එන් කේ ඉලංගකෝන් මහතා විශ්‍රාම ගැනීමෙන් පුරප්පාඩු වූ පොලිස්පති තනතුරට සුදුස්සකු තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථා දායක මණ්ඩලය 18 වැනි දා පාර්ලිමේන්තුවේ දී රැස්වීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙළ අනුව ජනාධිපති ආරක්ෂක අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ, බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න මහත්වරුන් 18 වැනි දා ව්‍යවස්ථා දායක සභාව හමුවට කැඳවනු ඇතැයි දැනගන්නට තිබේ.
ජ්‍යෙෂ්ඨත්වය එක් සාදකයක් බවත්, සුදුසුකම්, මීට පෙර එල්ලී වී ඇති චෝදනා ආදිය ගැන ද සොයා බලන බව එහි ප්‍රකාශකයෙක් කීවේය.
ව්‍යවස්ථාදායක සභාව තීරණය ජනපතිට යැවූ පසු ජනපති විසින් නව පොලිස්පති පත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ජීවිතේ පළවෙනිම මාධ්‍ය හමුවේදීත් වගකීමෙන් බොරු කියපු අය අපි අතර හිටියා. එහෙම කෙනෙක් ආවොත් මේ රටට දෙවි පිහිටයි! (නි)
මම නම් තෝරන්නේ එස්.එම්.වික්‍රමසිංහ මහතාවයි (නි)
ඇසළගේ අදහස් හොඳ පොලිස්පති තෝරන්න නෙමෙයි, අවුරුදු කුමාරයා තෝරන්නයි (නි)
තුන්දෙනාටම එකම සේවා කාලයක් තිබෙන නිසාත්, පෙර වැරදිත් නැති නිසාත්, වයසත් අවුරුදු 50 ට වැඩි නිසාත් වැඩියෙන් ජවය තිබෙන නිරෝගී කෙනා තෝරාගනිමු නේද? (නි)
ඕක තිබුනත් ඇති වැඩක් නැහැනේ ඔකේ ලාංජනයට බණ්ඩක්කා කරලක් සුදුසුයි (බ)
මහජනතාව වන අපි නම් මනාප පුජිත්ට. 18 වෙනිදා ප්‍රතිඵල නිකුත්වෙයිනේ. බලමු (නි)
සාමය ඇතිවේද? නැතිවේද? 18 බලමු. වැරදී තීන්දුවක් ගත්තොත් ජනතාවගේ පිළිතුර ඡන්දෙදි බලන්න බැරියෑ (නි)
18 වෙනිදා රටම බලා සිටිනවා. ආණ්ඩුව මෙතැන තමයි වැරදුනොත් ඇනගන්න තැන. මෙතන වරද්දා ගත්තොත් සොරිම තමයි (නි)
මට නම් හිතාගන්න බැහැ මොනවා වෙයිද කියලා (නි)
ජීවිතේ බොහෝවිට අතරමං වෙන්නේ අනුන්ගෙන් පාර අහගන්න ගියොත් තමයි. සුදුස්සාට සුදුසු තැන දෙන්න. නොදුන්නොත් නම් දෙවියන්ගේම පිහිටයි! (නි)
කවුරු පත්වුණත් රට ගැන පුර්ණ දැනුමක් ඇති, සේවයට කැපවුණු, මහජනයාට ආදරය කරන, නීතිය අකුරට පිළිපදින, විශ්වාසවන්ත නියම සුදුස්සා රටේ පොලිස්පති වීම යහපාලනයේ වගකීමයි. මහජනතාවගේ භුක්තියයි. නිවැරදි තීන්දුව දෙස මහජනයා විමසිල්ලෙන් බලා සිටිති. (නි)
ලංකා දෙරණ තලයේ යහපාලනයේ අතිඋතුම් වැදගත් සාමයේ සංකේතය තීන්දු කරන දිනය 18දා වේ (නි)
හොරු අල්ලනවද, හොරු හංගනවාද? තීන්දුව 18 වෙනිදා... (නි)
යහපාලනයේ ඉදිරි දැක්ම! තීන්දුව 18 වෙනිදා... (නි)
