‘ වෙනදාට මෙවැනි උද්ඝෝෂණයකදී යොදවන්නේ පොලිසියයි. අපි ප‍්‍රශ්න කරනවා ඇයි හමුදාව මේකට යොදවන්න තීරණය කළේ. ගැමියන් මර්දනය කිරීම සඳහා හමුදාව යෙදවීමේ තිරණය කවරු ගත්තද කියන එක රටට හෙළි කළ යුතුයැයි‘ එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා ගැටුමෙන් මිය ගිය අකිල දිනේෂ් සිසුවාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණි අවස්ථාවේදී පැවසීය.
‘ජලය කියන්නේ හැමෝටම අවශ්‍ය දෙයක්. වැලිවේරියේ සහ රතුපස්වල ජනතාව මේ උද්ඝෝෂණය කළේ තමන්ට බීමට අවශ්‍ය ජලය ලබාගන්න. ඒකට ආණ්ඩුවෙන් ඇහුම් කන් දෙන්නේ නැති කොට ඒ ගොල්ලන්ට වෙන විකල්පයක් තිබුනේ නැහැ. ඒකයි පාරට බැහැලා උද්ඝෝෂණය කළේ.‘
‘ මේ ප‍්‍රදේශයේ ඇති ජලයේ ඇසිඞ් තියෙන බවයි ජනතාව කියන්නේ.‘
‘ඒ අය සතියක් තිස්සේ උද්ඝෝෂණය කළා. මේ මිනිස්සු සාමකාමීව තමයි මේ උද්ඝෝෂණ පවත්වාගෙන ගියේ. ඔවුන්ගෙන් අදාල කර්මාන්ත ශාලාවටවත්, එහි සේවකයෙකුටවත් හිරිහැරයක් වී තිබුනේ නැහැ.‘
‘නමුත් පෙරේදා ආණ්ඩුව විසින් හමුදාව යොදවලා උද්ඝෝෂණය මර්දනය කරන්න ගිහින් තියෙනවා. ඒ මර්දනය කරනකොට හමුදාව විසින් වෙඩි තිබ්බා. දැන් අවුරුදු 17 ක ළමයෙක් ජිවිතක්ෂයට පත් වෙලා තියෙනවා. තවත් උසස්පෙළ කරන ළමයකු ඝාතනය වී ඇති බව දැනගන්න තියෙනවා. මේ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.‘
මා මේ ගැන ඉතාමත්ම කණගාටු වෙනවා. ඒ ගොල්ලන්ගේ පවුල්වලට මගේ කණගාටුව ප‍්‍රකාශ කරනවා. අපේ නායකතුමත් කිව්වේ මේකට ස්වාධීන පරීක්ෂණයක් තියලා මේ රටේ ජනතාවට කියන්න ඕනේ මොකද වුනේ කියලා.‘
හමුදාව වැලිවේරියේ ගෙවල් වලටත් පැනලා ඉතාම පහත් අන්දමට පහර දීලා තියෙනවා. ඇත්තෙන්ම අපි මේ ගැන කනගාටු වෙනවා. ආණ්ඩුව මේ ගැන වග කියන්න ඕනේ.
වෙනදාට මෙවැනි උද්ඝෝෂණයකදී යොදවන්නේ පොලිසියයි. අපි ප‍්‍රශ්ණ කරනවා ඇයි හමුදාව මේකට යොදවන්න තීරණය කළේ.
උද්ඝෝෂනය මර්ධනය කිරීම සඳහා හමුදාව යෙදවීමේ ඒ තිරණය කවරු ගත්තද කියලා දන්නේ නැහැ. එය රටට හෙළි කළ යුතුයි. අපි පාර්ලිමේන්තුවේදී මේ ගැන සාකච්ඡා කරන්න ඉන්නේ ස්වාධින පරීක්ෂනයක් තියලා මෙය රටට හෙලිදරව් කරන්න කියලා මම රජයෙන් ඉල්ලනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිහානියක මග සලකුණු තමයි (නි)
මේ පාලනයට විරුද්දව ආණ්ඩුවෙන් එලියට එන ඇමතිවරු පිලි ගන්න අපි මල්මාලා අරන් බලාගෙන ඉන්නවා (දී)
මේ කළ අපරාධයට කවදාහරි වන්දි ගෙවන්න වේවි (නි)
දැයේ දරුවන් නේද මේ සමුගන්නේ? (නි)
සකච්වෙන්න් සම්මුතියෙන් විසදන්න තිබුණු ප්‍රශ්නයක් හමුදා බලය යොදා විසදන්න ගිහින් ලෝකයේ ඉන්න වනචාරී ජාතියක් හැටියට තවත් සලකුණක් තිබ්බ සකච්වෙන්න් විසදනප්‍රශ්න ස්ථිරයි බලයෙන් විසදන ප්‍රශ්න තාවකාලිකයි (දී)
දැන් නැති කතන්දර හදල කල වරද වහන්න බලයි (දී)
ප්‍රභාකරන්ලාගෙන් රටට නොවුන තරම් විනාශයක් ඉදිරි කාලයේදී වෙන්න පුළුවන් බවට ලකුණු පහළ වෙනවා වගෙයි! (නි)
මේවා මතක හිටින්නේ තව සති දෙකයි අපේ අයට.(නදී)
පොලිසිය ඉතාමත් ඉවසිල්ලෙන් කටයුතු කලා මෙම ස්ථානයට හමුදාව යැව්වේ කව්ද? මෙයට දේශපාලන හස්තය මැදිහත් වෙළද?
