අභියෝගාත්මක අවස්ථා රැසකට ශ්‍රී ලංකා පොලිසිය පසුගිය වසර කිහිපියේ මුහුණ දුන් බව පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා පැවසීය.
2010 වසරේ සිට පොලිස්පති ලෙස කටයුතු කළ ඉලංගකෝන් මහතා අද විශ්‍රාම ගැනීමට නියමිතය.
විශ්‍රාම යෑමටපෙර ඔහු අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
‘‘දේශපාලන වශයෙන් ඉතා වැදගත් සිදුවීම් කිහිපයක් පසුගිය වකවානුවේ වුණා. පලාත් සභා මැතිවරණ නවයක් තිබුණා. මහ මැතිවරණයක් තිබ්බා. ජනාධිපතිවරණයක් තිබ්බා. මේ මැතිවරණ වලදී දෙස් විදෙස් මැතිවරණ නියෝජිතයන් පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන ප්‍රශංසා කළා.
119 හදිසි ඇමතුම් සේවාව ඇතුළු සේවා රැසක් මේ කාලයේ හඳුන්වා දෙන්න පුළුවන් වුණා. යම් යම් පොලිස් නිලධාරීන්ගෙන් අතපසුවීම් වෙනවා නම් ජනමාධ්‍ය ඒවා පෙන්වා දී හරි මාර්ගයේ යන්න උදව් කළා.
පොලිස් සේවයට එද්දත් මා සැහැල්ලුවෙන් ආවේ. වසර 36ක පොලිස් සේවාව නිමා කර අද යන්නෙත් සැහැල්ලුවෙන්.
විශ්‍රාම ගොස් නිදහසේ කටයුතු කරනවා.‘‘
ඉදිරියේදී තානාපති ධුරයක් ලැබුණොත් බාර ගන්නවාදැයි මාධ්‍යවේදියකු ඇසූ විට ඉලංගකෝන් මහතා කීවේ තවම එවැන්නක් ගැන තීරණය කර හෝ සිතා බලා හෝ නැති බවයි.
ඇඹිලිපිටි සිද්ධිය, කොටකෙතන සිද්ධිය ඇතුළු ආන්දෝලනාත්මක සිද්ධි සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කළහ.
ප්‍රශ්නය - තවදුරටත් රැදී සිටින්න කියා සේවා දිගුවක් ලබාදෙන්න ආරාධනාවක් ලැබුණේ නැද්ද?
පිළිතුර - මම මේ තනතුර බාර ගන්නා මොහොතේ මම ප්‍රකාශ කළා මගේ ධුරකාලය නිම වීමෙන් මෙම පුටුවේ එක මොහොතක්වත් රැදී සිටින්නේ නැහැ කියා . එම ස්ථාවරයේ එදත් සිටියා. අදත් සිටිනවා. සේවා දිගු ලබා ගන්න මා කිසිම අවස්ථානක අදහස් කළේ නැහැ.
ප්‍රශ්නය - පොලිසියට එල්ලවන චෝදනා තමයි සැමවිටම දේශපාලන බල අධිකාරියට පොලිස් සේවය නිතරම යටත් වෙනවා කියලා. පොලිස් නිලධාරියෙන් දේශපානඥයින්ට හිස නැමිය යුතුයි ද? ඔබතුමාගේ කාලයේ එහෙම බලපෑම් ඇති වුනාද?
පිළිතුර - මෙය බැරෑරුම් ප්‍රශ්නයක්. දේශපානය පොලිසිය, දේශපානය රාජ්‍ය සේවය මේ දෙකම පටලවාගන්න හොද නැහැ. මේ දෙකටම කාර්ය බාරයක් තිබෙනවා. දේශාපනඥයින් ට මහජන නියෝජිතියන් වශයෙන් අයිතියක් තිඛෙනවා රාජ්‍ය සේවය රාජයේ සේවකයින්ගේ කටයුතු සොයා බලන්න . පරීක්ෂා කරන්න. මා දකින විදිහට අපි පටලවා ගන්නේ රාජය සේවකයින් වශයෙන් අපි විසින් ජනතාව වෙනුවෙන් කරන කාර්ය බාරය හරියාකාරව ඉටු නොකළොත් ජනතාව තමන්ගේ ගැටළු යොමුකරන්න මහජන නියෝජිතයින් වෙත යනවා.. එවන් අවස්ථාවක මහජන නියෝජිතයා එම කාරණය සදහා මැදිහත් වෙන විට ඇතැම් අය හිතනවා පොලිසියේ රාජකාරියට දේශපාලනඥයා බලපෑම් කරනවා කියා. අපේ අපේ කාර්ය බාරය ජනතාව වෙනුවෙන් නිවැරදි ලෙස ඉටු කරනවා නම් දේශපානය මැදිහත්මේ අවස්ථාව අවම කරගන්න හැකිවෙනවා ඒ මගේ අදහස.
