රථ වාහන පොලිසියට මාලඹේදී පොලිසියට බැන වැදී ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් පොලිස් ලියවිලි හා හෙල්මටය පැහැර ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුවෙල අවන්හල් හිමියකුගේ බිරිඳ ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.
මාර්ග නීති කඩ කිරීමක් සම්බන්ධයෙන් බීඑම්ඩබ්ලිව් රියක් ධාවනය කළ කඩුවෙල බෝමිරියේ එම්.ඩී.චමිලාට වාහනය ලබා දුන් බව කියන ඇගේ සැමියාවන කීර්ති ගුණවර්ධන ඇප ලැබීය.
රිය පදවාගෙන යද්දී සැමියා රියේ නොසිටි අතර දෙදිනකට පසුව පොලිස් පොත්පත් හා හෙල්මටය බාරදීමට ගිය අවස්ථාවේ සැමියා කළ ප්‍රකාශය අනුව එම දෙදෙනාම අත් අඩංගුවට ගනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ස්ත්‍රිය පොලිසියට මෙහෙම කතා කලානම් වැඩ කරන සේවකයන්ට බල්ලන්ට වගේ කතා කිරීම ,අහල පහල අය සමගත් නියම කෙක්කක් .බි එම් ඩබ්ලුයි බලය මොකද්ද ඕවා යුරෝපයේ සමහර රටවල ටැක්සි . (ස)
මෙයාට උපරිම දඩුවම් දියයුතුයි.දන්න නිතියකුත් නැහැ. නැත්නම් අනෙක් බවලත්තුත් මෙයාව අනුකරනය කරයි. දරුවොත් වාහනේ තියාගෙන මෙයා දුන්න ආදර්ශය කොහොමද? කාගෙ වුනත් රියදුරු බලපත්‍රය ගන්න රථවාහන පොලිස් නිලධාරින්ට පුළුවන්. කාන්තාවක් වෙලත් කතා කරපු කැත. (ස)
මේ කාන්තාව හැසිරුණ විදිය හරිම පිළිකුල් සහගතයි.දුන්න දඩුවම මදි කියලයි හිතෙන්නේ. (ස)
මේවගේ වට්ටි අම්මල රටේ ජීවත් වනහැටි රාජකාරි කරන නිලධාරියකුට කතා කරන හැටි ඉගෙන ගන්න වසර 2 වත් හිරේ දාන්න ඕනේ මේ අම්මණ්ඩිලා. (ස)
හොද දඬුවම (අ)
අර පොලිස් නිලධාරීන් දෙන්නගේ ඉවසීමටත් ,,සිද්ද වෙච්ච අපහාසයටත් වන්දි ලබා දිය යුතුයි ,,(අ)
ඒ වුණාට අවවාද කරලා නිදහස් කරන්න තිබුනා නම් හොඳයි.මේ රටේ සිද්ධවෙන වැරදි වල හැටියට සහ හරියට දඬුවම් දෙනවා නම් රටෙන් බාගෙකට ඉන්න වෙන්නේ හිරේම තමා.පොලිසියෙන් සහ අධිකරණයෙන් අපි බලාපොරොත්තු වන්නේ දිගටම හැමෝටම සාධාරණය ඉෂ්ට කිරීමයි. (නි)
ඉතාමත්ම සතුටු වෙනවා දුන්නු දඬුවම ගැන නම්,,වීඩියෝ එක දැක්කාම අර පොලිස් නිලදාරීන් දෙන්න කොහොම ඉවසගෙන හිටියද මන්ද කියල හිතෙනවා ඒ වෙලාවේ, මට උනා නම් ඔහොම දෙයක් ඔතන අර ගැනිට යන්න වෙන්නේ හිරේ නෙවේ මෝචරියට (ස)
දෙන්න පුළුවන් උපරිම දඬුවම් දෙන්න ඕන (ස)
ඔක්කොටම මතක නැතිව ඇති මේක වීඩියෝ කරා කියල. නැත්තම් පොලිස් ලොක්කෝ ඔහොම කතා කරයි සාමාන්‍ය මිනුස්සුන්ට. අපි හෙමෝම දන්නවනේ පොලිසියේ කට්ටියගේ හැටි. (ස)
ඔයවගේ ගැහැනු නිසා අනිත් අයත් විනශ වෙනවා (අ)
හොද තීරණයක්.(හේ)
අයියෝ මේ අවන්හලක් කරලද ඔච්චර උඩපැන්නේ මම හිතුවේ මන්ත්‍රී හාමු කෙනෙක් ගේ නෝනා කියල (අ)
සත්‍යවාදී පවන්, මෝටර් වාහන පනත 135 පොලිස් නිලදාරියකු ඉල්ලූ විට තම රියදුරු බලපත්‍රය ලබාදෙන්න ඕනේ. 135(4) පොලිස් නිලධාරියෙකුට රියදුරු බලපතක් තම භාරයට ගෙන තාව කාලික රිය බලපතක් නිකුත් කරන්න පුළුවන්. කාන්තා පිරිමි බේදයක් නැත. (ස)
පව් දෙයියනේ අහිංසකය මගේ පපුව හෝස් ගලා පත්තු වුණා. පොලිසිය ගැන නෙවේ .. මේ ගෑනිගේ මිනිහ ගැන හිතිල .ඒ මනුස්සයා මොන ජර දුකක් උදේ හවහ විදිනවා ඇත්ද මේ ගෑනිට අහුවෙලා ... ආයෙනම් බදින්නේ නැහැ මැරෙනකම් .. බඩගින්නේ හිටියත් මේ ඉන්න විධිය හොඳටම හොඳයි..(අ)
මෝටර් වහන පනත 135, පොලිස් නිළධාරියෙකුට රියදුරු බලපතක් ඉල්ලා පරික්ෂ කල හැක. රිය බලපත නැත්නම් හෝ ලබාදීම ප්‍රතික්ෂේප කරන විට අදිකරණයට ඉදිරිපත් කල හැක. 1(අ)
යහපාලනය නියමයි (ස)
මා මෙම සිද්ධ්ය දැක්කේ අන්තර්ජාලයෙනි. පොලීසියේ මෙම නිධාරින් ඒ අවස්තාවේ දැක්වු ඉවසීම ගැන ඇතිවන්නේ ඉතාම සංවේගයකි.ඒ තරමටම ඔවුහු අපහසුතාවයකට පත්වූහ. පොදුවේ එය පොලීසියට ඇය කරණ ලද අපහාසයකි. මා වෙසෙන ඇමරිකාවේ කොයිතරම් නිදහස සහ අයිතිවාසිකම් ජනතාවට ඇතත් මෙවැන්නක් මහමග සිදුවුවානම්, ඒ මොහොතේම තවත් පොලිස් නිලධාන් පවා එතනට කැඳවා ඒ මොහොතේම මාන්චුදමා ඇය අත් අඩංගුවට ගන්නවාට කිසිම සැකයක් නැහැ. නමුත් අපේ නීති-රීති දුර්වල්යි.ඒත් පසුව හරි මෙහෙම නීතිය ක්‍රීයාත්මක වීම යහපත්ය. (අ)
දැන් නම් බී එම් ඩබ්ලියු උන බැහැල ඇති. (අ)
මහේස්ත්‍රාත්තුමාට අපේ ප්‍රණාමය! අපි දැක්ක මෙයා හැසිරුණු ආකාරයත් පොලිසියේ මහත්වරු විනයානුකූලව හැසිරුණු ආකාරයත් දැන් ඇම්ම සනීප වෙයි (ස)
එහෙම පොලිසියට එක විදියකටත් මහජනයාට තව විදියකටත් සළකන එක වැරදියි. මම කියන්නේ දෙපාර්ශවයටම සාධාරණයක් කරන්න. (නි)
මෙම අහංකාර ස්ත්‍රියට උපරීම දඬුවම් දිය යුතුයි. (ර)
මොන නීතියකට රියදුරුගේ බලපත් ගත්තේ (අ)
මෙි වගේ අයට කිසිම අවස්ථාවක් දෙන්න හොද නැහැ.(අ)
රථයේ රියදුරු බලපත්රය පරීක්ෂා කිරීමේ අයිතිය පොලිසිය සතුය. එය අවශ්‍යනම් ළඟ තබාගෙන තාවකාලික ලදු පතක්ද දීමට නීතියෙන් ඉඩක් තිබේ. එය සාමාන්‍ය දෙයකි. (ස)
ගැහැණු කෙනෙකුට සුදුසු විදියට හැසුරුනේ නැති ගැහැණියට දඩුවමක් දීමෙන් හැම කෙනාම හරියට හැසිරීමට... කතාකිරීමට ඉගන ගනු ඇත. (හේ)
කුඩා දරුවෙකු වාහනයක රැගෙන යා හැක්කේ කෙසේද යන්න අපේ නීති පොතේ සඳහන්වෙලා ඇති අයුරු දන්නා කියන කෙනෙක් පහදා දෙන්නකෝ. (ර)
ඇත්තටම පොලිසිය ඒ වෙලාවේ හොඳ ඉවසීමෙන් වැඩ කරපු හැටි දැක්කා (ම)
අසිරු තාවයට පත්වු නිළධාරින් දෙදෙනාට වන්දියක් ලබා දිය යුතුයි.සමතයකට පත් කිරිම හොද නැ.මේවා නොසලකා හැරියොත් රට විනාශයි (ම).
