ශ්රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් 400ක් පමණ බලංගොඩ ඉහළගලගම නාගල කන්දේ විනෝද චාරිකාවකට ගොස් අතරමංව සිටියදී බේරා ගැනීමට බලංගොඩ හා සමනළ වැව පොලීසි සෙනසුරාදා මැදියම් රැය ආසන්නයේ මෙහෙයුමක් කළේය.
අධික සීතලත් මීදුමත් ඇති දැඩි බෑවුම් සහිත මෙම කන්දට ගම්වාසීන් පවා නොයතියි කියති.
බස් නවයකින් මොවුන් පැමිණ ඇති බවත් දිය සෙවෙල හා දිය පාරවල්ද සර්පයන්ද බහුල මෙම කන්දෙන් සිසුන් රැගෙන ඒම බරපතල අභියෝගයක් වු බව පොලීසිය කියයි.
බලංගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසංග මහතා මෙම මෙහෙයුමට නායකත්වය දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පණ්ඩිතකමට කරන වැඩ වලට එයාලටම තනියෙන් හොයාගෙන එන්න දුන්නා නම් තමයි හොඳ (නි)
මම මේ චාරිකාවට සහභාගි වුණ කෙනෙක්. (නි)
මේක නම් ඇත්තෙන්ම සරසවි සිසුන්ට හොඳ පාඩමක් (නි)
විරෝධතා කරන විටදී ඔය ළමයි යන මඟ පොලිසියේ මහත්වරු අහුරන්නේ ඔය කරන වැඩවලින් ඔය ළමයිගේම ජීවිත සදහටම අතරමංවෙන නිසයි. (නි)
අපිත් ඒ ගමන ගියා. (නි)
හෂාන් කියන්නේ මොකක්ද දැන්? (නි)
මම අභියෝග කරනවා පොලිසියේ ඇවිත් එක ළමයෙක් හරි බීර ගත්ත කියල ෆොටෝ එකක් හරි දල ඔප්පු කරලා පෙන්නුවොත් මම කන කපා ගන්නවා කියලා (අ)
මමත් මේ චාරිකාවට සහභාගි වුණා (නි)
සරසවියේ මොළය තිබෙන අයත් ඉන්නවා. ඒ වුණාට චාරිකාව යන්න ගන්නේ අන්තරේට කැමැති අයනේ! (නි)
අදහස් බැලූවිට සරසවි නොගිය අයගේ බුද්ධිය හොඳට පේනවා. අපේ රටේ ලොකුම ලෙඩේ තමයි ඔය ඊර්ෂ්‍යාව. ළමයින්ට බුද්ධිය නැතුව නෙමෙයි, දේශපාලනය තමයි සරසවිවල ගරුත්වය නැතිකළේ. (නි)
කඳු නැඟි අයියලා නංගිලාට ගලේ බණ්ඩාර දෙවි හාමුදුරුවන්ගේ පිහිට ලැබී ඇති බව පැහැදිලියි (නි)
මට මතකයි හන්තාන නගින්න ගිය සරසවි සිසුන් කට්ටියකටත් මෙහෙම දෙයක් සිද්ධ වුනා. (නදී)
එතකොට අර ආරක්ෂක මුර දේවතාවන් වන අන්තරේ කට්ටිය මේ අයව බේරා ගන්න ගිහිල්ල නැද්ද ? (නදී)
ලංකාදීපේ බොරු කියනවා වෙන්න බැහැනේ.. එක අනුවනම් මේ ළමයි ගිහින් තියෙන්නේ සරසවියේ අවසරයක් ඇතුව නෙමෙයි.එක උපකුලපති කියන්නේ පොලිසියේ පැමිනිල්ලකුත් සමගම. එහෙමනම් මෙහෙම චාරිකාවක් සංවිධානය කලේ කවුද..? බැච් ට්‍රිප් එකක්නම් මේ ජෙෂ්ටයෝ හිටියේ කොහොමද ..ඒ වගේම ගැහැණු ළමයි මේ වගේ අනාරක්ෂිත සංචාරයක යෙදුනේ කොහොමද කියල හොයල බලන්න. මේක බරපතල සිදුවීමක්.විහිළුවක් නෙමෙයි..(බ)
හරි මදි. (නදී)
පොතේ දැනුමයි ප්‍රායෝගික ජිවිතේ දැනුමයි අතර වෙනස (නදී)
මේ ළමයි මේ ස්ථානය ගැන යන්න කලින් වැඩිදුර සොයා බැලීමක් කරන්නවත් මග පෙන්වන්නේකුගේ සහය ගන්නවත් උනන්දුවක් තියෙන්න නැතිව ඇති. තරුණ වයසනේ!. හිතුනා. ගියා. (නදී)
ලංකාවේ ළමයි උසස්පෙළ කරන්නේ සරසවියට යන බලපොරොත්තුවෙන් නොවේද? නැත්නම් මෙච්චර තරඟයක් මොකටද? ඒත් ඉතින් යන්න බැරිවෙන සුළුතරයකට සරසවිය පෙනෙන්න බැරිවෙනවා. නමුත් ඉතින් ඔය කියන චාරිකාව අපේ යාළුවොත් ගියා (නි)
අනේ සාදු දැන්වත් අපේ පොලිසිය ගැන ඔය කට්ටිය තේරුම් ගනීද මන්දා (නදී)
හෂාන්, පාඨකයන්ට ප්‍රතිචාර දක්වන්න පුළුවන් වෙන්නේ තිබෙන විස්තරය අනුවයි. මේ අදහස් වල ලියලා තිබෙන සමහර ඒවායේ ඇත්තක් තිබෙනවා . (නි)
