍රමයක් තිබිය යුතුයි. (ම)
ඕක මුළුමනින්ම නවත්වන්න අතීතයේදීත් බැරිවුණ එකේ රාළහාමිලා කොහොම කරන්නද? අනික සම්බාහනය කොයිතරම් හොඳ දෙයක්ද? (නි)
හපෝ! දැන් ඉතින් කොයිවෙලේ පොලිසියෙන් එයිද කියලා බයයි (නි)