අහංකාර මේ වගේ මිනිස්සුන්ට ඔය වගේ දේවල් වෙන්න ඕනේ.(හේ)
මේ රෝගී කාන්තාවට නැවත රිය පැදවීමට දීමෙන් මහා මාර්ගයේ යන සියලුම සිවිල් වැසියන් අනාරක්ෂිත වේ. (ස)
මට වෙනුකගේ අම්මයි තාත්තවයි මතක් වුනා. ඔක්කොම යහපාලනයේ වැරදි නෙමෙයි.අනික එතන සිදුවූ සිද්දිය පැහැදිලි වීඩියෝ එකක් තියෙනවා. දකින අයෙකුට ඇත්ත නැත්ත හොඳට පැහැදිලියි. (බ)
මේ අම්මණ්ඩි නම් මෝඩයි. බී එම් ඩබ්ලිවු එකක තියා ත්‍රීවීලර් එකක වත් යන්න සුදුසු නැහැ. කතා කරපු කැත විතරක්. මටනම් අප්පිරියයි. පොලිසියට ප්‍රසිද්දියේ අපහාස කලාට වෙනම නඩුවක් දාන්න ඕනේ. (ස)
තම ශ්‍රී ලංකාවේ මේවාට හරි නීතියක් හදලා නැතිව ඇති. දරුවෙක් උකුලේ තියන්, අනික් තින් සුක්කානම හසිරවීම වරදක් සේම අනතුරුදායකයිනේ. පොලිස් මහතුන් දෙනෙක් සිටිය නිසා සාක්ෂි මදිද ඒ බව ඔප්පු කරන්න.(ම)
ඔව් මම දැක්කා මේ මෝඩ ගැණි කොහොමද නිලධාරීන්ට කථා කළේ කියලා. ඇයට මොළයක්වත් විනයක්වත් නෑ. මාස තුනක්වත් ඇතුලේ තියන්න ඕන (බ)
නිතිය අතට ගත් මහජනයා යහපාලන කාලය (බ)
මේ කාන්තාව හැසිරුණු අයුරු බොහොම පිළිකුල් සහගතයි. පොලිසියේ වැරදි ඇති . එත් නීතිය අතට ගැනීම නොකළ යුතු ක්‍රියාවක්. ඇය හැසිරුණු ආකාරයෙන් අයගේ හැදියාව උගත්කම පිළිබිඹු උනා. මීට වඩා අපේ කාන්තාවන් සංවර වෙනවා නම් හොඳ නේද . (අ)
නීති මගින් දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න (බ)
මේ වගේ ගෑනු සමාජයෙන් අයින් කරලා දන්නා ඕනේ. (බ)
අනිවාර්යයෙන්ම දඬුවම් දෙන්න.නැත්නම් හැම ගැහැණියක්ම පොලිසියට පාට් දායි.මගේ අදහස සල්ලි ලැබෙන්න ලැබෙන්න මිනිස්සු නිහතමානී වෙන්න ඕනෑ. (නි)
මහේස්ත්‍රාත්තුමාට ප්‍රණාමය (ස)
මහත්තයාත් රිමාන්ඩ් කිරීම ගැන මට නම් හරි පුදුමයි (නි)
මට නම් ප්‍රස්නේ තියෙන්නේ මේ තුට්ටු දෙකේ කතාකියන්නේ මරියකඩේ එක්කෙනෙක්ද කියලා ? අවන්හලත් නියමෙට වාචාල සංගීතයෙන් රසවත් වෙලා ඇති .ගිහින් බලන්නම ඕනේ. (ස)
අහෝ කාන්තාව කරගත් මෝඩකමක මහත! පොලිසිය සමඟ වාදවීමෙන් පලක් නැත. ඔවුන් බලපත්‍රය අරගන්නේ නිකන් බලන්න දෙන්න කියාය. පස්සේ කළ වැරැද්ද පවසති. බී.එම්.එබ්ලිව් එකෙන් ආවත් මරුටියෙන් ආවත් ලොකු කෙනෙක්ගේ හැඳුනුම්පතක් හරි කාඩ් එකක් හරි පෙන්වීම තමා අද සිදුවන්නේ. (නි)