මේ අය ගියේ මොනවගේ චාරිකාවක්ද කියලා ඒගොල්ලන්ගෙම ප්‍රතිචාර අනුව හිතාගන්න පුළුවන්. (නි)
මේක රටේම ප්‍රචාරය වෙලා තමන්ගේ ගමන ගැන හැමෝම දැනගත් නිසා දැන් කියනවා ඇති පොලිසියේ උදවිය කළ දෙයක් නැහැ කියලා. (නි)
හරියට දෙයක් දන්නෙ නැතුව මෙහෙම කතාකරන එක වැරදියි. දෙයක් කියන්න කලින් ඒකේ ඇත්ත නැත්ත හොයලා බලන එක හොඳයි නේද? (නි)
ඇත්තද හඳිල්, ලොකු දෙයක් ඔය ගැහැණු දරුවන්ගේ ආරක්ෂාව එතැනදී සැළසූ එක. දෙමාපියන්ටත් කරන්න අමාරු වැඩක් කොල්ලෝ ටික කරලා තියෙන්නේ. (නි)
දැන්වත් අපේ පොලිසිය ඔය කට්ටිය ගැන තේරුම් ගත්තොත් හොඳා. (නදී)
දැන් මෙතන ලියපු සරසවි සිසුන්ගේ ආකල්ප තමයි පෙනෙන්නේ ලියූ දේවල් වලින්. "පොලිසිය කළ දෙයක් නැහැ අපි තමයි ජගතුන්" මෙන්න මේ විදියට හිතාගෙන ඉන්න නිසා තමයි සමහරුන්ට රැකියාවක සම්මුඛ පරීක්ෂණයකින්වත් සමත් වෙන්න බැරි. කවදාවත් අනුන් කරන දේවල් අගය කරන්නේ නැහැ. මේ කට්ටිය ගැන බහුතර අප්‍රසාදය පළවෙන්න එක හේතුවක් තමයි කිසිම විදියකින් සමාජයෙන් තමන් ඉපදුනදා සිට තමන්ට සිදු වූ මෙහෙවර අගය කරන්නේ නැතිවීම. (නි)
දැන් තේරෙනවනේ සරසවි සිසුන්ගේ ප්‍රඥාවක තරම! එයාල තමයි මේ රටේ ප්‍රශ්න ඔක්කොටම උත්තර හොයන්නේ. (නදී)
විශ්ව විද්‍යාල සිසුන් කරදරයකට පත්වනතුරු ලංකාවේ පින්වතුන් කීයක් බලාගෙන ඉන්නවද කියලා දාලා තියන අදහස් වලින්ම පෙනෙනවා.ඒ ගැන ඇත්තටම දුකයි. (නි)
සමාජයේ සරසවි සිසුවා අප්‍රමාණව පිරිහිලා. සරසවියෙ ඉන්න විට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මේ සමාජය සිසුවාට එහෙම ඉගෙනගන්න පුලුවන් වටපිටාවක් හදලාත් නැහැ. මේ නිසා විවේචන කරන්න පෙර සාධාරණව සමාජය හදන්න. (නි)
මේකේ හුගක් අය ගොන්නු වගේ තප්පුලනවා. මේ ගිහින් තියෙන්නේ අවුරුදු 4-5 මොන්ටිසෝරි බබ්බු නෙවේ. (නදී)
මේ ගිහින් තියෙන්නේ කන්ද මුදුනේ අට්ටාලයක් ගහන්න වෙන්න ඇති. දැන් ඒකටත් බාධා කලා කියාවි. (නදී)
කෝ මේ අන්තරේ ගැලවුම් කාරයෝ ? ඒ ගොල්ලා හිටියේ නැද්ද ? (නදී)
අනේ ඉතින් රටේ ලොකුම මොළ කියාගන්නා කට්ටිය නේද ඔය. (නදී)
අපෝ බැරි වෙලාවත් සොයා ගත්තේ නැතිනම් කියාවි රටේ ඉන්න බුද්ධිමත්ම කොට්ටාශය ගැන තැකීමක් කලේ නැහැ කියලා. එහෙනම් හෙට බලන්ගොඩ මිනිස්සුන්ට උදේට පාරක යන්න බැරි වේවි ඉතිරි කට්ටිය ගිහින් වර්ජනයට පාර හරස් කරලා. (නදී)
දැන් මේකටත් ආණ්ඩුවට බනීවි මේගොල්ලන්ට කඳු නැගීමේ පහසුකම් සැපයුවේ නැහැ කියලා. (නදී)
රටේ ඉන්න ඉහලම බුද්ධිමතුන් නේද මේ ? (නදී)
කන්දෙම හිර වෙලා ඉන්න දෙන්නයි තිබුනේ. මේ ගොල්ලන්ට අනෙක් අයව නිවාස අඩ්ස්සිගත කරන්න පුළුවන් නම්, මේ ගොල්ලන්ව කඳු අඩස්සිගත වුනාට මොකද තියෙන වැරැද්ද ? (නදී)
අවධානම් චාරිකාවකට කලින් පෙර විපරමක් කරන්න ප්‍රායෝගික හැකියාවක් තිබෙන පාටක් නැහැනේ. (නදී)
කැම්පස් නොගිය අයගේ, කැම්පස් ගිය අය ගැන හිතේ තියෙන ඉරිසියාව පේනවා දාලා කමෙන්ට් වලින් (නදී)
මේගොල්ලන්ට උගත්කම විතරයි. ප්‍රායෝගික බුද්ධියක් නැති බව රටටම පෙන්නලා ඉවරයි. ඒකනේ පුද්ගලික අංශයෙන් රැකියාවක් වත් දෙන්න කලින් දෙපාරක් හිතන්නේ. (නදී)
