දේශපාලනඥයින්ගේ හා ඇතැම් පළාත් සභා නිලධරයින්ගේ ආරක්ෂාවට කතරගම එන පොලීසියේ ඇතැම් නිලධරයින් ඔවුන්ගේ සපත්තු පවා ඔසවාගෙන යතියි කතරගමට එන වන්දනාකරුවෝ කියති.බිරියන්ද සමඟ එන දේශපාලනඥයන්ගේ පුජා වට්ටි පොල්තෙල් හදුන්කූරූ වැනි වෙනත් දේද ඔසවාගෙන ඔවුහු දේවාලවලටත් කිරි වෙහෙරටත් යන එන දර්ශන බොහෝය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පොලිසිය මේ යන ක්‍රමයට ඉදිරියේදී දේශපාලකයින්ට තව මොන මොනවා කරලා දෙයිද දන්නෙ නැහැ (නි)
වනේ වන හතුරෙකුටවත් ලංකාවේ පොලිසියට වෙලා තිබෙන වින්නැහිය නම් වෙන්න එපා දෙවියනේ! (නි)
මෙහෙම පොලිසියකින් ඉදිරියේදි අපිට ඡන්දයකින්වත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද? (නි)
මේක සහතික ඇත්ත. මම ඇස් දෙකෙන්ම දැක්කා (නි)
විරුවන්ට මොකක්ද මේ සිද්ධවෙලා තියෙන්නේ? මට නම් ඇඬෙනවා. (නි)
පොලිසියකින් වියයුත්තේ ප්‍රභූ ආරක්ෂාව මිස ප්‍රභූ වහල් සේවය නොවේ (නි)
මේවා මොනවද එක අතකට අද වෙනදේවල් අහනකොට? (නි)
කටක් ඇරලා කියන්න පුලුවන්ද අප්පා ,මේ අපේ ලංකාවේ පොලිසියේ ඇත්තෝ කියලා? (නි)
මේකේ ඇති වරදක් මට නම් පෙනෙන්නේ නැහැ. අපි නම් සමාජවාදය කියන්නේ මේවට තමයි. (නි)
ඇයි ඔයගොල්ලෝ මෙහෙම බනින්නේ? මේ ඉන්නේ කවුද කියලා මම දන්නවා. මෙහෙමහරි ආගමට ලැදී කෙනෙක් ඉන්න එක ගැන සන්තෝෂ වෙන්න. මල් වට්ටියක් බුදුන්ට පූජා කරන්න අරගෙන යන එක පවක් නෙමෙයිනේ (නි)
ඉස්සර අපේ රට සුද්දෝ ( ඉංග්‍රීසි ජාතිකයන් ) පාලනය කළ කාලයෙත් මෙහෙම අය සිටියා. ඔවුන්ට ඔය වගේම සපත්තු උස්සාගෙන යන්නට පමණක් නොව සපත්තුව දෙකට නැමී පිසින්නට වුවද සිදුවුණා. මේවා අපේ රටට අලුත් දේවල් නෙමෙයි. මේකේ ප්‍රතිචාර දමන අයත් නොදැනුවත්වම ඕවා කරනවා ඇති (නි)
මේ ඉන්නේ කවුද කියලා මම දන්නවා (නි)
වට්ටිය ඔහොම නෙමෙයි, ඔලුව උඩ තියාගෙනනේ අරගෙන යන්න ඕනෑ (නි)
කවුද මේ දේශපාලඥයා? (නි)
පසුගිය කාලයේත් එක්තරා බලවතියකට ආරක්ෂක කටයුතු කළ අය ගෙදර බැලමෙහෙවර කරන තත්වයට වැටුනා කියලා චෝදනාවක් තිබුනා මට මතකයි. (නි)
අනේ දෙවියනේ! පොලිසියට ගිය කල! (නි)
මොකද්ද ද මේ පුජනීය තැනක ඇවිල්ලා ඉන්න තාලය ? හරියට ගෝල්ෆේස් එකේ ඇවිදිනවා වගේනේ. (නි)
මේවා දකිනකොටත් අපිට ලැජ්ජයි (නි)
අනේ අපේ පොලිසිය! (නි)