යහපාලනයට ලක්ෂ 62 ක් ඡන්ද දුන් අපි 18 වෙනිදා තීන්දුව බලමු (නි)
ඉදිරි මැතිවරණ ප්‍රතිඵල 18 නිකුත් වේ.... (නි)
යහපාලනය යනු ජනමතයයි. සාමය රටවැසියාගේ උරුමයයි.18 වෙනිදා නරඹමු (නි)
සුදුස්සාට ලංකාවේ කවදාද සුදුසු තැන ලැබුනේ..... යහපාලනයෙන් හරි අපි බලමු (නි)
පුජිත් ජයසුන්දර මහතාට සුබ අලුත් අවුරුද්දක් වේවා! ජනතාවට අවංකව කවදත් සේවය කළා (නි)
පුජිත් මැතිතුමාට තුණුරුවන්ගේ සරණයි! (නි)
පුජිත් මහතාණෙනි, චිරං ජයතු! (නි)
පුජිත් ජයසුන්දර මැතිඳුනි, ඔබ මිනිසෙකු නොව දුගී දුප්පත් අහිංසක මහජනතාවට දෙවියෙකි. ඔබේ අව්‍යාජ අවංකකම රටම වටි (නි)
පුජිත් ජයසුන්දර මහතාණනි, ඔබතුමාගේ සහෝදරත්වය, ආදරය, කරුණාව, දයාව, සෙනෙහස, නිහතමානීත්වය, නීතිගරුකබව, ඇහුකන්දීම, ප්‍රසන්නබව සියල්ල එක්වූ තැන සෑදෙන මිනිස්කම භුක්ති විඳින්න හෙලදෙරණේ ලක්වැසියන්ට පින්මදිද මන්දා (නි)
පුජිත් ජයසුන්දර මහතා අතිශය දුර්ලභ ගණයේ රාජ්‍ය නිලධාරියෙකි. තම අවංකකම මුලික කරගෙන තරුණ වියේදීම මෙතරම් ගමනක් ඒම පහසු කටයුත්තක් නොවේ. එතුමාට පොලිසියේ මුල් පුටුව ලැබුනොත් රටේ වාසනාවක්. (නි)
පුජිත ජයසුන්දරට තමයි මගේ මනාපය. පුජිත කෙළින් මිනිහෙක් බව කවුරුත් දන්නවා. (නි)
18 වෙනිදා පත්වෙන පොලිස්පතිතුමාට සුබ අනාගතයක්! (නි)
මගේ තේරීම පුජිත් ජයසුන්දරයි (නි)
ඡන්දෙදි ජනමතය නිවැරදි මතය වේ. අපි බලමු (නි)
වර්තමාන ආණ්ඩුවේ පැවැත්ම හෝ විනාශයේ ආරම්භය 18 වෙනිදා ආරම්භ වේ.... (නි)
අපි බලමු ජනතාවට පොල් පිත්තක්ද බැට් පිත්තක් ද 18වෙනිදා යහපාලනය දෙන්නේ කියලා..... (නි)
18 වෙනිදායින් පසුව හොරු අල්ලයිද? හංගයිද? අපි අවදියෙන්. ළිප ගිනි මෙලවනතෙක් දිය සැළියේ... සැපයක් යැයි කකුලුවා දියකෙළියේ... (නි)
18 වෙනිදා පොලිස්පති වෙන්නේ කවුද? අපි බලාසිටිමු (නි)
1948 සිට මේ දක්වා අපේ රටේ දේශපාලකයෝ සුදුස්සාට සුදුසු තැන දුන්නද? යහපාලනයෙන්වත් ලැබේවිද? මහජනයා අවදියෙන් (නි)
යහපාලනයේ හරි නම 18 වෙනිදායින් පසුව අපි කියන්නම් (නි)
18 වෙනිදා සුදුස්සාට සුදුසු තැන නොලැබුනොත් රජය ඇනගන්න පළමු තැන. ගිය රජයට වුණ දේ මතකද? (නි)
18 වෙනිදා තීරණය යුගපෙරළියක පෙරනිමිති දේ ... (නි)
පුජිත් ජයසුන්දර මහතාට සුබ අලුත් අවුරුද්දක්! ජයවේවා! (නි)
තීන්දුව 18 වෙනිදා එළිදකීවිනේ! (නි)
ජයසුන්දර මහතාට සුබ අනාගතයක්! (නි)
කලින් දැනගන්න බැරිවෙයිද දන්නෙ නැහැ. අපේ සුමනදාස මහත්තයාටවත් බැරිද කියන්න? (නි)
පුජිත් මහතාට ජේසු පිහිටයි! (නි)
පුජිත් ජයසුන්දර මහතාට සුබ අලුත් අවුරුද්දක්! (නි)