පස් වසරක පොලිස්පති සේවයෙන් පසුව සඳුදා (11) විශ්‍රාම යන පොලිස්පති ඉඹුල්පේ පින්නවල කනතිරියංවල පොලිසිය අද (10) විවෘත කළේය.
ශ්‍රී ලංකාවේ 443 වැනි පොලිසිය එයයි. රත්නපුර දිස්ත්‍රික්කයේ 26 වැනි පොලිසිය ද එයයි. ‘තනතුරු ලැබුණාට පසු ගම අමතක කළේ නෑ. ඉගෙනගත් උඩගම මහා විද්‍යාලය කනතිරියංවල පන්සල, දහම් පාසල අමතක කළේ නෑ. සඳුදා විශ්‍රාම යන මම අද ගමේ ජනතාවට පොලිසියක් ලබාදුන්නා. මගේ ගමේ ජනතාව සමග මිත්‍රශීලීව කටයුතු කරන්නැයි මේ පොලිසියට එන අයගෙන් මම ඉල්ලා සිටිනවා. අපරාධකරු යළි අපරාධයකට යොමුවී වළක්වා යහපත් මිනිසකු කිරීමයි පොලිසියේ සංකල්පය විය යුත්තේ‘ යැයි එහිදී අදහස් දක්වමින් පොලිස්පතිවරයා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්බද තිබෙන පාසලුත් වැසීයාම ගැන අබේරත්න මොකද කියන්නේ? (බ)
මම නම් කියන්නේ ඒ ගමේ කෙනෙක් විදියට පොලිසි දෙකක් දෙපැත්තේ තියෙද්දී තවත් පොලිසියක් මොකටද...අබේරත්න කියනවා වගේ ගමේ හුගක් පාසල් තියනවා ඒවායේ අඩු,පාඩු හදා දුන්නානම් මීට වඩා ලොකු පිනක් සහ සේවයක්. (බ)
කාලෙකට පස්සෙ බිහි වූ නිහතමානී ජනතාවාදී කාර්යශූර පොලිස්පතිතුමනි; ඔබතුමාට අපගේ උපහාරය! (බ)
රටේ කොච්චර පොලිසි හැදුවත් වැඩක් නැහැ අපරාධ වැඩිවෙනවා මිසක් (බ)
පොලිසියක් දාන්න තරම් අයහපත් දේවල් මේ ගමේ සිද්ධ වෙනවා කියන්නේ මේ ගම හොඳ ගමක් නොවෙයි කියන එකද ? (හේ)
ගරු පොලිස්පති තුමාගේ සේවය ඉතාලියේ සිට අගය කරමි (කෞ)
ලංකාවේ තීරණාත්මක මොහොතක ඔබතුමාගේ දායකත්වය මහත් (බ)
කාන්ති වෙත, අගය කරන්න ඉන්න රට කියන්න ඕනේ නැ, ඕවට කියන්නේ පම්පෝරි කියල (බ)
පොලිසිය වෙනුවට තව ඉස්කෝලයක් හදල යහපත් ගුරුවරු සේවයට යෙදුවා නම් තව හිර ගෙවල් සහ පොලිසි දහයක් වැහිලා මහජන මුදල් ඉතිරි වෙනවා පමණක් නොවෙයි සමාජ යහපතක්ද සිදු වෙනවා. බන්ධනාගාර අධිපති විශ්‍රාම යනකොට තම ගම වෙනුවෙන් ඒ ආකාරයටම ක්‍රියා කළහොත්? (බ)
එහෙම දෙනවා නම් කොයි තරම් හොඳයිද? පොලිසියක අවශ්‍යතාව මිනිසුන් විසින්ම අවබෝධයෙන් ප්‍රශ්න විසඳා ගන්නවා නම් නැතිව යාවි. නමුත් වැඩේ කියන්නේ එහෙම දේවල් දැන් සිද්ධ වෙන්නේ නැති එකයි. රට යන විදිහට මිනිස්සු පිරිහෙන විදිහට තව ටික කාලයක් යද්දී හැම මිනිහෙක් ගැහැණියක පිටුපසම පොලිස් භටයෙක් රඳවා තැබීමට අවශ්‍ය වනු ඇත. (බ)