එතකොට සුද්දන්ගේ කාලයේ පුජා වට්ටිත් උස්සාගෙන යන්න ඇති නේද බාලසුරිය? (නි)
මේවා මින්ස්සු බාල්දුවෙන වැඩ ...(බ)
කවුද මෙතුමා? (බ)
දේශපාලකයාගේ නම දැම්මත් වැඩක් නැහැ. මේවා සමහරු කරන්නේ බලෙන් ඉල්ලාගෙන. රජයේ රැකියාවලට ආවත් උපන්ගෙයි තිබුන නිවට නියාලු ගති යන්නේ නැත. (නි)
ඇයි පොලිසියේ අයට පුජා වට්ටියක් අතේ තියාගන්න තහනම්ද? (නි)
ලැජ්ජා නැද්ද බාලසුරිය ලොක්කන්ට පුජා වට්ටිය කරේ තියාගෙන යන සොක්කන්ට වුණත් කඩේ යන්න? (නි)
අපේ මිනිස්සුන්ටත් ඕනේ ඔය වගේ මිනිස්සු අයෙත් පත් කර ගන්න (දිල්)
රාළහාමිලා දෙන්නෙක් නේද මේ, ලැජ්ජාවේ බෑ(දිල්)
ඕක නිසා තමයි අද පොලිසිය හැල්ලුවට ලක්වෙලා තියෙන්නේ. මේ දේශපාලන ක්‍රම කවදා වෙනස් කරගනිවිද කියලා දෙයියෝ තමයි දන්නේ.(දිල්)
අපි කියන්නේ තමන්ගේ නිල ඇඳුමේ ගරුත්වය රැකගන්න ඕනෑ කියන ටික විතරයි. ඔන්න සාමාන්‍ය සරම කලිසම කමිස ඇඳගෙන මේ පුජා වට්ටිය උස්සාගෙන ගියා නම් ඒක වෙනම කාරණාවක්. (නි)
හර්ෂ,නිල ඇඳුම් ලාගත් උදවිය තමන්ගේ කශේරුවත් සමඟම ආගමික වැඩ වලට සහභාගිවීම නේද වඩාත් ගැළපෙන්නේ? (නි)
කතරගම දෙයියන්ටම පෙනිච්චාවේ මේ අවනඩුව!(දිල්)
මේ ඡායාරූප වල බන්දුල පෙරේරා ඉන්නවා කියලාමයි මට හිතෙන්නේ මොකද මන්දා! (නි)
මෙයට වගකිවයුත්තේ පොලිසිය නොව බලයෙන් මත්වූ දේශපාලකයෝයි. මේවා හෙළිකළ ලංකාදීපයට තුති. දේශපාලකයාගේ නමත් දාන්න. (බ)
දෙවියෝ සලකන්නේ පූජාවට්ටිය දේවාලයට අමාරුවෙන් උස්සගෙන ගේන කෙනාට මිසක් පුජා වට්ටිය පිලිගන්නන ලොකු අයට නෙමෙයි. පොලිස්කාරයන්ගෙන් ආරක්ෂක නිලදරින්ගෙන් මෙහෙම වැඩගන්නවට දෙවියෝ පසුව දඬුවම් කරනවා. බලන්න ඉස්සරහට වෙන දේ. දෙවියෝ මේවා ඔක්කොම පොතේ ලියාගෙන ඉන්නේ. වෙලාව අාවම දෙවියන් විසින් පළිගන්නවා. (ස)
ලංකාදීප මේ දේවල් පල කිරීම ඉතා හොඳයි. වාර්තාකරුවන් හෙළි නොකර සිටීම වඩා සුදුසුයි. බයට නොව, උපාය මාර්ගික ක්‍රමයක් වශයෙන් පමණක් (බ)
මට නම් පෙන්නේ මේ ෆොටෝ එක බොරු එකක්. මේ නිලධාරියා එයට වඳින්න පූජා වට්ටිය අරන් යනවා. සමහර මෝඩ දේශපාලකයෝ එහෙම කරන්නෑ කියල නම් මම කියන්නෑ. (බ)
දේශපාලනය නිසා අද රට අගාධේ දේශපාලුවට මොලේ නෑ තිබෙන මිනිහට කරන්න දෙන්නෑ මම දැක්කේ එක මිනිහයි මොලෙන් වැඩ කළේ. එ්ත් තමන්ගේ වැඩ තමන් කරගත යුතුයි උදාහරණ ඉන්දිරා ගාන්ධි රට වල පල්ලට යයිද ඉදිරියේදී (බ)
