අධිවේගී මාර්ගවල ගමන්කරන රථ වාහනවල රියදුරන් අතින් සිදුවන මාර්ග නීති උල්ලංඝනය ඇතුළු සෑම වැරැද්දක්ම එසැණින් අල්ලා ගැනීමේ ‘‘ප්‍රවේක්ෂා” මෘදුකාංගයක් නිර්මාණය කර දීමට මොරටුව විශ්ව විද්‍යාලයයේ පරිගණක විද්‍යා හා ඉන්ජිනේරු අංශයේ සිසුහු කණ්ඩායමක් සමත්වී සිටිති.
අංශ ප්‍රධානි ආචාර්ය චතුර ද සිල්වා ඔවුනට මඟ පෙන්වීය.
අධිවේගී මාර්ග සීසීටීවී කැමරා පද්ධතිය පරිගණකයට සම්බන්ධ කිරීමෙන් එම වැරදි හඳුනා ගැනීමට හැකි බවත්, මෙම පරිගණකය සීසීටීවී කැමරාවලට සම්බන්ධ කැරෙන බවත් ආචර්ය ද සිල්වා පැවසීය.
මේ සඳහා සාමාන්‍ය පරිගණකයක් ප්‍රමාණවත්නය. මෙහි ඇති විශේෂත්වය වනුයේ කිසිවකුගේ සහායක් නොමැතිව ස්වයංක්‍රීයව පරිගණකය ක්‍රියාත්මක වීමයි. එම නිසා පොලිසි ඒ වෙනුවෙන් වෙන්කර තැබීම අනවශ්‍ය හෙයින් මිනිස් බල පිරිමැසීමක්ද ඇතිවේ.
‘‘අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළුවු තැන සිට ගමන අවසානය දක්වාම වාහනයෙන් සෑම වැරුද්දක්ම මෙහිදි හසුවෙයි. දවසේ පැය විසිහතර පුරාම ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙයි. වසරක් පුරාවට ගමන් කළ වාහන වල තොරතුරුද ගබඩා වෙයි.”
ස්වයංක්‍රීයව වැරදි හදුන්වාදෙන නිසා තරාතිරමකින් තොරව වැරදි කරන සෑම රියදුරකුම හසුවෙයි. එබැවින් අනවශ්‍ය ප්‍රශ්න වලට මැදිහත්වන්නේද නැතැයි ආචාර්ය ද සිල්වා කීවේය.
‘‘රියදුරන්ගේ අසාමාන්‍ය වැරදි පවා හසුවෙයි. යම් අපරාධයක් සිදු වුනද එයට සවිස්තරව හෙළිදරව් වෙයි. වැරදි කරන වාහනයේ එම වරද ඇතුළත් ඡායාරූපයක් ඉබේම ගබඩා වෙයි. එම නිසා තමන් වරදක් නොකළ බවට යම් රියදුරකු අභියෝග කළහොත් එම ඡායාරූපය ප්‍රභල සාක්කියකි.”
‘‘මෙම මෘදුකාංගය ආනයනය කළේ නම් ඒ සදහා රුපියල් මිලියන ගානක් වැය කිරීමට සිදුවෙයි.”
අධිවේගි මාර්ග සම්බන්ධ බලධාරින්ට මෙය අවැසිනම් එය නොමිලේ ලබා දීමට හැකි බව ශිෂ්‍ය කණ්ඩායම කියයි.
ඊට අමතරව තවත් වැඩි දියුණු කිරීම් අවැසි නම් ඒ සියල්ල ඉටු කර දීමට හැකි බවද ඔවුහු කියති.
ශාක්‍ය සේනාරත්න, ජයමාල් ද වාස් ගුණවර්ධන, පැතුම් ද සිල්වා, මංජුල පියුමාල් නමැති අවසන් වසරේ ශිෂ්‍ය කණ්ඩායම් මෙම නිර්මාණය සිදු කර ඇත.
ආචාර්ය චන්දන ගමගේ, ආචාර්ය මාලක වල්පොල සහ අංශ ප්‍රධානි ආචාර්ය චතුර ද සිල්වා මේ මෘදුකාංගයේ අධික්ෂකවරු වෙති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෑම් මහත්තයත් ලංකාවේ ඉන්න කාලේ, යාලුවෙකුට හවසට කාඩ් එක ගහන්න දීලා එහෙම මාරුවෙච්ච එක්කෙනෙක් නේද? (නි)
බොහොම හොඳ කාලෝචිත නිර්මාණයක් (නි)
මේ තරුණ මල්ලිලට බැරි ද ආණ්ඩුවේ කන්තෝරුවල ක්ලාක් නෝනලා සේවය ඉල්ලගෙන පැමිණෙන මහජනයාට කෑගහන කොටම වදින සයිරන් එකක් හදන්න. පින් සිද්ධවෙවී. මගේ අම්ම ගේ විශ්‍රාම වැටුප ගැන දැන ගන්න ගිහින් එක නෝනා කෙනක් වයස බලන්නේ නැතිව කෑ ගහලා තිබුනා. (නදී)
සමහර වාහන ඉවත් කරලා අනෙක් සියලුම ඒවා දාන්න ඕනෑ (නි)
ඒ තාක්ෂණය හොදයි.(හේ)
කවදාවත් මේක ඉදිරියට ගෙනියන්න ලැබෙයිද කියලා මට නම් සැකසහිතයි (නි)
නිකන් දෙන්න එපා. නිකන් දුන්නම අපේ අයට කිසි ගානක් නෑ. ඕක මිලියනයකට විතර අලවි කරන්න. නඩත්තුව සදහා වෙනම ගාස්තු ගන්න. එතකොට එ්කේ වටිනාකමක් දැනේවි. හැබැයි ඕක නිකන් දුන්නත් මේ රටේ ඉන්න දේශපාලුවෝ එ්ක දාන්න ඉඩ දෙන්නේ නෑ. (නදී)
ඔන්න පුදනකොටම කාපි යකා කිවුවා වගේ චාමර කිව්වා කතාවක්. අපේ රටේ විද්වතුන් තමයි ලෝකයේ හැමතැනම ප්‍රධාන පුටුවල ඉන්නේ . අපි ආඩම්බර වියයුතුයි අපේ රටේ අය ගැන. ඒ මෘදුකාංගය ගන්න නොගන්න එක වෙනම කතාවක්. (නි)
සුබ පැතුම්! වැඩි වැඩියෙන් මේ වගේ දේවල් නිර්මාණය කරන්න ලැබේවා! (නි)
දේශපාලන ඇම්බට්ටයින්ට,චණ්ඩින්ට හොඳ පාඩමක් උගන්වන්න හොඳ අඩිතාලමක්. (නි)
දැන් ඉතින් හදිස්සියකට ගිහිල්ලා ඉවරයි (නි)
මමත් සතියට දවස් 3 විතර ඔය පාරේ යනවා නීති කඩ කරන්නේ නම් නැහැ. එ්ත් ඔය පාරේ පොලිසිය ඉන්නෙත් නිකන් පාරවල් වල වගේ කැලේ හැංගිලා. එ්ක හොඳ නැති දෙයක්. අනික කෝටි ගණන් වියදම් කරල පාර හදල තියෙන්නේ ඉක්මනින් යන්නනේ හරිනම් වේග සිමාව වැඩි කරන්න ඕන අඩුම 120 කරන්න ඕනා. ඔය කියන එකෙන් වේගේත් බලන්න පුලුවන්ද? (නදී)
මේක රාත්‍රියට කොපමණ ප්‍රායෝගිකද, විදුලි ආලෝකය නැති දක්ෂිණ අධිවේගී මාර්ගය වගේ තැන් වලට? (නි)