ප්‍රශ්නය - බොහෝ විශ්‍රාම ගිය නිලධාරීන් බොහොම දෙනෙක් නවතින්නේ විදෙස් සේවයේ නැතිනම් තානාපති සේවයේ . ඔබගේ විශ්‍රාම දිවියෙන් කොහොමද සැලසුම් කරන්නේ.
පිළිතුර - කිසිම තනතුරකට ගැනීමට මගේ විශේෂ සැලැස්මක් නැහැ කිසිම බලාපොරොත්තුවකුත් නැහැ. ටික කාලයක් විවේකයෙන් ඉන්න තමයි බලාපොරොත්තුව.
ප්‍රශ්න - රාජයෙන් ඔබට තානාපතිධුරයක් හෝ වෙනත් තනතුරක් ලබා දුන්නොත් බාර ගන්න සුදානම් ද
පිළිතුර - තාම තීරණය කර නැහැ.
ප්‍රශ්නය - රාජකාරි කාලයේ දේශපාලන බලපෑම් ඇවිත් තිඛෙනවා ද?
පිළිතුර - නීති රාමුවට පිටින් යම් දෙයක් කරන්න කියලා බලපෑමක් ආවාම බැහැ කියලා තියනවා.
ප්‍රශ්නය - පොලිස්පති ධුරයේ වසර 5 ආසන්න කාලය තුළ යම් පසුතැවීමට ලක්වන කාරණ සිදුවෙලා තියනවා ද?
පිළිතුර - නැත්තෙත්ත් නැහැ. මම බොහොම ප්‍රශ්න කාලයට බාර දීලා නිහඩව සිටියා. පොලිස්පති ධුරයෙන් යන්න සිතුන අවස්ථා කිහිපයක්ම තිබුණා.
ප්‍රශ්නය - කාලයට බාරදීලා තිබුණ ප්‍රශ්න දැන් විසදීලා තිඛෙනවා ද?
පිළිතුර - බොහෝ ප්‍රශ්න විසදිලා තියනවා. මම හිතනවා ඒ ප්‍රතිපත්තිය හොදයි කියා මම ඒ අවස්ථාවේ ඒවාට පිළිතුරු දෙන්න ගියානම් සමහර විට මේ ප්‍රශ්න දෙගුණ වෙන්න ඉඩ තිබුණා. ඒ වනවිට මතයක් ගොඩනැගිලා තිබුණා . එම නිසා නිහඩව බලාගෙන සිටියා.
ප්‍රශ්නය - කොටතෙකන ඝාතන සිද්ධින් වලට සම්බන්ධ බවට චෝදනා ලබා පිරිසක් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකරලා නඩු කටයුතු වලට ලක්වෙලා සිටිනවා .දැන් මෙම සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන සිටින හෙයින් පෙර අත්අඩංගුවට ගත් පිරිසට සාධාරණයක් සිදුවෙන්නේ නැද්ද ?
පිළිතුර - මෙම ඝාතනව වලට සම්බන්ධයි කියලා මීට පෙර අත්අඩංගුවට ගෙන සිටින පිරිසට සාධාරණයක් වෙනවා. ඩී එන් ඒ තාක්ෂයත් මුල්කරගෙන එයට සම්බන්ධ නොවුන අයට ඉදිරියේ සාධාරනයක් ඉටුවේවි.
මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු, සහකාර පොලිස් අධිකාරිනරු රැසක් ම සහභාගි වුහ.
