බීමත් බව පෙනෙන පුද්ගලයකු සහ ඔහුගේ මිතුරා ඔහු කැඳවාගෙන යාමට එන තරුණ කාන්තාවකට පහරදෙන සිද්ධියක් දැක්වෙන වීඩියෝවක් අන්තර් ජාලයේ සැරිසරයි.
මෙම කාන්තාව සමඟ තවත් ගැහැණු ළමයෙක්ද සිටියි. එක තරුණයකුගේ පහරදීමෙන් තරුණිය බිම ඇද වැටෙන අන්දමත් ඉන්පසු පහර දුන් තරුණයා ඇය නැගිට්ට වීමට උත්සාහ ගන්නා අන්දමත් දර්ශනය වෙයි. අනෙත් තරුණිය ඇය ආපසු ගෙනයාමට උත්සහ කරයි.
කාන්තා හිංසනය සම්බන්ධයෙන් පවතින නීති ශ්‍රි ලංකාවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත්, නීති ගෘහස්ථ හිංසනය සහ කාන්තා හිංසනය එතරම් වැදගත් කාරණා ලෙස නොසැලකීමත් මෙවැනි ශෝචනීය තත්ත්වයක් උත්සන්න වීමට හේතු වී තිබෙන බවත් මෙම වීඩියෝව පිළිබඳ අදහස් දක්වන බොහෝ දෙනා කියති.
මෙම පහරදීම ගැන තොරතුරු ළඟම ඇති පොලිසියට ලබා දෙන්නැයි ද ලබා දෙන අයගේ නම්,ගම් රහසිගතව ගතා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන අතර මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

![3[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/31.jpg)
![7[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/71.jpg)
![8[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/81.jpg)
![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/10/101.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුනි මිලාන් ඇතුළු මෙම පහරදීම අනුමත කරන සියලු දෙනා මනුෂ්‍යත්වයට නිග්‍රහයක්. අරවින්ද හරි. මේක තමයි, පසුගිය කාලයක් පුරා දේශපලනය අපිට දායාද කරපු දේ. රජ්ජුරුවන්ගේ බොරු සුචරිතයත් කුහක රාජ්‍ය පාලනයේත් ප්‍රතිපල.(බ)
මෙවැනි දේවල් කිසිසේත්ම අනුමත කරන්න බැහැ.මේ දෙන්නට දඩුවම් දෙන්නම ඕන.වරදක් කලත් මෙහෙම ගහන්න කාටවත් බැහැ. (ස)
ලංකාව දවසින් හදන්න බැහැ (නි)
කොල්ලාටත් කියන්න යම් දෙයක් තිබෙන බව පේනවා. (ස)
දැන් ඔහොම නම් බැන්දම මරාවි (අ)
අනේ මන්ද ., මට වැටහෙන විදියට නම් තම ආදරවන්තය කුමක් හෝ වරදකින් බේරගන්න වගෙයි තරුණිය වෙහෙසෙන්නේ, මොකද අනෙක් කෙනා අහනවා අපිද මුව නරක් කරන්නේ කියල. ඔව් කියන තරුණියට ඔහුත් පහර දෙන්නේ, අනිවාර්යෙන්ම දැඩි දඩුවම් දෙන්න ඕනේ දෙන්නටම (අ)
