(රන්ජන් කටුගම්පොල)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධූරය දැරීම බලතල භාවිතය සහ එම ධූරයේ කටයුතු කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කළේය.
මෙම අතුරු නියෝගය මේ සම්බන්ධයෙන් ගොනුකොට ඇති පෙත්සමේ විභාගය අවසන් වන තෙක් බල පැවැත්වේ.
පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා සුදුස්සකු නිර්දේශ කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ දෙශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම වළකාලන ලෙස නියෝගයන් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සම් විභායට ගැනීමට අවසර ලබා දෙමිනි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධූරයටපත් කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් විසින් උල්ලංඝනයක කර ඇත්දැයි සොයා බැලීමට විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
ශ්‍රී ලංකා ඉතිහාසයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ පොලිස්පතිවරයකු සිය ධූරය කටයුතු කිරීමේ වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ප්‍රථම අවස්ථාව බවද අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම නියෝග ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගේ එකඟතාවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසිනි.
------------------------------------------

-----------------------------------------------------
(රන්ජන් කටුගම්පල)
පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාගේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) අතුරුතහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කිරීමට ජනාධිපතිවරයා ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් වශයෙන් නම් කරමින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයෝ සහ බත්බැලයෝ මොන පිස්සු කරත් අදටත් ශ්‍රේෂ්ඨාධිකරණය ගෞරවය තියාගෙන සාමාන්‍ය මනුස්සයන්ගේ පැත්තේ ඉන්නවා කියන එකට හොඳටම උදාහරණයක්
මේ තමයි අහන්න ලැබුණු හොඳම ආරංචිය. පොලිස්පතිවරයාගේ මාධ්‍යවේදියෙක්, හිටපු හාමුදුරු කෙනෙක්, මානව සම්පත් කඩකරන්නෙක්... ඒත්... පොලිස්පතිවරයෙක් නැතිව අපිට මැතිවරණය තියන්න පුළුවන්ද? මෙය සැබෑ නාට්‍යයද?
ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමා ආචාර කරමි
බොරුවට සුදන වගේ පුම්බගෙන, ඒ මදිවට පොලිස් ඇමතිත් අන්දගෙන හිටපු කාලෙ ඉවරයි. මෙයා මෙම තත්ත්වයේ සිටීම සාධාරණ මැතිවරණයකට බාධාවක්. මොනව නැතත් මැයි නමය ගෝල්ෆේස් අරගලයට පහර දෙන්න ඉඩදුන්නෙ මෙයා, ඒකෙන් රටේ වෙච්ච විනාශයට අනියමින් වගකිවයුතු වන්නෙත් මෙයා තමා
ආගම පොලීසිය ගාවගෙන මං උපාසක කිව්වට අතීතය දන්නව, ඒක වහන්න බැහැ. ආගම පොලිස්යට රිංගවන්නෙ ආගමට ඇති භක්තියෙන් නෙවේ.
දැන් සැපද
දැන් පොලිස්පති කෙනෙක් නැති නිසා චන්දේ තියන්න බෑ..අනිවාර්යයෙන් කල් දාන්න වෙනවා.. කොහොමද රනිල්ගේ මොලේ
ලංකා ඉතිහාසයේ මෙතෙක් හිටපු අපකීර්තිමත්ම පොලිස්පති. ඒ වගේම තමයි එයාගේ නැති ගුණ කිය කියා බේරාගන්න උත්සාහ කරන අපකීර්තිමත්ම පොලිස් ඇමති.
දේශබන්ධු බොරු රාලහාමි ඉවරයි. ඔය වගේ අපතයින්ව තරු පටි ඔක්කොම ගලවලා *** පයින් ගහලා එලියට දාන්න ඕනා.
මේකට තමයි ටොමියෝ දකුණෙ කෝලම් නැටුං වල ‘පොලිස් කෝලම’ කියන්නෙ.
දැන්වත් නම්බුපිටින් ගෙදර යන්න .
පෘතුගිසින් තවමත් ලංකාවේ ආධිපත්‍යයට බලපෑම් කරනව වගේ පේන්නෙ.