නිවසකට ඇතුළු වී වරෙන්තුකරුවන් දෙදෙනකු සහ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී එය දුටු මව මිය ගියයි කියන සිද්ධිය මුල්කරගෙන ඇගේ අවසන් කටයුතු සිදු කෙරෙන සෙනසුරාදා (22) මහජනතාවට පීඩා වන අයුරින් උද්ඝෝෂණ සිදුකිරීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි මිනුවන්ගොඩ පොලිසිය කළ ඉල්ලීම මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා ප්‍රතික්ෂේප කළේය.
මහජනයාට හිරිහැර වන අයුරින් හැසිරෙන ඕනෑම කෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට බලය ඇතැයි මහේස්ත්‍රාත් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු සෙනෙහෙ වෙනුවෙන් දිවි පිදු අහිංසක මාතාවක්..මානව හිමිකම් .....කොහෙද?. (අ)
ඇත්තටම මිනුවන්ගොඩ සහ කටුනායක පොලිසි නීතියට වැඩ කරන්නේ නැ (අ)
දැන් බලාගෙන ගියහම මහජනයාට පීඩා වන අයුරින් හැසිරෙන පොලිසියයි අත්අඩංගුවට ගන්න වෙලා තියෙන්නේ.එහෙම නැතුව මහජනයා නෙවෙයි. (අ)
මේක පුදුම රටක්. රටේ නීතියක් නැහැ කියල කෑගහන අයම තමයි වරෙන්තුකාරයෝ අම්මල ඉස්සරහ නලවන්න කියන්නෙත් ..මීට පස්සේ පොලිසියට තියෙන්නේ වරෙන්තු කාරයෝ අල්ලන්න යනකොට සුප්පු කිරි බෝතල් එහෙම අරගෙන යන්න තොටිල්ලකුත් එක්ක.වරෙන්තුකාරයින්ව අම්මල ඉස්සරහ නළවල කිරි පොවලා නිදි කරවල පොලිසියට අරන් එන්න. (ත)
බන්දුල මහත්තයෝ ලග හිටියානම් දන්නවා කරන දේ (දී)
බන්දුල ලංකාවේ පොලිසිය ගැන මොකවත් දන්නේ නැහැ. (දී)
බන්දුල ඒ අම්ම මැරිලා තියන්නේ තමන්ගේ පුතාට ගහද්දි කොයි අම්මටද පුළුවන් තමන්ගේ දරුවෙකුට ගහද්දි බලාගෙන ඉන්ඩ.මෝඩ කතා කියන්ඩ එපා (අ)
අපි වගේ සාමාන්‍ය පුරවැසියෙක් වෙන්න ඇති. අනිත් එක බලාගෙන හිටපු අම්ම මැරෙන්න නම් කොහොම ගහන්න ඇත්ද. බන්දුල කිව්වට රටේ නීතියක් නැහැ කියල අපිනම් කෑගහන්නෙ නෑ ... තියනව ..තියනව අපි වගේ අයට විතරක්. (අ)
බන්දුල පෙරේරා සමහර විට දන්නවත් ඇති, නොදන්නවත් ඇති [ප්‍රජාතන්ත්‍රවාදය නියම ආකාරයෙන් ක්‍රියාත්මක වන රටක] පිටරටක මේ දෙය සිදු වුවා නම්, පොලිස් නිලධාරීන්ට සිදු වන දෙය මොකද්ද කියලා.(අ)
මොකක්ද ඒ ළමයි කරපු වැරැද්ද? වරෙන්තු නිකුත් කරන්න? (දිල්)