සදුනි , හොදට වීඩියෝව බලන්න එම තරුණිය අහනවා මම මොකක්ද කරපු වරද කියල., ඔය මෙතන කියනවා තරුණිය ලොකු වරදක් කරලා ඇති කියල (අ)
ඩයස්, ඔබට මගෙන් මල් මිටක්! ස්තුතියි ඔබේ අදහසට (නි)
පිරිමිකමටත් ලැජ්ජයි (නි)
ගැහැණුන්ට ගහන චණ්ඩි නියම පිරිමි නෙමෙයි (නි)
එහෙම නම් පිරිමි වැරදි කලාම කාන්තාවන්ටත් ගහන්න පුළුවන් වෙන්න ඕනේ සමහරුන් කියන විදියට. (ර)
අපේ රටේ පිරිමි ගැහැණුන්ට ගහලා හරි තමන්ගේ වැරදි වහගන්නයි බලන්නේ. (නි)
තාම මේ ගොල්ල හදුනාගෙන නැද්ද.? (ර)
අපි අනුන්ගේ දේවල් ගැන හොයන්නේ නැතුව ඉමු (නි)
ඉස්සල්ලම දඬුවම් කරන්න ඕනි මේක කැමරා කරපු කෙනාට. (ර)
කාන්තාව වෙනුවෙන් ඇමතිවරියක් ඉන්නවා නේද.? (ර)
මේ තරුණයින්ට අනිවාර්යෙන්ම දඬුවම් කළයුතුයි. මෙය දරුණුම කාන්තා හිංසනයක්. කිසිම කෙනෙකුට කිසිම වරදකට පහරදීමට අයිතියක් නැහැ. මේ ගැහැණු ළමයා මැරුණා නම් කවුද වගකියන්නේ? (නි)
මෙය වීඩ්යෝ කර අන්තර්ජාලයට නිකුත් කල පුද්ගලයාට ප්‍රශංසා කල යුතුයි. (ර)
අනේ මෙහෙමත් පිරිමි! (නි)
දැන් ඉතින් මේක මුහුණුපොතට දමපු කෙනා ගැනත් හොයයි (නි)
මෙය ඉතාම අමානුෂිකයි. නීතියෙන් කටයුතු කළයුතුයි, නැවත මෙවැනි දේ නොවෙන්න. (නි)
දන්නා කෙනෙක් කියන්න. (ර)
මා පදිංචිව සිටින ඕෂ්ට්‍රලියඔවේ හෝ නවසීලන්තයේ දී මෙය සිදු වුණා නම් මේ තරුණයින්ට අනිවාර්යෙන්ම වසර 2 ක සිරදඬුවමක් නියති, එම නිසා මොවුන්ට දඬුවම්කර මිනිසුන්ට පහර දීමේ බරපතලකම ලොවට පෙන්නවන්න (අ)
මා සිංගප්පූරුවේ තානාපති කාර්යාලයේ නිලධාරිනියක් හැටියටට මෙය කිසි සෙත් අනුමත කරන්නේ නෑ, මෙවැනි දෙයක් මෙහෙ වුනා නම් මොවුන් වසර කිපයක්ම හිරේ දැඩි දඬුවම් සහිතව, දැන්වත් ලංකව ආදර්ශමත් රටක් බවට ලොවට පෙන්වන්න (අ)
මේ ගැහැණුන්ට ගහන චණ්ඩින්ට නම් පාඩමක් උගන්නන්න ඕනෑ. (නි)
අදහස් දාන අපි හොඳ බූවල්ලක් අරගෙන තම තමන්ටම ගහගත්තා නම් හොඳයි (නි)
රටේ නීතිය විදිමත් වීම, නොවීම මේවට සාධක වේ (ර)
මම මේක අනුමත කරනවා නෙවයි. නමුත් අශිකා නානායක්කාර , ලලනි විජේසුන්දර, අමාලි වගේ අය අතින් නිතර වැරදි වෙනවා වගේ තමයි පේන්නේ. තමන්ගේ ස්වාමියට හෝ අදරවන්තයට හෝ අවංකව ඉන්නවනම් මේ වගේ දේවල් වෙන්නේ නෑ (අ)