පොලිසියේ මහත්වරුන්ට අර කට්ටියගේ අම්මා මුත්තත් මතක් වෙන්න ඇති නේද? මොකද ඔය කට්ටියමනේ පොලිසියට වැඩි හරියක්ම දුක දෙන්නේ අතන මෙතන මාර්ග බාධක කඩාගෙන අනවසරෙන් ඇතුල්වෙන්න දගලලා. (නදී)
ඔතනට ගියා කියල පොතේ දැනුම විතරක් ගන්නේ නැතිව සමාජයේ අනිත් මිනිස්සු එක්ක ජීවත් වෙන කලාවත් ඉගෙන ගන්න. ඒකනේ අර නාය ගිය තැන වැඩි උගත්කම නැති මිනිස්සුන්ට අනේ අපොයි කිව්ව මිනිස්සු මෙතැනදී මොකද වුනේ කියල වත් අහන්නේ නැත්තේ ? (නදී)
නුවන්, අපි කාටවත් සර්ව සාධාරණ සමාජ තත්ත්ව යටතේ ජීවත්වෙන්න ලැබෙන්නේ නැහැ, ඔයාලා විතරක් නෙමෙයි අපිටත් එහෙමයි. උදේ සවස රැකියාවක් කරගෙන් දරු පවුල් වල බර අදින උදවිය ගැන හිතලා බලන්න. අවශ්‍ය වන්නේ තමන්ගේ උගත්කමට සමාජයේ අවබෝධය එක් කරගැනීමයි. සමාජය කියන්නෙත් මිනිසුන්ගෙන් හැදුන විශාල කුලකයක්. ඔය කුලකයට සරසවි සිසුන් පවා ඇතුළත් වෙනවා. ඒ නිසා සාධාරණව හැසිරිය යුතු සමාජ කුලකයේ ඔයාලත් ඉන්න බව අමතක කරන්න එපා. (නි)
සමන්ත, හේමන්ත ඔයාලා උසස් පෙළ කී සැරයක් අසමත් වුනාද? (නදී)
අනේ අපි ඒකනේ අනෙකුත් වෘත්තීය විභාග කරලා පොලව පය ගහලා ජීවත් වෙන්නේ. පනින්න පෙර සිතා බලනු කියන මොලයවත් තිබුනා නම් අර කිව්වත් වගේ මග පෙන්නන්නෙක් වත් එක්ක ගෙන යනවානේ. (නදී)
ටිකක් අමාරු ඉලක්කයක්. ඔහොම දේවලුත් වෙනවා. නැත්තන් කැම්පස් ජිවිතේ ෆන් එකකුත් නෑනේ. (නදී)
ලාල්, සරසවි නොගිය මිනිසුන්ට අපහාස කරන්නේ ඇයි? මම මෙතෙක් කාටවත් මෙතන මේ විදියට චෝදනා කළ කෙනෙක් නෙමෙයි. ඔක්කොම නිකන් ලැබෙනකොට ඒවාට බදුගෙවන මිනිසුන්ට මෝඩයන් කියලා තමයි මහා ලොකු උගත්තු කතා කරන්නේ. (නි)
දුර පේන්නේ නැහැ. ළමයෙක් මරුණා නම් රට කලඹවයි ආණ්ඩුවට බැන බැන (නදී)
මමත් සරසවියේ කලක් ඉගෙනගත්තා. මම හිතන්නේ අපි නිහතමානීව අපේ ප්‍රශ්න මහජනයාට ඉදිරිපත් කළයුතුයි. වැස්සකටවත් සරසවියට ගියේ නැති, නුගත් ආදී වශයෙන් මහජනතාව අමතමින් සරසවි සිසුන්ගේ ප්‍රශ්න ඔවුන්ට ඒත්තු ගන්වන්න බැහැ. ඔය ඊරෂ්‍යාව වගේ පටු අදහස් ඉදිරිපත් කිරීම ප්‍රාථමික පන්ති වල සිසුන්ට ගැළපෙන දෙයක්. (නි)
දැන් ඒ පාර කන්ද බැහැගන්න බැරි වුනාටත් පලි. (නදී)
ඇත්තම කියන්න අපේ ආයතනයේ ඉන්න උපාධිදාරීන් තමයි ලොකුම ඊර්ෂ්‍යාකාරයෝ. ඉංග්‍රීසි භාෂාවේ නිපුණතාවයක් තිබෙන පරිගණකය හොඳින් හැසිරවීමට හැකි සේවකයෙක් දැක්ක ගමන් කරන්නේ බොස්ට කේළමක් කියලා හරි අර කෙනාගේ දක්ෂකම උඩට මතුවෙන්න නොදී මකන එක. (නි)
නැඟපු කන්ද බැහැගන්න බැරි කට්ටිය ගැන මොන ඊර්ෂ්‍යාවක්ද? (නි)
මොනවා නැතත් ලොකුකම නම් තිබෙනවා. අනිත් රටවල් වල සරසවි සිසුන් මොනතරම් නිහතමානිද? ඔවුන් තමන්ගේ වියදමින් ඉගෙනගන්න අතරම කම්කරු රැකියා පවා කරලා සමාජයට බරක් නැතුව ජීවත්වෙනවා. මම රටවල් කීපයකටම ගිහින් ඒ ළමයින් සමඟ කතාබස් කර තිබෙනවා. හරිම සුහදයි. (නි)
පද්මිනිටත් කඳු නගින්න ගිහින් අකරතැබ්බක් වෙච්ච පාටයි. (නදී)
අවධානම් චාරිකාවකට කලින් පෙර සුදානමක් තිබෙන්න ඕන බව තේරුම් ගන්න (නදී)
