සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් පඔහින්න හන්දියේදී උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක හා නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකට මග හරස් කළැයි පොලීසියෙන් අද (06) ජල ප්‍රහාරයක් එල්ල විය.
සරසවියේ උත්සව කිහිපයකට පැමිණ සිටි ඔවුනට පඹහින්නේදී බාධා ඇති වුයේ එහි උද්ඝෝෂණයක නිරත වී සිටින සරසවි සිසුන්ගෙනි. සිසුන් පවසනුයේ පොලිසිය කඳුළු ගෑස් ද ගැසු බවයි. නමුත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.
ඇමැති සරසවි ගොඩනැගිල්ලට මුල්ගල් තබා වලව කාන්තා නේවාසිකාගාරය ද විවෘත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විශ්ව විද්‍යාල සිසුන් වහාම මර්ධනය කල යුතුයි. මේ කරන්න හදන්නේ රටේ නිදහස් අධයාපනය විනාශ කරන කුමන්ත්‍රණයක්. (නදී)
මේ රටේ තියෙන්නේ පොලීසියක් නොවේ පාතාලයක් (නදී)
මේක මොන විහිලුවක්ද? මේ කොල්ලෝ කෙල්ලෝ බොරුවට දඟලනවා. අපි කැම්පස් යන කාලේ තිබුණ පහසුකම් කතා කරලා වැඩක් නැහැ. මේවා මේ නිකම් තරහට කරන පිස්සු වැඩ. (නි)
සේන, ඔබතුමාගේ කතාව හරියටම හරි. (නි)
මහරගම සෝමරතන. ඔබගේ කටට මසුරන් දාන්න වටිනා කතාවක්. සත්තකින්ම පොලිසියක් නොවෙයි පාතාලයක්. (නදී)
සුද්දන්ට රට යටත් වෙලා තිබෙන කාලේදී විනෝදයට අලින්ට වෙඩි තියල මරපු සුද්දගේ වලටත් අවරුද්දකට සැරයක් හෙන ගහනවලු. ඒ වගේ තමයි අපේ රටේ නිදහස් අධ්‍යාපනය විනාශ කරපු/අනාගත දරු පරම්පරාව අනාත කරපු අයටත් හෙනම ගහනවා. කවදා හෝ දවසක සිද්ද වෙනවා. (නදී)
වීඩියෝ දර්ශණයෙන් නියම දේ පේනවා. ඇමති බේර ගන්න පොලිසිය කොල්ලන්ට ගහනවා. ඇමති ආපසු යන්නේ හොර පාරකින්(නදී)
දිනෙන් දින නිදහස් අධ්‍යාපනයේ අංග ඉවත්කරමින් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා මාර්ග විවර කරන බලධාරින් හා උරෙනුර ගැටෙමින් විශ්ව විද්‍යාල තුළ හෝ නිදහස් අධ්‍යාපනය රැකගැනීමේ වටිනාකම වැටහෙන්නේ පාසලකට සිසුන් ඇතුළත් කිරීමේදී දෙමව්පියන්ගෙන් මුදල් ලබාගන්නා ආකාරය දකින විටදීය. තවද පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් මෙවැනි උද්ඝෝෂණ අවම කළ හැකිය යන මතය පැමිණ තිබේ. ඉංජිනේරු උපාධියකට ලක්ෂ 60ක් වෛද්‍ය උපාධියකට ලක්ෂ 80ක්(මසකට රුපියල් ලක්ෂ 2ක්) ගෙවීම සමහරෙකුට ගැටළුවක් නොවිය හැක. නමුත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට එය ළඟාවිය හැකි ඉලක්කයක්ද? (නි)
කන්නන්ගර උතුමා අද හිටියා නම්...? දුප්පත් සිසුන්ට උසස් අධ්‍යාපන වරම සමව ලබාගන්න හඳුන්වා දුන් වටිනා සංකල්පයට මේ මොකද වෙන්නේ? "හැමදේම අපිට දියවු. අපිට අරක නැහැ. මේක නැහැ. හැම අඩුපාඩුවක්ම සපුරා දියවු.ඉන්න දියවු.කන්න දියවු.නිදහස් අධ්‍යාපනය දුන්නා නම් අපිට රස්සාවකුත් අනිවාර්යයෙන් දියවු.." මේක තමයි අද නිදහස් අධ්‍යාපනයේ නවතම අර්ථ දැක්වීම. දුකයි මහත්තයෝ (නි)
කොල්ලෝ ටිකට වතුර ගැහුවට නාල තියෙන්නේ ඇමති දෙපොල නේ? (නදී)
දුප්පත් සිසුන්ට සමාජ වෛරය හීනමානය ඇතිකරලා මේවා කළොත් වීරයො වෙනවා කියලා රවටා, පටු අරමුණු ඉටුකරගන්න මේවා කරවන එක වැරදියි කවුරු වුණත් (නි)
කමක් නැහැ. නොමිලේම නාගන්නත් ලැබුණානේ! (නි)
අපේ ළමයින්ටත් තිබුණා මීටවැඩිය ඉවසන්න (නි)
අනේ මෙහෙමත් රටක්! (නි)
අපරාදේ! ජලය නාස්ති වෙනවා.මේක නිකන් හරියට වතුරේ බෝට්ටුවක් ගියා වගෙයි. වාහනය යද්දී ඉස්සරහ කට්ටිය අයින්වෙනවා. පස්සේ කට්ටිය නැවත එකතුවෙනවා. (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කල ගරු අැමතිතුමාට ජයවේවා. මුළු උසස් අධ්‍යාපනයම පෞද්ගලික කිරීමට එතුමාව නැවත පත් කර ගනිමු. (නදී)
නිකන් දෙන දෙයක්වත් ගන්න අපේ ළමයි දන්නෙ නැහැ (නි)
පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් මෙවැනි උද්ඝෝෂණ අවම කළ හැකිය. (නදී)
අනේ බන්දුල පෙරේරා, ඔක්කොටම කලින් කියන්නකෝ ඔයා කොයි විශ්ව විද්‍යාලයේ භෝජනාගාරයේද සේවය කළේ කියලා? (නි)
අන්තරේට කාලෙකින් බිල්ලක් ගන්න බැරි උන හින්දා ඒකට උපරිම උත්සාහ කරනවා. (නදී)
මොනවා වුණත් සිසුන් කලබල කළ එක වැරදියි (නි)
ඇමතිවරයාගේ කට මෙන්ම ඇතැම් ක්‍රියාද පිළිකුලක්. නමුත් එතුමාට විශ්ව විද්‍යාලයට පැමිණෙන්නට අයිතියක් තියෙනවා. මුදා නොගත් කලාප නෙවෙයිනේ. (නදී)
තමන්ට නොමිලයේ ලැබෙන දේවල් වලත් ඇදකුද හොයන්නේ ඇයි දරුවනේ? (නි)
ඇත්තටම සබරගමුවේ සරසවි සිසුන් නාන්නේ නැද්ද ? (නදී)
සිසු උද්ඝෝෂණ ගැන ඇමතිතුමාගේ ප්‍රතිචාර මොනවද? (නි)
සබරගමුව කියන ලස්සන සුන්දර විශ්ව විද්‍යාලය විවිධ බංකලොත්කරුවන්ගේ අම්බලමක් බවට පත්වෙලා.කට්ටිය නිදහස් අධ්‍යාපනයේ වරප්‍රසාද භුක්ති විඳිමින් පුර්ණකාලිනව බංකලොත් දේශපාලනයට කඩේයන ගමන් සරසවියේ නිදහසේ ඉගෙනගන්න සිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතිවාසිකම් සහ මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කරමින් කරන මේ ක්‍රියාදාමය තවදුරටත් වර්ධනය වීමට ඉඩ නොතැබිය යුතුයි. සියලු සිසුන්ගේ යහපත වෙනුවෙන් ජාතික යුතුකමක් සේ සළකා මේ පිළිල ඉවත්කර මේ සුන්දර සරසවිය යථා තත්වයට හැකි ඉක්මනින් පත්කරන්න බලධාරින් දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතුයි (නි)
අනේ මන්දා මේ ශිෂ්‍ය අරගල කවදා නිමාවෙයිද කියලා (නි)
කන්නන්ගර උතුමාණන් අද හිටියා නම්... (නි)
නිදහස් අධ්‍යාපනය අන්තරේ අන්තවාදීන්ගෙන් බේරා ගත යුතුයි. දුප්පත් දෙමව්පියන්ගේ මුදල් නාස්ති කරලා දරුවන්ට පිස්සු කරන්න දෙන්න බැහැ.(නදී)
මෙවැනි හෝ සිසු පිරිසක් නැති නම් නිදහස් අධ්‍යාපනේ මළගම සිදුවෙලා ගොඩක් කල්. (නදී)
අන්තරේ අය ඔවුන්ගේ ජිවිත විනාශ වුණා කියල අනෙක් සිසුනුත් වලට දානවා (නදී)
ඔයාලගෙ අම්මලාට තත්තලාට කියන්න මතක් කරල මෙතුමන්ලට ඊලඟ පාරත් ඡන්දය දෙන්න කියලා. (නදී)
ඇයි සිසුන්ට මෙහෙම කරන්නේ? (නි)
තම අතීතය වල දමා," තමුන් ඉහලට නැගි ඉනි මඟ වන නිදහස් අධ්‍යාපනයට පයින් ගසන" මෙවන් දුර්ජනයින් පලවා හරිමු. (නදී)
මෙයාල ඉක්කමනට උපාධිය ඉවර කරගන්නේ නැතුව බොරු වැඩර්ජන කරනවා. ඒකෙන් වෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලවල අය ඉක්මනට උපාධිය ඉවර කරලා රැකියා වලට යන එකයි (නදී)
වතුර ගැහුවට නම් ප්‍රශ්ණයක් නැහැ. 88 නම් ටයර් තමා හම්බ වෙන්නේ දැන් අය දන්නේ නැහැනේ. (නදී) .
සබරගමුවේ කට්ටියේ උෟවේ පෝස්ටර් කොන්ත්‍රාත් එක කරලා එන ගමන් වෙන්න ඇති ඇමති තුමා හම්බ උනේ. මේ සරසවිය නම් සුද්ධ කල යුතුයි ඉක්මනින්. නැත්නම් ළමයෙකුට නිදහසේ මේ සරසවියෙන් අධ්‍යාපනයක් ලබන්න වෙන්නේ නැහැ. මේක දැන් බංකලොත් දේශපාලුවන්ගේ අම්බලමක් වෙලා. (නදී)
මේ අන්තරේ කොල්ලන්ට රජය බුරුල දෙනවා වැඩියි. මේ ගොල්ල බහුතර සිසුන්ගේ කාලය කනවා. සුළුතරයට බහුතරය යටවෙලා. මේ ගොල්ලන්ට දැඩි දඩුවම් දෙන්නේ නෙතුව මේක හදන්න බැහැ. (නදී)
පොලිසියට ලොකු වැරදීමක් වෙලා. නාවන්න ඕනා අර දෙන්නවනේ. දැන් මක් කොරන්නද? මීලග ඡන්දෙදි බලමු නේද (නදී)
මේ ප්‍රශ්න ඉක්මණින් ඉවරයක් කරන්න (නි)