
(ඉන්දිකා රාමනායක සහ සුනිමල් හේවගේ)
සිය සොහොයුරා නිදහස් කරන ලෙසට ඉල්ලා හිඟුරක්ගොඩ පොලිස් ස්ථානය තුළදී පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදී බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලිසිය පවසයි.
හිඟුරක්ගොඩ යටියල්පතාන ප්‍රදේශයේ පදිංචි මන්ත්‍රීවරයා ඊයේ (4) පස්වරුවේ පොලිස් ස්ථානය තුළදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත.
විදුලි බිල් නොගෙවීම මත මන්ත්‍රීවරයාගේ සොහොයුරා ගේ නිවසේ විදුලිය විසන්ධි කිරීමට ආ විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට තර්ජනය කර ඔවුන්ගේ රාජකාරියට බාධා කර , නිලධාරීන් පැමිණි යතුරු පැදියට පහරදී අනර්ථය සිදු කිරීමේ චෝදනාවට මන්ත්‍රීවරයාගේ සොහොයුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
විදුලි බල මණ්ඩලයේ සේවකයන් දෙදෙනා මේ සම්බන්ධයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිය සොහොයුරා බැලීමට මන්ත්‍රීවරයා පස්වරුවේ පොලිසියට පැමිණ ඔහුව නිදහස් කරන ලෙසට ඉල්ලා පොලිස් නිලධාරීන්ට තර්ජනය කර සාපරාදි බලහත්කාරය පෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිදු චකිතයකින් තොරව නීතිය අකුරට ක්‍රියාත්මක කරන්න. මාලිමා බලධාරීන්ගෙන් බලපෑම් නැති බව පැවසේ...
මාලිමා ඩෝබිලාට මේ සම්බන්ධව යමක් කියන්න තිබේ නම් කුණුහරුප නජිත්ගෙන් අහලා කමෙන්ට් කරන්න...
වැඩක් නෑ බොස්, සජබේ හරි, පොහොට්ටුවේ හරි මන්ත්‍රී කෙනෙක් වෙලා ඔය දේ කරන්න.. ආ අමතක වුණා ඔවුන්ගේ ආණ්ඩුවකුත් තියෙන්න ඕනේ හොඳේ...
නියමයි, නියමයි නීතියට උඩින් කිසිවක් නැහැ. ඉතිරි හරිය පක්ෂයේ විනය...
වහාම මේ සජබේ නියෝජිතයාට ආරක්ෂාව ඉල්ලලා මාධ්‍ය ප්‍රකාශයක් නිකුත්කරමු...
පොලිසියේ පොඩි තැන ඉදලා හැදෙන්න පටන් අරගෙන තියෙන බව දැනෙනවා. ඉතා හොදයි...
යකෝ මෙහෙම කරන්න පුලුවන් වුනේ පුතානෝ මහත්තයාගේ හයිය අරන්ද? තව කොහොමද මේ ගොල්ලන්ට බලය ලැබුණා නම්. අම්මට සිරි වෙන්න දෙන්නේ පොලිස් මහතැන්වලටම...
ටික ටික ඌෂ්ණය වැදීගෙන එනවා. ලැජ්ජාව නිසා ඇල්ලුවට එක ඇමතියෙක් ඉන්නවා උසාවි නියෝගයක් දීලත් රිමාන්ඩ් කරපු නැති.
ජෙප්පෝ ද මනුස්සයෝය...