මම සබරගමුවේ ශිෂ්‍යයෙක්. මමත් මේ කන්ද මොවුන් වගේම තුන්වතාවක් නැඟලා බැහැලා තියෙනවා.අපේ විශ්ව විද්‍යාලයේ හැම කණ්ඩායමක්ම මේ කන්ද නඟිනවා. ඔය කියන තරම් ඔය ගමන අපිට නම් අවදානම් නැහැ. ආදරණීය දෙමාපියනි, කිසිදු අයුරකින් ඔබේ දරුවාගේ ජීවිතය අවදානමකට ලක්කිරීමට ජ්‍යෙෂ්ඨයන් ලෙස අප සූදානම් නොමැත. (නි)
400 ක් පාර හොයාගන්න බැරුව කන්දක අතරමන් උනා කියන්නේ ලෝක වාර්තාවක් (නදී)
හෙට උදේ පාන්දරින් වැඩට යන්න ඕනා. නැති නම් විජේරාම පාර වර්ජනයෙන් හිරවෙලා තියේවි. වහාම කඳු නැගීමේ ආරක්ෂාව සපයනු කියලා. (නදී)
පද්මිණි, මම නම් උසස් පෙළ උසස් ලෙසම සමත්. ඒත් ඔයා මඩ වගුරට පැන්නේ නෑ. අද මම පොතේ දැනුමයි ප්‍රායෝගික දැනුමයි දෙකම තියාගෙන සමාජයේ හොඳින් ඉන්නවා. (නදී)
සරසවි සිසුන් කියන්නේ ශ්‍රී ලංකාවේ සමස්ත සමාජය නියෝජනය කරන පිරිසක්. ඔවුන් සරසවියට එනවිට වයස අවුරුදු 20 ත් ඉක්මවලා. සරසවි පැමිණීමෙන්ම යමෙකු අති විශිෂ්ටයෙකු වෙන්නේවත් සරසවි නොපැමිණීමෙන් විශිෂ්ටයෙකු නොවන්නේවත් නැත. රට පුරාවට නොමිලේම මුහුදක් තිබුනාට අපේ රටේ අති බහුතරයකට පිහිනන්නට බැරිය. මගේ සරසවියේ සිසුන් අතරමංවීමට හෝ කඳු නැඟීම මම අගය කරමි. (නි)
මේ ගයාන් ප්‍රසන්න මහත්තයා මීට ඉස්සර නෙළුව පොලිස් ස්ථානයේ රාජකාරී කලා. උතුම් ගති ගුණ තියෙන මනුස්සයෙක්. එ්ත් වැඩි කාලයක් අපට එතුමාගේ සේවය ලබා ගන්න දේශපාලකයින් ඉඩ දුන්නේ නැහැ. එතුමා මේ වෙනතුරු නෙළුවේ සේවය කලා නම් අද ලංකාවේ තියෙන සාමකාමී නගර වලින් එකක් නෙළුව. (නදී)
ඇත්තටම මමත් ඔය ට්‍රිප් එක ගිය කෙනෙක්. කිසිම දෙයක් දන්නේ නැතිව කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට බනින උන්ගේ මොළේ තියෙන්නේ කොහෙද කියන්න මම දන්නේ නෑ,මම දැක්ක ප්‍රියශාන්ත පීරිස් කියල ලොකු මහත්තයෙක් ලොකු කතාවක් කියලා තියනවා (බ)
අපේ විනෝද චාරිකාව ගැන මොකුත් නොදන්නා අය මේකේ දාපු ඒවා දැක්කහම දුක හිතෙනවා එයාලා ගැන (නි)
අපේ රටේ මිනිස්සු ඕනෑම කෙනෙකුට අලකලංචියක් වුනාම අවංකව කනගාටු වෙනවා. ඒ වුනාට සරසවි සිසුවා ගැන මීට දශක කීපයකට පෙර තිබුන ප්‍රසන්න සිතිවිල්ල කොහේ ගිහිල්ලද බලන්න. මේකට හේතුව අද කාලයේ සිසුන්ගේ ඉහ වහා ගිය උද්දච්චකම මිස වෙන මොකද්ද . තමන් තරම් දන්නා වෙන කෙනෙක් නැහැ. ඔන්න ඔච්චරයි. (නදී)
දවසක් දෙකක් හිරවෙලා ඉදලා පරිප්පු කන්න ඇරලම බේරාගත්තා නම් මිට වඩා වටිනාකමක් තියෙනවා (නදී)
උගත්කමයි බුද්ධිමත්කමයි අතර වෙනස මෙතනින් මොනවට පැහැදිලිවෙනවා. දැන් කට්ටිය කියාවි මේකත් ඊර්ෂ්යාවටෙයි කියල. මම සරසවි අධ්‍යාපනයත් ලබපු වෘත්තීය අධ්‍යාපනයත් ලබපු සමාජයේ ප්‍රයෝගිකව පොළොවේ පයගහලා තාත්විකව ජීවත් වෙන කෙනෙක් හොඳෙයි. මේක තමයි අද ලංකාවේ සරසවි අධ්‍යාපනය වැටිලා තියන තත්ත්වය. මම යුරෝපයේ ජීවත් වෙලා ලබාගත්ත අත්දැකීම් අනුව අපි හැම අතින්ම ඉන්නේ තවමත් ප්‍රාථමික යුගයෙයි කියන එක හොඳින් අවබෝධ උනේ. අවාසනාවට අපේ මිනිසුන් කවදාවත් තේරුම් නොගන්න තිත්ත ඇත්ත මේක තමයි. ඇත්තටම එහෙ සරසවි සිසුවෙක් එක්ක අපේ සරසවි සිසුවෙක් සසඳලා බැලුවොතින් අපේ කෙනා මොන්ටිසෝරි දරුවෙක්ගේ මට්ටමේ තවම. ඒ තරම් ප්‍රාථමිකයි. මේවා දකිනකොට ලංකාවේ සරසවි අධ්‍යාපනය ලබපු කෙනෙක් හැටියට මටත් අවංකවම දුකයි. සරසවියෙන් ලබාගත්ත උපාධිය විතරක් බලාගෙන කිසිම වෘත්තීය