අපරාධ නඩු විධාන සංග්‍රය යටතේ මුදල් වංචා නඩුවක සැකකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකිව තිබියදී නීතිපති උපදෙස් සඳහා යොමු කළේ ඇයිදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂට නියෝග කළේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි සහ ඔහුගේ සහෝදරියක වන ෆාතිමා ශ්‍රියානාට එරෙහිව ගොනු කර ඇති මුදල් වංචා නඩු නවයක් කැඳවූ අවස්ථාවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා එම නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනේ රන්ජි වැඩේ. අනුන්ගේ රෙදි අපුල්ලන්න ගියහම ඔහොම වෙනවා. වැඩේ ගැස්සුනොත් එහෙම රෙදි දීපු කෙනා හොයා ගන්නවත් හම්බ වෙන්නේ නැහැ. කොණ්ඩේ කපපු කට්ටියටත් වුනේ ඔය දේම තමා..(නදී)
කවුරු මොනවා කිවුවත් ඔය රැකියාව කරලම බලන්න ඕනෑ ඕකේ තිබෙන බැරෑරුම්කම. (නි)
නොදන්නවා වාගේ හැසිරෙනවා නොවේ. ලොකු අයට නඩු දාන කොට ලොක්කාගෙන් අහල ඉන්න එපැය. (ස)
ඔයා උසාවියට ඉදිරිපත් කරන්නේ නැතුව, වෙන වෙන තැන්වලට ඉදිරිපත් කරන එකේ හේතුව අපි හැමෝම දන්නවා. ඕනේ නම් ඕවට උදාහරණ ඕන තරම් දෙන්න පුළුවන්.(නදී)
මන්ත්‍රීවරුන්ට සහ ඒ අයගේ පවුලේ සාමාජිකයන්ට ඇත්තේ පොලිසිය විසින්ම සැකසු වෙනම සංග්‍රහයක්ද? නමුත් ඒ පිළිබදව රටේ ජනතාව නම් හොදින් දනී (නි)
නීතිය නොදන්නවා නොවෙයි. සමහර වෙලාවට නොදන්නවා වාගේ හැසිරෙනවා. (ස)
කොහොමත් නිතිය දැන ගත්තා උනත් ඔවුන් හැසිරෙන්නේ නීතියක් නැති ලෙසයි . නැතිනම් නිතිය ඔවුන් අතය කියා සිතා. (ස)
නීතියේ මූලධර්මයක් තිබෙනවා නීතිය නොදැන සිටීම එය උල්ලංඝනය කළ තැනැත්තාට දඬුවම් නොදීමට හේතුවක් නොවේ කියලා. එතකොට මේක එයාලට අදාළ නැද්ද? (නි)
නීතිය දැනගත්තා කියලා දැන මොනවා කරන්නද? හැමතැනින්ම දුරකථන ඇමතුම් (නි)
උසාවි නියෝගය පැහැර හරින යකඩ හොරු නිදැල්ලේ.කෝ පොලීසිය? (නි)
ඕක කියන්නත් දෙයක් යැ? (ස)
කොච්චර ගෙවලද දන්නේ නැහැ? ඒකත් හෙව්වොත් හොඳයි. එහෙම නැත්නම් බයේ වෙන්න ඇති. පවු. (නි)
ඔන්න "පොලීසිය නීතිය දනී" කියලා පළවුනොත් නම් ලාංකික හුදී ජන සිත පහන් කරවන විශේෂ පුවතක් වනු නොඅනුමානයි! (නි)