අශිකා ඇයි මෙතන කියන්නේ සිංගප්පූරුවේ තානාපති කාර්යාලයේ නිලධාරිනියක් හැටියටට කියලා. එකේ මෙතනට වැදගත් නැනේ. (ර)
ඒ වැටෙන විදිහට පිටිපස්සේ ගලක් එහෙම තිබුනා නම් මේක එහෙමපිටින්ම වෙනස් කතාවක් වෙන්න තිබුණා. (නි)
කේෂානි, වැරදී කා අතිනුත් වෙනවනේ, ඒත් කාන්තාවකට මේ අයුරින් වදහින්සනයට ලක්වීම ඉතාමත් පහත් නින්දිත ක්‍රියාවක්. මෙය බලන කිසිම කෙනෙක් මෙය නුමත කරන්නේ නෑ. (ර)
ජයමාලි, ඔයාගේ නම බෝගහවත්ත වුණාට ඒ නම ඔයාට ගැල පෙන්නේ නෑ නෙමෙ, මොන වැරැද්ද කළත් අවිහින්සනයි වැදගත් වන්නේ ලොව ඉහලම අගමැ බුදුදහමට අනුව (අ)
කේෂානි යටවර තවම වැඩවසම් යුගයේ වගෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිගෙන තිබෙනවා. ඔබ වැනි පටු විදිහට සිතන කාන්තාවන් සිටිනතාක් මෙවන් සිදුවීම් අසන්නට ලැබේවි අපට (අ)
කා අතිනුත් වැරදී වෙනවනේ, නමුත් ගෙහෙනියක් හැටියට මෙහෙම පිරිමින්ගෙන් ගුටිකන්නේ ඇයි.? (ර)
දරාගන්න බැරි ජීවනබර නිසා බහුතරයක් ඉන්නේ අසහනයෙන්. තමුන් හිතන පතන මුලික අවශ්‍යතා ඉටුකරගන්න දැඩි සටනක් දෙන්න වෙන විට ,කෑම වේල ගන්න, බත්පතට ලොකු සටනක් දෙන්න වෙනකොට දැඩි අසහනයකට පත්වෙනවා. මේ අසහනය බීමත්කමින් , රණ්ඩු කිරීමෙන් , පහරදීමෙන් පිටකර ගැනීමට උත්සාහ කරනවා. ගරු ජනපතිතුමනි, ජීවන වියදම අඩු කිරීමට , බඩු මිල ඉක්මනින් අඩුකිරීමට ඔබට ශක්තිය ධෛර්යය තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා !!! (නි)
එතකොට අර පහුගිය දවස්වල බස් නැවතුම් පොළකදී පිරිමියෙකුට ගහපු එකට මොකද වුණේ කියලා කියනවද? (නි)
අප රටේ සියලුම වැඞිහිටියෝ වගකවයුතුයි මේ සිදුවිමට. මන්ද තම දරැවන්ව සමාජයට සත්ව කොට්ඨාසක් මෙන් මුදා හැර ඇත්තේ දෙමාපියෝ...අද වරදක් දුටු සැනින් සැවොම දොස් කියන්නේ පාසලට ආගමට..ඒත් මේ ලිපිය කියවන ඔබ සැවොම මදක් ඔබේ පවුල් පරිසරයෙන් ඔබ දරැවන් අනාගතය ආභාශයක් කරා ඔබ ඔවුන්ව තල්ලුකරල දමන්නේ මෙවැනි ආකාරයට වග හොදට සිහියේ තබාගන්න. අදටත් මතකය මාගේ ආදරනිය දුප්පත් පැල්පතින් මගේ කිරිඅම්මා අපට වැඩිහිටියන්ට නම කතාකරල කිසිවෙකුට ආමන්ත්‍රණය නොකර අයියේ.අක්කේ නැන්දෙ.මාමේ. ...යනුවෙන් පවුලෙ මෙන් ම අසල් වාසින් හැමට .වැඩිහිටි ගරැත්වයෙන් සලකන හැටි .