ආබාධිත හමුදා සාමාජිකයන්ගේ විරෝධතා පාගමනක් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස කොටුව පොලිසිය අද කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළාය.
ඔවුන් පෙළපාළියෙන් ජනාධිපති ලේකම් කාර්යාලයය අසලින් යෑමට නියමිත නිසා ඉන් මහජන පීඩනයක් ඇති විය හැකි බව පොලිසිය අධිකරණයට දැන්වීය.
එවැනි මහජන පීඩාවක් ඇති වුවහොත් පොලිස් ආඥා පනත යටතේ සහ මංමාවත් පනත යටතේ අවශ්‍ය පියවර ගැනීමට පොලිසියට බලය ඇතැයි කී මහේස්ත්‍රාත්වරිය පොලිසිය ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයක් නැතිව තීරණ ගන්න අධිකරණයට ඉඩදෙන ඒවාට හිස නමා කටයුතු කරන්න පොලීසියට සිදුවන වාතාවරණයක් ඇති කළ යහපාලනයට අපේ ප්‍රණාමය. (බ)
මහජන නියෝජිතයෝ ඉන්නවා කියා පාර්ලිමේන්තුව සියලුම ආයතනවල ට ඉහළින් සිටිනවා කියන මිත්‍යාවෙන් අප එළියට එන්න ඕනේ. හොඳම උදාහරණය හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනයක මහත්මියට විරුද්ධව "උත්තරීතර" පාර්ලිමේන්තුවේ 8 පාස් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම. එහිදී ප්‍රකට වුනේ ජනතා ආධිපත්‍යයක් නොව ජනතාවට නිගරු කරන තුච්ච හැසිරීමක්. අධිකරණයට කවදාවත් 8 පාස් නැති පුද්ගලයන් පත් නොවන්නා සේම නිවැරදි හා එඩිතර තීන්දු දීම පිලිබඳ දීර්ඝ සම්ප්‍රදායක් අපේ අධිකරණයට තිබීම ජනතාවට අස්වැසිල්ලක්. (අ)
මේකද අප පැතූ යහපාලනය? (නි)
එතුමියට මගේ ප්‍රණාමය! (නි)
ලැජ්ජයි! අහෝ අපේ නීතිය නමන පොලිසිය (නි)
පොලිසියට ඕනෑ ඕනෑ විදියට නීතිය නමන්න ඉඩ නොදීම පිළිබඳව අධිකරණයට අපේ ප්‍රණාමය! (නි)
ආබධිත රණවිරුවන් පෙළපාලි යනකොට මහජන පීඩනයක්ලු. අනේ මෙහෙමත් කතා! (නි)
දේශපාලනයට යටවී තීන්දු තීරණ ගන්නා රටක අපක්ෂපාතීව ඔබ දුන්නා වූ උසාවි නියෝගයට අපගේ ප්‍රණාමය! (නි)
සමබර තරාදිය සුරතට ගත් ධවල කන්‍යාවිය ඉදිරියේ ශ්‍රී ලංකා පොලිසිය දණ නමා ආචාර කරයි. (නි)
පූජිත් දැන් අජූත වෙලා කුජීත වෙලා ගියා (බ)