ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙක් සහ පොලිස් අධිකාරීවරුන් පස් දෙනෙක් පොලිස්පති විසින් මාරු කරනු ලැබ සිටිති.
අම්පාර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස යළි පත් කර ඇති අතර පොලිස් නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම් එච් කේ බී මහගෙදර මහතා අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස මාරු කර ඇත.
මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එස් සී මැදවත්ත මහතා ජාතික පොලිස් ඇකඩමියේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත ප්‍රනාන්දු මහතා මාතලේ කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලෙස මාරැ කැර ඇත.
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා බණ්ඩාරවෙල කොට්ඨාසය බාරව ද, පොලිස් අධිකාරී එස් ඒ අබේවික්‍රම මහතා නුවරඑළිය කොට්ඨාෂය බාරව ද, පොලිස් අධිකාරී බී ආර් එස් ආර් නාගහමුල්ල මහතා පුත්තලම කොට්ඨාසය බාරව ද මාරු කැර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
පොලිස් අධිකාරී කේ ජී ඒ අල්විස් මහතා කොළඹ වංචා විමර්ශන අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ලෙස පත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොලිස් කුට්ටම හැමදාම අනනවා. හරියට සංගීත පුටු තරඟයක් වගේ.වැඩ බාර අරගෙන මේසය අස්කරලා පුටුව පිහදාලා වාඩි වෙනකොට මාරුවක් ඇවිත්. ස්වාධීන පොලිස් කොමිසමක් නැතිව අරයට මෙයාට ඕන හැටියට කෙරෙන මාරු වලින් පොලිසිය තව තව නරක වෙනවා මිසක් හොඳක් වෙන්නේ නැහැ. (ස)
අලුත් මුහුණු වුනත් ඉඳගන්නෙ 'පරණ' පුටුවලම නේද? ඒ හින්දා එච්චර වෙනසක් වෙන එකක් නැහැ. (ස)
අජිත් රෝහණ මැතිතුමනි, පසුගිය සමයේ ඔබ පොලිස් මහජන සම්බන්ධතාවයට හොද සේවයක් කළා. දැන් එම සේවය වඩාත් හොදට කරන්න ලැබේවි. සුභ පතනවා (නි)
මාධ්‍ය ප්‍රකාශක තැන වෙනස්වීම නිමිත්තක්ද? (අ)
ලොකු පුටු කොහොම වෙනස් වුණත්, පහළ නිලධාරීන්ටත් ජනතාවටත් යහපතක් නම් පෙනෙන්න නැහැ. (නි)