
(එච්. චන්දන)
වනාතවිල්ළුව එළුවන්කුලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයෙකුව පැහැර ගෙන ගොස් ඔහුට පහර දී එම අය සතුව තිබූ මුදල් සහ ජංගම දුරකතනයක් කොල්ලකෑ බව කියන කණ්ඩායමක සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව වනාතවිල්ලුව පොලීසිය පවසයි.
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ එළුවන්කුලම - රාල්මඩුව පදිංචිකරුවන් තිදෙනෙකි.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිටින බව පොලීසිය කියයි. පැහැර ගැනීම සදහා යොදා ගත් බව කියන වෑන් රථයද මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd