ඇඹිලිපිටිය නගරයේ තෙමහල් නිවසක පැවති සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන මහතාගේ මරණයට සිදුවෙන අයුරු දුටු බව කියන නිමල් නම් තරුණයා සොයා දීමට ඔහුගේ පවුලේ අය දැන් වී යැයි රහස් පොලිසිය ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්‍දු මහතාට අද (16) දැනුම් දුන්නේ ය.
අධිකරණ නියෝගය අනුව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඔහු පදිංචි නිවසට ගොස් සොයා බැලූ නමුත් ඔහු සොයාගැනීමට නොහැකිබව නිවැසියන් පැවසි යැයිද රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දුක ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය.
පොලිස්පති නියමයෙන් නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් පැවැත් වුනු පරීක්ෂණයේ දී කට උත්තර දුන් පොලිසියම රහස් පොලිසියට දුන් කට උත්තර වල පරස්පරයක් ඇතැයි රජයේ ජ්‍යෙෂ්ට නීතීඥ දිලීප පීරිස් මහතා අධීකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණය වෙන්නේ සාමාන්‍ය මිනිහාටයි. අඩුගානේ සිසිටිවි කැමරාවක්වත් තිබිය යුතුයි. (නි)
හිටපු පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු මැතිතුමාගේ යුගයේ පොලිසිය හොඳ විනයක් සහිතව පවත්වාගෙන යන්න හැකිවුණා. ඊටපසුව එම තනතුරට පැමිණි පුද්ගලයෝ පොලිසියේ විනය පිරිහෙන ආකාරයට කටයුතු කළා. එහි උච්ඡතම ස්ථානයකට අද වනවිට පැමිණ තිබෙන බව පේනවා.මෙය ඉතාමත් කණගාටුදායක තත්වයකි (නි)
කෝ දැන් අර මාධ්‍ය ඉස්සරහා පරස්පර කතා කිය කියා බොරු රඟපෑම් කළ අය? දැන් වැඩේ එළිවේගෙන යනවා වගේ නේද? (නි)
අයියෝ! ඔය පොලිස් පතිකම ළමයෙකුට දෙන්න (බ)
වැඩේ මාට්ටු වේවි කියලා බයට වෙන්න ඇති නේද.? (ර)
පොලිස් රාජ්‍යයක් ළඟ එන ළකුණුද මේ? (නි)
කන්න ඕන වෙනකොට කබරගොයත් තලගොයා වෙනවා කියල අහල නැත්ද ? මොනවා වුනත් ඇඹිලිපිටිය අහිංසක ජනතාව දන්නවා පොලිසියද කව්ද නිවැරදි කියල.කුඩ්ඩෝ, චන්ඩි ,ඇර. (බ)
පොලිසිය දෙවිදියකට කටඋත්තර දුන්නා වගේම උස්පහත් බේද අනුව මිනිසුන්ට සළකන ආකාරයත් වෙනස් කළයුතුයි. මෙය වෙනස්කිරිමට නම් පැමිණිලි විභාග කරන තැන සිසිටිවි කැමරාව බැගින් සවිකරන්න. එතකොට කටඋත්තර පස්සෙ යන්නවත්, වෙනම පරික්ෂණ පවත්වන්නවත් අවශ්‍ය නැහැ. (නි)
කැමරා දර්ශන අනුව පොලිසියේ ක්‍රියා කලාපය අධීක්ෂණය කරලා අදාළ නිලධාරීන්ගේ වැඩ තහනම් කලා නම් මීට වඩා සාධාරණය. (අ)