ඉතාම වැදගත් නිර්මාණයක්. මේ විදියේ ක්‍රම හැම දියුණු රටකම තිබෙනවා. ස්වයංක්‍රීයව දඩත් නියම වෙනවා. දඩ කොළ නැහැ. අන්තර්ජාලයෙන් බලාගන්න පුළුවන්. ප්‍රශ්නේ තියන්නේ ඕකට දේශපාලකයින් කැමැති වෙයිද කියලත්, මිනිසුන් කොහොම ප්‍රතිචාර දක්වාවිද කියලත් තමයි ඉතින් (නි)
අපේ හනමිටිකාරයෝ මේවායින් වැඩ ගනියිද ? (නදී)
එ්ක නම් හොඳ වැඩක්. පොලිසියෙන් ගුටිකන්නේ නැතිව ඇමති වරුන්ගේන්ගෙන් ගුටිකන්නේ නැතුව සාදාරනව යන්න පුළුවන්. චාමර පරිස්සම් කරගන්න. අපේ විශ්ව විද්‍යාලවල දක්ෂයින්ට ස්තුතියි (නදී)
පිස්සුද ගනියි ඕං කියලා? අපේ රටේ නිකම් හරි ලාබෙට හරි දෙන ලාංකික නිපැයුම් බලධාරීන් විසින් අනේක වාරක් ප්‍රතික්ශේප කරලා ඇති. රෝද 2 ට්‍රැක්ටරයෙන් පටන් දුම්රිය ගේට්ටු දක්වාම කලේම කෙනැහිලිකම්. මොකද පාලකයොන්ටයි නිලධාරීන්ටයි කොමිස් මුදල් නොලැබෙන නිසා. රටේ සංවර්ධනය කියලා කරන්නේ පිට රටින් මොනවා හරි හිඟාකාලා ඒවාගෙ ශෝභනය පෙන්නන එක විතරයි. (නදී)
සොෆ්ට්වෙයා බග් තිබ්බොත් මිනිස්සු නිකන් දඩ කනවා. ඒක හින්දා ඔය තියන විදිය හොදයි (නදී)
මගේ අාශිර්වාදය. තරා තිරම නොබලා දඩුවම් දෙන්න හොඳම ක්‍රමයක්. විශේෂයෙන්ම දේශපාලන බලය අරගෙන අමනුස්සකම් කරන රියදුරන්ට විනිවිද බාවයකින් දඩුවම් කරන්න පුලුවන් (නදී)
තරාතිරම නොබලා කිව්වට ඕකෙනුත් කෙලවෙන්නේ දුප්පත් අපිටම තමා. මොකද මැති ඇමතිවරු කියන ගොල්ල ඕකෙ වැරදි විදියට ගීයා කියල කව්ද එයාලට දඩ කොළ දෙන්නේ මතකනේ එහෙම කරලා වුනදේ. (නදී)
ඕක හැදුවට වැඩක් නැතිවෙයි. මොකද ඕක "මේඩ් ඉන් ශ්‍රී ලංකානෙ".වැඩි ගානකට පිටරටින් ගනී අපේ අය.අර ඩෙංගු වලට බෙහෙත් හොයාගත් ගාල්ලේ දොස්තර නොනාගෙන් වැඩක් ගත්තාද? අන්තිමට ඕක හොයාගත් අයට ඉතිරි වෙන්නේ කළකිරීම විතරයි. (නි)
ඔන්න ඉතින් තියෙන දඩ මදිවට තවත් පටවන්න එනවා (නි)
නියමයි! පොලිස් මහත්වරුන්ට බය නැතිව වැඩකරන්න පුලුවන්. සාක්ෂි තියෙනවා. (නදී)
රත්න සහ විල්සන් කියපු දේ මමත් අනුමත කරනවා! (නි)
අපේ දේශපාලකයින් නම් මේකට කැමති වෙන එකක් නැහැ. (නි)