සුදුසුකමක් හදාගන්නේ නැතිව ඩිග්රි කෑල්ල විතරක් තියාගෙන කොටුව ඉස්ටේෂම ගාව පිකට් රජෙක් වෙන්න ගියා නම් මගේ ජීවිතේටත් අබ සරණයි. මගේ වෘත්තීය සුදුසුකම් ටිකට පිං සිද්ධ වෙන්න තමා අද මම යුරෝපයේ හොඳ ජීවිතයක් ගත කරන්නේ. මේ අයට මීට වඩා බුද්ධිමත්ව කල්පනා කරලා වැඩිහිටියෙකුගේ අවවාද අනුශාෂනා ඇතිව කල්යල් බලලා මේ දේ කරන්න තිබ්බා. එහෙම උනානම් මේ වගේ අකරතැබ්බ වලට මුහුණ දෙන්නේ නැහැනේ. තව දවසක් දෙකක් එහා මෙහා උනා නම් ජීවිත හානි පවා වෙන්න තිබුණා. දැන්වත් සියල්ල දත්ලා නොවී උගත්කමයි ප්‍රයෝගිකබවයි හරියාකාරව අඳුනගෙන ජීවත් වෙන්න. අන් අයට ගරුකරන්න. කැම්පස් එකට ඇතුල් වුනයි කියන්නේ තමන් සර්ව සම්පූර්ණයි කියන එක නෙවෙයි කියන එක දැන්වත් තේරුම් ගන්න. ඔයිට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න. (බ)
දැන් ඉතින් මේකටත් පලි අනිත් මිනිස්සු තමයි. (නදී)
මේ අය සතියක් විතර එහේම තියන්න තිබ්බා.(හේ)
අපොයි ඔව්. අන්තිමට කාට හරි මොනවත් වුනා නම් ඒකටත් කියාවි සරසවි සිසුන්ට කඳු නැගීමට ආරක්ෂාව සපයන එකත් රජයේ වගකීමක් කියලා. (නදී)
මේගොල්ලන්ට අනේ අපොයි කියන්නවත් කවුරුවත් නැත්තේ ඇයි කියල හොඳට කල්පනා කරලා බලන්න. හිතන්න එපා අනිත් මිනිස්සුන්ට තියන ඉරිසියාව හින්දා කියලා. තමන් සමාජයේ අනිත් අයට ගරුත්වයක් දුන්නොත් තමයි තමන්ට ආපහු එවැන්නක් ලැබෙන්නේ. (නදී)
ඒගොල්ලන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. දැන් ඔය කියන්නේ කිසිම අවධානමක් නැහැ කියලා. අවධානය මේ ගමන් ගිය ගෑනු ළමයින්ට මිසක් පිරිමි ළමයින්ට නෙවෙයි. (හේ)
අනිත් වැඩ වලදී වගේම මෙතනදීත් හිතන්න ඇති අපි තමයි කඳු නැඟීමේ විශාරදයෝ කියලා. (නි)
මේ ගොල්ලන්ගේ නඩේ ගුරා අන්තරේ ද ? (නදී)
ගිය පාරේම එන්න දන්නේ නැද්ද ඒ අය.(හේ)
මේගොල්ල ඔක්කොම දන්නා අයනේ. අඩු ගානේ පාර වැරදුනාම වත් කාගෙන්වත් අහන්න ඕන නැහැ කියල හිතන්න ඇති. (නදී)
මිනිස්සු ට්‍රිප් යන එක සාමාන්‍ය දෙයක් . නමුත් පොලිසිය ඒ ස්ථානයට යන එක සාමාන්‍ය තත්වයක් නෙවෙයි නේ. (හේ)
මටනම් පේන්නේ අන්තරේ කට්ටියව දක්කන් පන්ති පහ තියන්න ගිහින් වගේ..කොහොම වුනත් මේ ගමන සංවිධානය කලේ කවුද..මේ ගමනට සිසුවියන් සහභාගී වුනානම් ඔවුන් පිලිබදව වගකීම ආරක්ෂාව දැරුවේ කවුද..මේක සරසවියෙන් සංවිධානය කළ නිත්‍යානු කුල අවසරලත් සංචාරයක්ද කියලා සොයා බැලීම සරසවි සිසුවියන්ගේ දෙමව්පියන්ගේ වගකීමක්. මේක විහිළුවක් නෙමෙයි.(හේ)
කාටවත් මොලයක් තිබිල නැද්ද අඩු ගානේ ගමේ කෙනෙක්ගෙන්වත් කන්ද නගින්න කලින් විස්තර අහගන්න. (නදී)
සරසවිවල ඉන්න අන්තරේ කට්ටිය සරසවියේ ගරුත්වය නැති කරලා තියෙන්නේ. නමුත් මොරටුව, කොළඹ වගේ සරසවි කීපයක් තමන්ගේ ගරුත්වය ඉහලින්ම තියාගෙන ඉන්නවා. හැබැයි මෙතන තියෙන කමෙන්ට්ස් බලපුවම සරසවි නොගිය අයගේ ඉරිසියාව දරාගන්න බැරි තරම් තත්වයක තියෙන්නේ. ඕක ඉස්සරත් තිබුන, දැනුත් තියනවා, ඉස්සරහටත් තියනවා. (නදී)
අනිත් මිනිස්සුන්ට නුගතා කියල කොන් කරන අයට අන්තිමේ තමන්ගේ මොලේ තරම තේරෙන්න ඇති (නදී)
බලන්ගොඩ ඉහලගලගමක් නේ ඉහලගලගම තියෙන්නේ බෙලිහුල්ඔය නාගල කියල කන්දක් මෙහෙ නෑ බෙලිහුල්ඔය ඉහල ගලගම තියෙන්නේ (බ)