අපි යහපත් සමාජ අධ්‍යයනය ලැබුවේ අපේ අාදරනිය නිවසින් .ඒ හැදියාව අපිට අදටත් කෙනෙකුට ඒ ගරැත්වයෙන් සලකන්නේ ඒත් දැන් පරම්පරාව ...අන්තිමයි..මේ දරැවන්ගෙ වැඞිහිටියෝ සහ .... සදාචාරයක් නැතිව වැනසිගිය තරුණ දරැවන්ගෙ ජිවිත වෙනුවෙන් මෙය කියවන ඔබ සියලුම වැඞිහිටියන් වගකිව යුතුයි තම දරුවන් යහපත් පුරවැසියන් නොකර කැලෑ සත්තු බවට පත්කළේ ඔබයි....! දරැවන් ඉදිරියේ අරක්කු බිගෙන පරැස වචනෙන් කතාකරගෙන තම බිරිදට තඩිබාන දරැවන්ට තඩිබාන වැඩිහිටියන් සිටින දරැපවුල් වලින් අනාගත පරපුර අහුල ගන්නේ මෙවැනි පලදාවක් අපි අප්පිරියාවෙන් බලා පොරොත්තු වෙමු..! (බ)
මම නම් මේ පහරදීම අනුමත කරන්නේ නෑ. මේ පිරිමි අයට කාන්තාවගේ වටිනාකම දැනගන්න පාඩමක් නියලා දෙන්න ඕන. (ස)
අචල ප්‍රශ්නය හරියට හඳුනාගෙන තිබෙනවා (නි)
අනේ කේෂානි ඔයත් ගැහැණියක්ද? ඔයාගේ දුවට හරි නංගිට හරි ඔහොම වුණා නම් මොකද කරන්නේ? ඔයාලා වගේ ගැහැණුත් මේ සමාජයේ ඉන්නවා කියනකොට පුදුම කළකිරීමක් ඇතිවෙනවා. (නි)
තිරය මත දිගහැරෙන දෙබස් ජවනිකා ටික විතරක් විමසුවත් කෙතරම් නම් විජ්ජාසහගත බවක් තිබේද? (නි)
අපිත් පිරිමි තමයි. එහෙත් මේ අයට නම් දඬුවම් කළයුතුමයි. හැබැයි මට විශ්වාසයි මේ තරුණිය ඉදිරිපත් වෙනවා ඒ තරුණයාව බේරාගන්න (නි)
අපේ රටේ සමාජ තත්ත්වය තමයි මේකෙන් පෙනෙන්නේ. පාරේ තොටේ ගියත්, පොලිසියකට, රජයේ ආයතනයකට ගියත් මේ තත්වය දකින්න පුළුවන්. මේ තරුණයන්ට විතරක් බැනො වැඩක් නැහැ. මේක තමයි අපේ රටේ මහා ලොකු අභිමානය. අපේ රටේ දේශපාලනය අපිට තිළිණ කරපු වටිනා තෑගි තමයි මේ. රටකට ප්‍රතිපත්තියක් නැතිකොට තරුණ තරුණියන්ට මොන ප්‍රතිපත්තිද? (නි)
අපි දන්නවා නම් කියන්නම්කෝ (නි)
පොලිසියට දැන් හම්බ වෙන්න ඇති නේද මේ ළමයින්ව? ප්‍රසිද්ධියේම එයාලා කතාකළානේ. දැන් නීතිය ක්‍රියාත්මක කරන්න ඉතින්. (නි)
පොලිසිය ඔය පින්තූර වල ඉන්න නාඳුනන මිනිස්සු ගැන හොයනවා වගේම අර 17 හැවිරිදි පාසල් සිසුවකුට පහරදීපු සහ ආබාධිතයෙකුට පහරදෙන පොලිස් නිලධාරීන් ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න (නි)
පිරිම අපිටත් ලැජ්ජයි (නි)
