අධි ආරක්ෂිත කලාපයක් වන පාර්ලිමේන්තුව අසළ පෙළපාළි හා උද්ඝෝෂණ තහනම් කරමින් අධිකරණයෙන් තහනම් කළ නියෝගය උද්ඝෝෂකයන් හමුවේ අවසන් වරට කියැවීය.
පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක අලෙවි මව්ලානා මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව එම තහනම් නියෝගය ගෙන ඇත.
පොලිසිය ඉල්ලා සිටියේ මැති සබේ කටයුතුවලට බාධා නොකොට එම පෙදෙසින් ඉවත් වන ලෙසයි.
පොලිසිය සමඟ උණුසුම් ලෙස වචන හුවමාරු කර ගත් රාවණා බලයේ හිමිනමක් පැවසුවේ ඕනෑ නම් තමාට පහර දෙන ලෙසයි.
එම පොලිස් නිලධාරියා ඒ හිමියන්ට කීවේ ‘නෑ පොලිසිය අපි පහර දෙන්නේ නෑ. ඕබවහන්සේලා නීති ගරුකව ක්‍රියා කරන්න යනුවෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඔව් විජයබාහු, මහා බැංකුවේ අධිපති සිංගප්පුරු පුරවැසියා අපේ රටේ පික්පොකට් අගමැති රනිල්තුමගේ ගජ මිතුරෙක් වෙනකොට රටේ අල්ලස් කොමසාරිස් එතුමගේ මිතුරෙකුගේ භාර්යාව ද රජ්‍යරක්ෂක රාජ්‍ය ඇමති එතුමාගේ ළඟම නෑදෑයෙක් ද වෙනවා. බලන්නකෝ මේ යහපාලනේ ආණ්ඩුව කොච්චර නම් විනිවිද පෙනෙන එකක්ද කියලා . (ස)
ශාන් ඡන්දෙ අාවම ඒක නම් හැබෑවටම බලාගන්න පුළුවන් වේවි. මෙයාල ඒක තියන්නේ නැති එකනේ ප්‍රශ්නේ (ස)
සචිත්,මහානාමට පොත කියවන්න වෙලාවක් නැත. මොකද මහින්ද මහතාට කඩේ යනවාට හැර වටපිටවත් බලන්න වෙලාවක් ඇතිය කියා හිතන්න අපහසුය. ඒ වගේම ලසන්ත කියන දෙය මහානාමට වගේම අප කාටත් වැදගත් වෙනවා ඇත. (අ)
අන්තිම තුරුම්පුව බේර ගන්න දෙන ගේමක් මේක. ඔතන ඉන්නේ වැලේ වැල් නැති අය (ම)
මෙයාලා අාවේ බත් පැකට් 1 රුපියල් 500 ගන්න. ගහල පන්නන්නේ නැතුව පොලිසිය හොරුන්ට කිරි පොවනවද අපිත් එන්නද මුන් පන්නන්න (බ)
එම පොලිස් නිලධාරියා ඒ හිමියන්ට කීවේ ‘නෑ පොලිසිය අපි පහර දෙන්නේ නෑ. ඕබවහන්සේලා නීති ගරුකව ක්‍රියා කරන්න යනුවෙනි.......දවසේ විහිලුව...(බ)
අනවශ්‍ය ප්‍රශ්නයක් -රටට පරාජයක් (ත)
විශ්ව විද්‍යාල සිසුන්ගේ හා කම්කරු උද්ඝෝෂණවලට ඇත දිගහැරලා පහර ගෙන පොලිසිය මේ දේශපාලන හෙන්චයියන්ගේ නීති විරෝධී හා සමාජ විරෝධී උද්ඝෝෂණවලට මෙතරම් බිය වෙන්නේ ඇයි? චෝදනාවක් ඇත්නම් ඕනෑම පුරවැසියෙක් අල්ලස් හෝ දුෂණ කොමිසමට කැඳවන්න අයිතියක් ඇති බවත් එය ඉදිරියට ගොස් තම නිර්දෝෂී භාවය සනාත කිරීමේ හැකියාව පුරවැසියන්ට හිමි බවත් මේ දේශපාලන අම්බරුවන්ට නොතේරෙන්නේ ඔවුන්ගේ හිත්වල තිබෙන දුෂ්ඨ අරමුණු නිසා විය හැකිය. (ත)
කොහොමද ඒ දවස්වල මෙහෙම උනානම්? (ස)
අනේ අපේ හාමුදුරුවරු අපේ ආගම විනාස කරනවා. මේ පාපකර්මයට සහාය දෙන සියලුම දේශපාලකයන්ට අවීචි මහා නරකාදියේ දුක් විදින්න වෙනවා. (ස)
අල්ලාගෙන ගිහින් හිරේ දාන්න , අපේ උදවිය ව හිරේ දාන්න , එයා ලගේ කට්ටිය හිරෙන් එලියට දාල , අපේ අයව දාන්න ඉඩ තියා ගන්න , මේකද යහ පාලනය ? ඔන්න දැන් උතුරු මැද පළාත් සබාවේ තව හිටපු මහා ඇමති කෙනෙක් ඇවිත් කියනවා දැන් උතුර සාමකාමියිලු. ඇයි මේ හමුදාව තාමත් කියලා . අනික මේ යහපාලනය ගැන හීන දකින අය දැක්කේ නැද්ද ලංකාවට ආපු ඉන්දියන් සාම සාධක හමුදාවේ අණදෙන නිලදාරිය ලියපු පොත්. ලංකාව ගැන ලියලා තියෙන දේවල් ? ප්‍රභාකරන්ව කීප