උපරිම දඬුවම් දෙන්න ඕනෑ.පොලිසියේ අයගේ වැරදි නැතුවම නෙමෙයි.ඒත් නීතිය රැකෙන්න මේ නෝනාට නම් දඬුවම් දෙන්න ඕනෑ (නි)
මහේස්ත්‍රාත්තුමාට අපේ ප්‍රණාමය! අසීරුතාවයට පත්වු නිලධාරින් දෙදෙනාට යම් සාධාරණයක් වියයුතුයි.ඇත්තටම පොලිසිය ඒ වෙලාවේ හොඳ ඉවසීමෙන් වැඩ කළා (නි)
මෙවැනි අයට උපරිම දඩුවම් දියයුතුයි පොලිස් සේවයේ ගෞරවය රැකිය යුතුයි. (ස)
නිතිය හරියට ක්‍රියාත්මක නොකෙරුවොත් මෙය ඉතාම පූර්වාදර්ශයක් වේවි..මෙම අසෝභන ක්‍රියාව සමස්ථ පොලිසියටම කැළලකි. (අ) පොලිස් නිලදාරීන් ඉතා බුදිමත්ව ක්‍රියා කර ඇත
ඉස්සරහ සීට් එකේ ළමයෙක් තියාගෙන ගියාට දඩ කොළ ලියන්න පුලුවන්ද? (අ)
විනයානු කූල පොලිස් නිලධාරීන්ට සල්ලිකාරකම් පෙන්නන්න ගිය කාන්තාවට හොද දඩුවම දැන් හොදිනේ අපිට තේරුණා මොලේ හොදම නෑ කියල අනේ පව් මිනිහ කොහොමද මේ ගැනි එක්ක ඉන්නේ (අ)
අපේ මාර්ග නීති තාම සුද්දා 1800 ගණන් වල ගොන් කරත්ත වලට හදපුවා. අද සමාජයට ගැලපෙන පරිදි නීති අලුත් විය යුතුයි. දරුවෙක් වාහනයක යනවා නම් දරුවාගේ ආරක්ෂාව සඳහා දරුවන් සඳහා ඇති කාර් සීට් එකක් තිබිය යුතුයි . පොලිසියට රියදුරු බලපත්‍රය රඳවා තබා ගැනීම නීති විරෝධ්යි. දඩ කොලයක් නිකුත් කලාට පසු දින 7ක් තුල එය ගෙවීමට බැංකුව , තැපැල් කාර්යාලය ඇතුළු ස්ථාන හදුන්වා දිය යුතුයි. ආවේගශීලී අවිනීත රියදුරන් සහ එම රථය අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරින්ට නීතියෙන් අවසර දිය යුතු අතර රෝගී අයවලුන් වෙනත් වාහනයක දමා රජයේ රෝහලකට යැවීමට ඉක්මන් ක්‍රියා මාර්ග ගතයුතුයි. (ස)
ගෙවල් වාරියපොලද ? (නදී)
චමින්ද , රුවන් එක තමයි මම කියන්නේ ඔය කියන මෝටර් රථ පනත කාලයට අනුව සකස් කල යුතුයි කියලා. මෝටර් රථ බලපත්‍රයත් හැදුනුම් පත වගේම තමා එය පුද්ගලික දෙයක්. තාක්ෂණයේ නොදියුණු කම නිසාත් කාලයට අනුරූපව නීති වෙනස් නොවෙන නිසාත් අල්ලස් ගන්නෙම වැනි දේවල් වලට ඉඩ කඩ වැඩි වෙලා. (ස)
පාරේදී පොලීසිය නිසා කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද. ඒවා තමන්ට වුනාම තමා දෙනෙන්නේ .මෙයාලා කරන්නේ වැරදි කරනකල් බලා ඉන්න එක තමා. (ස)
කාන්තාව හැසිරුණු ආකාරයනම් වැරදියි.. මෙම සිදුවීමට කිසිම සම්බන්දයක් නැති අගේ සැමියාව සිරගත කිරීමත් වැරදියි..(ස)