(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිසියට වසර 156 පිරිම නිමිත්තෙන් රටපුරා පොලිසිවල මහත් අභිමානයෙන් සැමරුම් උත්සව පවත්වද්දී අසාධාරණයට ලක්වූ පොලිස් සැරයන්වරුන් පිරිසක් තමන්ට උසස්වීම් ලබාදීමට උසස් නිලධාරින්ට ඊට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ට ඥානය පහළ වේවායි ප්‍රාර්ථනා කරමින් ප්‍රසිද්ධ කෝවිලට ගොස් පොල් ගසා කන්නලව් කිරීමේ සිද්ධියක් පොලීසියෙන් ම වාර්තා වේ.
මෙම වර්ෂයට වසර 33 සහ 35 අතර මුළු සේවා කාලයක් සපුරා තිබෙන පොලිස් සැරයන්වරුන්ට වසර 15 ක කාලයක් සැරයන් තනතුරු ඉක්ම ගියත් මෙතෙක් උසස්වීම් ලබාදීමට කටයුතු නොකර මුනිවත රැකීම පොල් ගසා කන්නලව් කිරීමට ආසන්නම හේතුව බව එම නිළධාරීහු කියති.
තමන්ට වී තිබෙන අසාධාරණය පිළිබඳ පොලිසියේ ඉහළ නිලධාරීන්ට,පොලිස් කොමිසම වෙත ද,රාජ්‍ය සේවා කොමිසමට මෙන්ම හිටපු අගමැති සහ ජනාධිපතිවරයාටද ලිඛිතව දැනුම් දුන්නද එය බීරි අලින්ට වීණා වාදනය කිරීමක් වැනි යැයි පොල් ගැසීමට සහභාගී වූ නිලධාරීහු පැවසූහ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලා දන්නවද ‘ශ්‍රී ලංකා පොලිසියේ ' ලාංඡනය මොකක්ද කියලා..! හිස් වැසුමේ ඇත්තේ 'ඇත්-රුවකි’ අඳින නිල ඇඳුමේ උරහිස ඇත්තේ " ධම්ම චක්‍රයයි "...! ඉතින් "ධම්ම-කම්ම" බව දැනගෙන රාජකාරී කරන අය ගැන ඔබලාම සිතාබැලීම වටිනේය..! නොඑසේනම් "ධම්ම චක්‍රය" ලාංඡනයෙන් ඉවත් කිරීමට සුදුසු කාලය ඇවිත් බව ඔබලාටම වැටහෙන්න ඕනෑ..!
උපන් දිනයට පුවක් කැඩුවා නම් හොඳ නැද්ද?
අනුන්ට නුවණ පහළ වේවා කියා මෙයාලා අනුවණකම් කරනවා. සේරටම කලින් මෝහයෙන් මිදිලා ඉන්න එපැයි...!
පොලිස් සේවාව මහජන රජයකට අත්‍යවශ්‍ය රාජකාරියක්.නමුත් ඒ අවශ්‍යතාව ගැන ඇත්තටම හිතන්න බැරි තරමට මහජන නියෝජිතයන් මෝහයෙන් අන්දවෙලා. ඔය ආයතනය ස්වාධීනව පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීමට බලධාරීන්ට සිත් පහල වේවා.
ඔය පොල් ගොඩ දුප්පත් මිනිස්සුන්ට බෙදල දීල හිත් සතුටු කරගත්තන්ම් මීට වැඩිය හොදයි කියල හිතුන.