IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


‘පොලිසියේ වරදක් නෑ‘ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඇඹිලිපිටියේ දී තුන් මහල් ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයකු මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියේ ගැටළුවක් මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

‘අධික ශබ්දය නිසා තමන්ට බාධා වන බව කියමින් පසුගිය හතර වැනි දා රාත්‍රී 11.20ට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීට දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. ඒ අනුව ඔහු ඒ බව ඇඹිලිපිටිය පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් ජංගම රථය එම ස්ථානය ගියා.

එය තුන් මහල් ගොඩනැගිල්ලක්. එහි පළමු මහලේ බැංකුවක් තිබෙනවා. දෙවැනි හා තුන්වැනි මහලේ ඉන්නේ ගොඩනැගිල්ලේ හිමිකරුවන්. පොලිසිය යන විට එහි සාදයක් පැවැත්වෙමින් තිබුණා. අධික ශබ්දය අඩු කරන ලෙස උපදෙස් දී පොලිසිය නැවත පැමිණ තිබුණා.

ඉන් පසු නැවත අලුයම 12.10ට පමණ පොලිසියට දුරකතන ඇමතුමක් ඇවිත් තිබෙනවා එම ගොඩනැගිල්ලේ ගැටුමක් ඇති බව. නැවතත් 12.15ට පමන ඇමතුමක් ලැබී තිබෙනවා ගොඩනැගිල්ලේ සිට පාරේ යන වාහනවලට වීදුරු බෝතල්වලින් දමා ගසන බවට.

රාත්‍රී 12.30ට මිරිහානේ 119 හදිසි ඇමතුම් අංකයටත් දුරකතන ඇමතුමක් ලැබී තිබෙනවා. ඔවුන් 12.32 වන විට එය ඇඹිලි පිටිය පොලිසියට දැනුම් දෙනවා. ඉන් පසු නැවතත් පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ජංගම රථයෙන් එම ස්ථානයට ගොස් තිබෙනවා.

ඔවුන් එහි යන විට කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් පොලිස් නිලධාරීන්ටට පහර දෙද්දි එක් පොලිස් නිලධාරියෙක් එතැනින් පැනගෙන පොලිසියට පැමිණියා. ඔහුගේ නිල ඇඳුම් පවා ඉරී තිබූ බව සඳහන් වුණා.

ඒ සමගම සහකාර පොලිස් අධිකාරී, මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු පිරිසක් එම ස්ථානයට ගියා. මූලස්ථාන පොලිස් පරීක්ෂකටත් පහර දී තිබෙනවා. ඔහුට මැහුම් 06ක් දමා තිබුණා.

පොලිසියේ පිරිස් පැමිණීමත් සමග සාදයේ සිටි පිරිස් දුවද්දි එක් පුද්ගලයකු තුන්වැනි තට්ටුවෙන් බිමට පැන තිබෙනවා. ඒ මොහොතේම ඔහු රෝහල් ගත කළා.

කලහකාරී ලෙස හැසිරුණු පස් දෙනකු ඒ අවස්ථාවේමත්, තවත් තිදෙනකු ඉන් පසුත් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ජනවාරි 11 තෙක් රිමාන්ඩ් කළා.

තුවාල ලැබූ පොලිසියේ හය දෙනකු කටුවන හා කුට්ටිගල රෝහල්වලට ඇතුළත් කළ අතර තවමත් දෙදෙනකු ප්‍රතිකාර ලබනවා.

ගොඩ නැගිල්ලෙන් බිමට වැටී රෝහල් ගත කළ පුද්ගලයා මිය යෑම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළා. ඔහුගේ මරණ පරීක්ෂණයේ දී ඕනෑම කෙනකුට පැමිණ සාක්කි දිය හැකියි.

එම පිරිස කලහකාරී ලෙස හැසිරුණු බවට පාරේ ගිය ත්‍රීරෝද රියදුරකු පවා ප්‍රකාශ ලබා දී තිබෙනවා. ‘

ප්‍රදේශවාසීන් පොලිසියට එරෙහිව උද්ඝෝෂණ කරන නිසා ඇඹිලිපිටිය පොලිසියේ පිරිසක් ස්ථාන මාරු කරන්නේදැයි විමසූවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේ පොලිස් නිලධාරීන්ගේ වරදක් අනාවරණය වී නැති නිසා ස්ථානමාරු කිරීමේ සූදානමක් තවම නැති බවයි.

 



අදහස් (0)

‘පොලිසියේ වරදක් නෑ‘ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නුවන් Thursday, 07 January 2016 09:44 AM

දැන් දේවල් වලින් නම් පේන්නේ නීතිය පිළිසරණ තියෙන්නේ බලය ඇති අයට පමණක් බවයි නීතියෙන් පිළිසරණක් නැති විටයි ජනතාව නීතිය අතට ගන්නේ (ම)

:       0       0

අජිත් Thursday, 07 January 2016 07:35 AM

අනේ එතුමලා මොකුත්ම දන්නෙ නැතුව ඇති (නි)

:       0       0

විකුම් Thursday, 07 January 2016 07:40 AM

අපි බලමුකෝ කවුද හරි කියලා (නි)

:       0       0

ඔස්කා Thursday, 07 January 2016 07:53 AM

අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)

:       0       0

චන්න බුවනෙක Thursday, 07 January 2016 07:56 AM

පොලිසිය හරිද ජනතාව හරිද කියන්න දන්නේ නැහැ. ඒ වුණාට වැරැද්ද කොතනද කියලා සොයා බලන්න. පොලිසිය නිවැරදියි කියලා කියන්න කලින් අපක්ෂපාති පරීක්ෂණයක් තියන්න. (නි)

:       0       0

ලංකා Thursday, 07 January 2016 08:03 AM

අනේ! අපි නොදන්න පොලිසියනේ මේ (නි)

:       0       0

මනෝජ් Thursday, 07 January 2016 08:07 AM

රටේ නීතියක් තිබෙන බව මහජනයා අමතක නොකළ යුතුයි. (නි)

:       0       0

සුරංග Thursday, 07 January 2016 08:37 AM

පොලිස් දෙපාර්තමේන්තුවට සුදු හුණු ගගා ඉන්න ඒපා අපි ඉල්ලීම නිතිය සාධාරණය ඉටු කරන්න (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 561 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1079 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site