බන්දුල පෙරේරා ඉන්නවාද කියලා දැනගන්න පුලුවන් සපත්තු අරගෙන යන කෙනෙක් ඉන්නවද කියලා බැලුවා නම් (නි)
බාලසුරිය කොලොන්නාව, කවුරු කළත්, ඕවා බාල වැඩ. කමක් නැහැ කියන්නෙත් බාල අය (නි)
අනුන්ගේ සපත්තු ලෙවකන අයට නම් ඒක ගානක් නැහැනේ? එත් පොලිසිය බාල්දුවෙන වැඩනේ මේවා. (බ)
සාමාන්‍ය සරම කලිසම කමිස ඇඳගෙන මේ පුජා වට්ටිය උස්සාගෙන ගියා වුණත්, ඇයි වෙනකෙකු වෙනුවෙන් හෝ අනෙකාගේ බලය නිසා එය කරන්නේ? (නි)
අපිට ආරංචියි මොවුන් දේශපාලකයන්ගේ ගෙවල් වල හැළි වලන් පවා හෝදලා දෙනවා කියලා. (බ)
මේ පින්තුරය දිහා බලපුවහම එක දෙයක් පේනවා ,,,,, අහිංසක මහජනතාවගේ දේවල් කොල්ල කාල තනියම බුක්ති විදිනවට දිට්ට ධම්ම වේදනීය කාර්ම මේ ආත්මයදීම පරිසන් දීල කියලා, අපේ දේශපාලකයෝ 99% ක්ම හරියට ගස් වලින් කපල ගත්ත කොට කෑලි වගේ ශරීරයේ කිසිම හැඩයක් නැහැ ,,, ඒකට තමයි කියන්නේ ,, දිට්ට ධම්ම වේදනීය කර්මය කියලා ,,,,,,(බ)
"මේකේ ඇති වරදක් මට නම් පෙනෙන්නේ නැහැ" මේවායේ වැරදි පෙනෙනවා නම් මෙරට මීටවඩා බොහොම වෙනස්. වරද වරදක් හැටියට දකින මිනිස්සු බොහොම අඩුයි (නි)
මන්ත්‍රීලා දන්නේ නැහැ ඒවගෙන් සෙත සැලසෙන්නේ පොලිසියේ යට කියල.මොකද වැඩිය මහන්සි වෙන්නේ එයලානේ. ඕවට තමයි කියන්නේ අර මොකක්දෝ තිබ්බට මොකක්දෝ නැහැ කියල ඔය මන්ත්‍රී අැත්තොන්ට. (බ)
බන්දුල පෙරේරා මෙතන ඉන්න විදියක් නැහැ.මේ කට්ටිය එනකොට එයා බංගලාවේ නතර වෙන්න ඇති (නි)
දැනටමත් විරුවන් දේශපාලකයන්ගේ වහලුන් වෙලා ඉවරයි. (නි)
පවුලේ උදවිය නම් පූජාවල් කාටවත් දෙන්නේ නැහැනේ. (ර)
මොනවා වුණත් පොලිසිය මේ වැඩ කිරීම අනුමත කරන්න අමාරුයි (නි)
පෞද්ගලික සහකරු, පෞද්ගලික ආරක්ෂක තනතුරු කරන අය තමන්ගේ ප්‍රධානියාට විශාල ගෞරවයක් සහ භක්තියක් ඇති උනොත් තමන්ගේ ආත්ම තෘප්තිය උදෙසා ඕනෑම දෙයක් කරනවා. ඒක මානව ලක්ෂනයක්. පිටින් බලන අයට ඒක විවිධ කොන වලින් පෙනෙනවා. එත් සමහර අය තමන්ගේ තරම පෙන්න්වන්නත් ඒ අයව බලෙන් පාවිච්චිකරන අවස්ථා එමටයි. (ර)
මෙහෙම ගියොත් නම් තත්ත්වය බොහොම භයානක වෙයි අනාගතයේදී (නි)
ඇයි මේ තරම් පහත් තත්ත්වයකට අපේ පොලිසිය වැටුණේ? (නි)
