(සුජිත් හේවාජුලිගේ)
පොලිස් නිලධාරීන් 210 දෙනෙකු එකවර ස්ථාන මාරු කිරීම සඳහා පොලිස්පතිවරයා කළ ඉල්ලීමක් , ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇත
එසේ ප්‍රතික්ෂේප කර ඇතැයි පැවසෙන්නේ අනුමත ස්ථාන මාරු ප්‍රතිපත්තියට අනුකූලව නිර්දේශ ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.
ජනාධිපතිවරණය ආසන්නව තිබියදී එලෙස ස්ථාන මාරුවීම් විශාල ප්‍රමාණයක් ලබාදීම යෝග්‍ය නොවන බව ජාතික පොලිස් කොම්ෂන් සභාව පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පතිවරයාගේ සේවය අත්හිටුවලාද තියෙන්නේ?
මෙයා හිතුමනාපෙට එකඑක අයගේ වුවමනාවට වැඩකරන බව පැහැදිලියි. පහුගිය දවසක තවත් නියෝගයක් ආවා දීපු උදේ වීමක් නතර කරන්න. තනතුර සඳහා සුදුසුකම් නැති බවට දැනටමත් පෙන්නලා ඉවරයි...
මේ ආණ්ඩුවයි ආණ්ඩුවේ හෙන්චයියොයි දැන් අධිකරණයත් එක්ක හැප්පෙනවා... මොවුන්ට දැන් දෙවියන්ගේ හාල් කැවිලා වගේ, පිස්සු වැටිලා. පොලිස් කොමිසමට එවපු ඒ ඉල්ලීම සඳහන් ලිපියේ කොපියක් හෝ ඡායාරූපයක් හොයාගන්න පුළුවන්නම්, හොර පොලිස්පතිව කෙලින්ම කුඩුවට දක්කන්න පුළුවන්.
මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පොලිස්පති කවුද? දේශබන්ධු නම් වෙන්න බැහැ. එයාගේ පොලිස්පතිකම තාවකාලිකව අධිකරණ නියෝගයකින් තහනම්කරලයි තියෙන්නේ. වැඩබලන පොලිස්පතිද ඔය ඉල්ලීම කරලා තියෙන්නේ?
වැඩ තහනම් කෙරුව කෙනා කොහොමද ස්ථාන මාරුවීම් දෙන්නේ?
දැන් පොලිස්පති කෙනෙක් නැහැනේද ?
(පසුගිය සතියේ සිට පොලිස්පති කෙනෙක් නැහැනේ..?) හිටපු පොලිස්පති ඔය ඉල්ලීම කරන්න ආවේ යුනිෆෝම් එක ඇඳගෙනද? නැත්නම් අමුඩයක් ගහගෙනද? මට ආරංචි විදිහට දැන් මිනිහා ඉන්නේ" හොරු සමග හෙලිවැල්ලෙන්"ලු...