IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොලිස්පති විශ්‍රාම යන්න පෙර ගමට පොලිසියක් දෙයි

පස් වසරක පොලිස්පති සේවයෙන් පසුව සඳුදා (11) විශ්‍රාම යන පොලිස්පති ඉඹුල්පේ පින්නවල කනතිරියංවල පොලිසිය අද (10) විවෘත කළේය.

ශ්‍රී ලංකාවේ 443 වැනි පොලිසිය එයයි. රත්නපුර දිස්ත්‍රික්කයේ 26 වැනි පොලිසිය ද එයයි. ‘තනතුරු ලැබුණාට පසු ගම අමතක කළේ නෑ. ඉගෙනගත් උඩගම මහා විද්‍යාලය කනතිරියංවල පන්සල, දහම් පාසල අමතක කළේ නෑ. සඳුදා විශ්‍රාම යන මම අද ගමේ ජනතාවට පොලිසියක් ලබාදුන්නා. මගේ ගමේ ජනතාව සමග මිත්‍රශීලීව කටයුතු කරන්නැයි මේ පොලිසියට එන අයගෙන් මම ඉල්ලා සිටිනවා. අපරාධකරු යළි අපරාධයකට යොමුවී වළක්වා යහපත් මිනිසකු කිරීමයි පොලිසියේ සංකල්පය විය යුත්තේ‘ යැයි  එහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා කීවේය.

IGP_2016410 IGP_2016410-2 IGP_2016410-3



අදහස් (0)

පොලිස්පති විශ්‍රාම යන්න පෙර ගමට පොලිසියක් දෙයි

දේවි Sunday, 10 April 2016 12:20 PM

ගම්බද තිබෙන පාසලුත් වැසීයාම ගැන අබේරත්න මොකද කියන්නේ? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 10 April 2016 12:44 PM

මම නම් කියන්නේ ඒ ගමේ කෙනෙක් විදියට පොලිසි දෙකක් දෙපැත්තේ තියෙද්දී තවත් පොලිසියක් මොකටද...අබේරත්න කියනවා වගේ ගමේ හුගක් පාසල් තියනවා ඒවායේ අඩු,පාඩු හදා දුන්නානම් මීට වඩා ලොකු පිනක් සහ සේවයක්. (බ)

:       0       0

චමිල් වික්‍රමාරච්චි Sunday, 10 April 2016 01:29 PM

කාලෙකට පස්සෙ බිහි වූ නිහතමානී ජනතාවාදී කාර්යශූර පොලිස්පතිතුමනි; ඔබතුමාට අපගේ උපහාරය! (බ)

:       0       0

චාමර Sunday, 10 April 2016 02:05 PM

රටේ කොච්චර පොලිසි හැදුවත් වැඩක් නැහැ අපරාධ වැඩිවෙනවා මිසක් (බ)

:       0       0

සෑම් Sunday, 10 April 2016 09:21 AM

පොලිසියක් දාන්න තරම් අයහපත් දේවල් මේ ගමේ සිද්ධ වෙනවා කියන්නේ මේ ගම හොඳ ගමක් නොවෙයි කියන එකද ? (හේ)

:       0       0

කාන්ති රම්‍යලතා Sunday, 10 April 2016 09:33 AM

ගරු පොලිස්පති තුමාගේ සේවය ඉතාලියේ සිට අගය කරමි (කෞ)

:       0       0

අනුර Sunday, 10 April 2016 09:57 AM

ලංකාවේ තීරණාත්මක මොහොතක ඔබතුමාගේ දායකත්වය මහත් (බ)

:       0       0

සංජය Sunday, 10 April 2016 10:48 AM

කාන්ති වෙත, අගය කරන්න ඉන්න රට කියන්න ඕනේ නැ, ඕවට කියන්නේ පම්පෝරි කියල (බ)

:       0       0

අබේරත්න Sunday, 10 April 2016 11:09 AM

පොලිසිය වෙනුවට තව ඉස්කෝලයක් හදල යහපත් ගුරුවරු සේවයට යෙදුවා නම් තව හිර ගෙවල් සහ පොලිසි දහයක් වැහිලා මහජන මුදල් ඉතිරි වෙනවා පමණක් නොවෙයි සමාජ යහපතක්ද සිදු වෙනවා. බන්ධනාගාර අධිපති විශ්‍රාම යනකොට තම ගම වෙනුවෙන් ඒ ආකාරයටම ක්‍රියා කළහොත්? (බ)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Sunday, 10 April 2016 11:14 AM

එහෙම දෙනවා නම් කොයි තරම් හොඳයිද? පොලිසියක අවශ්‍යතාව මිනිසුන් විසින්ම අවබෝධයෙන් ප්‍රශ්න විසඳා ගන්නවා නම් නැතිව යාවි. නමුත් වැඩේ කියන්නේ එහෙම දේවල් දැන් සිද්ධ වෙන්නේ නැති එකයි. රට යන විදිහට මිනිස්සු පිරිහෙන විදිහට තව ටික කාලයක් යද්දී හැම මිනිහෙක් ගැහැණියක පිටුපසම පොලිස් භටයෙක් රඳවා තැබීමට අවශ්‍ය වනු ඇත. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 705 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site