පොලිසියේ අය දේශපාලඥයින්ගේ ආරක්ෂාවට ලබා දෙන්නේ රජයෙන්. මේ අය දේශපාලඥයින්ගේ වෙනත් කටයුතු සිදු කිරීමෙන් අවට පිලිබදව අවදානයෙන් සිටීමට අවස්තාව ලැබෙනවා. ඉතින් මේ අය දේශපාලඥයින්ගේ වෙනත් කටයුතු සිදුකරදීමේ වැරද්දක් මම දකින්නේ නැහැ. (ර)
ලංකාවේ පොලිසියයි, දේශපාලනය කරන අයගෙයි කිසිම වෙනසක් නැහැ. අපිට ලංකාවේ කියන්නත් ලැජ්ජයි මේ කට්ටිය නිසා (නි)
සමන් පැරිස්, බන්දුල මහත්තයෝ, බොරු නම් කියන්න එපා. රාජකාරි අවස්ථාවේදී පුජා වට්ටි කරගහගෙන පොලිස් නිලධාරීන් යන්නේ මොන රටේද.? (ර)
අනේ මන්දා, මෙහෙමද නීතිය සහ සාධාරණය රකින්නේ? (නි)
මේ සිද්ධිය මම කතරගමදිත් දැක්ක . හමුදාවේ ලොක්කෙකුගේ සිය පවුලම දේවාලේ ඇවිල්ල හිටියා . සපත්තු පරිස්සම් කළෙත් පුජා වට්ටිය වෙලාව එනකන් උස්සන් හිටියෙත් සොල්දාදුවෝ නිල ඇඳුමෙන්ම. (දිල්)
මේ විදියට මෙහෙම තැන වලට එන ආරක්ෂක උදවිය අනෙකුත් වන්දනා කරුවන්ට හිරිහැර වෙන විදියටත් හැසිරෙනවා මම පුද්ගලිකව දැක තිබෙනවා. (ර)
අනේ.! ඉතින් පොලිසියට අපේ හමුදාවට බැලමෙහෙවර කම් කරන්න වෙලානේ. (ර)
අපි නම් මැණික් ගගෙන් නාලා මල්වට්ටිය අපේ හිසමත තියාගෙන ගිහින් තමයි පුජා කරන්නේ. (ර)
මේ අය මෙතනදී දෙකට තුනට නැමිලා හිටියාට බලන්න ඕනෑ පාරේ සහ වෙනත් පොදු ස්ථාන වලදී මහජනයාට දාන ලොකුකම්! (නි)
මේ රාලහාමි එයාට තියන්න පුජා වට්ටියක් අරන් යන්නේ. නැත්නම් පුජා වට්ටි තුනක් මොකටද.? (ර)
පොලිස් නිල ඇදුමට ගරුත්වයක් දෙන්න. (ර)
ඔය වැඩේට අපේ බන්දුල පෙරේරාව ගත්තා නම් හරිනේ. (නි)
ලැජ්ජයි. එච්චරි මට කියන්න තියෙන්නේ. (ර)
මේ තුමා සාක්කුවට අතදාගෙන බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා. අනේ අපේ පොලිසිිය ? පොලිසියට පඩි දෙන්නේ බැලමෙහෙවර කරන්නටද ? (ර)
මෙහෙම විහිලු තියෙන්නේ මේ රටේ විතරයි. බලන්න අනෙක් රටවල් වල නායකයන් ප්‍රභූන් ආගමික තැන් වලට යනකොට මෙහෙම දේවල් තියනවද කියල.(දිල්)
දැන් මොකද මේ ආගමික තැනකට යන්නත් මෙතරම් ආරක්ෂාවක්. රටේ හැමතැනම නිදහස සහ සාමය ස්තාපිතයි කියා නේද කියන්නේ. (දිල්)
අපි හැමෝම නොදෙනුවත්වම කාට කාට හෝ කඩේ යනවා , අපි කඩේ යන එක අපිට පෙන්නේ නෙහැ , එපමණයි වෙනස (දී)
ඇයි දැන් අර මැඩම් ලාට හඳුන් කුරු පෙට්ටියක් මල් ටිකක් අරන් ඇවිදින්න බැරි තරම් අමාරුයි ද ? (දිල්)