(වීඩියෝ හා ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉලංගකෝන් මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. නියම ප්‍රජාතන්ත්‍රවාදියෙක්. මානව හිතවාදියෙක්. මට එතුමා කිට්ටුවෙන් ආශ්‍රය කළ කෙනෙක් හැටියට ගොඩක් දේවල් කියන්න පුළුවන්. (නි)
ජගත්, ඔයාට මම සම්පුර්ණයෙන්ම එකඟවෙනවා. පොලිස් සේවය හරිම අමාරු දෙයක් ලංකාවේ. විශේෂයෙන්ම අපේ ඉන්න දේශපාලුවෝ හින්දා. මම නම් හිතන්නේ මීළඟ පොලිස්පති වෙන්න ඕනෑ පුජිත් ජයසුන්දර මහතා. පාසල් කාලේ ඉඳලම හොඳ විනයක් තිබුන අවංක පුද්ගලයෙක්. (නි)
දොස්නගන අයට වචනයෙන් ප්‍රතිචාර නොදක්වා ක්‍රියාවෙන් කටයුතු කිරීමයි ඔබගේ ශ්‍රේෂ්ඨත්වය! ඔබට සුබ අනාගතයක් (නි)
පොලිස්පතිතුමනි, මේ තනතුරත් හරියට අමු අඹ ගෙඩියක් වගේ. කන කෙනාට දත් හිරිවැටෙනවා. නමුත් බලා ඉන්න කෙනාගේ කටට කෙල උනනවා. අද සේවයෙන් සමුගන්න ඔබ කළ මහඟු සේවයට මගේ ප්‍රණාමය! (නි)
ඉතින් ඔබතුමා ඇයි දාලා නොගියේ? (නි)
සාධාරණයක් ඉටුනොවන අය මොනතරම් ඉන්නවද? ඔව් සුමිත්‍රා එ්ක නම් හරියට හරි. පාරේ වෙන වාහන වැරදි දැනගන්න ඔබත් වාහනයක් එළවාගෙන යන්න. අපි කාටද මේවා කියන්නේ? (නි)
ඔබතුමා හොඳ සේවයක් කළා කියලා අපි විශ්වාස කරනවා. පොලිස් සේවය කියන්නේ ඉතාමත් අමාරු රාජ්‍ය සේවයක්. ඔබතුමාට අපගේ ප්‍රණාමය! ඔබට නිරෝගී සුවය පතමු (නි)
ඔබතුමා අවංක ඇති. එ්ත් පොලිසියේ ඉතිහාසයේ දරුණුම කළු පැල්ලම ඇතිවුණේ ඔබතුමාගේ කාලයේ (නි)
මෙතුමා පොලිසියට වැඩ කළා. නමුත් පොලිස්පතිවරයෙක් වශයෙන් ජනතාවගෙන් පඩි ගත් මෙතුමා විශ්‍රාම යන්නේත් ජනතාව වෙනුවෙන් ගුණාත්මක පොලිස් සේවයක් හදාදෙන්න බැරිවුණ අයෙක් හැටියටම තමයි. එහෙමයි අපිට හිතෙන්නේ (නි)
අපේ මහින්ද හිටපු ජනාධිපතිතුමත් මේ වගේ නියමිත කාලය ඉවර කරලා ගෙදර ගියා නම් ගොඩක් වටිනවා. දැන් ආණ්ඩුවට වෙලා තියෙන්නේ රට දියුණු කරන එක පැත්තකින් තියලා මහින්දගෙන් බේරෙන්නේ කොහොමද කියලා බලන එක (නි)
ඉලංගකෝන් මහතාණෙනි, රට වෙනුවෙන් කරන ලද විශිෂ්ට සේවයට ඔබට තුති! විශේෂ කාර්ය බලකායෙන් පටන්ගෙන ත්‍රස්තවාදය මැඩලීමේ සිට නීතිය සුරැකීම දක්වා ඔබ ගෙන ගිය පුරෝගාමී මෙහෙවර සහ මහත්මයෙකු ලෙස ඔබගේ උතුම් මෙහෙවරට ජාතියේ ප්‍රණාමය! බලන්ගොඩ පින්නවල ගමේ අව්‍යාජ ගැමි සුවඳ හමන පරිසරයකින් පැමිණ ඔබ වැනි නිර්භීත, බුද්ධිමත් පුතෙකු ලක් මාතාවට දුන් සවිය උපරිමයි. (නි)