අර කිව්වත් වගේ මග පෙන්වන්නේක්ගේ උපදේසයක් නැතුව ඇයි ඔය තැන්වලට යන්නේ? ඔයින් ගියා ඇති. දවසක් දෙකක් පරක්කු උනානම් ජිවිත හානි පවා වෙන්න තිබ්බා මේ කියන විදිහට. (නදී)
මාත් ඔය ගමන ගියා. පොලිසිය අපිව බේරගන්ඩ අපි අතරමංවුණේ නෑ. අපි කන්ද නගින්ඩ පටන් ගත්තේ දවල් 12 ත් පහුවෙලා.උඩට නගින්ඩ පැය 3 ක් විතර ගියා උඩ ඉඳලා කාලා බීලා එද්දි 8 විතරවුණා.අපිව අතරමං වුණෙත් නෑ පොලිසිය ඇවිත් බේරගත්තෙත් නෑ පොලිසියේ දෙන්නෙක් අැවිත් ඩ්‍රයවර්ලට ළමයිව පරිස්සමෙන් අරන් යන්න කියල ගිහින්. අනික ළමයි 400 ක් නෙමෙයි 556 ක් ගියා. කැම්පස් බැච් ට්‍රිප් එකක් ගැන නොදන්න අය කැම්පස් ළමයින්ට බනිනවා සාක්කි තියෙනවානම් පෙන්නන්ඩ ෆොටෝ එකක් හරි ඔය බේරගත්ත කියන අයගේ (බ)
අසංකට කනයි අඟයි මාරු වෙලා. (ර)
හතර අතේ කඳු නාය යද්දී , මිනිස්සුන්ට අනතුරු ඇඟවීම් තිබෙද්දී , කඳු නගින්න ගියේ රටේ ලොකුම නුවනක්කාරයෝ ටික. (නදී)
ඒක හරි . මේ එක්කන් ගෙන ගිය සිසුවියන්ගේ ආරක්ෂාව ගැන කවුද වග කියන්නේ. ඔය ජේෂ්ඨකම හැම තැනදීම හරි යන්නේ නැහැ. ස්වාභාවික කාලගුණ විපතක් කියන්නේ පිරිමි ගිය පලියට නවත්තන්න පුළුවන් දේවල් නෙවෙයි. (හේ)
පොලිසියට තිබුණේ ටිකක් ඉන්න ඇරලම බේරගන්න යන්න (නි)
දැන් මේ ළමයින් කතා කරන්නේ කිසිම අවධානමක් නොතිබුන ගානට. එහෙම එකක් නැති නම් මොකටද පොලිසිය මෙතනට ගෑවෙන්නේ. වැඩ නැතුවටද ? බැරි වෙලාවත් කාට හරි කරදරයක් වුණා නම් .කාටද පාඩුව ? (හේ)
සරසවි වල ඉන්න අය කොහොමත් හරි පණ්ඩිතයිනේ! (නි)
දැන් මෙහෙම වුන දේවල් වහල වැඩක් නැහැ. අන්න අපේ අක්කගේ දුව හොඳට ගෙදරින් බැනුම් ඇහුවා. ඒ ළමය ගෙදරට කියලා නැහැ මේ ගමන එනවා කියලා.(හේ)
බන්දුල, එක ෆොටෝ එකක් පෙන්නන්න එක පොලිස් නිලදාරියෙක් ළමයෙක් බේරනවා මම අඟක් මවලා හරි කපා ගන්නවා. (ර)
මේ අයගේ පණ්ඩිතකම නිසයි මේ හැමදේම (නි)
ලංකාවේ මාධ්‍ය මිට වඩා වගකීමෙන් ප‍්‍රවෘත්ති දාන්න ඕනේ. (ර)
මේ නායයන කාලේ තමන් යන තැන ගැන හොයාබලන්නවත් මොළයක් නැද්ද? දැන් කියයි කැම්පස් නොගිය ඊර්ෂ්‍යාව කියලා. සර්පයෙක් කෑවා නම් පහළට එන්න කලින් මැරිලා. අන්තිමේදී වසර 20 ක් විතර තිස්සේ දුක්විඳි දෙමාපියන්ට මොකද වෙන්නේ? (නි)
අපි හැමෝම කැමති විනෝද වෙන්න.. කණ්ඩායමක් එක්ක ට්‍රිප් එකක් යනකොට මාර සතුටක් ලබ්බන්නේ. අපි හැමෝටම අනපක්ෂිත දේවල් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. දාල තියන ඒවා දැක්කම කියන්න පුළුවන් සරසවි යන්න බැරිව දගලපු අය කියල. හැමෝම සරසවි ළමයි දිහා බලන්නේ වපර ඇහින්.මොකද එයාලා එර්ශියවෛ එයාලට සරසවි වරම් ලබන්න බැරි උන නිසා. සරසවි ළමයි අලුත් දෙයක් අත්හදාබලන්න කැමති. ඔය කියන අයට පුලුවන්ද ඒ වගේ ගමනක් යන්න. (බ)
ඕන ඔට්ටුවක් බහුතරයක් ළමයින්ට මේ ගමන ගැන දෙමව්පියන්ට කියන්න අවශ්‍ය නැති වෙන්න ඇති., මේ නාය යන ස්වභාවික විපත් වෙන කාලයේ ගෙවල් වලින් ඕවාට අවසර දෙවි කියල හිතන්න බැහැ. විශේෂයෙන් ගෑනු ළමයින්ට. (බ)
පොලිසිය නැත්තම් දරුවෝ තමා එහේ.(හේ)
මේ ගොල්ලන්ට කවුරුවත් යහපත තකා උපදෙස් දෙන්නවත් යන්න කැමති නැහැ. ඒ මොකද හැම තිස්සෙම හිතන්නේ මුලු රටම මේ අයට ඊර්ෂ්‍යාවයි කියලා. (නි)