විපක්‍ෂයට මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්න තිබුනේ මීට කලින්. කොහෙද එයාලත් ආන්ඩුවටම කඩේ යනවනෙ. (දී)
මේක අපේ රටේ ප්‍රස්ථා පිරුලක්. කාට වත් නෙවේ මේ කියන්නේ. "බල්ලාගේ වැඩේ බූරුවා ට බාරදුන්න වගෙය්." කියලා තියෙනවා නේද? මේකත් ඒවගේ වැඩක්ද?. (දී)
මේකට පක්ෂව කතා කරන අයට මේ මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ නැද්ද
කදුළු දෙන්න මට හඩන්න සත් සමුදුරු ගොඩ ගලන්න.....පුතාට සසර වසන තුරු මෙවැනි ම්ලේච්ච රටක ඉපදෙන්ට නොලැබේව.... (දී)
මේවානම් සහගහන අපරාද. මිනිස්සුන්ට ඓතියක් තියෙනවා තමන් බොන වතුර ටිකට සටන් කරන්න. මගේ ගෙවල් ලඟත් ඔයවගේ දෙයක් තියනවා හැබැයි හමුදවනම් එවන්න එපා එකට.
මේ බණ්ඩාර දැන් හැම තැනම කියෙව්වනේ මේවා සැලසුම් සහගත වැඩ කියලා... දැන් ඇති ඕක... ඔයා ආණ්ඩු බත් බැලයෙක් බව අමුතුවෙන් ප්‍රදර්ශනය කරන්ඩ ඕන නෑ...
සැලසුම් කරලා කල වැඩක් ද
ලංකාවත් දැන් තමිල් නාඩුව වගේ වෙලා හමාරයි ! ආශ්චර්ය
අයියෝ සල්ලි මිනිස්සු මැරුණා එච්චරයි
මේ ගමේ මන්තිතුමෙක් නැද්ද? ඊළග ඡන්දෙදි මිනිසුනේ කල්පනා කරලා ඡන්දේ දෙන්න (නි)
මේ අයට බලය තියන කාලෙය්දී කරපු වැඩදැන් අමතක වෙලා වගේ රජය මේ අහින්සක මිනිසුන්ගේ පාණීය ජල ප්‍රශ්ණය විසදුවානමි මේ ප්‍රශ්ණය අවසන් වේවි. දැන් අයතු ප්‍රෙයෝජන ගන්න යන්නේ මේ අය.
මේ අයට බලය තියන කාලෙය්දී කරපු වැඩදැන් අමතක වෙලාවගේ රජය මේ අහින්සක මිනිසුන්ගේ පාණීය ජල ප්‍රශ්ණය විසදුවානමි මේ ප්‍රශ්ණය අවසන් වේවි . දැන් අයතු ප්‍රෙයෝජන ගන්න යන්නේ මේ අය. (දී)
පිරිසක් පාලනය කර ගන්න බැරි පොලිසියක්ද අපිට ඉන්නේ (දී)
පොලිසිය මොකටද හමුදාවට බාර දුන්නේ (දී)
රත්න ආණ්ඩුවට කඩේ යනව වගේ ඔයාගේ කෙනෙක්ට මෙහෙම උනානම් ජීවිතයක් අපහු ගන්න බැහැ මනුෂ ජීවිතයක අගය දන්නැති ජාතියක්
මෙම සිද්ධිය ගැන ස්වාධින පරීක්‍ෂණයක් සදහා රටම දායක විය යුතුයි. මොකක්ද මේ දෙබිඩි පිළීවත කියලත් හිතලා බලන්න. එය දේශපාලනයද
රත්නලා වගේ අයට මේවා තේරෙන්න එයාලගේ ගෙදර කෙනෙක්ට මේ දේ වෙන්න ඕනෑ (නි)
මනුෂ්‍ය ජීවිතයක වටිනාකම දන්නේ නැති මිනිස්සු ඔහොම තමා කවද හරි දවසක එයාලට එහෙම උනොත් එයාලට තෙරෙය් (දී)
ජනරාල් ෆොන්සේකා මහතාගේ සැළැස්ම නිසා යුද්ධය ජයගත්තා.එහි නම්බුව ගන්න දගලන්නේ වෙනත් අයයි (නි)
චැනෙල් 4 කියන්නේ ඇත්ත කියලා දැන් මිනිස්සු විශ්වාස කරයි (නි)
මේවාට මොනොව කියන්නද? (දී)
මෙහෙමද මේවා පාලනය කරන්නේ? මේවාට එරෙහිව නැගිසිටින්න කාලය දැන් ඇවිල්ලා. (නි)
මේවා සැලසුම් සහගත වැඩ
පොලිසියට බැරි නිසානේ ගරු මන්ත්‍රීතුමා (දී).
පවතින ක්‍රමයේ හොද තමයි ඔය (නි)
දැන් නම් අරගොල්ලන්ගේ කාලේ හරි වගෙයි. ඕක ලෝක ස්වභාවයයි (නි)
මේක කරපු කරවපු අයට හොදක් නම් නොවේවා! අනේ මේ අහිංසක දරුවන්ව මැරුවේ මොකද? අපෝ අපිට අපේ රටේ තව ඉදිරියට ජීවත් වෙන්න බැරිවෙයි. රට අත්හැරලා යන්න වෙයි වගේ. (නි)
නිවන් සුවය ලැබේවා සහෝදරයාණෙනි! (නි)
රට යන්නේ ආගාධයට. ළගදීම සුනාමියකුත් එයි. (නි)