මෙතුමා දාලා ගියේ නැත්තේ ඇයි කියලා දහම් අහපු ප්‍රශ්නය මමත් අහනවා. රතුපස්වල අන්තරේ සිසුන් දෙන්නා, තාජුඩීන් යන ප්‍රසිද්ධ මිනීමැරුම් මේ ආණ්ඩුවෙන් එළියට ගෙනාවේ නැත්නම් අපි දන්නේ නැහැ (නි)
කොයි ලොක්කා හිටියත් ගියත් පොඩි මිනිහාට නීතිය අකුරටම. දේශපාලකයාට සල්ලිකාරයට නීතියක් නැහැ. එයාලා වරදක් කළොත් හිරේ යන්නේ නැහැ, කෙළින්ම ඉස්පිරිතාලේ. දුප්පතා ගහලා මරනවා හිරේ ඇතුළෙම. නීතිය සැමට එක වෙන්න ඕනෑ. (නි)
අද දින පොලිස්පති ධූරයෙන් විශ්‍රාම යන ඉලංගකෝන් මහාතාට ඔබ කල සේවයට අපගේ ප්‍රණාමය!!! අපි බලා සිටිනවා නව පොලිස් පතිගේ සේවයත් දේශපලකයන්ට නොව රටවෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න ශක්තිය ධෛර්ය ලැබේව කියලා! (අ)
බොහෝදෙනා කියන්නේ පොලිසියට හරියට වැඩ කරන්න බැරි දේශපාලකයෝ නිසා කියලා. නමුත් අපේ සාමාන්‍ය මිනිසුන්ට ඕනෑද? පහුගිය කාලේ අපේ මිනිසුන්ට නීතිය ඕනෑ නැති බව පැහැදිලිව පෙන්නුවා. (නි)
මේකනේ ප්‍රශ්නේ පොලිස්පති තුමෝ ... මහජන නියෝජිතයා හැමවෙලේම පොලිසියට බලපෑම් කරන්නේ මොකක් හරි නීති විරෝදී දෙයක් කරව ගන්න විතරනේ .. ඒකට පොලිසියට බලපෑම් කරන එක සාදාරනීකරණය කරන්න එපා ..(අ)
ඔබතුමා වැනි අවංක නිලධාරීන් මුළු පොලිස් දෙපාර්තුමේන්තුවටත් රටටත් මහත් ආඩම්බරයක් .නොයෙකුත් කම්කටොලු බාධක හමුවේ ඔබතුමා කටයුතු කළ ආකාරය ඉමහත් ප්‍රසංසනීයයි ...ඔබතුමාගේ ඉදිරි ගමන ඔබ කිවූ පරිදි නිදහසේ සැහැල්ලුවෙන් ගතකරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවායි එක සිතින් ප්‍රර්ථනා කරනවා ...(බ)
ඔය කියන මහජන නියෝජිතයාගෙන් වත්,පොලිසියෙන්වත් සාධාරණයක් ඉටු නොව්න අය මොන තරම් ඉන්නවද.(අ)
ඔබ තුමා හොද සේවයක් කරා යන්න අපි විශ්වාස කරනවා. පොලිස් සේවය කියන්නේ ඉතාමත් අමාරු රාජ්‍ය සේවයක්. ඔබ තුමාට අපගේ ප්‍රණාමය. ඔබට නිරෝගී සුවය පතමු. (අ)
දාල ගියානම් අද පවුල් ගණනාවකට සධාරණය සිදුවෙලා. මහත්මය ඉන්න කාලෙනේ තජුදීන්, අන්තරේ සිසුන්, රතුපස්වල මිනී මැරුම් සිදු වුණේ. මේ ආණ්ඩුවට ඕව අදින්න වෙන්නේ නැහැ ඔබ තුමා හරියට වැඩ කටයුතු කළා නම්. (අ)