IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පොලිසිය පොලිස්නිලධාරියකුට වන්දි ගෙවන්න වෙයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රංජන් කටුගම්පොළ)

අමාත්‍යවරයකුව සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඝාතනය කිරීම ඇතුළු සිද්ධීන් කිහිපයකට සම්බන්ධ බව කියමින් ගම්පහ පොලිස් අධිකාරීවරයා වශයෙන් සිටි ලක්ෂ්මන් කුරේ මහතා අත්අඩංගුවට ගෙන වසර 14 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටීමෙන් හා ඔහු වධ හිංසනයට භාජනය කිරීමෙන් ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය රුපියල් 30000/-ක වන්දියක් ගෙවීමට රජයට  නියෝග කළේය.

ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේදී පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ මහතා වධ හිංසනයට භාජනය කළැයි කියන ත්‍රස්ත විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් දෙදෙනෙකුට ඔවුන්ගේ පෞද්ගලික මුදල්න් රුපියල් ලක්ෂ තුන බැගින්ද තවත් නිලධාරීන් දෙදෙනෙකුට ඔවුන්ගේ පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ දෙක බැගින්ද ගෙවීමටද නියෝග කළේය.

බුස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී මීට වසර 15කට පෙර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේ මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.

අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඒ. එච්. එම්.ඩී. නවාස් යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් එලෙස නියම කළේය.

 



අදහස් (0)

පොලිසිය පොලිස්නිලධාරියකුට වන්දි ගෙවන්න වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site