පූජා වට්ටි ඌස්සන් ගියාට කමක් නෑ. (ර)
මේවා දේශපාලඥයින්ගේ වැරදි නොවේ. ජනතාව කණගාටු විය යුතු නැ. (ර)
මේවා අනිත් රටවල් වල දේශපාලකයන්ට දැනෙන්නවත් ඉඩ හරින්න එපා. දෙකොනින් හිනා වේවි. (ර)
මේ ආගමික තැනකට නේද ඇවිල්ල ඉන්නේ. කානිවල් එකේ ඇවිදිනවා වගේ අත් දෙකත් සාක්කුවේ දමාගෙන ඉන්නේ. (ර)
බොහොම ස්තුතියි ඉඳල හිටලා හෝ මධ්‍ය වගකීම ඉටුකරිම ගැන. (ර)
සමහරු හිතන් ඉන්නේ දෙයියන්ට පේන්නේ මිනිස්සු දේවාලේ ඇතුලේ කරන කියන දේවල් විතරයි කියලා. (ර)
ඔයිට වඩා හොදයි නේ ඔය පොලිස් නිලදාරින්ටම කියලා මල් වට්ටි ටික පූජා කෙරුවනානම්. (ර)
බාලසුරිය සහ බන්දුල එකටම කඩේ යන බව පේනවා. (බ)
මේවා සාමාන්‍ය සිදුවීම්. කලබල වෙන්න එපා. (ර)
මෙගොලන්ට කොහොම වෙතත් මේ වගේ දේශපලුවෝයි පොලිසියයි නිසා ජනතාවටනම් දෙයියන්ගේම පිහිටයි .(අ)
අපේ රටේ නම් මේවා සාමාන්‍ය සිදුවීම් වෙන්න ඇති. අනෙක් රටවල් වල මිනිස්සුන්ට නම් මේවා ලොව වටා අරුම පුදුම සිදුවීම්. (ර)
මම හිතන්නේ මේවා සුවිශේෂ වර්ගයේ සපත්තු නිසා වැඩි ආරක්ෂාවට එහෙම කරනවා ඇති. (ර)
ආයේ දෙකක් නැහැ බන්දුල නම් ප්‍රභූ අතවැසි සේවයේ යාව ජීව සාමාජිකයෙක් !(අ)
මම හිතන්නේ දෙවියෝ බලන්නේ රාළහාමි දිහා. (ර)
"නිල ඇඳුම් අදින අයට ආගමික වතාවත් වලට සහභාගි වීමේ තහංචියක් ඇද්ද? (දිල්)
මේවා සාමාන්‍ය දේවල් හැටියට පේන්නේ බන්දුලත් කාගේ හරි පුජා වට්ටියක් කරගහගෙන යන්න ඇති. (ර)
මහත්තුරු කෙසේ වෙතත් ඒගොල්ලන්ගේ මැඩම් ලාගේත් සපත්තු උස්සගෙන යනවා නම් අපිටත් ඒ ටිකම හෙට අනිද්දට ගෙවල්වල කරන්න වේවි. (දිල්)
ලොක්කන්ට මේවා පේන්නේ නැද්ද? (අ)
මේවට වග කියන්න ඕනේ කවුද (අ)
මේ ඉන්නේ දෙහිවල ලොක්කෙක් නේද (අ)
ධනයෙන් හා සිරියෙන් මත වූ විට මෙවෙනි දේ සිදුවේ (බ)
මෙවන් ක්‍රියාවන් නිසා පොලිසිය අපකීර්තියට පත්වනවා නොවේද? (නි)
මම දන්නා පරිදි මෙහි සිටින මැතිතුමා මෙම ගමන පිටත්වූයේ මීට සති ගණනාවකට කලින් සිට කිසිදු මස් මාංශයක් පවා අනුභව නොකරය. එසේම එතුමා සමඟ මෙම ගමනට සහභාගි වූ අයටද උපදෙස් ලබා දුන්නේ එසේ කරන්නට හැකියාව ඇත්නම් පමණක් මෙම ගමනට සහභාගි වන්නට කියාය. නිල ඇඳුම් අදින අයට ආගමික වතාවත් වලට සහභාගි වීමේ තහංචියක් ඇද්ද? (නි)
මරු වැඩ මේවා පොලිසියට......හු ..! (නි)