නීති ගරුක සාමාන්‍ය ජනතාව නම් ඕකට කැමති වේවි. හොරු ටික තමා ඔය වගේ හොඳ දේවල් වලට බය වෙන්නේ. බලමු කාට ඕනෑ දේද වෙන්නේ කියලා. හොරු ටිකට කෝටි ගානක කොමිස් කුට්ටියක් නැතිවෙන වැඩක් තමා මේ කරලා තියෙන්නේ. (නදී)
මේ වගේ නිපැයුම් වෙනුවෙන් දරුවන් දිරිගන්වන්නට තිබුනේ රටේ යුද්ධයක් පැවති කාලයේයි. එසේ වුයේ නම් අද ලංකාව ආසියාවේ ඊශ්රාලයයි...! (අ)
ප්‍රශ්නේ තියෙන්නේ අධිවේගයෙන් ගියාට ඡායාරූපයක් ගබඩා වුණාට මදිනේ අධිවේගයට සාක්ෂියක් හැටියට පින්තූරයක් (ස්ටිල්ල් පික්චර්) ගබඩා වීම ලංකාව වගේ දුෂනයෙන් පිරුණු රටකට ඇතිද?? අනෙක තරාතිරමක් නැතුව ගබඩා වුණාට එය භාරව ඉන්න අයට ඕවා මකන්න හෝ ඒ සිස්ටම් එකට ලොග් වෙලා හො හැක් කරලා අවශ්‍යවිදියට සිස්ටම් එක ඕෆ් කරන්න පුළුවන්නම් ඕන කෙනෙක් එකෙන් වැරදියට ප්‍රයෝජන ගන්නත් පුළුවන් නේද?(අ)
අපේ රටට වටිනා කොල්ලෝ ටිකක්. නමුත් ගැටළුවක් තියෙනවා . ඒ තමයි අපි හැමදාම මොරටුව විශ්ව විද්‍යාලයෙන් හෝ වෙනත් පුද්ගලයන් විසින් කරන නව නිපැයුම් සම්බන්ධව පුවත් දකිනවා. එහෙත් ඊටපස්සේ ඒවාට මොකද වෙන්නේ? (නි)
ඕකනේ ඉතින් දාන්ඩ ඉස්සෙල්ල බාල්දියනේ. ධනාත්මකව හිතමු පතමු මේක හරි යන්ඩ කියල (අ)
හොද නිර්මාණයක් . (අ)
එතකොට පොලිසියේ ඉන්න රාළහාමිලා සංඛ්‍යාවත් අඩුකරන්න වෙයිද? වේවැලකින් කාටවත් ගහන්න චාන්ස් එකක්වත් නොලැබෙයිද? රාළහාමිලට ගෙම්බර් දාගෙන යන්න දෙසපාලුවන්ට ඉඩක් ලැබෙන එකක් නැද්ද? අනේ එහෙමනම් අපිට එපා ඕක. (ස)
මම හිතන්නේ මේක ඉතා වැදගත් සාමන්‍ය පාරවල් වලට . මොකද මේ රටේ ගොඩක් මාර්ග නීති කඩන්නේ සාමාන්‍ය මාර්ගවල රියදුරන් .(අ)
පොලිසියට තමයි පාඩු වෙන්නේ මේ වැඩෙන්! (නි)
ඉතා හොඳයි! (නි)
එහෙනම් මීට පස්සේ අනතුරු අඩුවෙයි (නි)
අපේ කොල්ලෝ ගැන ආඩම්බරයි .... ඔබට ජයෙන් ජයම ලැබේවා ... ආණ්ඩුව මේ ක්‍රමයට කැමති වෙයි ..... දේශපාලුවෙක් වැරැද්දක් කලොත් දඩ කොලේ දීපු පොලිස් නිලධාරියා හොයාගෙන ගිහින් පහර දෙන්නත් පාගා ගත්තා කියලා නඩු දාන්නත් ඕන නැහැ. පොටෝ එක පොලිසිට ආව ගමන්ම කුණු බක්කියට විසි කලාම ඔක්කොම හරි වැඩේ ලේසියි හැම පැත්තෙන්ම ..... ඕක ඉක්මනින්ම කරයි (නදී)
