කඩුවෙල හිටපු වැඩබලන මහේස්ත්‍රාත් කදුරුවාන ඥානසිරි මහතා ස්වභාවික හේතු මත මිය ගොස් ඇතැයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී සමීර ඒ.ගුණවර්ධන මහතා කඩුවෙල මහේස්ත්‍රාත් උසාවියට වාර්තා කළේය.
ඔහුගේ මරණය සැක සහිත බවට පොලිසි හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව මළගම නවත්වා සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යැවීය.
පොලිසිය නොමග යැවූ එම පණිවිඩය දුන් තැනැත්තා සොයා ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනුකරන බව තලංගම පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අපිට යම් සිදුවීමක් පිළිබඳව සැකසිතී පොලිසියට කියන්න බැරිද? අනික පොලිසිය සැකපිට මිනිස්සු අත්අඩංගුවට ගත්තහම පොලිසියට දෙන දඩුවම මොකක්ද? (නි)
මැරුණු මිනිසුන්ටත් වධ දෙන සමාජයට පිළිලයක් වූ මෙවැනි දුර්ජනයන්ට නැවත මෙවැනි පහත් වැඩ නොකරන්න මතක හිටින දඩුවමක් දියයුතුය. (ර)
පොලිසිය ටිකක් කළබල උන ගතියක් පේනවා. (ර)
එහෙම දේවලුත් වෙනවද.? (ර)
දුර කතන අංකය තිබේනම්, එය ලැබුනේ මොන ප්‍රදේශයෙන්ද ? කවුද කියා සොයා ගෙනිමට අපහසු නැහැ. නොමග යැවිමක් නම් සොයා ලොකු දඬුවමක් දුන්නා නම් ඉදිරියට මේවා කරන අයටත් පාඩමක්. (ර)
දැන් මේක තියෙන්නේ පැමිණිල්ලක් කියලනේ . එහෙම නැතිව නිර්නාමික ඔත්තුවක් නෙවෙයිනේ. එහෙම නම් පැමිණිලි පොතේ ඒ තැනැත්තාගේ නම ගම විස්තර ලියවිලා ඇතිනේ. මෙච්චර සොයා ගන්න අමාරු ප්‍රශ්නයක් මොකද එතකොට ? (අ)
එතකොට අපිට යම් සිදුවීමක් පිළිබඳව සැකසිතී පොලිසියට කියන්න බැරිද? (නි)
සැකයක් ඇත්නම් පොලිසියට පැමිණිලි කිරීම වරදක් නොවේ . දැන් පැමිණිලි කළ කෙනාගෙත් සැකය දුරුවෙලා ඇතිනේ. දැන් පොලිසිය ඒ මනුස්සයා පස්සේ පන්නන්නේ මොකටද ?? (නි)