අනේ තිලින, මොළයේ තරම මෙතන ලියන දෙයින් පෙන්වන්න එපා. චාරිකාවන් යන්නේ ඔයගොල්ලන් විතරද? ඔයාලා හිතන්න එපා ඔතනට ගියා කියලා ඔක්කොම හරි කියලා. කියවන්න අර කිංස්ලි මහතා ලියපු දේවල්. (නි)
හොඳ පාඩම. දැන්වත් හැදුනොත් හොඳයි (නි)
කොල්ලෝ කෙල්ලෝ පන්සීය ගානක් මහා කැලේ කදු අස්සේ කිසි වැඩිහිටියෙක් නැතුව.මොන තරම් නිදහසක්ද? කාටද එහෙම නිදහසක් තියෙන්නේ අද කාලේ...ඇත්තටම තිලින මටනම් ඔයාල ගැන ඉරිසියයි.අපිට එහෙම ගමනක් යන්න බැරි වුනානේ ජිවිත කාලෙම..(හේ)
අපේ යාළුවොත් ගියා. සති දෙකක් වගේ කාලයක් තිස්සේ ලොකු සැළසුමක් හදලයි මේ ගමන ගියේ. (නි)
අපෝ! මොනවට ඊර්ෂ්‍යා කරනවද? රැකියා ස්ථාන වල වුණත් වෘත්තීය කුසලතා අතින් අන්තිම හරියේ ඉන්නේ සමහර උපාධිධාරීන් තමයි. අත්‍යාවශ්‍ය කුසලතා අඩුයි. යන්තම් උසස් පෙළ සමත් තරුණ ළමයින් ඉන්නවා, ඒ අතින් හරිම දක්ෂයි. මේ කන්ද නඟින්න වුණත් උසස් පෙළ සමතුන් ගියා නම් මෙහෙම අතරමං වෙන්නේ නැහැ. (නි)
පද්මිණි විතරයි වගේ ලංකාවෙන් උසස්පෙළ සමත්වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම අට පාස්වත් නැති අය.පද්මිණි ඇත්තටම කඳු එහෙම නැඟලා නැද්ද? (නි)
දැනුත් පෙනෙන්නේ අදහස් ලියපු අයගේ ඊර්ෂ්‍යාව. හැබැයි මේ කෙරිලා තිබෙන කාර්යය ගැන නම් කතාවක් නැහැ (නි)
තිලිණ ගහ ගන්න බෝඩ් එකක් ගෙදර ඉස්සරහ. මම කැම්පස් ගිය හෙන පොරක් . මට කවුරුවත් ඉරිසියා කරන්න එපා. (බ)
අනේ මේ කියන තරම් දෙයක් උනේ නැහැ. අපිනේ ගියේ. පොලිසියේ කව්රුත් පාරකවත් පේන්න හිටියේ නැහැ. (නදී)
බොහෝ දෙනෙක් කියන පරිදි හෙට උදේට අන්තරෙන් උද්ගෝෂණය කරාවිද දන්නේ නැහැ "කදු නගින සිසුන්ට ආරක්ෂාව සැපයීමට අපොහොසත් ආණ්ඩුව රටේ ඉහල බුද්ධිමත් පිරිස අනතුරේ හෙලා නිදහස් අද්‍යාපනය වැනසීමේ කුමන්ත්‍රණයක " කියලා. (නදී)
තිලිණ ඔයාට කවදාවත් පුද්ගලික අංශයේ රැකියාවක සම්මුඛ පරීක්ෂණයෙන් සමත් වෙන්න පුළුවන් කියල මට හිතෙන්නේ නැහැ. . ඔයාගේ තිබෙන පටු ආකල්ප සහ සමාජය දිහා බලන දෘෂ්ටි කෝණය අනුව සමාජයේ විවිධ අධ්‍යාපනික සහ සාමාජයීය මට්ටම් වල අනෙක් උදවිය සමග සහයෝගයෙන් වැඩ කරන්න තිබෙන හැකියාව බොහොම අඩු බව පේනවා. (බ)
නලින් , සමහරු අහල තියෙන්නේ මග පෙන්නන්නෙක් නැතිව ගියේ ඇයි කියලා. ඒක ඉරිසියාවක්ද ? ඔය ගොල්ලන්ට සමාජයේ ඉන්න වෙනත් දැනුම් තේරුම් ඇති කෙනෙක් ගෙන් උපදෙසක් ලැබුනොත් හිතන්නේ ඉරිසියාව කියල නම් උගත්කමේ ලොකු අඩුපාඩුවක් තිබෙනවා. (නදී)
ආ මට තේරුනා. දැන් මේගොල්ලන් එහෙනම් සද්ද නැතිව , වෙනත් අයගෙන් මග පෙන්වීමක් නැතිව කඳු නැග්ගේ රටේ අනිත් මිනිස්සු ඉරිසියා කරාවි කියල හිතල වෙන්න ඇති. (නදී)
බොහොම ලස්සන ප්‍රතිචාර ටිකක්. කැම්පස් යන ළමය් බුද්ධිමත්ද නැත්ද කියල සමාජයේ එක් එක් මිනිස්සු දකින හැටි.. කවදාවත් මිනිස්සු දෙදෙනෙක් සසදන්න බෑ කියල තමයි මට නම් හිතෙන්නේ.(දිල්)
එහෙම දෙයක් වෙලා නෑ..(හේ)
පවු කොල්ලෝ කෙල්ලෝ ටික.(හේ)