සඳුනි, මිලාන් යන දෙදෙනාටම. ඔබ මේ වීඩියෝව හරියට නරඹා ඉන්න මෙවැනි අදහස් දැක්වීමට කලින්. හරි, ඇය වරදක් කර තිබෙනවාමයි කියමුකො. ඒත් මේ විදිහට පහර දෙන්න මොවුන්ට තිබෙන අයිතිය කුමක්ද? අනික, සඳුනි ඔබ පෙනීසිටින්නෙ ඇත්තටම ඔබේ නමින් නම්, මට අහන්න වෙනවා මෙහෙම. "තවත් ගැහැණියක් හැටියට ඔබ දක්වා ඇති අදහස ගැන ඔබට ලැජ්ජා හිතෙන්නේ නැද්ද? අනික, තමන්ගේ බිරිඳට/පෙම්වතියට යහළුවන් ලවා පහර දෙවන එකේ තිබෙන නෝංජල්කම ගැන හිතන්න." පිටබැද්දර ජයා දක්වා තිබෙන අදහස හරිම වටිනවා! (නි)
අයියෝ! මේ පොඩි කොලු පැටවු දෙන්නෙක්නේ. වයසේ හැටියටද වැඩ? (නි)
අපි ඉතින් කොහොම කියලා හොයන්නද? (නි)
කොහොමහරි හොයාගෙන හොඳ පාඩමක් උගන්වන්නයි තියෙන්නේ අනෙක් අයටත් පාඩමක් වෙන්න (නි)
කාන්තා හිංසනයට දැඩි දඬුවම් දිය යුතුයි.මනුෂ්‍යතටත් , පිරිමි කමටත් දෙකටම නිගා කරලා. දඬුවම් දිය යුතුමයි. (ර)
කරුණාකරලා හොයලා දඬුවම් දෙන්න මේ ළමයින්ට. (නි)
අනේ හැබෑට මෙහෙමත් පිරිමි! (නි)
ඇත්ත නැත්ත හොයලා බලන්න .කෙල්ල වරදක් කරලා ඇති, සමහරවිට (නි)
මෙහෙමත් පිරිමි. (ර)
මටත් හිතෙන්නේ ගැහැණු ළමයාගේ ලොකු වරදක් තියෙනවා. නැත්නම් මෙහෙම ප්‍රහාරයක් එල්ලවෙන්නේ නෑ. (ර)
වරදක් කලත් නැතත් කාටවත් මෙහෙම ගහන්න අයිතියක් නැහැ .මොකද කිසිම මනුශ්‍යයෙක් කාටවත් අයිති භාණ්ඩයක් නෙමයිනේ . මේවා සාධාරණය කරන හදන ඔයාල වගේ අයව තමයි මුන්ලින්ම පුනරුත්පනය කරන්න ඕනේ. (ස)
මේ පිළිබඳව ඉක්මණින් කටයුතු කරන්න (නි)
මොන ප්‍රශ්න තිබුණත් ගැහැනියක් ඉදිරියේ කඳුළු වැටෙන මේ වගේ තරුණ පරම්පරාවක්ද අපේ රටේ අනාගතය බාරගන්න ඉන්නේ? (ම)
මේකේ ඇහෙනවා නරක මිතුරු ආශ්‍රයෙන් සැමියා බේරගන්න මේ කාන්තාව උත්සහ කරන බව. වහාම දඬුවන් දෙන්න මේ යට විරුද්ධව මේ තියෙන සාක්ෂිය ප්‍රමානවත් ඇතැයි සිතනවා. කාන්තා හිංසාව වරදක් බව සමාජය දැනගත යුතුයි. (ම)
මේ තරුණයින්ට අනිවාර්යෙන්ම දඬුවම් කළ යුතුයි , මෙය දරුණුම කාන්තා හිංසනයක් , කිසිම කෙනෙකුට කිසිම වරදකට පහර දීමට අයිතියක් නෑ, මේ ගෑනු ළමය මැරුණා නම් කවුද වග කියන්නේ? කරුණාකර මෙයට නිතියෙන් දඩුවම් කරන්න (බ)
අතිශයින්ම අසාධාරණ පහරදීමක්. ජාතියක් හැටියට අපි කොහෙද මේ යන්නේ? (නි)
ඔය විදිහේ එකක් මමත් දැක්කා. මීගමුව පැත්තේ වුණ දෙයක් (නි)