පාරක්ම පහසුවෙන් අල්ලන්න තිබුනාලු , නමුත් ලංකාවේ ඉහල නියෝගවලට අනුව ඇල්ලුවේ නැහැලු , ඒ වගේම එයාලා මෙහෙ අපි වෙනුවන් ජිවිත පරිත්‍යාග කරලා යුද්ද කරන කොට අපේ නායකයෝ එයාලට ආයුධ හා සල්ලි දුන්නලු ? මම නොවේ කියන්නේ ඉන්දියන් සාම හමුදාව අණදෙන නිලදාරී වී පි සින්ග් මහතා කියන්නේ ? අපේ යහ පාලන සිහින දකින අය මේවා දන්නේ නැද්ද ? නැතිනම් හෙන ගැහුවත් කමක් නෑ අපිට ඕනේ යු එන්පි ආණ්ඩුවක් කියලා තාමත් හොර නින්දේ හීන දකිනවාද ? වෙන මොකුත් නොවේ මේ කරන්නේ ඩයස්පෝරාවේ ආශාව ඉස්ට කරන එකයි, ඒ වගේම එයාලගේ අනාගතයට පාර සුද්ද කරන එකයි . (ස)
පිටරට පුරවැසි ගම්මපිල වගේ මිනිස්සු අපේ රට කනවා. (ස)
ලසන්ත මහතා හා සචිත් මහතා ගේ වැදගත් බසින් වූ ප්‍රතිචාර අගය කරමි. ලසන්ත මහතා නෙනි, මේ සියල්ල එකට සම්බන්ධයි. (ර)
සචිත් මහතා වැනි වැදගත් ප්‍රතිචාර වලට තුති. සචිත් මහතාණෙනි ඔබ හරියට පොත කියෙව්වා නම් මගේ නමින්ම කෙලින්ම පිළිගත හැකි කරුණු හරහා මා නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. (ර)
රටේ නීතියටවත් ඔවුන් ගරුකරන්නේ නැද්ද? (නි)
වින්සන්ට් මහතාණෙනි, මා කඩේ යනවා වැනි භාෂා වලින් මෙතැන ලියන, උගත් බුද්දිමත් අයට අපහාස කරන්නේත් නැ, මා දන්නෙත් නැ. මොකද මෙතන බොහොම වැදගත් ලෙස සංවාදය පවත්වා ගැනීමට කතු මඩලය සෑහෙන්න කැප වෙන බව මම දන්නවා. (ර)
අවම බලය පාවිච්චි කරන්න පුලුවන් නේද? (නි)
මහානාම, මෙතන තියන ප්‍රශ්නේ ඉන්දීය හමුදාවවත් යහ පාලනය වත් නෙමෙයි, මෙතන තියෙන්නෙ ව්‍යවස්ථාව ගැන ප්‍රශ්නයක්. මේ ලිපියට අදාල යමක් කතාකරන්න අපි හැමෝම ඉගනගමු. දේශපාලකයෝ යන්නේ කොහෙද මල්ලේ පොල් වැඩ කරන නිසා තමයි මේ රටට හෙන ගහල තියන්න. අඩුම ගානේ අපිවත් ඒක වෙනස් කරමු. (ස)
මොහාන් කිව්වේ සෝබිත හාමුදුරුවොයි රතන හාමුදුරුවොයි ගැන වෙන්න ඇති. (ස)
ශාන් පිටරට පුරවැසි මහබැංකු අදිපති අපේ රටට වාසනාවක් නේද..(ස)
දැන් ඊළඟට මොනවා වෙයිද? (නි)
මහානාම මහත්තයා පොත හරියට කියවලා නැහැ වගේ. (නි)
පළමුව ජනතාව මොවුන්ට දඬුවම් දියයුතුයි (නි)
මහපාරේ යහපාලනය. (ර)
රාවණාට පිස්සු දුෂිතයන් රකින්ද එපා. වැදගත් රටක් හදමු. තුට්ටු දෙකේ දේසපාලනය නවත්වමු. හොරුන්ට තරා තිරම නොබලා දඬුවම් දිය යුතුයි. අපට පුද්ගල සාදකය නොව, මොකක්ද හරි කියන එකයි වැදගත්. දුෂිතයින් රකින්න කියා ඉල්ලන එවුන්ගේ මොලේ පරික්ෂා කල යුතුයි. (ස)
පිටරට පුරවැසිකම් කමක් නැත්තේ මහින්දගේ කට්ටියට විතරයිනේ. අනිත් මිනිහෙකුට ඒවා හොඳ නැහැ විජයබාහු. (බ)
ලසන්තා මහතා හා සචිත් මහතා වැදගත් ලෙස පතිචාර දැක්වීම අගයකරමි . ලසන්ත මහතාණෙනි , මේ හැම දේම එකට බැඳිලා තියෙන්නේ , මේ ව්‍යවස්ථා සංසෝදන 13 හා 19 , මේ සියල්ල එකම ඩ්රාමා එකේ කොටසක් , ඔබතුමා පිළිගත්තත් නැතත් මේ සියල්ල එකටටයි යන්නේ , අපි ඒ බව දැනුවත් විය යුතුයි . (අ)
සචිත් මහතා වැදගත් ලෙස පතිචාර දැක්වීම අගයකරමි . සචිත් මහතා මා වැරදි නම් කරුණාකර මා නිවැරදි කරන්න (අ)
මහානාම මහත්තයා විකාර කියනවා. (ස)
මමත් හිතන්නේ විජයබාහු, මොහාන් කියන්න ඇත්තේ අර විදේශ බලවේගවල වුවමනාවට වැඩ කරන හිමිවරු දෙනම ගැන වෙන්න ඇති. (ස)