අපි මේ ගමන ගියේ අපේ අම්මලගේ අවසරය ඇතුව. අවුරුදු 21ක් කියන්නෙ සාමාන්‍යෙයන් දෙයක් තේරුම් ගන්න පුලුවන් වයසක්. මම ඒකෙන් කියන්නෙ නෑ අපි හැමදේම දන්න අය කියලා. ඇත්තටම අපේ බැච් ට්‍රිප් එක ගිය කිසිම ළමයෙක්ට කිසිම කරදරයක් වුණේ නෑ. අපේ බැච් එකේ අපේම කොල්ලො ටික තමා අපිව පරිස්සමින් එක්කන් ආවේ. කොල්ලෙක් කෙල්ලෙක්ව එක්කන් ආවා කිව්වහම ඒ ගැන වැරදි විදිහට හිතන පටු මානසික මට්ටමක් තියන මිනිස්සුන්ට මේ ගැන කොහොම පැහැදිලි කලත් වැඩක් වෙන්නෙ නෑ (නදී)
බොහෝ අය සුලුදෙයටත් පොලිසියට බනිනවා හැබැයි එයාලට කරදරයක් උනාම පිහිටට ඉන්නෙත් පොලිසියම තමයි. (නදී)
පොලිසියට ස්තූතියි මේ කළ ක්‍රියාවට.(හේ)
අපිව පොලීසියෙන් ඇවිත් බේරගත්තෙ නෑ. කන්ද බහින්න රෑ වුණා තමයි. ඒ වුණාට අපේ හිටපු 556වම කිසිම කරදරයක්, තුවාලයක් නැතුව කන්දෙන් පහලට බස්සගත්තෙ අපේම කොල්ලො ටික. (නදී)
මෙහි අදහස් දක්වන අපේ උගත් පාඨකයින් බොහොමයක් සරසවි සිසුන් ගැන දක්වන ආකල්පය ගැන පුදුම හිතෙනවා. බොහෝ අය හදන්නේ එක් නියැදියකින් (පෙළපාලි හෝ උද්ඝෝෂණ, ප්‍රායෝගික පුහුණුව ආදී දේවල්) මුළු සරසවි ශිෂ්‍ය කුලකයම මනින්න. පෙළපාලි යන සරසවි සිසුන් මෙන්ම ඒ දේට සහභාගී නොවෙන අයත් ඉන්නවා, අදක්ෂ අය මෙන්ම බොහෝ ක්ෂේත්‍රවල ඉහළ සමත්කම් පෙන්වන අයත් ඉන්නවා. සමහර ක්ෂේත්‍රවල ලෝකයේ ඉහලම මට්ටමේ පර්යේෂකයන් හා බුද්ධිමතුන් ලංකාවේ සරසවිවල නිෂ්පාදන. අපේ උගත් පාඨකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමතියි, සරසවි සිසුන් මේ සමාජයේම කොටසක් ලෙස සලකන ලෙස. (බ)
මේ ගමන මමත් ගියා. අපේ කොල්ලෝ ටික පරිස්සමට කෙල්ලෝ ටිකත් අරගෙන බැස්සා. (නදී)
ද්වේශයෙන් කරන ප්‍රකාශ තමයි වැඩි හරියක් තියෙන්නේ,මේක ඊර්ෂ්‍යාවද කුහකකමද නැතිනම් වෙන මොකක් හරි කාරණයක්ද කියලා මට තේරෙන්නේ නැහැ මේ අයගෙන්ම මේකට හේතුව අහලා වැඩකුත් නැහැ. (බ)
පොලිසියක් නම් අපි දැක්කේ නැහැ. මොකද මැදියම් රැයේ අපි හිටියේ අවිස්සාවේල්ලේ නේ. මොකටද එයාල ගියේ කියලා එයාලගෙන්ම අහගන්න. (නදී)
මෙයාල හොරෙන්ම ගිහින් තියෙන්නේ අනිත් අය ඉරිසියා කරලා එයාලට ඇස්වහ කටවහ වැදෙයි කියලා. (නදී)
නවක වධයට පුහුණු උනා වත්ද මන්දා (නදී)
පොලිසියට සියලු ගෞරව හිමිවිය යුතුයි.(හේ)
නිව්ස් එකකට ප්‍රතිචාර දාන්න කලින් ඒ නිව්ස් එක ගැන හොයල බැලුවා නම් හොදයි නේද ? ඇත්ත දන්න අයට මේවා දැක්කම හිනා යනවා. (නදී)
පොලිසිය නැත්නම් බලන්න තිබුණා කට්ටියට වෙන දේ (නි)
පාරක් තොටක් නොදැනද ගමන ගියේ.(හේ)
අනේ පවු ළමයි ටික.(හේ)
අන්තිමට මේ ළමයින්ට පොලිසියේ උදව් ඕනේ වුණා.(හේ)
මම චාරිකාව ගිය කෙනෙක් . මේක මහා ශිෂ්‍ය සංගමයේ චාරිකාවක් නෙමේ. මේක පළමු අවුරුදේ ශිෂ්‍යන්ගේ වාර්ෂික චාරිකාව. අපේ සියලු දෙනාම රාත්‍රී 8:30 වෙනකොට කන්දෙන් බැස්සා. ඊට පසේ සබරගමු කැම්පස් එකට ගිහින් රෑ කෑම කාල පිටත් වුණා. කවුරුත් අතරමන් වුනෙත් නැහැ . අඩුම තරමේ එක පොලිස් කාරයෙක් වත් පේන්න හිටියේ නැහැ. මොකද අපි යන්න කලින් දවස්වල පෞද්ගලික ආයතන 2 කින් මේ කන්ද නගින්න ඇවිල්ල තිබිල තියෙනවා. මේ කතාවේ ඇත්ත දන්නේ චාරිකාව ගිය 561 දෙනා විතරයි . (අ)
පොලිසියට ජයවේවා! (නි)
අදහස් වලින් පැහැදිලියි රටේ මිනිසුන්ගේ බුද්ධියේ තරම. (නි)
හැම ශිෂ්‍යයෙක්ම ආරක්ෂිතව නැවත ආවා (නි)