IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පොලිසියේ උපන්දිය දා පොලිසියේම පිරිසක් පොල් ගසති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිසියට වසර 156 පිරිම නිමිත්තෙන් රටපුරා පොලිසිවල මහත් අභිමානයෙන් සැමරුම් උත්සව පවත්වද්දී අසාධාරණයට ලක්වූ පොලිස් සැරයන්වරුන් පිරිසක් තමන්ට උසස්වීම් ලබාදීමට උසස් නිලධාරින්ට ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඥානය පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රසිද්ධ කෝවිලට ගොස් පොල් ගසා කන්නලව් කිරීමේ සිද්ධියක් පොලීසියෙන් ම වාර්තා වේ.

මෙම වර්ෂයට වසර 33 සහ 35 අතර මුළු සේවා කාලයක් සපුරා තිබෙන පොලිස් සැරයන්වරුන්ට වසර 15 ක කාලයක් සැරයන් තනතුරු ඉක්ම ගියත් මෙතෙක් උසස්වීම් ලබාදීමට කටයුතු නොකර මුනිවත රැකීම පොල් ගසා කන්නලව් කිරීමට ආසන්නම හේතුව බව එම නිළධාරීහු කියති.

තමන්ට වී තිබෙන අසාධාරණය පිළිබඳ පොලිසියේ ඉහළ නිලධාරීන්ට,පොලිස් කොමිසම වෙත ද,රාජ්‍ය සේවා කොමිසමට මෙන්ම හිටපු අගමැති සහ ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දුන්නද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වැනි යැයි පොල් ගැසීමට සහභාගී වූ නිලධාරීහු පැවසූහ

 



අදහස් (6)

පොලිසියේ උපන්දිය දා පොලිසියේම පිරිසක් පොල් ගසති

ලාංචනය Sunday, 04 September 2022 05:28 PM

ඔබලා දන්නවද ‘ශ්‍රී ලංකා පොලිසියේ ' ලාංඡනය මොකක්ද කියලා..! හිස් වැසුමේ ඇත්තේ 'ඇත්-රුවකි’ අඳින නිල ඇඳුමේ උරහිස ඇත්තේ " ධම්ම චක්‍රයයි "...! ඉතින් "ධම්ම-කම්ම" බව දැනගෙන රාජකාරී කරන අය ගැන ඔබලාම සිතාබැලීම වටිනේය..! නොඑසේනම් "ධම්ම චක්‍රය" ලාංඡනයෙන් ඉවත් කිරීමට සුදුසු කාලය ඇවිත් බව ඔබලාටම වැටහෙන්න ඕනෑ..!

:       1       7

Kumara Sunday, 04 September 2022 05:38 PM

උපන් දිනයට පුවක් කැඩුවා නම් හොඳ නැද්ද?

:       1       6

kasalasiriSunday, 04 September 2022 08:43 PM

පුවක් කඩලා හොඳට පුරුදුයි වගේ...

:       2       3

කිරි පුතා Sunday, 04 September 2022 06:36 PM

අනුන්ට නුවණ පහළ වේවා කියා මෙයාලා අනුවණකම් කරනවා. සේරටම කලින් මෝහයෙන් මිදිලා ඉන්න එපැයි...!

:       4       3

ආර්.එම්. එච්.අරුණ ශාන්ත. Monday, 05 September 2022 05:53 AM

පොලිස් සේවාව මහජන රජයකට අත්‍යවශ්‍ය රාජකාරියක්.නමුත් ඒ අවශ්‍යතාව ගැන ඇත්තටම හිතන්න බැරි තරමට මහජන නියෝජිතයන් මෝහයෙන් අන්දවෙලා. ඔය ආයතනය ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමට බලධාරීන්ට සිත් පහල වේවා.

:       0       1

geethaa Monday, 05 September 2022 10:58 AM

ඔය පොල් ගොඩ දුප්පත් මිනිස්සුන්ට බෙදල දීල හිත් සතුටු කරගත්තන්ම් මීට වැඩිය හොදයි කියල හිතුන.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 414 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 582 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site