ඇමරිකාවේ බහුලව පාවිච්චි වෙනවා.බොහොම සාමකාමී නීතිගරුක රියදුරන් එහෙ ඉන්නේ. හේතුව නීතිය හැමෝටම එකයි. (නි)
ලාංකිකයන් හැටියට කළ නිර්මාණය කෝටියක් වටිනවා. මෙවැනි ක්‍රම දියුණු රටවල භාවිතා කරනවා. අධිවේගී මාර්ග පමණක් නොව , සියලුම මාර්ග සඳහා මෙම ක්‍රමය භාවිතා වෙනවා. ලක් සිසුන් කළ මෙම නිර්මාණයට රජයෙන් අතහිත දීලා ,ඒවා රජයට ලබාගෙන රටට සේවයක් ලබාගන්නට පුළුවන්. නිර්මාණය කළ සියලු දෙනාට මගේ ස්තුතිය! (නි)
මේක නම් විශිෂ්ටයි! (නි)
ඇත්තට ඉතා විශිෂ්ට නිර්මාණයක්. මේ වගේ දක්ෂ සිසුන්ට අවස්ථාවක් ලබාදිය යුතුයි. හැමදෙයක්ම පිටරට වලින් ගෙන්නන්නේ නැතුව අපේ රටේ සිටින මෙවැනි දක්ෂ නිර්මාණකරුවන්ගේ නිර්මාණ අගයකොට සුදුසු තැන ලබා දියයුතුයි. අපේ රටේ දේශීය නිර්මාණයක් නිසා අපේ මුදල් අපේ රට ඇතුළේ රඳවාගන්නවා පමණක් නොව , අපේ රටටම අවේණික වූ ක්‍රමවේදයක් ගොඩනඟා ගත හැකිවෙනවා. මම සුභ පතනවා මෙම විශිෂ්ට නිර්මාණයට! (නි)
පොලිසිය නැති එකම තමා හරි. (නි)
අපේ විශ්ව විද්‍යාල වල දක්ෂයින්ට ස්තුතියි (නි)
මේකට මූලික වෙච්ච අයට මගේ ප්‍රණාමය. රත්නගේ කතාවට මම 100%කුත් විල්සන් ගේ කතාවට 50% කුත් එකඟයි. ලංකාවේ මොනවා හැදුවත් එ්ක අපේ පාලකයෝ පිළිගන්නේ නැහැ. අර අත් ට්‍රැක්ටරයේ කතාව හොඳ උදාහරණයක්. තව දේවල් එමටයි නමුත් අර ඩෙංගු වලට බෙහෙතක් හොයා ගත්ත කියන "වෛද්‍යවරිය " ගැන නම් කියන්න තියෙන්නේ එයා මාද්‍ය සංදර්ශන තියනවා විතරයි. අවස්ථාවක් දීලත් එයාගේ ඔය "ඊනියා " ප්‍රතිකර්මය ඔප්පු කරලා පෙන්නනේ නැහැ. (නදී)
ඔක්කොම පාරවල් වලට දැම්මා නම් ඒත් හොඳයි (නි)
ලංකාවේ රජයේ ආයතන වල නිදි කිරා වැටෙන අධික වේගයෙන් පගා ගහන කෑම පැයේ ගෙදර මාරුවෙන නෝනලා මහත්වරුනව අල්ලන්න උපකරණයක් තමයි පුතාලා මුලින්ම හදන්න ඕනේ. (ස)
බොහොම වටිනා දෙයක්. සුබ පැතුම් ඔබට! (නි)
කොපමණ හොඳ නිපැයුමක් උනත් මෙය රජයෙන් ක්‍රියාත්මක කරාවිද ? එහෙම උනොත් බහුලව මේවාට අසුවන්නෙත් රජයේ මැති ඇමති වරුන් සහ ප්‍රබූ වරුන් නිසා , නිපැයුම ගෙන නම් ආඩම්බරයි , මේවා තව දියුණු රටවල පාවිච්චි කරනවා , අධි වේග මාර්ග වල පමණක් නොව , කුඩා නගර තුල තිබෙන පොඩි පාරවලත් , , මොකද එම රටවල නිතිය කාටත් පොදු නිසා , ලංකාවේ එසේ නොවේ. (ස)
පහුගිය කාලෙක අර ප්‍රසිද්ධ රෙදි සාප්පුවක දර්ශන බොඳ වෙලා මොරටුව විශ්ව විද්‍යාලයට ඇරියා නේද පරික්ෂා කරන්න.ඒකට මොකද වුණේ දන්නෙ නැහැ නේද? (නි)
පුතේ, ඔයාල ඉතාම දක්ෂයෝ. අනේ පුළුවන් නම් දේශපාලකයින් ලවා මේ රටේ දැනට පවතින නීතිය ක්‍රියාත්මක කරවීමට ඔටෝ උපකරණයක් හදන්නකෝ. (නදී)
හොඳ නිර්මාණයක්. ආඩම්බරයි අපේ ලංකාවේ කොල්ලෝ ගැන (නි)
මේක ප්‍රින්ට් කරලා අරන් තියා ගත්තොත් අපේ රටෙත් හොඳ වැඩකාරයෝ ඉන්නවා කියල පෙන්නන්න පුළුවන්. එ්ත් ඕක අපේ රටේ ප්‍රායෝගිකව භාවිතා වෙයිද , නැත්තම් භාවිතා කරන්න ඉඩ ලැබෙයද දන්නේ නැහැ. නැත්තම් චීනෙන් ඊට වඩා ලාබෙට එකක් ලැබෙයිද දන්නේ නැහැ. කොහොම උනත් විශිෂ්ඨ නිර්මාණයක්. (නදී)
මුළු අදි වේගයටම පින්තුර වල තියෙන්නේ වාහන පහයි. පහෙන් හතරක්ම දාවනය කරන්නේ හරියට ලයින් එක ඇතුලේ නෙමෙයි (නදී)
නිපෙයුම ගැන ආඩම්බරයි. ප්‍රයෝජනයට ගත්තොත් හොඳයි. (නදී)
අධිවේගයේ නෙමෙයි, පුළුවන් නම් ඕවා සාමාන්‍ය කාර්යබහුල පාරවල් වලට දාන්න. පාඩු වෙන්නේ නැහැ. ගිය වියදම වගේ සියගුණයක ලාබයක් එක මාසෙන් හොයන්න පුළුවන්.ඒ වගේම මාස ගානක් යද්දී හොඳ ප්‍රතිඵලත් ලබාගන්න පුළුවන් වෙයි. බස් රියදුරන්, ත්‍රීරෝද රියදුරන්, ලොරි රියදුරන්, යතුරුපැදිකරුවන්, සාමාන්‍ය වාහන රියදුරන්... මෙකි නොකී සියලු රියදුරන් කරන නීතිවිරෝධී අනතුරු දහස් ගණනක් හොයාගන්න හරිම පහසුයි. ඒ හින්දා නොවරදවාම මේක හරියන්නේ සාමාන්‍ය කාර්යබහුල පාරවල් වලටයි (නි)
සෑම්, අමුතුවෙන් හොයන්න ඕනෑ නැහැ. මේකම හයිකළා නම් ඒවත් නිකන්ම අහුවෙනවා (නි)
ඉතාම වැදගත් නිර්මාණයක්. (නි)
මිනිසෙකුගේ අතින් වෙන්න තියෙන වැරදි ගණන වැඩිවුණත් පරිගණක මෘදුකාංගයකින් වෙන්න තියෙන වැරදි ගණන අඩුයි (නි)